(අජන්ත කුමාර අගලකඩ)
උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස නැවත ප්‍රචාරය කිරිමට රූපවාහිනී සංස්ථාව කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම වැඩසටහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ11 ක (රුපියල් 1,115,999 ) පමණ මුදලක් අයකර නැවත ප්‍රචාරය කිරිමට රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.
ඒ සඳහා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා විසින් ඉකුත් 21 වැනිදා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් ද යොමු කරන ලැබූ අතර, එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.
රූපවාහිනියේ ගුවන් කාලය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන්කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුණද, කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකු වෙත එය ප්රචාරක දැන්වීමක් ලෙස යොදා ගැනීම සඳහා අලෙවි කිරිම ගැටලු සහගත බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.
එබැවින් බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා නැවත ප්‍රචාරය කිරිමට ඉඩදිය නොහැකි බවද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රූපවාහිනී සංස්ථාවේ ඉල්ලීම මැකො ඉවත දමයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 12:41 PM
රූපවාහිනි සභාපතිවරයා ඉල්ලා ඇත්තේ නොකළ යුතු ඉල්ලීමක්. ලක්ෂ 11ක් කියන්නේ සුළුපටු දෙයක්ද? මෙතරම් විශාල මුදලක් ගෙවා මේ අවස්ථාවේදී නැවත කෙරෙන මේ විකාශය තනිකරම මැතිවරණ නීතිරීති වලට පටහැනි දෙයක් බව සභාපතිවරයාට පෙනුනේ නැද්ද..? එසේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ බව නොදැන සිටීමට ඔහු තොත්ත බබෙක්ද? ඔහුට ආචාර්ය උපාධියක් තිබිලත්, මැතිවරණය අවස්ථාවේ මෙවැනි දෙයක් ඉල්ලා සිටීම ගැන දැනීමක් තිබුණේ නැද්ද? මේවා ඡන්ද කාලයේ සිදුකළ නොහැකි මෙන්ම නොකල යුතු දේවල් නොවේද? මෙයින් වනුයේ රජය මහජන අප්‍රසාදයට ලක් කිරීමයි. බුද්ධිමත් ඡන්ද පදනම මේ නිසා අඩුවිය හැකි වෙනවා නේද? මඳක් සිතා බලන්න ඇමතිතුමනි, මේ අයුරින් අනෙක් අපේක්ෂකයන් ඉල්ලීමක් කළහොත් ඔබතුමා ඒ ගැන මොනවා නොකියාවිද? මේ පුංචි රටේ එක ඇමැති කෙනෙකුගේ එක ප්රචාරක දැන්වීමකට පමණක් මේ තරම් විශාල මුදලක් ... මේ රටේ දේශපාලනය මේ තරම් රසවත් ව්‍යාපාරයක් වී පවතින අපූරුව අතිශයින්ම පුදුම සහගතයි.
sena Thursday, 23 July 2020 12:46 PM
බන්දුල මහත්තයා ගෑවුණොත් එක්කො විහිළුවක්, නැතිනම් නීතිවිරෝධී වැඩක්..
siri Thursday, 23 July 2020 01:07 PM
බලමුකෝ 2/3 අරගත්තාට පස්සේ ඔය කොමිෂන් වලටයි, කොමසාරිස්ලටයි වෙන දේ...
චමින්දFriday, 24 July 2020 01:56 AM
තුනෙන් දෙකක් ඉල්ලන එක හේතුවක් තමයි මෙම කොමිෂන් අහෝසිකිරීම. මැතිවරණ කොමිසම නොතිබුනානම් කොහොමට හිටීද. මතක ඇතිනේ 2015 ට පෙර කටවුට් බැනර් තිබුන අපූරුව. (අපේ අයට මතක තියෙන්නේ් දින හතක් නිසා අමතක ඇති කියා හිතෙනවා)
Bandara Thursday, 23 July 2020 01:27 PM
ආචාර්යද? දුරාචාර්යද?
