IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රිලවුන්ට එරෙහිව තවත් අධිචෝදනාවක් බාරදෙයි

(අංජුල මහික වීරරත්න)

රිලවුන් කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කළහ.
කෘෂිකර්ම අමාත්‍යවරයා ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ඔවුහු මෙම පැමිණිල්ල කළහ.
තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා තෙලිදිය ලබා ගන්නා  විට රිලවුන්  මොහොතකින් ඒවා විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල්මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත් , රිලවුන් දහස් ගණනක කණ්ඩායම්  ප්‍රදේශවල සැරසරමින් මෙම විනාශය කරන බවත් එම කර්මාන්තකරුවෝ පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කීවෙි චීනයේ පුද්ගලික සමාගමක්  ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් දෙන ලෙස කළ ඉල්ලීමට ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩ පිළිවෙළ නැවතී ඇතත් පවතින නෛතික කටයුතු විසදා ගැනීමෙන් අනතුරුව එම වැඩ පිළිවෙළ යළි අරඹන බවයි.

 



අදහස් (15)

රිලවුන්ට එරෙහිව තවත් අධිචෝදනාවක් බාරදෙයි

පියවන්ත Sunday, 14 May 2023 12:27 PM

මොකද්දෝ සමානකමක් පෙනුණා මෙයාගෙයි එම ඇමැතිතුමාගෙයි මුහුණු දෙකේ... පුදුමයි...

:       63       20

ගමේ එකාලා Sunday, 14 May 2023 12:44 PM

රිලවුන්ගෙන් විතරක් නෙවෙයි කාලකන්නි දූෂිත දේශපාලුවන්ගෙන් මුලුමහත් ජනතාවටම..., රටට කොයිතරම් හානියක් වුණා කියලාද?

:       19       55

පැරකුම් Sunday, 14 May 2023 01:02 PM

ජනතාවගේ ප්‍රායෝගික ප්‍රශ්නයට වගකිව යුතු ඇමැතිවරයෙක් දෙන බොළඳ පිළිතුර බලන්න... ගැටළුවේ මුල සොයා පිළියම් නොකර පැලැස්තර දැමීම අද රටේ බලධාරීන් ප්‍රශ්න මගහැරීමට ගනු ලබන පහසු ක්‍රියාමාර්ගයකි. මෙවන් පසුබිමක ජනතාවට අරගල හැර අන් කවර පිහිටක්ද?

:       62       25

sena Sunday, 14 May 2023 01:07 PM

මෙයාලා මේ පරිසර සංවිධාන වලට ගහනවා රිළවෙක් අල්ලගෙන... මොකද පරිසර සංවිධානවල එරෙහි ජනමතයක් හදාගත්තු ගමන් හොරෙන් වැලි කපන්න, කඩොලාන විනාශ කරන්න ආදී නොයෙකුත් ජාවාරම් කරන්න පුළුවන්. එහෙම නැතිව මෙයාලාට රිළා ප්‍රශෟනය විසඳන්න වුවමනාව නැහැ...

:       45       24

පූ. මල්ලිකාරච්චි Sunday, 14 May 2023 01:32 PM

සෑම වසරකම සතුන්ගෙන් මනුෂ්‍ය ආහාර අස්වනු විනාශ වීමෙන් කෝටි ගණනක හානියක් ගොවීන්ට සිදුවීම නොපමාව නතර කළ යුතුයි. නැත්නම් ගොවීන් ආර්ථිකව අසරණ වී අලුතෙන් ගොවීතැන් පටන් ගැනීමට මැලිවනු ඇත. එවිට ආහාරමිල අහස උසට නැග මන්ද පෝෂණය ඇති වී දේශය සාගතයකට වැටෙනු ඇත. එය වැළැක්වීමට, වේගයෙන් බෝවන රිළවුන් අවමකළ යුතුමයි. ඊට සුදුසුම විසඳුම රිළවුන් රට පැටවීමයි. එසේ නොකරන්නේ නම් ගොවීන්ගේ හානිවලට රජය වන්දි ගෙවිය යුතුමයි....

:       13       64

විජේ Sunday, 14 May 2023 02:29 PM

ගොනා හැරෙන්නෙම පොල් පැල දිහාවට...

