IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘රුපියල ශක්තිමත්නම් සීමා ඉවත් කරන්න‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා (8) පැවසීය.

රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය. 

 



අදහස් (70)

‘රුපියල ශක්තිමත්නම් සීමා ඉවත් කරන්න‘

Haramanis Wednesday, 08 March 2023 11:59 AM

මාර හදිස්සියක් මෙ තියෙන්නෙ. වාහන ගෙන්විම අවුරුදු 3 කටවත් නැවැත්වියයුතුයි.

:       139       418

senaWednesday, 08 March 2023 12:39 PM

මෙතන හදිස්සියක් පේන්න නැහැ .ආණ්ඩුවට කියන්නේ ජනතාවට බොරු කිරීම නවත්වන්න කියලා

:       292       196

sujeewarWednesday, 08 March 2023 01:15 PM

මේක අනවශ්‍ය හදිස්සියක්... ශක්තිමත් වෙන්න නොදී දුර්වල තත්වයේම පවත්වා ගැනීමේ හදිස්සියක්... ශක්තිමත් වෙන එකත් තව ස්ථාවර වෙන්න කාලයක් ගියදෙන්... තමන්ගේ මඩිය පමණක් තරකර ගන්න දඟලන ආත්මාර්ථකාමීන්ට ඕනෑ හැටියට වැඩකරලා රුපියල ආයේමත් දුර්වල වෙන්න ඉඩ නොතැබිය යුතුයි... රටක් හැටියට තව ටිකක් ඉවසන්න අවශ්‍යමයි...

:       86       215

Aravinda Monarawila Wednesday, 08 March 2023 01:34 PM

සම හරක්ට ඕවා තේරෙන්නේ නැහැ

:       123       64

Bamunuarachchi Wednesday, 08 March 2023 05:56 PM

මේවා තේරෙන එකම හරකා අරවින්ද වගේ කථාව. සමහර කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මොවුන් මොන අමනයින්ද කියලා. පාඩු ලබපු බිස්නස් එකකින් ලාභයක් ලබපු ගමන් ඒක වියදම් කරපන් කියන අය දැක්කාමයි...

:       12       99

Aravinda Monarawila Thursday, 09 March 2023 08:26 AM

බමුණෙක් වගේ මීහරකෙක් ඉන්නවා සිරිකොතේ ගාල්කරලා

:       4       6

Prabha Wednesday, 08 March 2023 03:08 PM

ඉදිකරන්නන්ගේ සංගමය කියන්නේ වාහන ගෙන්වන්නන් නෙවෙයි...!

:       21       92

චන්දිම ෆොන්සේකාWednesday, 08 March 2023 05:39 PM

ඉදිකිරීම් සඳහා අත්‍යාවශ්‍ය දේවල් ටික ආනයනය කරන්න කිව්වාහම කොහෙවත් තියෙන වාහන ගැනයි, වෙනවෙන දේවල් ගැනයි මේ සමහරු වලිගෙ පාගාගෙන කතා කරනවා. යන්නේ කොහේද ඇහුවම මල්ලේ පොල් නෙමෙයි පොල්ලේ මල් කියනවා...!

:       33       33

BamunuarachchiSaturday, 11 March 2023 08:11 AM

අරවින්ද ගොයියා නේද කිව්වේ සමහරක්ට තේරෙන්නේ නැහැ කියලා... ඉන් අදහස් කරන්නේ තේරෙන හරකා තමන් කියලා නේද? සිරිකොතේ ඉන්නේ මී හරක් නම් අරවින්දලා වගේ මිනිස්සු ගොන් බෙටි තමයි.

:       0       2

Jagath Wednesday, 08 March 2023 12:02 PM

ඔන්න අභියෝගයක්,ආනයන සහ අපනයන සීමා ඉවත්කරලා බලමු මොකද වෙන්නේ කියලා ඩොලර් එකට..රනිල් වික්‍රමසිංහ ජනතාවට පෙන්වන විජ්ජාවේ එක හීනයක් බොඳ වෙන අවස්ථාවක් වේවි අනිවාර්යයෙන්ම.

:       258       176

RasikaThursday, 09 March 2023 07:53 AM

ආස ඇති නේද? ආයෙත් හොම්බෙන් ගියාම අරගල කරලා මිනිස්සු පාරට බස්සලා පොරවල් වෙන්න හිතාගෙන ඇති

:       5       12

Rohana Wednesday, 08 March 2023 12:28 PM

ආනයන බිංදුව වුණොත් රුපියල ශක්තිමත් වන හැටි හිතාගන්නත් අමාරුයි....

