ගෘහ සේවිකාවක ලෙස රිසානා සෞදි අරාබියට ගියේ වයස 17 දීය. ගෙදර අග හිඟ කම් නිසා වැඩමල් දුව රිසානා රට ගොස් සල්ලි එවීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ බව, ගස් කෑපීමෙන් ජිවිකාව ගෙන යන රිසානගේ පියාවන මෙහොමඩ් සුල්තාන් නෆික් කියයි. ඔවුන්ගේ පදිංචිය ත්‍රිකුණාමලයෙ මුතුර්හිය. රිසානා 2004.4.1 දා සෞදි අරාබියට පැමිණියේය. ඇයට වැඩ ලැබූණේ නයිෆි ජිසියාන් කලාෆ් අල්ඔටාබි නම් හාම්පුතාගේ නිවසේය. ඔහුගේ බිරියට ලැබුණු දරුවා බලා ගැනීමට වැඩට පැමිණ දින කිහිපයකින් ඇය බටහිර රියාද්හි දවාදමි නුවර ගෙදරට යවනු ලැබීය.
2005 මැයි 25 වැනිදා දහවල් 12.30ට පමණ දරුවාට බෝතලෙන් කිරි පොවද්දී කටිනා හා නාසයෙන් කිරි ආ බව රිසානා දුටුවාය. කිරි පිට උගුරේ යාම ඊට හේතුවයි. ඇය දරුවාගේ උගුර පිරිමැද්දාය. ඒ සමගම දරුවා ඇස් පියා ගත්තාය. සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය. දරුවා මැරූබවට ඇය පාපොච්චාරණයක් ද පොලිසියට කළාය.
එම පාපොච්චාරණය උසාවියේදීත් කළාය. එහෙත් 2007 පෙබරවාරි 3 වැනිදා ඇය කියා සිටියේ ළමයා මැරූබවට ඇය පාපොච්චාරය කළේ පොලිසිය බලපෑම නිසා බවයි.
කොළඹ රැකියා එජන්සියෙන් බොරු වයසක් දමා තමාගේ වයස අවුරුදු 6 කින් වැඩි කර බොරු ලියවිලි හදා සෞදි අරාබියට එවූ බව ද අය කීවාය.
අගවිනිසුරු අබ්දුල්ලා අල් රොසයිමි ප්‍රමුඛ ත්‍රිපුද්ල විනිශ්චය මණ්ඩලයකින් ඇය වැරදි කාරිය කර 2007 ජූනි 16 වැනි දා මරණ දඬුවමට නියම කරනු ලැබීය.
එයට ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ඇයට දැන්වීය. ඒ අනුව 2007 ජූලි 15
මේ අතර දරුවාගේ පියා හමු වීමට ගත් උත්සාහය අසාර්ථක විය. මෙවැනි දඬුවමකට නියමකළ හැකි අයකුට බලය ඇත්තේ එම පවුලේ ප්‍රධානියාගේ කැමැත්ත ලැබුණහොත් පමණි. ඒ සඳහා වන්දි මුදලක් ගෙවා එසේ සමාව ලබාගත හැකි බව සෞදි නීතියේ සඳහන්වේ.
රියාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඇපෑල විභාග කර මුල් තීන්දුව තහවුරු කෙළේය.
රිසානාට නිදහස ලබා දෙන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඉල්ලීම ඇතුළත් ලිපියක් ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය 2010.10.25 සෞදි රජතුමාට ඉදිරිපත් කළේය. අසියා මානව හිමිකම් සංවිධානය ඇය වෙනුවෙන් ඇපෑලේදී නීතිඥ ගාස්තුද ගෙවීමට ඉදිරිපත් විය.
