අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතය.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් - සජිත් - කරූ අද හමුවෙති
Raveendra Tuesday, 10 September 2019 02:11 AM
හමුවී කාබී විසර යනවා අප හැමදාම..// එවිටත් යන්නේ සිනහව මුහුණේ රදවාගෙනම ..// යටිහිත ගැන කියන්නේ කුමක්ද විමසුවිටදී..// ඔක්කොම මොනවද කාපු රිලවුන්සේ නොවේද..//
lalithm Tuesday, 10 September 2019 02:54 AM
කව්රුත් පස්සට අඩියක් තියාන කැමති නැහැ. එත් තමාට වඩා රට සහ පක්ෂය වැදගත් කියල වැඩිහිටියන් තේරුම් ගන්න ඕනේ.
විනිවිද Tuesday, 10 September 2019 09:59 AM
රනිල් - සජිත් - කරූ තිදෙනාම අඩියක් පස්සට තබා අලුත් කෙනෙක් ඉදිරිපත් කරන්න.
jayath Tuesday, 10 September 2019 03:00 AM
මේක එච්චර වැදගත් දෙයක් නෙමි -පිලුන් වෙච්ච -කුජීත දේශපාලකයෝ තුන් දෙනෙක් අතරේ බල අරගලයක් විතරයි
Ruwan Tuesday, 10 September 2019 03:29 AM
හමුවෙලා කියන්න තියන දේ නොවේ සැකක්......මට තියෙන්නෙ ඇත්තමයි ජනාධිපති හිතක්..
Amila Tuesday, 10 September 2019 03:37 AM
ඇල්පිටිය චන්දේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව තමන් නායකත්වය දෙන්න ඔන හරි ගමන් පක්ශ නායකයෙක්නම්.
shiwantha disanayake Tuesday, 10 September 2019 04:20 AM
රනිල් මැතිතුමන් ,කරු ජයසුරිය මැතිතුමන් හැරුන කොට මට ඉන්න අනෙක් වැඩක් කල මැතිවරුන් වන්නේ අකිල ,රාජිත ,චම්පික ඇමති වරුන් පමණයි.ඔවුන් පස්දෙනාටම හිස නමනුයේ කොන්ද කෙලින් තබාගෙනයි .
වීරවිජේTuesday, 10 September 2019 05:01 AM
බලාගෙන... පොල්මුඩ්ඩක්වත් ගහගෙන නැමෙන්න...
nishantha Tuesday, 10 September 2019 04:22 AM
සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ සදාදරණීය පියා මෙන් නොව විශාල සංකල්ප රාශියක් ජනගත කල නායකයෙක් . උසනම් සිකුරිටි , මිටිනම් කම්කරු , සදාලෝක පුජිත, ගම් මට්ටම් බිම් මට්ටම්, පාරේ මිය යන, නිදිවරන , පාරේදී විතරක් මුණගැසිය හැකි නායකයෙක් පිලිබඳ සංකල්ප පුදුම එලවන සුළුයි .
යාපා Tuesday, 10 September 2019 05:21 AM
මේ තුන්දෙනාගෙ වෙනස මොකක්ද?
nimal Tuesday, 10 September 2019 05:30 AM
ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලින් පන්සල් වලට පමණක් නොව කෝවිල්, මද්‍රසා පාසල් වලටත් ගොඩනැගිලි ඉදිකරයි. මෙම අරමුදල ගොඩනැගෙන්නේ බෞද්ධ විහාරස්තානවල තියෙන ආණ්ඩුව සීල් කල පින්කැට වල ආදායමත්, සංචාරකයන්ට කඩන ටිකට් වල අදයමෙනුත්. ඔහුට එම අරමුදල් බාවිතයට පෙර පල්ලි, කෝවිල් වලටත් ආණ්ඩුවේ පින්කැට යොදන්න තිබුනා. ජේතවනාරාමය, අභයගිරිය ප්‍රතිනිර්මනයට අවුරුදු 10ක් විතරගියේ මුදල් නැති නිසා. මේ නිසා කෝටි 360ක් එම අරමුදලින් ගැනීම හිගන්නාගේ පොකට් එකට විද්ද වගේ වැඩක්
Rata Perata Tuesday, 10 September 2019 06:24 AM
තුන්දෙනාම කතා කරලා ඕක කරු ට දෙන්න.
