IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රෝම තානාපති කාර්යාලයට ගල් සහ මල්

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවා ගැන නොසතුට පළ කිරීමේ උද්ඝෝෂණයක් ලබන 17 වැනිදා පැවැත්වීමට යයි.

රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් කියනුයේ ඉතාලියේ ශ්‍රී ලාංකික එකමුතුව මේ උද්ඝෝෂණය කරන බවයි.

තානාපති කාර්යාලයෙන් ගිළිහී ගිය ජනතා සේවය හා කාර්යාලයයේ ඇතැයි කියන බෙදීම් නතර කර ගැනීම තම උත්සාහය බව ද ඒ හිමියෝ කියති.

ශ්‍රී ලාංකික එකමුතුවේ සම කැඳවුම්කරු නිෂාන්ත කරුණාරත්න මහතා කියනුයේ ශ්‍රී ලාංකිකයනට උපරිම සේවයක් ලැබුණු ඉරිදා සේවය දැන් නැති බවයි.

සයිප්‍රසය, ග්‍රීසිය හා මෝල්ටාව වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අසරණ වී ඇති බවත්, කොටි ක්‍රියාකාරකම් දැන් වැඩි වී ඇති බවත් ඒවා නතර කිරීමට තානාපති කාර්යාලයෙන් සේවයක් නොවන බවත් ඔහු කියයි.

රෝමයේ  පදිංචි වී සිටින ලෝරන්ස් කුරේරා මහතා කියනුයේ මේ උද්ඝෝෂණය රජය  හෝ ජනපති අපහසුවට පත් කරන දෙයක් නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාලියේ ජාතික සංවිධායක ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා මෙසේ කියයි. ‘තානාපති අසිත පෙරේරා මහතාට එරෙහිව වෛරයක් ඇති පිරිසකුත් ඉන්නවා. ඔවුන් තානාපතිවරයාට විරුද්ධව ක්‍රියා කරන බව පේනවා. ‘

ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුවේ කැදවුම්කරු සුදත් අධිකාරී මහතා කියනුයේ තානාපති කාර්යාලයට පසුගිය කාලයේ දේශපාලනය ඇතුළු කළත් වත්මන් තානාපති, තානාපති ගරුත්වය රැකගෙන කටයුතු කරන බවයි.

පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට බැරි වු පිරිස් ඉතාලියට අහිංසක මිනිසුන් ගෙන්වා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 15ක් ගෙන අතරමං කළ පිරිස් අද එළියට බැස සිටිතියි ද ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් තානාපතිවරයා හෝ එහි වගකිවයුතු නිලධරයකු හෝ සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහය  අසාර්ථක විය.



අදහස් (0)

රෝම තානාපති කාර්යාලයට ගල් සහ මල්

කොස්වත්ත Tuesday, 12 February 2013 02:16 PM

ධර්මපාල මහත්තයාගේ අඩුව දැනුයි තේරෙන්නේ. (නි)

:       0       0

විශ්ව Monday, 11 February 2013 08:21 PM

තානාපති තුමාට විරුද්දව තරන වැඩ නිසා අපහසුතාවයට පත්වන්නේ ශ්‍රී ලංකා රජය බව මේ අයට පහදාදෙන්න. තානාපති සේවයේ අඩුවත් තියෙනවානම් දෙරටේ නායකයින් විසදුම් දෙන්න ඕනා. පාරට බහින එක වැරදි වැඩක්.(නදී)

:       0       0

පිටිගල Monday, 11 February 2013 08:27 PM

අන්තෝ ජටා! බහී ජටා!(නදී)

:       0       0

චන්ද්‍රකුමාර Monday, 11 February 2013 08:46 PM

සාධාරණත්වයෙන් සහ සහජීවනයෙන් රෝමයේ ජීවත්වන ජනතාව උද්ඝෝෂතයින්ගේ සහ එයට මූලිකත්වයදෙන අයගේ පැටිකිරිය හොදට දන්නේ නැහැ.(නදී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 08:54 PM

හොද සේවයක් ලැබෙනවා නම් මිනිස්සු උද්ඝෝෂනය කරනවද? තානාපති සේවය දේශපාලනීකරණය කරපු එකේ විපාකද මේ? (නදී)

:       0       0

නිමල් Tuesday, 12 February 2013 03:06 PM

මම කියනවා ගල් අඩු කර ගන්න කියලා (දී)

:       0       0

අසංක Tuesday, 12 February 2013 03:08 PM

මල් වැඩි කර ගන්න (දී)

:       0       0

ප්‍රේමලාල් Friday, 15 February 2013 03:34 AM

මේ සම්බන්ධව ලංකාවේ සියළුම වග කිව යුත්තන් මේ වන විට දැනුවත් කර ඇති පැහැදිලිව කිව යුතුයි..(ස)