දරුවාගේ මව් පියන් සමග කතා බහ කර බේරුමක් කර ගැන්නැයි සෞදි රජතුමා සෞදි නුවර සමථ මණ්ඩලයට එම සිද්ධිය යොමු කෙළේය. බොරු ලියවිලි හදා රිසානා රට යැවූ රැකියා නියෝජිතයන් දෙදෙනාට කොළඹ මහාධිකරණය දෙවසර බැගින් සිර දඬුවම් නියම කර රුපියල් හැට දහස බැගින් රිසානාගේ මව්පියන්ට නියෝග කැරිණි.
රිසානාගේ මව සහ පියා රිසානා බැලීමට එරටට ගියහ.
2013 නව වසර උදාවීමත් සමග සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය රියාද් බලධරයනට දැන්වූයේ රිසානා නෆික් මරා දඬුව පැණවීම ඉතා ආසන්න බවයි. ඒ සිද්ධියත් සමග මහින්ද රාජපක්ෂ ජනපති 2013 ජනවාරි 5 වැනිදා සෞදි රජතුමාට දෙවැනි ආයාචනය ද කරමින් රිසානා බේරාදෙන ලෙස ඉල්ලීමක් කෙළේය.
රිසානා මරා දැවූ පුවත අද දහවල් 2 පමණ වන විට රිසානගේ මවුපියෝ ද දැන ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ බෙලි කැපීම විනෝදාංශයක් ද ? (ස)
අවු4 ලමයෙක්ට මෙහෙම වෙන්න පුලුවන් හැකියාව අඩුයි නේද.වහාම සෞදි යවනඑක නවත්වන්න. මිනිස්සු ඒනිසා කොච්චර දුක් විදිනවද. ඒකෙන් වෙන්නෙ ඒ පවුල්වල ළමයි නොමගට යනව, පවුල් අවුල් වෙනව. විදේශ විනිමය ගැන හිතල නෙමෙයි මිනිස්සු, ඒ අයගෙ පවුල්, ළමයි ගැන හිතල ජනාධිපතිතුමා කෙලින් තීරණයක් ගන්නවනම් හොදයි. (ස)
බලාපොරොත්තු කඩවුණු බොහොම කණගාටුදායක පුවතක්. රිසානා තරුණියට නිවන් සුව පතමි. (ස)
හරිම සෝචනීය සිද්ධියක්. සෞදි නීතිය අකුරට ක්‍රියාත්මක කළා. කවුරු කීවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකම තමයි ඉතාම අහංකාර දඩබ්බර මිනිසුන් ඉන්න රටක මේ දක්වා සාමය තියෙන්නේ. මම බලා ඉන්නේ රිසානා ව මේ තත්ත්වයට ඇදල දාපු හොර ඒජන්සි කාරයාවත් ඒවට අනුබල දෙමින් කටයුතු කළ අයටත් සෞදියේ වගේ දඩුවම් අපේ රටේ නීතියේ විදිහට දේවිද කියලා. නැවත මෙවැනි දේවල් සිදු නොකරන්නටම. (ස)
දින තුන හතරකට පෙර කිව්වා රිසානා නිදහස ලබනවා කියලා. ඒක මම ඊයේ (08) වැනිදා කියෙව්වේ. ශ්‍රී ලංකා පුවත්පත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් තමයි කියා තිබුණේ. නමුත් අද කියනවා රිසානාට මරණ දඩුවම දුන්නා කියා. මෙනවද මේ කතා. (ස)