:       10       122

Chanda Wednesday, 08 March 2023 12:38 PM

ආර්ථිකයක් හසුරවන හැටි තේරෙන්නෙ නැත්නම් මයික් එකක් දැක්ක ගමන් මොනව හරි කියවන්න හිතෙන අය පොඩ්ඩක් කට වහගෙන හිටිය නම් හොඳයි. අපිට වැදගත් දේශපාලකයො නෙමෙයි. රටේ මිනිස්සුන්ට තමන්ගෙ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් ආර්ථිකයක් හදා ගන්න එක. වැටිල වැටිල කිව්වට වැඩක් නෑ ගොඩ එන හැටි දන්නෙ නත්නම්.

:       24       139

vernon Wednesday, 08 March 2023 12:44 PM

ඔය ශක්තිමත් වීම හෝ බාල්දු වීම කියන්නේ පවත්නා තත්ත්වයට සාපේක්ෂ දෙයක්. හරියට හැමදාම වහින කාලෙක වැස්ස නැවතිලා පායන්න ගත්තාම ඒක හොඳයි කියනවා... ඒත් එහෙම කියලා එක පාරම වී වේලන්න ගන්නේ නෑ. එක දිගට පායන කාලෙට හදිසියේම වහින්න ගත්තාම එකපාරටම අහස් දියෙන් වවන්න ගන්නේ නෑ. පොඩ්ඩක් බලන්න. රුපියල ශක්තිමත් වුණා කියලා ආනයන සීමා ඉවත් කළාම ආනයන ආදේශන කර්මාන්තවලට මොකද වෙන්නේ...?

:       8       206

prasanna Wednesday, 08 March 2023 12:47 PM

කුහක කම පැත්තක තියලා මේ ගැන සතුටු වෙන්න

:       43       153

Rata Perata Wednesday, 08 March 2023 12:48 PM

අවාසනාවකට අපේ රටේ බහුතරයකට වැටහෙන්නේ දැන් ඩොලරයකට රුපියල් කීයද කියන එක විතරයි .ඒකට හේතුවන ස්වභාවික සහ මිල පාලනය කිරීමට කරන අනෙකුත් අනර්ථකාරී ක්‍රියාවන් ගැන දැනුමක් ඇත්තෙම නෑ

:       7       120

Prase Wednesday, 08 March 2023 01:17 PM

නියම ගොන් හරකෙක් .ආනයන සීමා ඉහිල් කරපු නිසා රුපියල ටික ටික ශක්තිමත් වෙනවා .පොඩි වෙනසක් උන ගමන් ආනයන සීමා ඉවත් කරන්න කියනවා.මේවගේ හරක් ඔය තනතුරු වල හිටිය නිසි රට බංකොලොත් උනේ.මෙයාව වහාම ගෙදර යවලා දැනුම තියන්න කෙනෙක් පත් කරගන්න

:       34       181

Aravinda Monarawila Wednesday, 08 March 2023 01:36 PM

ඔයාගේ දැනුම නම් මාරයි .රනිල්ට එහා ඔයා අපේ රටේ ජනාධිපති නොවුනේ රටේ වාසනාවට

:       126       58

Prase Wednesday, 08 March 2023 10:11 PM

මගෙ දැනුම ද ඔයාගෙ දැනුම ද මහ ජනතාව ගෙ අදහස් වලින් බලා ගන්න, ඔයගෙ දැනුම හරකෙක්ගෙ වගේ කියල ජනතාව දන්නව

:       1       3

AkilaWednesday, 08 March 2023 02:19 PM

රට ඇතුලේ ඩොලර් ගන්න අය නැති වුණාම ඩොලර් එක බාල්දු වෙනවා.. රනිල් පප්පා දැන් කරන්නේ ඒක...

:       87       53

නිමේෂ් Wednesday, 08 March 2023 01:30 PM

ඩොලර් එක අඩුවෙලා නම් ඒකේ වාසිය මිනිසුන්ට දෙන්න ඕනේ , පෙට්‍රල් ,ඩිසල් , ගෑස් වල ඉඳල හැමදේම 300% කින් වැඩිකරේ රුපිලය බාල්දු උන නිසා , එහෙම කරන්නේ නැත්නම් මේ සැරෙත් කලිසමා කරන්නේ මිනිසුන්ව අන්දන එක

:       210       136

aravinda Monarawila Wednesday, 08 March 2023 01:40 PM

රනිල් සීයා ජනතාවට විහිලු සපයනවා .පුළුවන් තරම් ආනයන සීමා කරලා ආනයන කරන භාණ්ඩ වලට අධික බදුත් ගහලා පරිභෝජනය අවම කරලා ජනතාවට එදා වේල හොයාගන්න බැරි තත්වයක ඇතිකරලා රුපියල ශක්තිමත් උනා කියලා ගොන් ආතල් ගන්න බූරු රජානෝ

:       190       137

fairoosWednesday, 08 March 2023 02:05 PM

අරවින්ද සහතික ඇත්ත... වැඩේ කියන්නේ සමහරක් වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැති එකයි...