Galibba Tuesday, 10 September 2019 06:28 AM
මගේ යෝජනවානම් රනිල් සර් UNP එකෙන්, සජිත් සර් SLFP එකෙන් සහ කරු සර් රජාලියගෙන් ජන්ධිපතිවරනෙට තරගකිරිම තමයි වඩා හොඳ.
HafeelTuesday, 10 September 2019 08:16 AM
ඔතන සජිත් හැර අනිත් අයට සර් කියන්න තරම් රටට මොනවා කරලා තියන්නේ ? නමුත් මම සජිත්ට පක්ෂව නොවේ.
rukshan weerasingha Tuesday, 10 September 2019 07:48 AM
මේ සිංහල තේරුම් ගැනීමෙන්ම පේනවා වීරයන්ගේ මෝඩකම් සහ නුගත්කම්.
Muhan Tuesday, 10 September 2019 08:40 AM
කියන කතා වලින්ම පල් මෝඩයෙක් කියල ඔප්පු වෙනවා . කාටවත් මේ රටේ මිනිස්සු ගැන තෙරේන්නේ නැහැ . එයා ඉන්නේ යුරෝපයේ . කරූ තමයි එකම බලාපොරොත්තුව .
SamanTuesday, 10 September 2019 10:10 PM
කරු හදන්නේ තමන් මුලින් රජවෙලා ඉන්පසුව තමන්ගේ බෑනාවන නවින්ව රජ කරවන්න. අමතක කරන්න එපා 18ක් අරගෙන එලියට ගිහින් ආපහු තනියෙන් ආපු කෙනෙක් කියලා.
Janaka Tuesday, 10 September 2019 09:04 AM
ඒකාධිපතියෙක්ට රට දීලා විනාශ කරගන්නේ නැතිව... කට්ටිය එකතුවෙලා ඔය ඒකාධිපතියයි, ඔවුන්ගේ හොර රැළයි පරාදකරන්න එකතුවෙන්න.
lion Tuesday, 10 September 2019 09:12 AM
මේ චරිත 3 අතර ‘හොර‘ යන වචනය කරුට අදාල වෙන්නේ නැත. ඔහු තරගයට අවතීරණ වුවහොත් ගෝඨාභයට ලෙහෙසි වන්නේ නැත.
Rohan Tuesday, 10 September 2019 02:56 PM
මේ තුන්දෙනාටයි රටේ මිනිස්සු කියන්නේ , රනිල් ,කරු ,ෆොන්සේකා ,අකිල ,නවීන් ,ඇතුළු පිරිස එකතුවෙලා සජිත් ට උදව්වූ කරන්න පසුව සාකච්ඡා කරන්න එකමුතු වෙන්න ඕනේ නම් දිනන්න .ඔන්න මන් නොකිවුවා කියන්න එපා හාමිනේ
sena Tuesday, 10 September 2019 09:47 PM
දැන් එජාපයේ කිසිම රට කරවන්න සුදුසු නායකයෙක් නැහැ. රනිල් ගේ දක්ෂ කපටි මොලය යොදවන්නේ නරක අතට. උතුරට ස්වයං පාලනය ,ඇමරිකාවට ත්‍රිකුණාමලයේ වරාය.එම්සීසී හා සෝෆා ගිවිසුම් වලින් රට දෙකඩ කිරීමේ උත්සාහය.මහින්ද හා ගොටභය හැරෙන්නට සුදුසු වෙන නායකයෙක් නැත.එක්සත් ජාතික පක්ෂය නැවත බලයට අවොත් රට ජාතිය ආගම විනාසය.
athuraWednesday, 11 September 2019 05:35 AM
රාජපක්ෂ වන්දනාවේ යන අයටත් හිතෙන දේවල්.
irshan Wednesday, 11 September 2019 06:40 AM
සාකච්ඡාව අසාර්ථක නම් දෙකක් නෑ .යු .එන් . පී . ය පරාදයි .
kamal Wednesday, 11 September 2019 06:45 AM
එදා .ජේ .ආර් . ජයවර්ධන ගාමිණි , ලලිත් ,ඉදිද්දී ආර් .ප්‍රේමදාස .ට දුන්නු නිසා යු .එන් .පි . ය දින්නා අදත් සජිත්ට දුන්නොත් මිසක් දිනන්න බැ.