සෞදි අරාබියාවට අපේ කාන්තාවන් යැවීම වහාම නතර කරන්න. වහල්කමට ම්ලේච්ඡ රටවලට අපේ කාන්තාවන් යවා හම්බකරන සල්ලි වලින් කරන සංවර්ධනයෙන් වැඩක් නැහැ. ජනාධිපතිතුමා දැන් කෙළින් තීරණයක් ගත යුතුයි. නැත්නම් සිදුවන්නේ හැමදාමත් මේ වගේ ම්ලේච්ඡ රටවලට ආයාචනා කරන්නයි. (ස)
එල (ස)
සෞදි රජතුමාවත් එරට නිතියට පිටින් යන්නැහැ වගේ.එයත් නරකම නැහැ. (ස)
මේක කරපු අයට හෙන ගහලා මදි (ස)
මතු උපදින කිසිම දිනක මෙවන් දුකක් අත් නොවේවා !!!! (ස)
ගොඩක් දුක හිතේනවා අපේ රටේ අසරණබවත් පෙනේවා පිං සිද්දවෙයි අපේ රටේ අය දුක්විදින්න රට යවන්න ඒපා (ස)
මෙහිදී ජනපති තුමාගේ දායකත්වය ලබාදීම පිළිබඳව සතුටු විය හැකියි. නමුත් මෙම මරණ දඩුවම නිදහස් කරගැනීමට හැකිව තිබූ එකකි. නිසි වෙලාවට නිලධාරීන් උනන්දු වුනානම් ප්‍රතිපල මෙයට වඩා වෙනස් වීමට තිබුණා. (ස)
පිහිටක් නැති සරනක් නැකි මේ සසර දනවිවේ.................... අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ............................... අපි රිසානාට නිවන් සුව පතමු...... (ස)
තව මේ වගේ රිසානලා කී දෙනෙක් අඩුවයසින් මේ ආයතනය විදෙස් ගතකරන්න ඇද්ද ? මේ විදෙස් ආයතනය හිමිකරුටත් මේ දඩුවම දෙමු. (ස)
මට ගොඩක් දුකයි. කියන්න ගොඩක් දේ හිතේ තියෙනවා. දැන් මොනවා කිව්වත් ඒ ජීවිතේ නැති වුනා. (ස)
රිසානා ව බේරගන්නවා කියලා බොරුවට කයිවාරු ගහපු සියලුම දෙනා රිසානගෙ දෙමව්පියන්ගෙන් සමාව ගත යුතුයි.වන්දි ලබාදිය යුතුයි. ජනපති තුමනි සවුදි අරාබියට කාන්තාවන් යවන ක්‍රියාවලිය වහාම නවත්වන්න.ගෑණු විකුනගෙන කන රටක් වෙලා තියෙන එක නවත්වන්න. (ස)
මෙවන් අපරාධයක් සිදු නොවේවා ! (ස)
දැන්වත් අපේ කතුන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස් වහල් සේවයට යැවීම නවතාලීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පාලකයන්ට නුවණ පහළවේවා෴ (ස)
සාමදානයේ සැතපෙනු මැන! (නි)
මට අඩෙන්නත් එනවා (දී)
රිසානා දැරියගේ මුත්තූර් නිවසේ ලිපිනය ප්‍රකාශ කරන්න. හැකි අයුරින් එම පවුලට උදව් කරන්නට (ස)
කනාගටුයි (දී)
පවු ... (දී)
නිවන් සුව ලැබේවා දුවේ (දී)
රට යන අය මේක හොද පාඩමක් කර ගන්න (දී)
අපිට මේ කෙල්ල වෙනුවෙන් මොකුත් කරන්න බැරි උනාද (දී)
අසරණ කමක මහත (දී)
මට දුකයි ඔබ ගැන (දී)
මට මේ පවුලට උදවු කරන්න ඕනේ (දී)
ශාන්ත . ගැහැණු පිරිමි දෙපිරිසම යන රටක් තමයි මැද පෙරදිග (දී)