විජිත් Thursday, 23 July 2020 02:41 PM
මේවගේ අයට කියන්නේ පිනාචාර්ය කියලා. දේශපාලුවන්ට පිනට දෙන ආචාර්ය උපාධියක් එයාට තියෙනවා.. ඒවගේ හොර ආචාර්ය උපාධියක් මේ ලඟදි මම බොහොම ගරුකරන කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලුවෙකුගේ පුතෙකුටත් දුන්නා. ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණ ආයතනයෙන් පිට කරන වාර්ෂික වාර්තාවල ශ්‍රී ලංකාවේ එක විශ්වවිද්‍යාලයයි සඳහන් වෙන්නේ. එ්ත් 700 වෙනි කොටසට. ඒ අපේ කොළඹ විශ්ව විද්‍යාලයයි. ඔය ඉතිරි එකම එක විශ්ව විද්‍යාලයක්වත් ඒවා වල සඳහන් වෙන්නේ නැහැ. හොර එහෙමත් නැතිනම් පින් ආචාර්ය උපාධි දීලා ඒ නම කැත වුනා.
සමිත සේනක අලුත්ගමගේ.Friday, 24 July 2020 02:57 AM
විජිත්, මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නට හිතුනා. මේ විශ්ව විද්‍යාල වර්ගීකරණය බොහෝ රටවල කෙරෙන්නේ අවිධිමත් විදිහට. පෙර අපේ විශ්ව විද්‍යාල අරගල, ඒවා තුලින් බෝම්බ හමුවීම් ආදිය නිසා මේ තත්වය ඇතිවුණා. ඒත්, අපේ රටේ උපාධිවලට ලොව පුරා තියෙන්නේ පුදුම ඉල්ලුමක්. ඒත් මේ රටේ දුප්පත් සිසු කැල ට ඉංග්‍රීසි දැනුම මදි නිසා ඒ රටවල රැකියාවන්ට යන්නට බැහැ. මෙහේ තියෙන පිටරට විශ්ව විද්‍යාල වල උපාධි සල්ලි බලයට ගත්තත් ජාතික විශ්ව විද්‍යාල වල අය මෙන් වැඩ බැහැ. ප්‍රමිතියෙන් පහත්. එය ප්‍රසිද්ධ රහසක්. ජපුරේ ලේඛකත්ව සන්නිවේදන පාඨමාලාව හදාරන්න විදෙස් වලින් විශාල ඉල්ලුමක් තිබේ. ඒත්, මේ ගැඹුරු කරුණු ඉංග්‍රීසියට පරිවර්තනය හා විදෙස් සිසුන්ට ඒවා ඉගෙනීම දුෂ්කර නිසා එය කිරීමට බැරිව තිබෙනවා. අපේ මනමේ, මුදු පුත්තු නාට්‍ය විදෙස් ආචාර්ය උපාධි සඳහා පිළිගන්නවා. ඔය ප්‍රමිතිය ඒ අයගේ වාසියට හදාගත් එකක්. අපව තෙවැනි ලොව කියා ගසනා හංවඩුව ත් මෙයට බලපානවා.
jayaSaturday, 25 July 2020 01:56 PM
සේනක මහත්තයෝ, ලෝකයේ ජනගහනයෙන් 400න් 1ක් ලංකා පුරවැසියෙක්.. ඔය කියන තරම් විද්වතුන් ලංකාවෙන් බිහිවෙලා නම් අපිට අහන්න ඕනෑ පිටරටක ප්‍රවෘත්තිවලින් හරි අපට අහන්න ලැබෙන්න ඕනෑ. ලොව පිළිගත් පුද්ගලයින් ජනගහනයට සාපේක්ෂව ඉතාමත් සුළු වශයෙන් තමයි අපේ රටෙන් බිහිවෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අඩුපාඩු..
jaya Thursday, 23 July 2020 01:59 PM
ලක්ෂ 11කට පැයක ඇඩ් එකක් දාන්න පුළුවන් නම් මරුනේ...
සිරි Thursday, 23 July 2020 01:59 PM
බන්දුල ගුණවර්ධන නැමැත්තෙක් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි, රූපවාහිනී නාලිකා මගින් පහුගිය දිනවල ප්‍රචාරය කරනවා මැකෝ දැක්කේ නැද්ද?
siriThursday, 23 July 2020 02:08 PM
අලුත්ම එක සිනමා ශාලාවල නිකන් පෙන්නුවා නේද? ඒවා දකින්නත් නැතිව ඇති. ඡන්ද ප්‍රතිඵල හිතාගන්න අමාරු නැහැ.
Buddika Thursday, 23 July 2020 02:16 PM
සභාපතිට මොකක්ද තියෙන අමාරුව මේක කරන්න? මේ මිනිස්සු තනතුරුවල ඉඳන් කරන්නේ දේශපාලනය... ටීවී එකේ ප්රවෘත්ති බලන්න බැහැ. ඒ තරමටම මේ අය කරන්නේ හිරිකිත දේශපාලනයක්...
