IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රවීට කැබිනට් ඇමැතිධූරයක් දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)


එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ.


යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විණි.


එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියහ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමු වූ බවත්  එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සඳහන් කර සිටියේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව නීතිපති මතය ද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.


ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරය ස්ථිර වශයෙන් ම හිමිවීමට නියමිතය. 



අදහස් (37)

රවීට කැබිනට් ඇමැතිධූරයක් දෙන්න යයි

sachith Thursday, 06 September 2018 12:04 PM

තිබ්බා නේද මෙයාට සිතාසි නිකුත් කරලා කියලා. ඇමතිකමක් දෙන්න සුදුසුම වෙලාව.

:       5       338

Keppetipola Thursday, 06 September 2018 12:16 PM

රට ඉවරටම ඉවර කරන්න යන්නේ.

:       146       566

වසන්ත Thursday, 06 September 2018 12:25 PM

ඊළඟ ඡන්දෙදි ඔය කට්ටිය ගැනම බලාගමු.

:       109       561

amila Thursday, 06 September 2018 02:38 PM

රටට මහජනයාට වැඩක් කරන උගත් බුද්ධිමත් දේශපාලකයින් පිරිසකගෙන් සමන්විත ආණ්ඩුවක් පත් කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

:       47       403

BamunuarachchiThursday, 06 September 2018 11:34 PM

එහෙම දේශපාලකයෝ මෙරටේ පෙනෙනතෙක් මානයේ නැත........

:       0       27

Sunil Thursday, 06 September 2018 02:44 PM

යහපාලනය දොරේ ගලනවෝ.

:       117       537

Hafeel Thursday, 06 September 2018 02:47 PM

ඇත්තටම කිව්වොත් මේ වගේ ඉතා හෑල්ලුවට ලක්වූ විහිළු ආණ්ඩුවක් ඉතිහාසයේම නැත.

:       261       1789

Andare Thursday, 06 September 2018 03:05 PM

එච්චරයි අඩු.

:       25       240

Bamunuarachchi Thursday, 06 September 2018 03:13 PM

කෝ මේ 62 කට්ටිය

:       6       324

Nandalal DE SILVA - France Thursday, 06 September 2018 03:40 PM

එජාප 72 වැනි සංවත්සරය වෙනුවෙන් රවිට ලැබෙන වටිනා තිළිණයක් ! ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට පුළුවන් ඔබේ හැකියාව රටට පෙන්වීමට ඔබට ලැබුන මේ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජයවේවා !!!!

:       2337       1728

HafeelThursday, 06 September 2018 10:13 PM

ඉතුරු බැංකු ටික කඩන්නද?

:       0       31

BamunuarachchiSaturday, 08 September 2018 07:52 AM

මොලේ මඤ්ඤං වෙලාද කොහෙද?

:       0       1

ShanakaThursday, 06 September 2018 10:30 PM

දවසේ විහිලුව

:       1       48

lalithsjm Thursday, 06 September 2018 03:58 PM

ඔන්න නියම යහපාලනය.

:       63       216

Samathasena A . Aluthgamage. Thursday, 06 September 2018 04:11 PM

එජාපයට මොහු සුභ අනාගතයක් උදාකරාවී.

:       201       242

ruby Thursday, 06 September 2018 10:14 PM

මේ වගේ පුද්ගලයන් නිසා තමා අපේ රටට මේ විපත වෙලා තියෙන්නේ. ඕනෑම හොරෙක් පාර්ලිමේන්තුවට යවනවා.

:       0       18

sam Thursday, 06 September 2018 10:51 PM

මෙහෙමත් විලි ලැජ්ජා නෙති මිනිස්සු ඉන්නවනේ !!!! කොහොමහරි අන්තිම ටිකත් සුරගෙන යන්න හදන්නේ !

:       0       32

Bamunuarachchi Thursday, 06 September 2018 11:31 PM

බැංකු කොමිසමේ සාක්ෂි වලදී රජයේ බැංකු වලින් ඉදිරිපතු වූ සාක්ෂි වලින් කියවුණා මෙයාගේ කෙරුවාව. තව මොනවාද? කෝ ඉන්නවාද 62 කට්ටිය.

:       0       39

jayantha Friday, 07 September 2018 01:45 AM

මෙන්න නියම යහපාලනය. මේවගේ අන්ත ජරා කොන්ද පණ නැති ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලම නැහැ. හොරකන් කරන්න කරන්න උසස්වීම්...

:       12       38

Kumara Friday, 07 September 2018 02:19 AM

ඔව් ඔව් ඊළඟ ඡන්දෙට සල්‍ලි හොයා ගන්නත්‍ එපැයි..

:       0       12

දිලුම් Friday, 07 September 2018 03:16 AM

මේ වගේ ආණ්ඩුවක් වෙන කොයි රටකවත් නැතුව ඇති. ඇයි මේ අයට නැවත ඇමති ධූර දෙන්න යන්නේ..................

:       0       7

රවින් Friday, 07 September 2018 03:22 AM

වෙළඳ ඇමති, සතොසට මොකද උනේ? මුදල් ඇමති, මහා බැංකුවට මොකද උනේ? සාමාන්‍යයෙන් ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කලාමැදිරියටත් බයයිලු.