පිරිමි යන්නේ නැතුව මොකද මේ කාන්තාවන්ම යන්නේ මැද පෙරදිග (දී)
ඔබට නිවන් සුව (දී)
අපිට ඒ පවුලට උදවු කරන්න ඕනේ. අපිව ඔවුන් සමග සම්භන්ද කරන්න (දී)
දැන්වත් අපේ අසරණ කතුන්ව මුලා කර මැදපෙරදිග යවන ඒජන්සි සියල්ල අවලංගු කරන මෙන් කාරුණිකවව ඉල්ලා සිටිමු. (නි)
ශෝකනිය පුවතක් (දී)
දුකයි..... (ස)
දරාගන්න බැහැ වේදනාව. මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන ගැහැණු රට යැවීම තහනම් කරමු. (නි)
කෝ මොහොමඩ්ලාගේ අදහස්? (නි)
කෝ අපේ මහ ලොකු කට්ටිය? දුප්පතුන්ට කාගේ පිහිටද? අපි තාමත් අසරණ වෙලා බුදු හාමුදුරුවනේ. රිසානාට, නිවන් සුව අත්වේවා! (නි)
ඔබට දෙවි පිහිටයි (දී)
දුකයි දුවේ ඔබ ගැන (දී)
මේ අන්දමට රටේ ජනාධිපතිවරයා විසින් දෙවතාවක් ඉල්ලීම් කරලත් රිසානව මරා දමා ඔවුන් ෂරියා නීතියේ බලය පෙන්නන්න සිතන්න ඇති. ඇයට නිවන් සුව පතමි! (නි)
මේ පුවත නම් බොහොම කණගාටුදයකයි. එහෙත් සෞදි රජාටවත් ඒ රටේ නීතියටවත් දොස්කියලා වැඩක් නැහැ. ඉස්සරහටවත් මේ වගේ තිරිසන් අපරාධ කරන්න ඉඩනොදෙන තැනට අපේ රටේ මිනිස්සු වැඩකරන්න ඕනෑ. අපි ඔක්කොම අපේ රටේ මතයක් සමාජ ගතකරන්න ඕනෑ සෞව්දි කියන්නේ යන්න තියා හීනෙන්වත් දකින්න හොඳ රටක් නෙමෙයි කියලා. උන් විසින් මරා දැමු අපේ සහෝදරී අදහපු ආගම අනුව ඉපදෙන්න පුළුවන් ඉහළම තැන ඉපදේවා ....!!! (නි)
රිසානා දුව..... ගෙදරට විය මව.... ගෙල සිදි බව... කෙසේ නම් සිතනුව... (නි)
පසිඳු, කියන්න වචන නැත. තිබුණත් කීමට හැකියාවක් නැත. සිංහල සහෝදරවරුනි, ජාතිය කෙසේ වෙතත් අප රටේ කෙනෙකුට විපතක් වන විට සියලු දෙනා එකතුවීම ගැන ගොඩක් ආඩම්බරයි. පවුලේ සාමාජිකයන්ගේ අනාගතය වෙනුවෙන් මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. (නි)
ඉතාම කණගාටුයි. ඇයට නිවන් සුව පතමු. තිරිසන් සතුන් පණ පිටින් මරා කන මිනිසුන් සිටින රටවල මොන නීතිද ? අපේ රටේ අයටවත් බැරිවෙයිද බුදු දහමට නැඹුරු වෙන්න? (නි)
හොදක් නම් වෙන්න එපා, මේ අහිංසක ගැහැණු ලමයගේ ජීවිතේ උදුරගත්තු අයට. මෙයාලට මොලයක් නැද්ද මේක අත්වැරදීමකින් වුණු මරණයක් කියලා තේරුම් ගන්නවත් (නි)
දැන් ඇති. හොදටම ඇති. (නි)
ඔබට නිවන් සුව ලැබේවා දුවේ (දී)
අල්ලාහ් දෙවියනි, ඔබ කොහිද? (නි)
රිසානා දුව ගැන මට දුකයි (දී)
සොයුරිය රිසානා ඔබට නිවන් සුව (ස)