විජිත් Thursday, 23 July 2020 02:19 PM
රුපියල් ලක්ෂ 11ක් බන්දුල ගුණවර්ධන හොයාගත්තේ කොහොමද මේ ඉක්මනට..? ඔය ලක්ෂ 11 ඡන්දෙට ආයෝජනයක්නේ... ලක්ෂ 11ක් ආයෝජනය කරලා කෝටි කීයක් රටවැසියන්ගේ බදුමුදල් වලින් හොරාකන්නද මෙයාගේ මේ ප්ලෑන් එක..? මේ වගේ අයටද මිනිස්සුනේ, මුලාවෙලා, නුඹලා ඡන්දෙ දෙන්නේ... නුඹලාගේ දරුවන්ගේ ආත්මයන් පාවා දෙන්නේ...?
විපරමා Thursday, 23 July 2020 02:43 PM
ආර්ථික ඔස්තාර් මේ වැඩසටහන ප්‍රචාරය කරන්න හැදුවේ ජනතාව ගසාකාපුවා මිසක් වෙන මොනවද? පුතා පොරක් වෙලා සින්දු කියනවා. දේශපාලුවන් මේ වගේ වැඩසටහන්වලට ගෙන්නුවට කවුද ඕවා බලන්න කැමති...
විජිත් Thursday, 23 July 2020 02:47 PM
ජනමාධ්‍ය කාරයින්ට ලොකු ඉවක් වගේම තොරතුරු ජාලයක් තියෙනවා. සභාපතිට දැන් ඉව වැටුණා මේ අයට කෙලවුනා කියලා. ඉතින් ආණ්ඩුව පෙරළුණාම අනිවාර්යයෙන්ම මේ කේස් ඇදෙනවා. එතකොට ඔය අල්ලස් දූෂණ නඩු අරවා මේවා ඇදිලා. සභාපති කුඩුවට යනවා. එයින් බේරෙන්න උපක්‍රමයක් විදිහට මේ ආරක්ෂක පියවර ගත්තා...
හතේ මහත්තයා Thursday, 23 July 2020 03:16 PM
පිනට තනතුරු ලැබුණාම ඔහොම සපත්තු ලෙවකන සභාපතිවරුන්ගෙන් මීට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. එක රටක්, එක නීතියක්... කුරුණෑගල වෙන රටක්.. වෙන නීතියක්.. තුනෙන් දෙකම දීලා රට බේරාගමු.
Bandar Thursday, 23 July 2020 03:57 PM
‘‘සිහිනයකි රෑ‘‘ වැඩසටහනත් කෑවා.
Prabha Thursday, 23 July 2020 04:03 PM
දැන් ඔය වැඩසටහන දැකලා සිත පැහැදිලා ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නවද?
K Perera Thursday, 23 July 2020 05:33 PM
මෙය තමයි හොඳම උදාහරණය... 19 ව්‍යවස්ථාවේ වටිනාකම... මේක නැතිකරන්නද 2/3 බලය ඉල්ලන්නේ..?
ලුම්බිණි Thursday, 23 July 2020 11:40 PM
ආචාර්ය උපාධිය ලැබුන විදියටම තමයි සභාපතිකම අරගෙන තියෙන්නෙත් කියල මම හිතනවා.
Praba Friday, 24 July 2020 12:27 AM
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ආචාර්ය විජේදාස රාජපක්ෂ සමග පැය ගානක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුව. මුදල් ගත් බවක් සඳහන් කලේ නෑ. මෙහි නීතිමය තත්වය කුමක්ද?
Asanga Friday, 24 July 2020 02:57 AM
නීතිය කාටත් පොදු විය යුතුයි.
jayasekara Friday, 24 July 2020 04:05 AM
මේ පාර ගෙදර තමයි.
Gamage Friday, 24 July 2020 04:12 AM
මැකෝ නම් මරු, ජනපති තනතුරු වලට පත් වෙන්න ඕන අය.
Deepal Nirosh Friday, 24 July 2020 05:56 AM
බොඳ වුණු බන්දුල සිහිනය, මැතිවරණ ප්‍රතිඵලයත් එහෙමම වෙයිද මන්දා?
sharm warn Friday, 24 July 2020 06:38 AM
සිහිනයක් වූ රැය... පව් ඉතින්...