:       35       19

Samitha S. Aluthgamage Sunday, 14 May 2023 03:27 PM

මේ රටට ගොවීන්ට කරන තරමක් වින කරේ රිළවුන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලක රිලා හැතිකරයයි. ඉස්සෙල්ලාම චීනාට දෙන්න ඕනේ... මෙන්න මේ දේශපාළු රිලා හැතිකරයයි. ඒත් චීනාට කන්න මොළයක් නම් නැහැ. මොළේ තියෙන්නේ ගොම. රටක කෘෂිකර්ම ඇමැති වෙන්න ඕනේ සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, පරිසර සමතුලිතතාව, කෘෂිකර්මය ආදී දේ ගැන අවබෝධයක් ඇති අය. රිලා ගහණය වැඩිනම් එය පාලනය කිරීමේ දැනුම හා හැකියාව ඇමතියාට තිබිය යුතුයි. කොහෙවත් ඉන්න චීනෙක්ව මෙයට අදාල කරගත යුතු නැහැ. එදා පඹයින් පුච්චපු ගොවි ජනතාවට මේ දේ වැටහෙන්නේ නැහැ. රටේ රිලා ගහණය අඩු කරනවට කිසිවෙකු විරුද්ධ නැහැ. චීනයට නොයවා ඒ දේ කරන්න අදාළ දේශපාලකයින් හට අදාළ දැනුම හා හැකියාව නැහැ. චීන හා රිලා ප්‍රශ්නයක් මවාගෙන දේශපාලකයින් රටේ ප්‍රශ්න අමතක කරන්න වෙර දරනවා. ඒක තමයි ඇත්ත...

:       49       23

පැරකුම්Sunday, 14 May 2023 05:24 PM

සමිත මම ව්‍යංගයෙන් කී දේ ඔබ කෙළින්ම කියලා තියනවා. ස්තුතියි...!

:       34       12

Samitha S. Aluthgamage Monday, 15 May 2023 07:28 AM

ස්තූතියි පැරකුම්...!

:       0       0

පිටරැටියා Sunday, 14 May 2023 06:08 PM

ලංකාවේ මොලේ උඩ ඉන්න දේශපාලුවන්ට, ඔය දේවල් තේරුම් ගන්න බැහැ.

:       25       11

ase Sunday, 14 May 2023 04:12 PM

හැමදාම ප්‍රශ්න අනුන් පිට නොදමා ගොවියන්ට රිලවුන් මරා දමන්නට ගිනිඅවි දෙන්න, ඒක ඔලුව පළුදු කර මොලේ කනවාට වඩා වේදනා අඩුයි. සමහර රටවල උපත් පාලන ක්‍රමවේදයකට යාම නේද නිවැරැදි...

:       4       9

බැසිල්‍රාජ Sunday, 14 May 2023 04:16 PM

පැමිණිලි කරපන් දේශපාලන රිලවුන්ට එරෙහිව. 1 225… ප්‍රමාණයක් රිලව් ඉන්නවා. ඒ රිලව් පඩි ගන්නේ අපේ බදු සල්ලිවලින්. සේවය බිංදුවයි එයාලාගේ...

:       26       17

Sampath Sunday, 14 May 2023 10:35 PM

කිතුල් නිශ්පාදනයට රිලවුන්ගෙන් එතරම් හානියක් වෙන්නෙ නෑ. ඩීල් දාල ඒ්ක ආරක්ශා කරන්න පුලුවන් නැත්තම් මිරිස් අබරල තියලත් පුලුවන් මෙ රට ආරක්ශා කරගන්න ඔනෙ කකුල් ‌දෙකෙ නැට්ට නැති රිලවුන්ගෙන් එ රිලා පලුව කවදාවත් පිය‌ෙවන්න බැරි වේ.

:       0       0

Perera Monday, 15 May 2023 06:23 AM

දැන් එතකොට ඔය රිලව් ලක්ශෙ චීනෙට ඇරියම ඔය රිලා ප්‍රශ්නෙ ඉවරද?????

:       0       0

Nathalie92 Monday, 15 May 2023 10:28 PM

අනේද කියන්නෙ ? රිලව් ලක්ශයක් චීනෙට දුන්නයි කියල ඉතුරු රිලා ලමිස්සියො කසද නොබැඳ , දරුවො නොහද ඉදීද?? මෙහෙම ගොන් කතා කියන්නෙ දේසපාලුවොම තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 239 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 185 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 63 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 487 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 706 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site