තිස් අවුරුදු කුරිරු ත්‍රස්ත්‍රවාදය මෙරටින් තුරන් කර ලැබු ජයග්‍රහණයේ 4 වැනි සැමරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර දී ලබන සතියේ පැවැත්වීමට යයි.
ත්‍රිවිධ හමුදා හා පොලීසියේ උත්තමාචාර පෙළපාළියේ පෙරහුරුවක් අද(12) පැවැත් විණි.
ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව තමන් සතු විශේෂ බළගණ මෙන්ම ප්‍රහාරක අවි ආයුධ ද බර අවිද මෙහිදී ප්‍රදර්ශනය කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිසියද සිවිල් ආරක්ෂක බළකායද පෙරහුරුවට එක් විය.
.jpg)
..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් දේශපාලනය ගාව ගන්නේ නැතව අපේ රට මිනීමරු මස් වැද්දන් වන් දෙමල ත්‍රස්තවාදයෙන් බේරාදුන් අපේ සිංහල කොල්ලන් කෙල්ලන් වෙනුවෙන් සෑම නිවසකම ජාතික කොඩියක් ඔසවා ගෞරව දක්වන ලෙස කාරුනිකව සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිනවා. ඔවුන් ඇස්, ඉස්, මස්. ලේ, නහර පූජාකලේ අපි සැම වෙනුවෙන්. අපි සැපට කා බී නිදාගන්නාවිට අවදියෙන් දුක් විද විද සිටියා. ඒක නිසයි අපි අද නිදහසේ ජීවත් වන්නේ. අප රට වෙනුවෙන්, අප වෙනුවෙන් ජීවිතය කැප කල රනවිරුවනි අපි ඔබට සදා ණයගැතියි. (නි)
උපුල්ට මතක් වෙලා තියෙන්නේ යුද්දේ ඉවර උන එක නෙමෙයි ඒ කෙල්ලන්ගේ කලිසම ගැනනේ කියලා තියෙන්නේ.(නදී)
කෙ වින්ට ඕනේ රට රනිල් ගේ පාලනයක් කියන්නේ...? හනේ දෙවියනේ මෙහෙමත්.....? (නි)
සෞදි අරාබියේ නිමල්, ඔබ කියන තත්වයක් රණවිරුවන්ට ඇතිවෙලා නැහැ. ඒ අයට හොඳට ගෙවනවා. එහෙම තත්වයක් සෞදි අරාබියෙ ඉන්න ඔබට තියෙනවා නම් ලංකාවට ඇවිත් රණවිරුවෙක් වෙන්න බලන්න.(නදී)
සියලු දෙනාට දළදා සමිඳු පිහිටයි.(නදී)
ජීවිතයේ දකින්න ආසම, විශ්වාස කරන්න හැකි, රාජකාරියට මුල්තැන දෙන එකම රාජ්‍ය සේවකයා ඔබය. කොටියාගෙන් මුදවා ගත් රට ලස්සන අනාගතයක් කරා ගෙන යන්නට දේශපාලකයින්ට භාරදී වසර 4ක් යන්නටත් මත්තෙන් මිහිපිට අපායක් වී ඇති බව ඔබ දකිනවා නේද? කුහක දේශපාලුවන් උන්ගේ පැවැත්ම උදෙසා තවමත් ඔබවම බිල්ලට ගනිමින් සිටියි. ඇත්තේ එකම විසඳුමකි, ත්‍රිවිධ හමුදව සමග පොලීසිය එක්වී රටේ පාලනය වසර කීපයකට හෝ භාර ගැනීමය. මන්දයත්, සුදු හැඳගත් හොර තක්කඩි දේශ ද්‍රෝහී දේශපාලුවාට වඩා කැලෑ ඇඳුම හැඳි ඔබව අපට විශ්වාසය. ඔබේ දහඩිය සුවඳට අපි කැමතිය. ඔබ තුල වංචාවට දූශණයට ඉඩක් නැත. ඔබ ඔබට වඩා රටට ආදරේය. අවශ්‍ය මොහොතේ සුදුසුම තීරණය ගැනීමට ඔබ දක්ශය. ඔබ සමානාත්මතවය හොඳින් හඳුනන්නෙකි. වැරැද්දට දඬුවම් දීමට පසුබට නොවේ. නමුත් ඔබ උතුම් හදවතක් ඇති ඉතා සුන්දර මිනිසෙකි. අපි ඔබට දැක්වු ආදරය බිඳුවක් හෝ අඩුවී නොමැත. රට,දැය, සමය දිවි හිමියෙන් රැකීමට දිවුරා ඇති ඔබට රටේ භාරකාරීත්වය දැරීම සඳහා කාලය පැමිණ ඇත... අපි බලාපොරොත්තු දල්වාගෙන බලා ඉන්නෙමු...! (නි)
