එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ කෘත්‍යාධිකාරී සාමාජිකයන් 85 දෙනකුට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලූ දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වගඋත්තරකාර පාර්ෂවයට ලබන 22 වැන දා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කෙළේය. එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස දක්වමින් නොතිසි ද නිකුත් කෙළේය. වික්‍රමසිංහ මහතා තවත් හය වසරකට පක්ෂ නායකත්වයට පත් කිරීම සඳහා පසුගිය ජූලි 19 වැනි දා පක්ෂ ව්‍යාවස්ථාව සංශෝධනය කිරීම නීතිවරෝධී බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ දිසා විනිසුරු එසේ නියම කෙළේය. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීමේ දී සම්මත කර ගන්නා ලද සංශෝධනය මුල සිටම නීතියෙන් බල රහිත බවට ප්‍රකාශ කරන ලෙසත් ඊට වාරණයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටද රට හදන්න භාර දෙන්නේ? (නි)
විපක්ෂ නායකතුමනි, මින්පසු පක්ෂයේ තනතුරු දෙනවිට දින රහිත ලිපියකට අත්සන් ගන්න. (නි)
රනිල් මහත්තයව අමාරුවේ දැම්මේ කවුද කියලා රටම දන්නවා. (නි)
රනිල්ට මඩ ගහන්නේ වෙන අයගේ කොන්ත්‍රාත් භාර ගත්ත කට්ටිය. (නි)
රනිල් විපක්ෂයේ නායකයා වෙලා ඉන්නකල් අපේ ජනපතිතුමා රට පාලනය කරයි. (නි)
රනිල් ශ්‍රේෂ්ඨ නායකයෙක්; දෙවරක් අගමැති වුණ කෙනෙක්;. ශ්‍රී ලංකාවේ පළමුව නිවැරදිව උසස් පෙළ සමත් වෙලා, ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබපු නායකයා. වැඩිපුර ගල් ගහන්නේ පල ඇති රුකටනේ. (නි)
රොහාන්, රනිල් මහත්තයා හිටියා කියලා පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? (නි)
රනිල් වගේ නායකයෙක් තමයි අද කාලෙට ගැළපෙන්නේ. (නි)
රනිල්ට තියෙන්නේ ඔය කට්ටිය නිවාරණය කරන්නයි. (නි)
අනේ රනිල් මහත්තයෝ,ඔයාට ඇත්ත තේරෙන්නේම නෑනේ. අනේ මන්දා. (නි)
රනිල් දෙපාරක්ම අගමැති වුණ එකේ දැන් වෙන කෙනෙකුට අවස්ථාව දුන්නානම් නේද හොද? (නි)
ඇත්ත දන්නවා හැමෝම.මොකද මෙයාලා කළ දේවල් ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. (නි)
කොපමණ හොද වුවත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න නොහැකි නම් රනිල්ගෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
අනේ ඔන්න ඕක දීලා දාලා නිකන් ඉන්න රනිල් මහත්තයෝ. (නි)
ඕකට කියන්නේ බල තන්හාව කියලා....(ස)
දැන් හිටියා ඇති....(ස)
ජනතාව කියන දේත් පොඩ්ඩක් ඇහුවොත් ඔබතුමාට ඔබතුමා ගැන ඇත්ත තේරෙයි. (නි)
වාරණ නෙමෙයි, අයින්ම කරලා දැම්මා නම් හරිනේ. (නි)
මෙතුමාව වාරණය කරන්න තිබුණේ මීට ගොඩාක් කලින්. (නි)
පක්ෂයට මෛත්‍රී කරන්නේ ගුණරත්න මහතා විතරයි. (නි)
එක්සත් ජාතික පක්ෂයෙ හැමෝම කවදා එක්සත් වෙයි මෙ සටන ඉවර වෙන්නෙ අපි වයසට ගිහියාමද ... * මෙහෙම ගිහිල්ලා කොහොමද බලය අල්ලන්නෙ ....? (වි)
දැන්වත් 85 දෙනා නින්දෙන් නැගිටීවිද(වි)
විපක්ෂයේ රණ්ඩු ඇතිවන විට රජ මගුල් තියෙන්නේ කාටද? (නි)
ගරු විපක්ෂ නායක තුමනි, ඔබතුමාට ඇයි පෙනෙන්නේ නැත්තේ ඔබතුමා මේ කරගෙන යන අපරාධය? ඔබතුමා රජයට උදවු කරනවා නම් ඇයි යන්නේ නැත්තේ ඒ පැත්තට? එතකොට මේ කලබල ඔක්කොම ඉවරයි නේ. (නි)
දැන්වත් අපි විපක්ෂයත් එකතු කරගෙන සමගියෙන් මේ ගමන යමුද? (නි)
අනේ මේ පක්ෂයට ගිය කලක්? (නි)
මේකේ තේරුම ඒ කියන්නේ, ඕනෑම පක්ෂයක නායකයකුට විරුද්ධව වාරණයක් ගන්න පුලුවන් කියන එකද? (නි)
රනිල් මහත්තයා නැත්නම් අද යූ.එන්.පී. යට මොනවා වෙලාද දන්නේ නැහැ. (නි)
යූ.එන්.පී. ඡන්ද දායකයන් කවදාවත් වැටෙන්නෙත් නැහැ. පස්සෙන් යන අයව නවත්වන්නෙත් නැහැ. (නි)
රනිල් තමයි හොදම. (නි)
අපි අපේ පක්ෂය පිරිසිදු කර ගනිමු. (නි)
දකුණු පළාතේ සමහර අයත් මේ වගේ තමන්ගේම කණ්ඩායමේ අයත් එක්කම තමයි හැප්පුණේ.හැමදාම කා එක්කහරි රණ්ඩුවක්. අන්තිමට යන එන මං නැතිවුණා. මෝඩකමේ කෙළවරක් නැහැනේ ඇත්තට. (නි)
මට හිතෙන්නේ රනිල් මහත්තයා 14 වතාවක් පමණ පැරදුණු බව එතුමාට දැන් අමතක වෙලා ඇති. (නි)
නායකතුමා, නායකතුමා ගැන බලා ගන්නකෝ. අපට පුළුවන් පක්ෂය හදා ගන්න. (නි)