IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රනිල් - සජිත් රහසේ හමුවෙති

(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම  පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් අද (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.

අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හා තවත් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙන බව දැනගන්නට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් පසුව මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණැයි පැවැසේ.



අදහස් (19)

රනිල් - සජිත් රහසේ හමුවෙති

sirimal Tuesday, 06 August 2019 08:23 PM

හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. ඔය දෙන්නම එක්කෙනාට එක්කෙනෙක් හොරෙන් තනියෙම රජවෙන්න තමයි දඟලන්නේ. ඕකෙන් මේකෙන් වෙන්නේ අහක ඉන්න අශ්වයෙක් රේස් එක දිනන එකයි. ඊට පස්සේ ඒගොල්ලෝ පරණ අඩුපාඩු නියමෙට හරිගස්සගෙන ඒකාධිපති වාදය කියන්නේ මොකද්ද කියල හොඳට පෙන්නලා දෙවි.

:       2       129

RaveendraWednesday, 07 August 2019 01:19 PM

බ්‍රේස්ලට්, වොක්ස්වැගන් වයිෆයි ගැන හිතන්නේ..// අනිකා උස කම්කරු , මිටි සිකුරිටි ගනිමින් නේ..// දිය රෙද්දත් පිහියත් සමගින් දෙන්නාමත් සිටින්නේ..// දෙදෙනාටම විරේකය ඇති බව නම් පෙනෙන්නේ..//

:       100       45

lion Wednesday, 07 August 2019 01:13 AM

අවුරුදු 70 වක් අප රට පස්සට ගියා මිස ඉස්සහරට ගියේ නැහැ. දේශපාලුවෝ ලොකු පෝසතුන් වුණා මුල් අවදියේ සිටපු දේශපාලනය කල මහත්වරුන්ට මෙය අදාල නැත. රට ජනතාව දුප්පතුන් වුණා

:       2       27

Bamunuarachchi Wednesday, 07 August 2019 01:48 AM

හැංගී හැංගී වෙස්මුහුණු බැන්දාට ඕගොල්ලෝ නටන්නේ එලියෙනේ.

:       14       26

BamunuarachchiWednesday, 07 August 2019 01:06 PM

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ, අපි නෑ රැවටෙන්නේ...

:       2       2

athuraThursday, 08 August 2019 04:33 AM

බමුණා ඉතින් රැවටෙන්නේ රාජපක්ෂලාගේ මුහුණට විතරයිනේ...

:       3       72

BamunuarachchiFriday, 09 August 2019 03:17 PM

ඒ මුහුණට ප්‍රභාකරනුත් රැවටිලා දමිලයින් රනිල්ට ඡන්දෙ දෙන එක නවත්වලා මහින්ද දිනවලා අන්තිමට මැරුම් කෑවා... නරකද?

:       75       0

Nishantha Wednesday, 07 August 2019 02:18 AM

මොනවා කලත් දැන්නම් පලක් නැත.

:       48       37

anu Wednesday, 07 August 2019 03:12 AM

කුමන දෙයක් සාකච්චා කලත් කුමන අපේක්ෂකයා දැම්මත් මහජනතාව වන අප මේ අශිෂ්ට දේශපාලන ක්‍රමය සහ එය ක්‍රියාත්මක කරන දේශපාලුවන් ගැන ඉතා කලකිරීමෙන් ඉන්නේ. අපට විකල්පයක් අවශ්‍යමයි මේ රට මේ අගාදයෙන් ගොඩනැනීම සඳහා. බුද්ධිමත්, උගත්, රට ආගම කෙරෙහි ගෞරව කරන, දේශ හිතෛෂී පුළුල් දැක්මක් සහිත නායකයින් අවශ්‍ය කාලයයි මේ. අප දේශපාලන පක්ෂ වලට වහලුන් ලෙස ක්‍රියා කල කාලය අවසන්කර, සුදුසු පුද්ගලයින් සොයා නායකත්වයට පත්කරගත යුතුයි.

:       3       528

lalithm Wednesday, 07 August 2019 03:12 AM

මොනවා කලත් දැන් තව කෙනෙකුට ඉඩ දෙන්න කාලේ හොඳයි.