මට ඔබ ගැන දුකයි (දී)
කියා ගන්න වචන නැහැ (දී)
පව් පොඩි කෙල්ල
රිසානා, ඔබට නිවන් සුව! (නි)
නියම නායකයෙක් වගේ තීරණයක් ගන්න දැන් කාලය හරි. සෞදියේ ගෘහ සේවයට අපේ කාන්තාවන් යැවීම නවත්වන්න (ස)
කාත් කවුරුවත් නැති රටක තනියම මෙවන් දෙකට මුහුණ දෙන්නේ කොහොමද (දී)
තවත් කෙනෙක්ට මෙවන් විපත් සිදු නොවේවා (දී)
ඇයි, සෞදි අරාබියට විරුද්ධව පෙළපාලි යන්න කවුරුත් නැද්ද? (නි)
නිවන් සුව පැතුමි (දී)
අපේ අහිංසක දුප්පතුන් ඔය රටවල්වල වහල් සේවයට යැවීම සුදුසු නෑ. තමන්ගේ මව් රටේ සිට කුමක් හෝ යහපත් දෙයක් කර සතුටින් ජීවත් වෙන්න (ස)
ඇයි මේ තීරුවට ලියන මුස්ලිම්වරු තම අදහස් නොලියා ඉන්නේ. වෙනත් ආගමක දෙයක් නම් බලන්න තිබුණා, ඒ අයගේ උජාරුවේ තරම. මේ අදහස් කියවනවිට එදා අප රජවරු දැක්වූ අනුකම්පාවමයි,අදටත් ඇත්තේ. සහෝදරවරුනි, හොදට හිතලා බලන්න. (නි)
අපි ඔබ වෙනුවෙන් ඔබේ සිහින සබැ කර දෙන්නෙමු (දී)
ජනපතිතුමණි, කරුණාකර ගෘහසේවය සඳහා කාන්තාවන් සෞදි යැවීම නවත්වන්න (ස)
සෞදි ශරියා නීතිය ගැළපෙන්නේ තුන්වන ලෝකයේ රටවල් වලට පමණයි. (නි)
කෝ අද මුසල්මානු අදහස්? (නි)
රිසානා ඔබට නිවන් සුව අත් වේවා (දී)
ඔබට නිවන් සුව (දී)
ලංකාවේ ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ. රටේ පාලකයෝ අමුතු නීති හදන්න ඕනෑ නැහැ. අපේ රටේ පිරිමි ගෑනු රට අරින්නේ නැතුව හිටියා නම් ඉවරනේ. (නි)
මුස්ලිම්වරුනි, දැන්වත් බෞද්ධාගමට එන්න. (නි)
රිසානගේ පියා ගේ වැරැද්දනේ. අර පොඩි කෙලීව රට යවලා පස්සේ ඔක්කොම වැරදුණහම දැන් කැ ගහනවා. මූලික ගැටලුව අපේ රටේ ගැහැනුන් පවුල ගැන තියෙන උනන්දුව ගෙදර පිරිමියාට නැති එකයි. (නි)
රිසානාගේ සිහිනය අපි සැබෑ කර දෙමු (දී)
දෙවියනි, සෞදි අරාබියට සමාව දෙන්න එපා.රිසානා, ඔබට නිවන් සුව. (ස)
ගෘහ සේවිකාවන් පිට රට යැවීම නතර කිරීමට බලධරයන්ගේ අස් ඇරේවා! රිසානා, ඔබට නිවන් සුව ලැබේවා! (ස)
මෙහේ මොනවාහරි කරගෙන හිටියනම් හරිනේ . සල්ලි හොයන්න ගියාම මේ වගේ අවධානම් දේ බලාපොරොත්තු වෙන්න ඕන (ස)
රිසානාව ඒ අපායෙන් බේරාගන්න අපේ සිංහල අය ගොඩත් වෙහෙසුනා. රිසානා, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පියල්, ඒ මිනිස්සුන්ගේ අසරණකම හෑල්ලුවට ලක්කරන්න එපා. (නි)
සෞදියට අපේ අය යවන එක නතර කල යුතුයි (ස)