:       163       134

Bamunuarachchi Wednesday, 08 March 2023 05:58 PM

මීට වඩා දෙයක් දන්නේ නැහැ වගේ...

:       3       73

Bamunuarachchi Wednesday, 08 March 2023 05:44 PM

රුපියල ශක්තිමත් කියන්නේ රනිල් නොවෙයි, මහබැංකුව. මහබැංකුව කියන නිසා රනිල් කියනවා. රටේ අවුරුදු 74 අර්බුද ගැන කෑගහන්නේ අනුර... ඒක අහලා ජෙප්පන් කෑගහනවා වගේ. කෑගහන එක ජෙප්පෙකුට අවුරුදු 74ක්.. වයස නැහැ.

:       15       83

Aravinda Monarawila Thursday, 09 March 2023 08:28 AM

තවපාරක් මහබැංකුව කඩන්න වගේ හදන්නේ

:       2       4

BamunuarachchiSaturday, 11 March 2023 08:24 AM

මොකක්ද හලෝ මහා බැංකුව කැඩුවා කියන්නේ? මංකොල්ල කෑවා කියන්නේ? ජෙප්පෝ ඔය සටන් පාඨ කියන්නේ ගොබ්බයින්ට. එහෙම දෙයක් වෙලා නැහැ. වෙච්ච සිද්දිය කියවලා හොඳට තේරුම් අරගෙන කතා කරනවා. ඔහේ කවදාකවත් කොන්ත්‍රාත්තුවක් ගන්න bid කරලා තිබෙනවද? ඒ නිසා නොතේරෙන මගුල් කතා නොකර ඉන්න. ඊළඟ වතාවේදීත් කඩන්න පුළුවන්. මම bid කළානම් මමත් ඔය ටික කරනවා.

:       0       1

නිකෙත් Wednesday, 08 March 2023 02:18 PM

රතු අලි සහෝදරයින්ටත් නැති හදිස්සියක්නේ මෙයාට තියෙන්නේ, පොඩ්ඩක් ඉන්නලා, රනිල් බාරගත්තේ සති ගණන් පැට්‍රල් ශෙඩ් ළඟ හිටගෙන හිටපු ජනතාවක්...

:       25       142

රන්ජිත් Wednesday, 08 March 2023 02:21 PM

සමහරු ඡන්ද තියන්න කියනවා, සමහරු සීමා අයින් කරන්න කියනවා, මේවායෙන් පේන්නේ තමන්ගේම රට වට්ටන්න ඇතුළෙන්ම තියෙන හදිස්සියක්... මේවා බලය ගන්න තියෙන සැලසුම්... මේ රටේ මිනිස්සු කරන්නේ බලය ගන්න කරන පොරකෑමක් මිසක් රට හැදීම නෙමෙයි...

:       40       171

Kumara Wednesday, 08 March 2023 02:24 PM

දැන් ජනතාව මෙ පරයන්ගෙ බොරු කපටි කම් වලට අහුන කලෙ ඉවරයි.

:       9       98

සපුමල් Wednesday, 08 March 2023 02:25 PM

මේ රට පහුගිය අවුරුදු තිහකදීම පාලනය කලේ වාමාංශික කියන පක්ෂ, 1993 අන්තිමට ප්‍රේමදාස ජනපති පාලනය කළා. ඇඟලුම් කම්හල් හදල ගමට ආර්ථිකය අරගෙන ගියා. නමුත් රටේ මිනිස්සු දේශපාලන වයිරය නිසා නැවත එජාපයට බලය දුන්නෙ නැහැ, අද රට ලෝකෙ දුප්පත් රටක් වෙලා. ඒ මිනිස්සු හෙටත් ජේවීපී එකට දෙමු කියනවා. නමුත් රනිල්ලා මේ රටේ ආර්ථිකය හදනවා බලාගෙන ඉන්න බැරි කමක් තියෙනවා. දයිවයේ සරදමක් වගේ රට හදන්න ඉල්ලපු රනිල්ට ඉබේම වගේ බලය ආව. රනිල්ට මේ රට හදල ලී ක්වාන් යූ වෙන්න පුළුවන්. හැබැයි ජනතාව එකට ඉඩ දෙන්න ඕනේ.

:       127       155

සත්‍ය ගවේෂී.Wednesday, 08 March 2023 02:59 PM

නිකන් විකාර කියවන්න එපා. අමුතුවෙන් රටක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට තිබුණු රටේ රීරි මාංශය උරා බිව්ව හොරු අල්ලලා හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? හොරුන්ට දඬුවම් හෝ නොකොට, හොරුන් ගත් දේ නැවත නොගෙන ඉන්නේ ඇයි? කෙටියෙන් කියනවා නම්, තිරේ පිටුපස සිට තවම රට පාලනය කරන්නේ පෙරකී කණ්ඩායමයි. රටේ මිනිස්සු දුක් විඳින්නේ දූෂිතයින් රටේ දේ හොරා කෑ නිසයි. ඒ නිසා හොරුන් ආරක්ෂා නොකොට හොරු අල්ලන කණ්ඩායමකට රට බාරදිය යුතුයි. කතා කරන්නේ මේ රටේ හිටපු නැති කෙනෙකු වගෙයිනේ...