:       1       170

jagath Wednesday, 07 August 2019 04:06 AM

අපිනම් නාගානන්ද මහත්තයට, නැත්නම් ගලගොඩ අත්තේ හාමුදුරුවන්ට.

:       133       97

BishanWednesday, 07 August 2019 06:44 AM

එහෙනම් අබසරණයි... !!!

:       7       73

mohammed Rizan Wednesday, 07 August 2019 04:28 AM

ඔයගොල්ලෝ මොනවා කලත් ජනතාව හොදින් අවබෝධ කරගෙන්න ඉන්නේ ඔයාලා ගැන. ලංකාවේ දුෂණ, මිනීමැරුම් , ජාතිවාදී කලබල , ඔයගොල්ලන් වග කියන්න ඕනි.

:       45       9

Nandalal DE SILVA - France Wednesday, 07 August 2019 10:45 AM

ගොඩනැනීම සඳහා. බුද්ධිමත්, උගත්, රට ආගම කෙරෙහි ගෞරව කරන, දේශ හිතෛෂී පුළුල් දැක්මක් සහිත නායකයින් අවශ්‍ය කාලයයි...!!!] මේ කාලයේ එහෙම අය හොයන එක කළුනික හොයනවටත් වඩා දුෂ්කර කාර්යයක් බව අපට වැටහී බොහෝ කලක් වෙනවා...!!! අපේ රටට නිදහස ලබාගැනීමට පෙරමුණ ගත් පැරණි නායකයන් ගැන අපට විශ්වාසයක් භක්තියක් තියෙන්නෙත් ඔවුන් එම විශ්වාසය කඩ නොකර රට හදපු නිසයි...!!!

:       0       17

thilakasiri Wednesday, 07 August 2019 11:38 AM

ඔය දෙන්නටම දිනන්න තරම් ජන ප්‍රසාදයක් අද නැහැ. අසරණ ජනතාව මත බදු පිට බදු පනවමින් හොයන සල්ලි වලින් තව දීපල්ලා... මැති ඇමති මන්ත්‍රී රාජ්‍ය නිලධාරීන්ට... අද බහුතරය හාමතේ...

:       15       28

harith Gunasekara Wednesday, 07 August 2019 01:04 PM

අපි හැමෝම මිනිස්සු. කවුරු අාවත් ලංකාවේ හොරකම කරන එක්ක වළක්වන්න බැහැ. මේක අපේ අය හොඳට ඉගෙනගෙන තමයි දේශපාලනේට එන්නේ...

:       0       3

isuru Wednesday, 07 August 2019 03:50 PM

රනිල් ජනාධිපති, සජිත් අගමැති සාකච්ඡාවටද?

:       0       2

thilakasiri Friday, 09 August 2019 11:01 AM

රනිල් ජනපති, සජිත් අගමැති සංකල්පය හොඳයි වගේ... ජවසම්පන්න පුද්ගලයන් ඕනේ අගමැතිකමට. බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වගේම පලපුරුදු ජ්‍යෙෂ්ඨ නායකයෙක් ජනපති විය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ... අගමැති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂය දරන මත ගැටුමට ඉඩ සලසමින් සම්ප්‍රයුක්ත මතය මතුකර ගැනීමට උපේක්ෂා සහගතව ක්‍රියකල යුතු අතර වැඩි බලතල අනවශ්‍ය ජනපතිට මුළු පාර්ලිමේන්තුවම ගරුකරන, ජනපතිත් පාර්ලිමේන්තුවට ගරුකළයුතු හා වගකිවයුතු සියලු අන්තවාදයන් හා ඒකාධිපති වාදය පිටුදකින එකම නීතියක් යටතේ පාලනය වන තනිරටක් හදාගැනීමට ක්‍රියා කළයුතුයි කියලයි මට හිතෙන්නේ...

:       1       0

chandima Saturday, 10 August 2019 01:12 AM

අර අවබෝධතා ගිවිසුම ගැන අගමුල සේරම කියන්න ඇති නේද? පැරදුණොත් අනික් පැත්තට යවන්න වෙනවනේ කට්ටියකුත් එක්කලා මුක්කුවක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 6 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 235 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 79 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 176 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 661 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්
2025 අප්‍රේල් මස 24 694 2

පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site