ඇයව රැකියාවට යැවූ ඒජන්සි හිමිකරුට පමණක් නොව දෙමාපියන්ටද දඬුව්ම් ලබා දිය යුතුයි. වැඩිහිටි කාන්තාවන්ට පවා හිරිහැර වෙන රටේ රිසානාට කවර කතාද. ඔය නීතියමද ලංකාවෙත් ස්ථාපිත කරන්න හදන්නේ? (ස)
සවුදි අරාබියෙ ගෙල සිඳ මරණ දඬුවම දෙන්නෙ සිකුරාදා දවල් යාඥාවෙන් පස්සෙ. මේ බදාදා උදේ වරුවෙ මෙහෙම සාහසික ඝාතනයක් කළේ ලොකු හදිස්සියකින් වගෙයි. මේ අයට දඬුවම් දෙන්න ලෝක නීතියට නම් ශක්තියක් නැහැ. නමුත් ස්වභාව ධර්මය යථාකාලයේදී සුදුසු දඬුවම් දෙයි. (නි)
අශ්වය ගියාය පස්සේ ස්ථාලේ වහලා වැඩක් නෑ (ස)
අපි ඔබව බේරා ගැනීමට උත්සාහ දරුවා දුවේ (දී)
මුස්ලිම් අය වෙනුවෙනුත් නිවන් සුව පතන අපේ කට්ටිය කොච්චර උතුම්ද? (නි)
ඔබට නිවන් සුව දුවේ (දී)
ඉතාම කණගාටුයි. (නි)
යුක්තිය ඉෂ්ඨ විය....??? (නි)
අපේ කනගාටුව (දී)
රිසානා බාලවයස්කාරියක් කියල අපි කොහොම කොයි විදියට කිව්වත් අවුරුදු 17ක් කියන්නෙ මුස්ලිම් කෙල්ලෙක්ට ලොකු වයසක්. ඒ වෙද්දි මුස්ලිම් කෙල්ලෙක්ට ළමයි කීපදෙනෙක් ඉන්න පුලුව්න්.මුස්ලිම් රටවල ඒක සාමන්‍ය දෙයක්. ෂරියා නීතියට අනුවත් එහෙම වෙන්න ඇති. මොකද ඒක ඔවුන්ගෙ ක්‍රමය. ශිෂ්ඨ සම්පන්න ලෝකයෙ ඉදන් අපි මේ කතාකරන්නෙ ලෙයින් සැනකෙලි පවත්වන ශුද්දවූ නීතියක් ගැනය. කලයුතු හොදම දේ චෝදනා කර කර සිටීම නොව රිසානාට පින් පැමිණවීමය. (ස)
පව් දෙයියනේ මේ දරුවා (ස)
ලංකාවටනම් පුම්බනවා.ඇමරිකාවට වුණානම් බලන්න තිබුණා (ස)
ගෘහසේවය සදහා කාන්තාවන් පිටරට යැවීම වහා නතර කළ යුතුයි. (නි)
අපි මේ කෙල්ල වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු (දී)
ෆර්සාන් ඔයානම් නියමයි. ඔයාලට හොඳනම් අපිට මොකෝ (ස)
මිනිස් ජීවිත විකුණගෙන කන මේ ඒජන්සි කරුවන් පාලනය කිරීමට පියවරක් ගන්න ජනපතිතුමනි (ස)
අපේ කාන්තාවන් හා දියණියන් මැදපෙරදිග ගෘහසේවිකාවන් ලෙස යවන එක නවත්තමු (ස)
පවු කෙල්ල (දී)
මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැළපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි. (නි)
සහෝදරවරුනි සෞදියේ නීතය ඔවුන්ගේ රට ජාතිය ආරක්ෂාකරන්නටයි .තවද සෞදියේ අංග සම්පූර්ණ ෂරියා නීතියක් නොමැත . රිසානාගේ මරණය ගැන අපි බොහෝ කම්පනයට පත්වී සිටින්නෙමු .(ස)
මටනම් දුකයි (දී)
