රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවා ගැන නොසතුට පළ කිරීමේ උද්ඝෝෂණයක් ලබන 17 වැනිදා පැවැත්වීමට යයි.
රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් කියනුයේ ඉතාලියේ ශ්‍රී ලාංකික එකමුතුව මේ උද්ඝෝෂණය කරන බවයි.
තානාපති කාර්යාලයෙන් ගිළිහී ගිය ජනතා සේවය හා කාර්යාලයයේ ඇතැයි කියන බෙදීම් නතර කර ගැනීම තම උත්සාහය බව ද ඒ හිමියෝ කියති.
ශ්‍රී ලාංකික එකමුතුවේ සම කැඳවුම්කරු නිෂාන්ත කරුණාරත්න මහතා කියනුයේ ශ්‍රී ලාංකිකයනට උපරිම සේවයක් ලැබුණු ඉරිදා සේවය දැන් නැති බවයි.
සයිප්‍රසය, ග්‍රීසිය හා මෝල්ටාව වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අසරණ වී ඇති බවත්, කොටි ක්‍රියාකාරකම් දැන් වැඩි වී ඇති බවත් ඒවා නතර කිරීමට තානාපති කාර්යාලයෙන් සේවයක් නොවන බවත් ඔහු කියයි.
රෝමයේ පදිංචි වී සිටින ලෝරන්ස් කුරේරා මහතා කියනුයේ මේ උද්ඝෝෂණය රජය හෝ ජනපති අපහසුවට පත් කරන දෙයක් නොවන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාලියේ ජාතික සංවිධායක ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා මෙසේ කියයි. ‘තානාපති අසිත පෙරේරා මහතාට එරෙහිව වෛරයක් ඇති පිරිසකුත් ඉන්නවා. ඔවුන් තානාපතිවරයාට විරුද්ධව ක්‍රියා කරන බව පේනවා. ‘
ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුවේ කැදවුම්කරු සුදත් අධිකාරී මහතා කියනුයේ තානාපති කාර්යාලයට පසුගිය කාලයේ දේශපාලනය ඇතුළු කළත් වත්මන් තානාපති, තානාපති ගරුත්වය රැකගෙන කටයුතු කරන බවයි.
පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට බැරි වු පිරිස් ඉතාලියට අහිංසක මිනිසුන් ගෙන්වා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 15ක් ගෙන අතරමං කළ පිරිස් අද එළියට බැස සිටිතියි ද ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් තානාපතිවරයා හෝ එහි වගකිවයුතු නිලධරයකු හෝ සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මපාල මහත්තයාගේ අඩුව දැනුයි තේරෙන්නේ. (නි)
ඉරිදා දිනේ තානාපති කාර්යාලය වහපු එක හරි අසාදාරනයි. මුලින්ම ප්‍රශ්නය පටන් ගත්තේ එතනින්.(නදී)
තානාපතිතුමා ගොඩක් හොදයි. මේක නින්දිතයින්ගේ පහත් වැඩක්. (නි)
ඉතාලිය දැන් හොර ජාවාරම්කරුවන්ගෙන් පිරිලා. (නි)
තානාපතිතුමා කාගෙවත් පදයට නටන්නේ නැහැ, ඒක තමයි ප්‍රශ්ණය. (නි)
වැඩ කරන කොට ඔහොමතමයි (දී)
ඔය ලක්ෂ 15 කථාව කවුරුවත් කියන්නේ නැහැ නේද? අසරණ මිනිස්සුන්ව ගෙනැල්ලා අතරමං කරන අය තමයි ඉන්නේ ගොඩක්. කැත වැඩ මේවා (ස)
අපි කාටත් ජිවිතයේ අත් විදින්න ලැබෙන දේ (දී)
කොහෙටත් ඕකම තමයි (දී)
ඔන්න මගෙනුත් මලක් (දී)
මල් කියුවට මිනිස්සුන්ගේ එච්චර කැමත්තක් නැහැ නේද (දී)
මම කියනවා ගල් අඩු කර ගන්න කියලා (දී)
මල් වැඩි කර ගන්න (දී)
ගල් නැතිව මල් විතරක් කර ගත්තානම් තමයි හොද (දී)
ඒ කියන්නේ හොද හා නරක (දී)
ඔහොම තමයි (දී)
ගල් ලැබෙන්නේ වැරදි කරනකොට (දී)
100% ජනතා සේවය කලොත් මල්ම තමයි (දී)
එව! බලව! (නි)
මේ සම්බන්ධව ලංකාවේ සියළුම වග කිව යුත්තන් මේ වන විට දැනුවත් කර ඇති පැහැදිලිව කිව යුතුයි..(ස)
කොට්ට මාරුකරනවා වගේ තානාපතිතුමන්ලා මාරුකරන්න බැහැ කියලා කියලා තියෙද්දී අපි කාටද පෙත්සම භාරදෙන්නේ? (නි)