:       101       82

සපුමල් Wednesday, 08 March 2023 03:25 PM

ඔයා මම කියූ අදහස හරියට තේරුම් අරගෙන නැහැ... මේ රටේ ජනතාව තමන්ගේ චන්දය පාවිච්චි කරන්නෙ බුද්ධියෙන් නොවෙයි, සමාජවාදයක් කරපින්නාගෙන යන පක්ෂයකට බලය දුන්නොත් ජනතාව හෙටත් පරාදයි, අනික හොරු අල්ලන කතාව නිකං හිතලුවක් විතරයි, හොරකං කරපු සල්ලි අරගෙන මේ රට හදනවා කියන එක අමු විහිළුවක්, ජේවීපී එකේ නායකයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා පෙන්නපු ෆයිල් මිටිය දැක්කාද? කෝ නඩු...! එයාලා කරන්නෙත් බලය ගන්න බොරු රඟපෑමක්...

:       17       85

සත්‍ය ගවේෂී.Wednesday, 08 March 2023 04:24 PM

මා කිව්ව ජේවීපී එකක් නැහැ. මගේ තර්කය වන්නේ, රටේ හොරුන් නොඅල්ලා, හොරා කෑ දේ නොගෙන, හොරුන්ගේ ඡන්දයෙන් බලයට ආ කෙනෙකු ගැන ඔයා තබා ඇති විශ්වාසය ගැනයි. ඡන්ද පදනම් නැති, ජනතාව ප්‍රතික්ෂේප කළ අය රට පාලනය කරන්නේ කෙසේද?

:       64       20

සපුමල් Wednesday, 08 March 2023 03:07 PM

ජේවීපී එකේ ඉතිහාසය පොඩ්ඩක් හදාරන්න, මට ඩිස්ලයික් දාන්න හරිම ලේසියි, හැබැයි තරුණ ජනතාව අද විඳින නිදහස කවදාවත් ජේවීපී රජයක් යටතේ ලැබෙන්නෙ නැහැ.චීනය උතුරු කොරියාව වගේ රටවල ජනතාව මොන තරම් පීඩනයක්ද ජීවත් වෙන්නෙ. ලෝකෙ සමාජවාදය කොයි රටේද ප්‍රශ්න විසඳුවේ

:       28       99

pathiranaWednesday, 08 March 2023 03:18 PM

අනිත් පක්ෂවල වර්තමානය හදාරන්න... රටට කෙළවුණේ මොකද කියන එක තේරෙයි...

:       73       25

seneWednesday, 08 March 2023 03:11 PM

6 වතාවක් අගමැති, 40 වසරක් දේශපාලනයේ. දැන් හීනෙන් නැගිටලාද රටක් ගැන මතක් වෙලා තියෙන්නේ, බොරුවට, රැවටීමට, වෙට්ටු දාන්න නම් කියාපු ලොක්කා.

:       4       7

AnuraWednesday, 08 March 2023 03:43 PM

රනිල්ගේ යහපාලන කලේ තමයි රුපියල වැටෙන්න පටන් ගත්තේ මට මතක හැටියට ඩොලර් එක 130 විතර තිබ්බ එක 200 පනිනකම්ම බාල්දු උනා , ඔය මිනිහට ඒ කලෙත් එකට කරගන්න දෙයක් තිබ්බේ නැහැ , බොරු කිය කියා ඉඳල අන්තිමේදී මහින්දාලට නිකන්ම බලයට එන්න අවස්තවක් සලසල දුන්න

:       18       113

කාංචනා Wednesday, 08 March 2023 04:10 PM

අනුර මහත්තයාට අතීතෙ අමතක වෙලා, යහපාලනය කාලේ ලංකාව ලෝකයේ සංචාරය කරන්න හොඳම රට විදිහට නම් කළා. ඒත් සිරිසේන ජනපති මහින්ද අගමැති විදිහට පත්කළ නිසා මේ රටේ මහජන කැළඹීමක් ඇතිවෙයි කියලා ලෝකෙන් මේ රටට එන්න බයවුණා. ඊටපස්සේ පාස්කු ප්‍රහාරේ සිදුවුණා.