:       0       0

කුමාර Tuesday, 12 February 2013 03:20 PM

ගල් නැතිව මල් විතරක් කර ගත්තානම් තමයි හොද (දී)

:       0       0

ජෝයි ඩයස් නාපොලිය Monday, 11 February 2013 09:23 PM

තානාපති කර්‍ය්ලයේ ප්‍රශ්න තිබෙන බව ඈත්ත. නමුත් උඩ බලාගෙන අපේ මූනට කෙලගසා ගෑනීමක් වෙනවා මේ වෑඩෙන්, ලගදීම ජිනීවා වල අපේ රට ගෑන කතා කරන්න ඉන්න වෙලාවක මෙවෑනි වෑඩක් කිරීමෙන් අඩන්න ඉන්න මිනිහගේ ඈසට ඈගිල්ලෙන් ඈන්නා වෙනවා. මේ වෑඩේ මුලු යුරෝපයේම මාධ්‍යවල ලොකුවට යාවි විකුර්තිකරලා. ඩයස්පොරාවට ඔවුන්ගේ පටු අරමුණු ඉටුකරගන්න අවස්තාවන් උදාකරන්න එපා. එදා ඉදලා රටේ ඒකිය භාවය වෙනුවෙන් කටයුතු කල ශ්‍රී ලාංකිකයෙනි ඔබලාට ඔයිට වෑඩිය විකල්පයක් නෑද්ද? ජනාධිපති තුමාට මුලු ඉතාලියේම ශ්‍රී ලාංකිකයන්ගේ අත්සන් ඈතිව ලියවිල්ලක් ඉදිරිපත් කලොත් නරකද? අපේ ගෙදර දේවල් එලියට බෑහෑලා ලෝකයාට කියලා වෑඩක්නෑ. මොකද ඉතාලි රජයෙන් ඈවිත් අපේ තානාපති කාර්‍යාලයෙ ප්‍රස්ණ විසදනවාද? තානාපති තුමාට පහල නිළධාරින් එතුමාට වඩා ඉහල යන්න හදනවා එතනයි ප්‍රස්ණයක් ඈතිවීමට හේතුව. තානාපති කර්යාලයේ ප්‍රස්ණය මුල්කරගෙන බොර දියේ මාලු බන්න පිරිසක් ඉන්නවා . බුද්ධිමත්වන්න මර්තු මස ජීනීවා ප්‍රස්නෙට පෝර දාන්න එපා. තමන් උපන් රටට ආදරය කරන්න.(නදී)

:       0       0

අජිත් Tuesday, 12 February 2013 09:22 AM

තානාපතිතුමා කාගෙවත් පදයට නටන්නේ නැහැ, ඒක තමයි ප්‍රශ්ණය. (නි)

:       0       0

හිල්මි Monday, 11 February 2013 09:32 PM

බර්ලින් එම්බසිය ගැන නම් අපිට කොහෙත්ම සතුටු වෙන්න බැහැ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 03:37 PM

ඒ කියන්නේ හොද හා නරක (දී)

:       0       0

මානෙල් Monday, 11 February 2013 09:52 PM

මේවා පිස්සු වැඩ. තානාපති තුමා හුගක් හොදයි. නිලධාරී ටික මාරු කලානම් හොදයි. අවස්ථාවාදීන්ට අහුවෙන්න එපා. මේ සේරම රෝමේ පන්සලේ නිදහස් උත්සවය ලස්සනට කල නිසා නේද ධම්මාරාම හාමුදුරුවනේ.(නදී)

:       0       0

ලියනගේ Monday, 11 February 2013 10:03 PM

පසුගිය කාලයේ මිනිසුන් පිල් බෙදන්න මුල් වුනේ තානාපති කාර්යාලය. එක කොටසක් තානාපතිතුමාගේ හිතවතුන් වුනා. ඒ අය කාර්යාලය තමන්ගේ ගෙදර වගේ කියලා හිතාගෙන හිටියා. අනිත් අය ඒකට ඉරිසියා කලා. මේ තානාපතිතුමා තමුන්ගේ නිලයේ ගෞරවය රැකගනිමින් යන ගමන නිවරදියි.(නදී)

:       0       0

ඉන්දික Monday, 11 February 2013 10:05 PM

අන්න ඒවා තමයි කරන්න ඕනේ. තානාපති කාර්යාලයේ ගසා කෑම තමයි ඔක්කෝටම මුල. හොද වැඩක්.(නදී)

