IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රුවන්වැලි හොරා ගහෙන් බස්සා රිමාන්ඩ් කරයි

අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එන වන්දනා කරුවන්ගේ පාවහන් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් අනුරධපුර වැඩ බලන මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා විසින් 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාවහන් ජෝඩු 50ක් මල්ලක දමාගෙන යද්දී පොලීසිය ක්‍රිෂාන් සංජීව නම් සැකකරු අත්අඩංගුවට ගත්තේය. මේ අතර වන්දනාකරුවකු සේ රුවන්වැලි සෑ මළුවේ රාත්‍රිය ගත කළ පුද්ගලයකු උපාසිකාවකගේ ගමන්මල්ලක් සොරාගෙන මහ ගසකට නැග සිටියදී අත්අඩගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය. අනුරාධපුර විජේපුර මහේෂ් වජිරරත්න නම් වූ එම පුද්ගලයාද ලබන 04 වන දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.  



අදහස් (0)

රුවන්වැලි හොරා ගහෙන් බස්සා රිමාන්ඩ් කරයි

රුවන් Monday, 03 September 2012 09:11 AM

මේක කාලෙක ඉදන් වෙන දෙයක් ! වසර දෙකකට ඉහතදී මගෙත් පාවහන් ශ්‍රී මහා බෝධිය ළගදි නැතිඋනා ....(ස)

:       0       0

ගයා වන්නි Sunday, 02 September 2012 11:22 AM

හොරාගෙ නෝනා සෙරෙප්පු ඉල්ලලා කරදර කරනවා ඇති...!!(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 11:27 AM

පාවහන් හොරා කරෙන් දැනේ..!(නු)

:       0       0

කෙවින් Sunday, 02 September 2012 11:34 AM

එතකොට අහිංසක මිනිස්සුන්ට එවපු සුනාමි සල්ලි හොරකම් කරපු අය..!!(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 11:43 AM

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ..!(නු)

:       0       0

හරින් මාලදිවයින Sunday, 02 September 2012 11:54 AM

අහිංසක වන්දනාකරුවන්ගෙ දේපල හොරකම් කිරීම නිසා මේ දෙදෙනාට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයි..!!(නු)

:       0       0

නිරූ Sunday, 02 September 2012 12:03 PM

මෙයාට මොකටද පාවහන් ජෝඩු පනහක්..? මෙයාට ඇත්තටම එච්චර කකුල් ගොඩක් තියෙනවාද දන්නෙ නැහැ නේද? කොහොම උනත් මේක හරිම නරක වැඩක්.. කොයිතරම් දුප්පත් උනත් කවුරුවත් මේ වගේ හොරකම් කරන්න හොද නැහැ..!!(නු)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Sunday, 02 September 2012 12:11 PM

බැතිමතුන් අපහසුතාවයට ලක්කරන්න බැතිමතුන්ගේ දේවල් කඩා වඩා ගන්න ඔයවගේ අයට නියම දඩුවම් දිය යුතුයි...!!(නු)

:       0       0

ඩියෝ Sunday, 02 September 2012 12:19 PM

හැමතැනම හොරකම් මිනීමැරුම්.. කොල්ලකෑම් දූෂණ පැහැර ගැනීම්.. මේ මනුෂ්‍යයන්ට මොකද වෙලා තියෙන්නෙ... සමාජය පිරිහිලා.. අම්මා තාත්තාවත් අමතක වෙලා.. පුජාබිමේ හොරකම් කරන තත්ත්තවයට පත්වෙලා...ඉතාම කණගාටුයි..!(නු)

:       0       0

දර්ශන Sunday, 02 September 2012 12:28 PM

අනිත් අයට පේන්නත් එක්ක තදින්ම දඩුවම් කරන්න..!!(නු)

:       0       0

සුමුදු සිරිමාන්න Sunday, 02 September 2012 08:56 PM

අනේ මෙහෙමත් හොරු? පන්සලට යන කොටත් ආරක්ෂකයෙක් එක්කගෙන යන්නට වෙයි වගේ.. නැත්නම් ඇදි වතත් නැතිව තමයි පන්සලෙන් එන්න වෙන්නෙ...!(නු)