:       0       14

ranga Friday, 07 September 2018 03:31 AM

හොරු හොරුන්ට මිස්සක් වෙන කාටද

:       0       0

hira Friday, 07 September 2018 03:43 AM

මේ රටේ ජනාධිපති කෙනෙක් නැද්ද. මේවා දැකලා, අහලා හිනාත් යනවා..

:       0       60

nimal Friday, 07 September 2018 03:58 AM

යළිත් වසන්තය .........?

:       0       12

uddika Friday, 07 September 2018 04:01 AM

අනේ අම්මෝ... කියලා වැඩක් නෑ නැහැ

:       0       37

Raveendra Friday, 07 September 2018 04:32 AM

රවී අයියේ කරුණක් අසමි..... මහින්ද ද මෛත්‍රී ද වැඩිය හොද.... මහින්ද හොදයි කිව්වත් වැරදි.... හු ..හු... මෛත්‍රී හොදයි කිව්වත් වැරදි.. හු..හු.... එබැවින් නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොදය කියා.....

:       0       31

senarath Friday, 07 September 2018 06:10 AM

"ජනාධිපතිගේ අකමැත්තක් නැහැ කියල" රවී කියනවා. අපි බලමු රවිට තිබුණු ඇමතිකම නැතිවෙන්න හේතුව. මහා බැංකු හොරකම ගැන කොමිසමෙන් හෙළවූ කාරණා . දැන් එම චෝදනා උසාවියකින් විභාග කරලා නිදොස්කොට නිදහස් උනාද ? උනේ කොමිසමේදී ඒ වෙනොට හෙළි නොවූ දුරකථන සංවාද සහ වෙනත් විශාල ලෙස ඇලෝසියස් විසින් මුදල් ගෙවීම් කර ඇතිබව හෙළිවීම . එකෙනුත් වැඩියෙන්ම ඒ මුදල් ලබලා තියෙන්නේ රවී හෝ ඔහුගේ පවුලට හිමි ආයතන. එහෙමනම් කොහොමද රවිට කැබිනට් ඇමතිකමක් ලැබෙන්නේ. ලොකුම හොරා කැබිනෙට්ටුවේ ඉහලින්ම ඉන්න නිසා. මේ උදවියට චන්දෙ දීපු ඔබල නැවත සිතන්න . අද ඩොලරය රුපියල් 163 ත් පැනල.

:       0       40

nuwan Friday, 07 September 2018 06:10 AM

මම එදා ඉදන් කියනවා මාගේ මතෘභූමිය විනාශ කලේ එදා මෙදා තුර පත් වූ දේශපාලකයෝ තමයි...

:       12       25

mano Friday, 07 September 2018 06:21 AM

එම අමාතංශයේ ලේකම් ධුරයට අර්ජුන් ඇලේසියස් පත් කල යුතුයි. අනිවාර්යයෙන්ම රටට ඉහළ සේවයක් කරයි

:       0       105

KANDEPOLA Friday, 07 September 2018 07:54 AM

මේ මිනිස්සුන්ගේ විනාශ දැන්වත් මේ රටේ ජනතාව තේරුම් ගනීදෝ කියලා සැකයි. මේ රටට කවදාවත් යහපත් අනාගතයක් නෑ. ජනතාව සදාකාලිකව මේ නරා වලේ තමයි. ආත්මාර්ථකාමි ජනතාවට මෙහෙම වෙලත් මදි.

:       0       14

de silva Friday, 07 September 2018 08:00 AM

ඕක දෙන්න වෙන සුදුසුකෙනෙක් ආණ්ඩුවේ ඇත්තෙම නැද්ද ?

:       0       0

rama Friday, 07 September 2018 08:33 AM

මේ ආණ්ඩුවේ ඇමතිකම් ඕනෑ තරම් තියෙනවා. ළඟදී අර මාධ්‍යවේදියකුටත් කතා කළේ ආණ්ඩුවේ ඒවා දානවා නම් ඇමැතිකමක් දෙන්නම් කියලා. අනේ මෙහෙමත් විහිලු සපයන ආණ්ඩුවක්... ජනාදිපති නිදි. විපක්ෂයක් නැත. ආණ්ඩුව තමන්ට ඕන විදියට වැඩ කරනවා ඇමතිකමක් දුන්නොත් ඒ බරත් ජනතාවට තමයි කරගහන්න වෙන්නේ..

:       0       18

Lasantha Friday, 07 September 2018 08:35 AM

රටම විනාශයට තමයි.

:       0       4

Bamunuarachchi Friday, 07 September 2018 12:04 PM

ඕකට වෙන සුදුසු කෙනෙක් නැද්ද? අහන්න හලෝ රටකරගන්න කෙනෙක් නැතිව එරිලා ඉන්න මේ ගොල්ලන්ට මොනවා කරන්නවත් මිනිස්සු නැත. ඉතිරි අවුරුදු දෙකටත් ඉතිරිටික කාලා යන්නයි ලැහැස්තිය. මේ රට කාටවත් ගොඩගන්න බැහැ.

:       0       17

Chamith Saturday, 08 September 2018 05:18 AM

රටට දෙවියන්ගේ පිහිටයි !

:       0       1

දිප්ම Saturday, 08 September 2018 10:21 AM

රට කන්න තවත් දෙයක් එනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 275 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 153 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 228 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 720 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 388 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3046 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 591 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site