:       0       0

අජිත් Monday, 11 February 2013 10:33 PM

මේ දේවල් මෙහෙමෙ දාන එකට ලංකාදීපයට ස්තුති (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 12 February 2013 11:04 AM

වැඩ කරන කොට ඔහොමතමයි (දී)

:       0       0

ගංගා Tuesday, 12 February 2013 10:37 PM

එව! බලව! (නි)

:       0       0

කුමාර Tuesday, 12 February 2013 04:43 PM

ඔහොම තමයි (දී)

:       0       0

ලලිත් Monday, 11 February 2013 11:32 PM

කොට්ට මාරුකරනවා වගේ තානාපතිතුමන්ලා මාරුකරන්න බැහැ කියලා කියලා තියෙද්දී අපි කාටද පෙත්සම භාරදෙන්නේ? (නි)

:       0       0

අරුන Tuesday, 12 February 2013 11:47 AM

ඔය ලක්ෂ 15 කථාව කවුරුවත් කියන්නේ නැහැ නේද? අසරණ මිනිස්සුන්ව ගෙනැල්ලා අතරමං කරන අය තමයි ඉන්නේ ගොඩක්. කැත වැඩ මේවා (ස)

:       0       0

නිසංසලා Tuesday, 12 February 2013 12:24 AM

තානාපති කාර්යලයක් යනු විදේශ වල ජීවත් වන අප සියලු දෙනාම එම රටෙහිදී නියෝජනය කරන, නියෝජනය කළ යුතු තැනයි. අදාල රටෙහිදී නියමිත සේවය ලබා නොදෙමින් යම් තානාපතිවරයකු කටයුතු කරත් නම් ඒ පිලිබඳ සොයාබලා කටයුතු කිරීම ලංකාවෙහි ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙහි හා විදේශ අමාත්‍යංශයෙහි වගකීමයි. (නි)

:       0       0

අසන්ක Tuesday, 12 February 2013 12:27 AM

තානාපතිතුමාව වහාම ලංකාවට ගෙනෙන්න. (නි)

:       0       0

විලී Tuesday, 12 February 2013 12:29 AM

ඉතාලියේ ජනතාවට මේ අවස්ථාවේදී කළ සැළකීම නම් අපිට සතුටු විය හැකි තත්ත්වයක නැහැ. (නි)

:       0       0

කුමාර Tuesday, 12 February 2013 05:22 PM

ගල් ලැබෙන්නේ වැරදි කරනකොට (දී)

:       0       0

ජනක Tuesday, 12 February 2013 12:41 AM

මටනම් කියන්න මොකුත් නැහැ මේ ගැන (දී)

:       0       0

ලාල් Tuesday, 12 February 2013 01:12 AM

මෙතන ජේ.වී.පී කාරයෙක් ඇති.(නදී)

:       0       0

සනත් Tuesday, 12 February 2013 01:24 AM

මල් ටිකයි, ගල් ගොඩායි (දී)

:       0       0

ජයලත් Tuesday, 12 February 2013 12:28 PM

අපි කාටත් ජිවිතයේ අත් විදින්න ලැබෙන දේ (දී)

:       0       0

ගුරුගේ Tuesday, 12 February 2013 12:31 PM

කොහෙටත් ඕකම තමයි (දී)

:       0       0

සනත් Tuesday, 12 February 2013 01:38 AM

නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය. වැටත් නියරත් ගොයම් කා නම් කට කියන්නද මේ දුක? (නි)

:       0       0

නිමල් Tuesday, 12 February 2013 01:42 AM

කලකට පසුව අපිට ලැබුණු හොද තානාපති කෙනෙක්. (නි)

:       0       0

සරා Tuesday, 12 February 2013 02:12 AM

මල් කියුවට මිනිස්සුන්ගේ එච්චර කැමත්තක් නැහැ නේද (දී)

:       0       0

ගුරා Tuesday, 12 February 2013 06:34 PM

100% ජනතා සේවය කලොත් මල්ම තමයි (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 12 February 2013 02:15 AM

ඉරිදා දිනේ තානාපති කාර්යාලය වහපු එක හරි අසාදාරනයි. මුලින්ම ප්‍රශ්නය පටන් ගත්තේ එතනින්.(නදී)

:       0       0

ජයන්ත Tuesday, 12 February 2013 02:27 AM

තානාපතිතුමා ගොඩක් හොදයි. මේක නින්දිතයින්ගේ පහත් වැඩක්. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 12 February 2013 01:18 PM

ඔන්න මගෙනුත් මලක් (දී)

:       0       0

තරංග Tuesday, 12 February 2013 03:02 AM

ඉතාලිය දැන් හොර ජාවාරම්කරුවන්ගෙන් පිරිලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 43 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 353 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 209 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 499 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 374 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1127 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site