:       71       21

සුමුත්‍රා Thursday, 09 March 2023 06:33 AM

කාංචනා කියන්නෙ මනා කල්පනාකාරීව සිහිබුද්ධියෙන් අදහස් ඉදිරිපත් කරන කෙනෙක් කියන්න පුළුවන් ඇත්තටම ඇයගේ අදහස් ඉතාමත් නිවැරදියි හොදයි

:       18       1

සුරංග Thursday, 09 March 2023 06:27 AM

සපුමල් කියන්නෙ ඉතාමත් සත්‍ය දේවල් වුනත් කිසිම දවසක පාසැලක් අසලින් වත් නොගියා කියා සිතෙන සත්‍යග වේශී සිහි විකල්ලෙන් කියවනවා කියලා හිතෙනවා එහෙම මිනිස්සු කියන්නෙ ජෙප්පො නැත්නම් මාලිමා කාරයො විතරයි මෙතෙක් පාලනය නකලේ කියලා උන්ටත් දීලා බලමුකෝ කියලා ඉතින් එහෙම කියන මෝඩයින්ගෙන් අහන්නෙ උන්ටත් බැරි වුනොත් මොකද කරන්නෙ කියලා මම කියන්න කැමතියි හැමදාම අත්හදා බැලීමට ගියොත් මහත් විනාශයක් වෙන්න පුළුවන්

:       2       29

සත්‍ය ගවේෂී.Thursday, 09 March 2023 11:11 AM

සුරංග පාසල් ගිය හැටි හිතාගන්න පුළුවන්.අඩුම තරමේ කණිෂ්ඨ මට්ටමේ සිංහල දැනීමවත් නැහැ.පාසල ඔහුට පාසැල වෙලා.ඔහු පාසල් ගිය හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.අනිත් වැඩත් එසේම තමයි.ඒ වගේ නූගතුන් හට පුළුවන් වන්නේ,තමන්ගේ මතයට එරෙහි දේට විරුද්ධ දේ දුටුවාම අපහාස කරන එක විතරයි.වෙන පුළුවන් දෙයක් නැහැ.

:       16       3

de silva Wednesday, 08 March 2023 02:28 PM

සුකෝපභෝගී වාහන අවශ්ය නැහැ , නමුත් ආන්ඩුව කියන විදිහට දැන් ඩොලර් තිබෙනව නම් කර්මන්ත වලට අවශ්ය අමු ඩ්‍රව්ය සහ අමතරකොටස් නිතියනුකුල අාකාරයට ගෙන එන්න ඉඩ දෙන්න , රටෙ රැකි රක්ෂා උත්පාදනය වෙනව , දැන් අමුඩ්‍රව්ය සහ අමතර කොටස් එන්නෙ හොර පරෙන් , මිල 3 ගුනයක් පමන වැඩි, රජයට ලබෙන තිරු බඩු ආදායම සාක්කුවෙ දමාගන්නෙ රේගු නිලදරියො.

:       78       23

de silva Wednesday, 08 March 2023 02:30 PM

ජනතවට ප්‍රතිලාභයක් නොමති නම ඩොලර් එක අඩු වුනා කියල පලක් තිබෙනවද?

:       67       23

de silva Wednesday, 08 March 2023 02:35 PM

මෙ මිනිස්සු ඉල්ලන්නෙ සැප වාහන නොවෙ , කර්මන්ත කරගෙන යන්න අවශ්ය අමුඩ්‍රව්‍ය සහ අමතරකොටස්, රටේ කර්මන්ත ක්‍රියත්මක වෙනකොට රැකිය අවස්තා අතිවෙලා අර්තිකය වර්දනය වෙනබව නුගත්තු දන්නෙ නැහැ.

:       47       22

johanWednesday, 08 March 2023 03:21 PM

ඕක නොදන්න කෙනෙක් නැහැ... සිල්වා මහත්තයෝ... අතට හම්බවෙන තුට්ටු දෙකට මෙතන කොටවනවා. මේ අය අර ටකරමට, වැසිකිළි පෝච්චියට, සිල් රෙද්දට කතිරෙ ගහන අය...

:       46       14

නුවන් Wednesday, 08 March 2023 04:13 PM

දේශපාලනය ගැන හොඳ මතකයක් තියෙන කෙනෙකුට මතක ඇති, රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවෙන බව මුලින්ම කිව්වෙ රනිල්, ඒකට අවශ්‍ය විසඳුම් හොයන්න ඕනෑ කියලා රනිල් කිව්වා, හැබැයි සිරිසේන ජනපතිට තිබුණේ වෙන දේශපාලන න්‍යාය පත්‍රයක්, රාජපක්ෂලා එක්ක එකතුවෙලා රට වට්ටන්න, ඒක තමයි රටට මෙහෙම වුනේ... මේ රටේ ජනතාව රනිල්ට පොඩ්ඩක් ඉඩදෙන්න.