:       0       0

හර්ෂණ කටාර් Sunday, 02 September 2012 09:15 PM

මේවගේ පොඩි හොරු නෙමෙයි ලොකු ලොකු අය කරන හොර වැඩත් අල්ලන්න. එතකොට අපට පොලිසියට ආචාර කරන්න පුළුවං..!!(නු)

:       0       0

Lakmal Kasuan Sunday, 02 September 2012 01:16 PM

මට බොහොම කණගාටුයි ලංකාවෙ මිනිසුන් ගැන.. ඇයි මේ සත්තුවගේ වැඩ කරන්නෙ.. ඉතාම කණගාටුදායක පුවතක්..!!(නු)

:       0       0

සම්පත් Sunday, 02 September 2012 09:46 PM

අහෝ මිනිසුන් කෙතරම් කුරිරුද? පෙර මොහු පිළිබඳ දක්වා ඇති ප්‍රකාශ වලින් ඒ බව නොපෙනේද? වන්දනාකරුවන්ගේ පාවහන් සොරකම් කර මොහු කුටුම්බයක් රක්ෂා කරනවාද? නැතහොත් මත් දියර ගන්නවාද? කුටුම්බයක් රකීනම් මොහුට ඒ සඳහා තිරසාර විකල්පයක් සකසා දෙන්න. මතට ඇබ්බැහි වූවෙකු නම් පුනරුත්තාපනය කර යහපත් පුරවැසියකු කරන්න. සමාව දිය නොහැකි සොරකම් හා අපරාධ හමුවේ මෙය ඉතා අහිංසක සොරකමකි. මට හරන්තික සොරාත් ඔහුට අනුකම්පා කර යහපත දැක්වූ හිමියනුත් සිහිපත් වේ. ඒ හිමියන් විලස සිතීමටත් කටයුතු කිරීමටත් සමාජය පෙළඹෙන තෙක් සමාජය යහපත් තැනක් නොවේ. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 02 September 2012 01:34 PM

එක පැත්තක ධාතු වන්දනා කරන්න සැතපුම් ගනන් පෝලිම්.. මිනිස්සු අව්ව වැස්ස රූ දවල් නොබලා පෝලිමේ.. තවත පැත්තක පන්සල් පල්ලිවලට එන සැදැහැවතුන්ගේ පාවහන් ගමන් මලු සොරකම් කරනවා.. මොකද්ද මේ වෙන්නෙ අපේ රටට..!!(නු)

:       0       0

සුගත් Sunday, 02 September 2012 09:56 PM

හොද වැඩේ (දී)

:       0       0

අමරා අයිරංගනී Sunday, 02 September 2012 01:54 PM

හොරුන්ට නිසි දඩුවම්ද මහජනයාගේ දේපල ආරක්ෂාවන පරිදි ක්‍රියා පිළිවෙලක් යොදනු මැනවි..!!(නු)

:       0       0

ලාංකිකයා Sunday, 02 September 2012 10:27 PM

කකුල් වැඩි අයනේ මෙ වගේ වැඩ කරන්නේ..ඒ නිසයි මෙයාට පාවහන් වැඩියෙන් ඔනි වෙලා තියෙන්නේ(නු)

:       0       0

ලංඩන් බණ්ඩා Sunday, 02 September 2012 02:28 PM

මේ හොරා එන වෙසක් පොහොයට සෙරප්පු දන්සලක් දෙන්න සෙරප්පු එකතු කරනවා.කරුණාකරලා මේ අහිංසකයා නිදහස් කරන්න. (ත)

:       0       0

ලංකාතිලක Sunday, 02 September 2012 02:50 PM

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිවුපාවුන් වැනි මිනිසුන් ඇත..(නු)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Sunday, 02 September 2012 04:03 PM

ලංකාවෙ මිනිස්සු ගැන ලැජ්ජයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 101 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 776 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1090 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 304 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 670 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site