ජය වේවා!!! (නි)
..පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ...හරිම ආඩම්බරයි අපේ රණවිරු කොල්ලෝ ,කෙල්ලෝ ගැන . (නි)
යුද්ධය ජයගැනීමට ඉවහල්වු ෆොන්සේකා විරුවාණනි, ඔබ සදා අමරණීයයි. (නි)
රණවිරුවනි, අද මෙන්ම සැමදාමත් අපේ හදවතේ පළමු තැන ඔබටයි. ඔබට අපගේ උත්තමාචාරය (නි)
සරත් ෆොන්සේකා මහත්තයත් හිටියා නම් ගොඩක් වටිනවා (නි)
ත්‍රිවිධ හමුදා සහ පොලිස් විරුවෝ සදා අමරණීයයි.(නදී)
ගරු ජනාධිපතිතුමා ඇතුළු අපේ රණවිරුවන්ට රත්නත්‍රයේ පිහිට ලැබේවා! (නි)
මගේ සහෝදරයෝ දෙන්නෙක් හමුදාවේ ඉන්නේ.ලොකු එක්කෙනාගේ කකුලක කෑල්ලක් නැතිවුනේ බලවේගය මෙහෙයුමේදී. අද එදවස මතක් වෙද්දී තාමත් ඇස්දෙකට කඳුළු උනනවා. විරුවනි රටම ඔබට සද ණයගැතියි. (නි)
ගයන් එහෙම දවසක් ලගදීම උදා වේවි. මගෙත් ප්‍රාර්ථනය ලංකාවේ පාලනය හමුදාව ගන්න ඕනෑ. (නි)
නුබලා රටට ආඩම්බරයක්.(නදී)
රණ විරුවන් එදා කල සටන ඓතිහාසිකයි. එත් දැන් අපි කල යුත්තේ රටේ විනය හදාගෙන චාම් උත්සව පවත්වා මජනයාගේ අසහනය දුරුකිරීමයි. ජනාධිපතිතුමා ඇතුලු යුද්දය කල සියලු දෙනාටම පින්.(නදී)
කොටින්ගෙන් රට බේරලා දුන්නා තමයි, දැන් මේ වෙන අපරාධ රැල්ලෙන් රට බේරලා දෙන්න දෙවියනේ (නි)
මේවා දකිද්දී අපිට හරිම සතුටුයි. චිරන් ජයතු ඔබ සැමට, කෝ මේ ලිපියට අපේ මුස්ලිම්, දමිළ සහෝදරින්ගේ අදහස්, ඇයි ගොළු වෙලාද මේවා දැකලා..? (ස)
රණවිරුවන් ලවා යුද්ධය නිම කළේ නිදහසේ රට සූරා කන්න දෙන්න නොවේ. ප්‍රශස්ථි ගැයුම නවත්වා දැන්වත් සිහි බුද්ධියෙන් සිතමු. (ස)
අයියෝ සල්ලි ! (නි)
කෝ අපේ මෝහමඩ්ලා කොහේ ගිහින්ද? සද්දයක්වත් නැහැ. (නි)
විජේසිංහ හා සුමිත් මහතුන් වෙත, ඔබලා වෙබ් පිටුවක වීරයෙකු ලෙස ප්‍රතිචාර දැම්මාට ඇතැම් විට ඔබේ කිසිඳු ඥාතියෙක් හමුදාවක සේවය කිසිඳා කරලා නැතුව ඇති.මම මුස්ලිම් කෙනෙක්. මගේ පවුලේ අය ඕනෑ තරම් හමුදාවේ ඉන්නවා. මම ආඩම්බරයෙන් කියනවා මගේ එක සහෝදරයෙක්ගේ ඡායාරූපයකුත් මෙතන තියෙනවා. යුනිෆෝම් එක ඇන්දට පස්සේ ජාතිය කුලය හොයන්ඩ බැහැ. රට බේරගන්න සුලු ජාතික පවුල් වල සාමාජිකයිනුත් දිවි පිදුවා. ඔබලාගේ ප්‍රතිචාරය දකිද්දී ඇති වෙච්ච දැඩි හිතේ වේදනාව හින්දමයි මේ ප්‍රතිචාරය දැම්මේ. (නි)