:       42       22

සත්‍යපාල Thursday, 09 March 2023 06:44 AM

නුවන් කියන්නෙ චුට්ටක් හරි මොළයක් තියෙන කෙනෙක් කියන්න හැකියි ඇත්තටම සිංහල මිනිස්සු අතපය හකුලාගෙන ඔලුව දණිස්දෙක අස්සේ ගසාගෙන නිදාගන්න කැමති රජයේ සහනාධාරය මත යැපෙන්න බලාසිටින කම්මැලි ජාතියක් වෙලා ඉන්නවා එහෙම වුනේ නිදහස ලැබී අවුරුදු තුන හතරකින් සමාජ වාදීන් කියාගත් මෝඩයෝ කරපු අරගල නිසා කිව්වොත් නිවැරදියි දැනුත් බදුගැනීමට විරුද්ධව උද්ඝෝෂණ කරන කරවන මුග්ධයෝත් තමන්ට බලය ගැනීමට විවිධ අරගල මෙහෙයවන එවුනුත් අනාගතයේ රටේ විනාශයක් කිරීමට දායක වූවන් ලෙස ඉතිහාස ගතවෙනවා සිකුරුයි

:       2       3

නිමේෂ් Thursday, 09 March 2023 07:44 AM

කලිසමා මුල්‍ය අර්බුදයක් තියනව කියල කියනවනම් මතක නැහැ , හැබැයි මට හොඳට මතකයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ මුල්‍ය අර්බුදයක් තිබෙන වෙලාවේ රනිලුයි වජිරයි එකතුවෙලා ප්‍රාදේශීය දේශපාලුවන්ට අලුතින් නිලවාහන ගෙන්වන්න මුදල් අමාත්‍යංශයේ නිලදරින්ට තර්ජනය කරමින් දඟලපු දැඟලිල්ල ."සයින් ඕ රිසයින්" කියල රනිල් තර්ජනය කරපු හැටි ඒ දවස් වල ලොකු මර්තුකාවක් උන

:       1       4

Priyath Wednesday, 08 March 2023 04:23 PM

අපේ රටේ දේශපාලුවන්ගේ ඉතිහාසය ගැන නොදන්නා පිරිසක් මෙහි අදහස් දක්වන බව හොඳින්ම තේරෙනවා. පසුගිය අවුරුදු 20ක පමණ කාලයේ අපේ මිනිසුන් ඡන්දය දුන්නේම සහනාධාර, දේශපාලුවන් දෙන වහල් රැකියා, කොල ඉවර වෙනකල්ම අච්චු ගසා රට තුල බෙදා හරින රු. 5000, 10000, දීමනා වගේ තාවකාලික, බඩගෝස්තරවාදී දේශපාලුවන්ට මිසක්, ස්ථාවර දියුණුව වෙත සෙමින් යන දැක්මක් ඇති නායකයන්ට නොවේ. සිංහල අති බහුතරයක් නිකං ඉඳන් කන්න උපන් කම්මැලි ජාතියක්... මේ පිරිස හිතන්නේම අවුරුදු 20ක් තිස්සේ කෙළවුණු රටක් මාස 6න් ගොඩ ආවා කියලයි. රටින් පිට ඉඳන් අපේ රටගැන බලන කොට හරිම කණගාටුයි.

:       0       147

Anura Wednesday, 08 March 2023 05:00 PM

තවත් 10% ක් මංකොල්ලකන එක ගැන තමයි කතා කරන්නේ...!

:       22       10

dissanayaka Wednesday, 08 March 2023 05:49 PM

ගවයෙක් උමුබෑ කියනවට වඩා කළහැකි දෙයක් නොමැත...

:       5       53

amila Wednesday, 08 March 2023 05:54 PM

මේ ගොල්ලෝ ගහලා තියෙන ගැට ටික ලිහෙන්නේ ඡන්දෙ ඉවර වුණාම තමයි. බලන් ඉන්න වෙනවා...

:       29       17

senakla Wednesday, 08 March 2023 06:41 PM

ඩොලර් එක අඩුකරේ දේශපාලකයින්ට කෝටි ගණන් හොරා කාපු රුපියල් අඩුමුදලට ඩොලර් කරගන්න ඕනෑ නිසා. ඒ ඩොලර් ඔවුන්ගේ පිටරට බැංකුවලට යවාගත්තාට පස්සේ ඩොලර් එක රුපියල් 600ක් විතරවෙයි...

:       66       7

රසිකThursday, 09 March 2023 08:00 AM

අනේ ඇත්තට ඔයාගෙ ඉස්කෝලෙ නමයි, ගුරුවරයා කවුද කියලා කියන්න පුලුවන්ද? මේවගේ අති විශිෂ්ඨ අදහස් ඔලුවට එන්නෙ කොහොමද?

:       1       25

Gagana Wednesday, 08 March 2023 06:44 PM

කොහේවත් යන නකුට්ටන්ට ඔප්පු කරන්න පස්ස පැත්තේ අමාරුවක් නැහැ... මට නම් මගේ දරුවාට අපනයනයට විදේශ මුදල් ගෙවන්න හොඳ අවස්ථාවක් ඇවිත් තියෙනවා..

