සබරගමුව හා උතුරු මැද පළාත් සභාවල විපක්ෂනායක ධුරය සඳහා තේරී පත්වූ පිළිවෙළින් වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතා අද විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපි සිරිකොත පක්ෂ ප‍්‍රධාන මූලස්ථානයේදී ලබාගත්හ.
සබරගමුව එ.ජා.ප. කණ්ඩායම් ප‍්‍රධාන සංවිධායක ලෙස හසිත මුහන්දිරම් ද, උතුරුමැද එ.ජා.ප. කණ්ඩායම් සංවිධායක ලෙස චන්දිම ගමගේ මහත්වරු පත්වීම් ලැබූහ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවි කරුණානායක, ජෝශප් මයිකල් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
මෙරට පළාත් සභා ඉතිහාසයේ විපක්ෂනායක ධුරය කාන්තවාකට හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද මේ බලාගෙන ඉන්නේ...(ස)
ප්රථම පළාත් විපක්ෂ නායිකාව පත් වුණේ බස්නාහිර පළාතෙන්. ඒ 2008 පළාත් සභා මැතිවරණයෙන්, බස්නාහිර විපක්ෂ නායිකාව ලෙස පත්වූ රෝසි සේනානායක මැතිණියයි. (නි)
රණා, මේ ඔක්කොම බලාගෙන ඉන්නේ ඔයා දිහා නෙවෙයි කැමරාව දිහා. ෆෝටෝ අරගෙනම නැද්ද? (ස)
මෙරට ඉතිහාසයේ මෙසේ හිමුවූ පළමු කාන්තාව චිත්‍රා මන්තිලකයි. (මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් වූ) (නි)
කෝ ඉතින් උතුරුමැදට මහඇමති කෙනෙක් (නි)
කැමරාවට හරියට හිනා වෙන්නකෝ (නි)
සුභ පැතුම්! (නි)
ඔයා ඉන්නකම් ඉතින් හැමදාම් විපක්ෂය තමයි. එයත් දැන් නැතිවෙන සුළුයි. (නි)
මේවට මටනම් හිනා..!(නු)
කාන්තාවක් පළාත් සභාවක විපක්ෂ නායකධූරයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර වර්තමාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායක වශයෙන් කටයුතු කර ඇත. (නි)
ප්‍රවේශමෙන් හොදේ (නි)
සරමක් ඇදපු මහත්තයා කෙහෙද මේ බලාගෙන ඉන්නෙ..!(නු)
මොකද මේ අපිට ඕනවට වගේ ඉන්නේ,1 පින්තූරෙක විතරනේ හිනාවෙලා ඉන්නේ..(ස)
අනේ හොදයි