අන්තෝ ජටා! බහී ජටා!(නදී)
සාධාරණත්වයෙන් සහ සහජීවනයෙන් රෝමයේ ජීවත්වන ජනතාව උද්ඝෝෂතයින්ගේ සහ එයට මූලිකත්වයදෙන අයගේ පැටිකිරිය හොදට දන්නේ නැහැ.(නදී)
හොද සේවයක් ලැබෙනවා නම් මිනිස්සු උද්ඝෝෂනය කරනවද? තානාපති සේවය දේශපාලනීකරණය කරපු එකේ විපාකද මේ? (නදී)
තානාපති කර්‍ය්ලයේ ප්‍රශ්න තිබෙන බව ඈත්ත. නමුත් උඩ බලාගෙන අපේ මූනට කෙලගසා ගෑනීමක් වෙනවා මේ වෑඩෙන්, ලගදීම ජිනීවා වල අපේ රට ගෑන කතා කරන්න ඉන්න වෙලාවක මෙවෑනි වෑඩක් කිරීමෙන් අඩන්න ඉන්න මිනිහගේ ඈසට ඈගිල්ලෙන් ඈන්නා වෙනවා. මේ වෑඩේ මුලු යුරෝපයේම මාධ්‍යවල ලොකුවට යාවි විකුර්තිකරලා. ඩයස්පොරාවට ඔවුන්ගේ පටු අරමුණු ඉටුකරගන්න අවස්තාවන් උදාකරන්න එපා. එදා ඉදලා රටේ ඒකිය භාවය වෙනුවෙන් කටයුතු කල ශ්‍රී ලාංකිකයෙනි ඔබලාට ඔයිට වෑඩිය විකල්පයක් නෑද්ද? ජනාධිපති තුමාට මුලු ඉතාලියේම ශ්‍රී ලාංකිකයන්ගේ අත්සන් ඈතිව ලියවිල්ලක් ඉදිරිපත් කලොත් නරකද? අපේ ගෙදර දේවල් එලියට බෑහෑලා ලෝකයාට කියලා වෑඩක්නෑ. මොකද ඉතාලි රජයෙන් ඈවිත් අපේ තානාපති කාර්‍යාලයෙ ප්‍රස්ණ විසදනවාද? තානාපති තුමාට පහල නිළධාරින් එතුමාට වඩා ඉහල යන්න හදනවා එතනයි ප්‍රස්ණයක් ඈතිවීමට හේතුව. තානාපති කර්යාලයේ ප්‍රස්ණය මුල්කරගෙන බොර දියේ මාලු බන්න පිරිසක් ඉන්නවා . බුද්ධිමත්වන්න මර්තු මස ජීනීවා ප්‍රස්නෙට පෝර දාන්න එපා. තමන් උපන් රටට ආදරය කරන්න.(නදී)
බර්ලින් එම්බසිය ගැන නම් අපිට කොහෙත්ම සතුටු වෙන්න බැහැ. (නි)
මේවා පිස්සු වැඩ. තානාපති තුමා හුගක් හොදයි. නිලධාරී ටික මාරු කලානම් හොදයි. අවස්ථාවාදීන්ට අහුවෙන්න එපා. මේ සේරම රෝමේ පන්සලේ නිදහස් උත්සවය ලස්සනට කල නිසා නේද ධම්මාරාම හාමුදුරුවනේ.(නදී)
පසුගිය කාලයේ මිනිසුන් පිල් බෙදන්න මුල් වුනේ තානාපති කාර්යාලය. එක කොටසක් තානාපතිතුමාගේ හිතවතුන් වුනා. ඒ අය කාර්යාලය තමන්ගේ ගෙදර වගේ කියලා හිතාගෙන හිටියා. අනිත් අය ඒකට ඉරිසියා කලා. මේ තානාපතිතුමා තමුන්ගේ නිලයේ ගෞරවය රැකගනිමින් යන ගමන නිවරදියි.(නදී)
අන්න ඒවා තමයි කරන්න ඕනේ. තානාපති කාර්යාලයේ ගසා කෑම තමයි ඔක්කෝටම මුල. හොද වැඩක්.(නදී)
මේ දේවල් මෙහෙමෙ දාන එකට ලංකාදීපයට ස්තුති (දී)
තානාපති තුමාට විරුද්දව තරන වැඩ නිසා අපහසුතාවයට පත්වන්නේ ශ්‍රී ලංකා රජය බව මේ අයට පහදාදෙන්න. තානාපති සේවයේ අඩුවත් තියෙනවානම් දෙරටේ නායකයින් විසදුම් දෙන්න ඕනා. පාරට බහින එක වැරදි වැඩක්.(නදී)
තානාපති කාර්යලයක් යනු විදේශ වල ජීවත් වන අප සියලු දෙනාම එම රටෙහිදී නියෝජනය කරන, නියෝජනය කළ යුතු තැනයි. අදාල රටෙහිදී නියමිත සේවය ලබා නොදෙමින් යම් තානාපතිවරයකු කටයුතු කරත් නම් ඒ පිලිබඳ සොයාබලා කටයුතු කිරීම ලංකාවෙහි ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙහි හා විදේශ අමාත්‍යංශයෙහි වගකීමයි. (නි)
තානාපතිතුමාව වහාම ලංකාවට ගෙනෙන්න. (නි)
ඉතාලියේ ජනතාවට මේ අවස්ථාවේදී කළ සැළකීම නම් අපිට සතුටු විය හැකි තත්ත්වයක නැහැ. (නි)
මටනම් කියන්න මොකුත් නැහැ මේ ගැන (දී)
මෙතන ජේ.වී.පී කාරයෙක් ඇති.(නදී)
මල් ටිකයි, ගල් ගොඩායි (දී)
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය. වැටත් නියරත් ගොයම් කා නම් කට කියන්නද මේ දුක? (නි)
කලකට පසුව අපිට ලැබුණු හොද තානාපති කෙනෙක්. (නි)