:       3       55

sunimal Wednesday, 08 March 2023 06:45 PM

රුපියල සැලසුම් සහගතව උස්සලා මේ කරන්නේ රට විරුවන්ට හීන් දාඩිය දම්මවලා ඩොලර් ටික අද්දවන එක... එතකොට ඉබේම ඩොලරය ශක්තිමත් වෙනවා.

:       69       8

NishanWednesday, 08 March 2023 10:08 PM

මහ බැංකුව මේ රුපියල අති විශාල ලෙස ශක්තිමත් වීම වලක්වලා තියෙන්නේ. ඒකයි එදා මහ බැංකුවේ අධිපති කිව්වේ. අනිත් එක කවුද කිව්වේ සල්ලි එවන්න එපා කියලා..? අගරදගුරු නේද? ගොන්නු වගේ ඒව ඇහුව නම් ඉතින් එයාගෙන්ම ඉතුරු ගාන ඉල්ලගන්න එකයි තියෙන්නෙ.

:       2       20

Sisil gunasekara Wednesday, 08 March 2023 08:21 PM

ඔච්චර තියන තදියම මොකක්ද .කරුණාකරලා ජනාධිපතිවරයාට කරගෙන යන විදියට වැඩපිළිවෙළ කරගෙන යන්න දෙන්න .

:       1       0

Aruna Wednesday, 08 March 2023 08:35 PM

මේ මනුස්සයා ඉස්කෝලෙක ගිය කෙනෙක්ද?

:       0       1

Dhammika Wednesday, 08 March 2023 10:57 PM

බොහොමයක් ආර්ථමාර්ථකාමී අදහස් ගැන කණගාටුවෙනවා. අපි මේ දෙස දනාත්මක ආකාරයට බැලිය යුතුයි. මම ගොඩක් කණගාටුවෙනව මේ මිනිස්සුන්ගෙ සිතීමේ රටාව ගැන.

:       0       0

බද්රානි Thursday, 09 March 2023 02:51 AM

කුඩා ළදරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව මම සරලව පැහැදිලි කරන්නම්, දැන් ඔය කියන ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් (ඩොලරයට සාපේක්ෂව) මේ රටට විදේශ විනිමය ගෙනෙන, අපනයන ව්‍යාපාරිකයින්ට, විදේශ ගත ශ්‍රමිකයින්ට, එසේ නොමැතිනම්, ලංකාවේ වෙසෙන පිංගුත්තර පාරිභෝගිකයින්ට ඔය කියන ඩොලරය ශක්තිමත් වීමෙන් යම්කිසි ප්‍රතිලාභයක් අත්වී තිබෙනවාද???දේශප්‍රේමී පල් මෝඩයෝ ඉදිරියෙන් පෙනෙන මිරිගුවට "ජලය" කියා රැවටෙනවා. පෙරේතකමට රැවටිලා මිරිගුව පස්සේ දුවනවා.. අවසානයේ උඹලට ඉතුරු වෙන්නේ හති දැමීම පමණමයි.. ඔහොම වෙලා මදි උඹලට!!

:       20       6

sujeewarThursday, 09 March 2023 01:36 PM

කුඩා ළදරුවෙක්ට තේරුම්ගන්න පුළුවන් සරල දැනුමකින් ජාතික ආර්ථික ක්‍රියාවලියක සම්බන්ධයෙන් වන ගැඹුරු ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. ඒ සඳහා ගැඹුරු න්‍යායන් භාවිතා කළ යුතුයි. ඇත්තටම මෙතැනදි ආනයනය සීමා කිරීමෙන් ඩොලර් ඉල්ලුම අඩුවීම පිටින් පෙනෙන තත්වය වුවත්, මෙහි ක්‍රියාවලිය විය යුත්තේ මෙලෙස ආනයනය සීමා කරමින් රුපියල තවතවත් ශක්තිමත් වීමට ඉඩ හරින අතරතුර.... අපනයන අංශය ශක්තිමත් කිරීම හා හැකි සෑම අංශයකින්ම ස්වයංපෝෂිත වීමට උත්සාහ දැරීමයි. දැන් කවුරුහරි කියයි ඒක කරන්නත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න අවශ්‍යයි කියලා. එහෙම හිතන කෙනෙකුට කියන්න තියෙන්නේ එවැනි අවශ්‍යතාවලදී පුළුවන් තරම් දේශීය ආදේශකවලට යොමුවීමට උත්සාහ දැරීම වැදගත් බවයි. උදාහරණයක් විදිහට සංචාරක ක්ෂේත්‍රය තුළ පහසුකම් සැලසීමේදී උපරිම වශයෙන් දේශීය නිපයුම් භාවිතා කළ යුතුයි. බැරිම තැන්වලදි පමණක් ආනයනය කළයුතුයි. ජාතික ප්‍රතිපත්තිය වියයුත්තේ මෙම ක්‍රියාවලිය පවත්වා ගැනීමයි. හැබැයි තවමත් යානවාහන, වායුසමන, වැනි සුඛෝපභෝගී සිහිනවල ඉඳගෙන මේ ඉලක්ක ලඟා කරගන්න නම් අමාරුයි. ඒ අය ගැන අවධානය යොමු කළොත් අර දුප්පත් ජනතාවට ගොඩයන්න අමාරුයි. ආකල්ප තමයි වැදගත් වෙන්නේ...