ඔබ සැමට සදා ජය...! කැමති කෙනෙක් ඉන්නවනම් රණවිරු ෆවුන්ඩ් සංවිධානය හරහා ආබාධිත තත්වයට පත්වූ සහ ජීවිත අහිමිවූ රණවිරුවන්ට සහ ඔවුන්ගේ දු දරුවන්ට උපකාර කල හැක. අවශ්‍යනම් [email protected] මගින් විමසා දැනගන්න. (ස)
සුමිත් සහ විජේසිංහ වෙත ලිවීමට සිතුනි. මමද සිංහල බෞද්දයකි. ඔබලා අද ඉපදුන කෙනෙකු සේ කතා කිරීම ගැන හිරිකිතයි. සිංහල මුස්ලිම් දෙමල බර්ගර් සැවොම හමුදාවේ කොටසක් බව නොදන්නා ඔබගේ දැනුම කෙසේද යන්න සිතා ගත හැකිය.(නදී)
හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ.(නදී)
අපි ඔබට නය ගැතියි
අපිට ධෛර්යය දිනා දුන් රණවිරුවනි, ඔබට ජය හැමදාටම! (නි)
අම්මේ, බාල පුතත් හමුදාවට බාර කරන්න... (නි)
ඔබට අපේ අභිමානය! (නි)
ඔබ රටේ භාරකරු නොව රටේ අයිතිකරුයි (නි)
මේ ඡායාරූප දකිනකොට සිතට දැනෙන්නේ හරිම ආඩම්බරයක්. රට වෙනුවෙන් කරණ සේවයට මම සදා ණයගැති වෙනවා . ලංකා දීප පත්‍රයට මගේ ස්තුතිය.(නදී)
අපේ රට නිදහස් කර එක සේසත් කරපු අපේ රණ විරුවන්ට මම හිස නම මෙගේ ආචාරය පිරිනමමි. ජයවෙවා! ඔබ සැමට සහ මගේ මවු බිමට.(නදී)
ලංතාවේ මිනිසුන්ට ඉක්මනින් අමතක වෙන නිසා සමරුවක් තියෙන එක හොදයි. ඒත් ලොකු වියදමක් කරන එකනම් අපේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ.(නදී)
රණවිරුවනි ඔබලා නිසා අපි තවම ජිවත් වෙනවා. සදා නය ගැතියි ඔබ සැමටත් ජනාධිපතිතුමාටත්.(නදී)
හරිම ආඩම්බරයි රණවිරු දසුන්. වීර විකුම් පෑ දූ පුතුන්.(නදී)
සැමරුම් උත්සව තියන එක හොදයි. හැබැයි මේ සදහා වියදම් කරන අති විශාල මුදලින් මේ යුද්දයෙන් අසරණ උණු ඒ අසරණ සෙබළුන්ට ඔවුන්ගේ පවුල් වලට කොච්චර සේවයක් කරන්න පුලුවන්ද? අනිත් අතට මේ තියන්නේ සැමරුම් උත්සවයකට වඩා දේශපාලන සංදර්ශනයක්නේ.(නදී)
විරුවනි ඹබ හට අපේ උත්තමාචාරය.(නදී)
විරෝදාර සෙබළුනි ඔබ අපට බේරා දුන් රට අද ඉතාම නරක අතට හැරි ඇත. බයක් සැකක් නැතුව පාරේ යන්න බැරි තත්වෙට පත්වී ඇත. විශාල ආර්ථික පරිහානියකට ලක්වී ඇත. මේ රට බේරා ගන්න නැවත මැදිහත් වෙන්න වේවි.(නදී)
සියලු දෙනාට දළදා සමිඳු පිහිටයි.(නදී)
යුද්දේ ඉවර වෙද්දී අපි හරිම සතුටු වුණා. අපි කිරිබත් කෑවා. ත්‍රස්තවාදය නැතිවුන සතුටටයි මිනිස්සු එහෙම සැමරුවේ. නමුත් දැන් මිනිස්සුන්ට කතා කරන්න අයිතියක්වත් නැහැ විතරක් නෙමෙයි සියලුම රටේ දේපලත් හූරන් කනවා . (නි)
හිතට පුදුම සතුටක් දෙනෙනවා මේ ෆොටෝ ටික දැක්කම. වීර පුතුන් සියලු දෙනාටම සහ ජනපති තුමාට අපගේ ප්‍රණාමය.(නදී)
මගේ එකම සහෝදර අයියා ඇතූඵ සියඵම රණවිරුවන් සදා අමරනීයයි. අපේ රටේ යූද්ධයක් තිබූනද කියලවත් සමහර ඇත්තන්ට අමතක වී ඇත. ඒ නිසා මෙවැනි සැමරුම් වටින්නේය. ඒ වගේම මේ තූලින් රණවිරුවන්ගේ ධෛයිරිය හා චිත්ත වර්ධණයටත් උපකාරයක් වේ. අති ගරු ජනාධිපති තූමාටත් රණවිරුවන්ටත් මූඵ මහත් ජාතියේම ගෞරවය හිමි විය යූතූමයි.(නදී)
අපි ඔබලාට සදා නය ගැතියි.(නදී)
ත්‍රිවිධ හමුදාවට අපේ උත්තමාචාරය! (නදී)
නුබල ඇතුළු යුධ බිමේදී සිංහ ලීලාවෙන්ද උකුසු සෙයියාවෙන්ද සටන් වැද ත්‍රස්තයින්ව භීතියෙන් ත්‍රස්ත කරමින්ද, අනේකවිද දුක්ගැහැට විදිමින් මුහුණට මුහුණ සටන් කරමින්ද මාරාන්තික තුවල ලබා සිටියදී පවා තම සගයන් සමග එකට සටන් වැද ජීවිතය නිර්භීතව හැරගියා වූද උත්තම සෙබලුනේ නුබලව අදද මතු අනාගතයේදීද නැවත නැවතත් සිහි කරමු. නුබලට පින් සිදු වේවා.(නදී)
අපේ කෙල්ලන්ටත් කලිසම තමයි ගැලපෙන්නේ.(නදී)
පුදුම සතුටක් මේවා දකින කොට ඇති වෙන්නේ. ඒත් අද රටේ තත්වේ ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. අනේ කව්රු හරි මගේ රට බේරලා දෙන්න.(නදී)
දකින විටත් ආසයි.(නදී)
අපේ රට කොටියාගෙන් බේරා දුන් අභීත රණවිරුවාණෙනි අපි ඔබට සදා නය ගැතියි. නමුත් ඒ සැමරුම වෙනුවෙන් දරන අති විශාල ධනස්කන්දය ඔබ වෙනුවෙන්මද? සැමරුම සංවිධානය කරන අතලොස්සකගේ අතමිට සරුවන අතර එදාට ඔබ දහදිය බිදු හෙලයි. සංවිධායකයෝ එදා රාත්‍රියට මදුවිත තොල ගාමින් කොමිසන් එක බෙදා ගන්න හැටි හරි අපුරුයි. මැවිලා පේනවා. නමුත් ඒ සමරපු විරුවාගේ ගෙදර කුස්සිය හරිම අසරණයි නේද? තම දරුවාට කිරි පිටි ටික ගන්න බැරුව සුසුම් හෙලන බිරිද කොයි තරම් අසරණද. දෙයියොම බලාගනිත්වා.(නදී)
රණවිරුවනි, අපි ඔබ සමගයි. (නදී)
චිරන් ජයතු.(නදී)
මව්බිමට ජය වේවා !(නදී)
පුලුවන් තරම් චාම්ව කරන එක තමයී හොඳ.(නදී)
අපේ ජනාධිපති සිටිනකල් ඉපිට ඔබලා දෙස බල සතුටු වෙන්න පුළුවන් . (නි)
රට රැකි වීර දූ පුතුන් අපේ හදවත් තුල සැමදා රජ කරාවි. ඔබ සැමට පින්.(නදී)
මේ විරුවන් කල දෙය අද අපේ රටේ ගොඩක් අයට අමතක වෙලා. (නදී)
අනේ මෙහෙමත් නිමල් වගේ කුහකයෝ ... (නි)
අභීත විරුවනි, ඔබලාට මුළු රටම ණය ගැතියි.(නදී)
කෙවින්, තවත් මොනවද දොඩවන්නේ? රට බේරලා දුන්න එකම ඇති නේද? මේ තරම් කැමට කෑදර රටක් ලෝකෙටම නැතුව ඇති. බලන්න මේ විරුවන්ගේ ලස්සන. අපේ රට ගැන අපට නම් හරි ආඩම්බරයක් දැනෙනවා. එංගලන්තේ හිටියත් මේවා දකිනකොට සතුට වැඩි කමට දෑස්වලට කදුළු එනවා.රණ විරු දු පුතුනි ඔබලාට සදා නය ගැතී.(නදී)
අප මුළු ශ්‍රී ලාංකික ජනතාවම සදා ඔබට නය ගැතියි.(නදී)
ඇග හිරිවැටෙනවා, හදවත ආඩම්බරයෙන් උතුරලා යනවා අපි ඔයාලට නය ගැතියි දරුවනේ. දළදා සමිදු පිහිටයි ඔබ සැමට.(නදී)