:       0       0

Demuni de Silva Thursday, 09 March 2023 04:58 AM

2019 වසරේ වැඩිම ණය ප්‍රමාණයක් ගත් පුද්ගලයා රනිල්ය, එනම් ඩොලර් බිලියන 4ක්. 1970 දී අපේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 0.4ක් වූ අතර දැන් එය 2022 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 47.7 දක්වා වැඩි වී තිබේ.

:       0       2

අබිලින් Thursday, 09 March 2023 05:17 AM

අපි හිතමුකෝ යුවලක් දරුවෙකු ලැබුවා කියලා. ඉතින් මෙම ළදරුවා ඉතාමත් හොදින්ම බලාගන්න ඕන .දරුවෙකුට අවුරුදු එකක් වෙනවිට හෙමින් ඇවිදින්න ගන්නවා එතකොට දැන් ඇවිදින්න පුළුවන් කියලා. දරුවා ගැන සොයාබලන්න එපා කියනවා වගේ දරුවො නැති තොත්ත බබා ලගෙ කතාවක් වගේ තමයි මේ ප්‍රකාශය කියලා කියන්න පුළුවන්

:       2       24

sabba Thursday, 09 March 2023 07:13 AM

කොහෙද යන පිස්සෙක්

:       2       15

Chandana Thursday, 09 March 2023 07:54 AM

රුපියල ශක්තිමත් වීම හොඳයි. ඒ අනුව ආනයන භාණ්ඩ සියල්ලෙ මිල අඩුවිය යුතුයි. එහි වාසිය ජනතවට ලබාදිය යුතුයි.

:       5       11

චන්ද්‍රිකා Thursday, 09 March 2023 08:53 AM

බණ්ඩාරනායක අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු 11 දෙනෙක් උන්හ. සියලු කැබිනට් ඇමැතිවරු නිවාස අඩස්සියේ තැබීමට බලාපොරොත්තු වූ අතර විශේෂයෙන් මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (පාර්ලිමේන්තු හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූයේ ඔහුය) හා විදේශ කටයුතු හා අමාත්‍යාංශ ලේකම් නීල් ක්වින්ටස් ඩයස් සිරභාරයට ගෙන පහළ වැව පාරේ හමුදා මූලස්ථානයේ රඳවා තැබීමට තීරණය විය. ආරක්ෂක අංශය සිංහල බෞද්ධ දේශපාලනිකරණයට ලක්කිරීමේ කටයුතුවලට මුල්වී ක්‍රියාකළ ඔවුන් දෙදෙනා භයානක ඩයස් දෙපල ලෙස සැලකිණි. ෆීලික්ස් ඩයස්, ඇංග්ලිකන් ක්‍රිස්තියානි අයකු වුවද ආරක්ෂක අංශය සිංහල බෞද්ධකරණය කිරීමේ දී ඔහුද මුල් වූයේය.

:       12       3

M.k rukmal Friday, 10 March 2023 10:56 AM

ඩොලර් එක පහල දාන්න හැබැයි විදුලිබිල තේල් මිල දුම්රිය සහ වෙනත් වැඩි වූ භාණ්ඩ සහා සේවා සංශෝධනය විය යුතුය , ලයිට් බිල සහ ඉන්ධන මිල සමග අපනයන ඇගුලුම් , සහ විවිධ ශේස්ත්‍ර්‍රර රට හැරයමින් ඇත ,

:       0       0

Arafath Friday, 10 March 2023 12:12 PM

ඔක්කොම හරි මතක තියාගන්න මෙය ලංකාවයි... ඉස්සෙල්ලාම ජාතියක් ලෙස ඉදිරියට යනවාද නැත්නම් රටක් ලෙස ඉදිරියට යනවාද කියලා... ඉස්සෙල්ලාම තීරණය කරන්න.. මොකද අපිට කෙළවුණු තැන ඉඳලා තමයි හිතන්න ඕනෑ... නැත්තං අපිට අනිවාර්යයෙන් ආයේමත් වැඩේ දෙනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 624 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 305 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 410 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1132 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 665 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4175 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site