ෆර්සාන්, අපිත් ඔයාලට යුක්තිය ඉෂ්ට කරන්නම්. හැබැයි ඊටකලින් කුරානයෙන් පිට හිතන්න පුරුදුවෙන්න. (නි)
අසරණ කෙල්ල (දී)
කාටාවත් වැරැද්ද පවරන්න එපා මේ සිද්දියේදී (දී)
ඒ ඒජන්සියට බැනල වැඩක් නෑ.අවු18 වුනත් ඒත් එච්චර තමා.තිරිසන් රටක්.අපේ කාන්තාවන් කීදෙනෙක් වධහිංසාවලට ලක්වෙනවද.වහල්කමට අපේ ගෑනු යවන් නැතුව ලංකාවෙ නිශ්පාදන,රැකියා අවස්ථා කර්මාන්ත දියුණු කිරීම තුලින් ඒ අයගේ රැකියා සුරක්ෂිතභාවය,ළමා හා පවුල් සංවර්ධනය තුලින් විතරයි රටක් ගොඩනගන්න ඕන.මේ රටේ රට සංවර්ධනයට බාධා කරන්නේ පක්ෂ භේධ හා සමහර දේශපාලකයිනුයි (ස)
අපෙන් සමුගත්තේ ගෘහ සේවිකාවක් නොව වීරවරියකි. (නි)
ගොඩක් දුකයි. රිසානට නිවන් සුව පතනවා (ස)
රටක නීතියක් වෙනස් කරන්න අපිට බැහැ, නමුත් අපිට කතා කරලා එකඟතාවයකට එන්න තිබ්බා (දී)
හාෆිස්, මම ෂරියාව නොදනිමි. මෙතන ගැටලුව ෂරියාව නොවේ. ෂරියාවේ ඇති සමාව ලබාගැනීමට අප අපොහොසත් විමයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දුන් සෞදි රජ මෙය සමථ මණ්ඩලයට යොමු කළේ ඒ අවස්ථාව අපට දෙන්නයි. අප ඒ අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගත්තාද? මැදිහත් සිතින් සිතා බලන්න. (නි)
අපි හැමෝම මේ කෙල්ලට නිවන් සුව පතන්න ඕනේ (දී)
දුවේ ඔබ සදා අමරණීයයි, නිවන් සුව ඔබට (දී)
හරිම කණගාටුදායක සිද්ධියක්. (නි)
අසරණ කමේ සංකේතය (දී)
ලංකාවම කම්පා කල චරිතයක් (දී)
රිසාන ඔබ ලබන ආත්මේ මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවේවා (දී)
අපේ කෙල්ලට නිවන් සුව (දී)
කණගාටුදායක සිදුවීමක්. මින් ඉදිරියටවත් කාන්තාවන් ගෘහ සේවයට යවන එක නවත්වන්න. ලංකාවේ ශ්‍රම ශක්තිය දියුණු කර ඉහළ විදේශ රැකියාවන් සඳහා පිරිමින් සහ කාන්තාවන් හට ඉඩ සැළසිය යුතුයි. ජනපතිතුමනි, එය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. (නි)
දැන් අපි කොච්චර කතා කලත් උන දේ වෙලා ඉවරයි. යලි මේ වගේ දේවල් නොවෙන්න වැඩ කරන්න ඕනේ (දී)
ඔබට නිවන් සුව (දී)
මේක තමයි සංසාරය කියන්නේ. වැරැද්දක් නැතුව අපි කොච්චර බෙලි කැපුම් කන්න ඇද්ද? පව් රිසානා... (නි)
රිසානා හිතාමතා නොකළ වැරැද්දකට මරණිය දණ්ඩනයට නියම කළා. ඒත් අපේ රටේ කාන්තාවන් කී දෙනෙක් සෞදියේදී මරා දැම්මාද? කී දෙනෙක්ට ඇණ ගැසුවාද? කොච්චර අපේ කතුන්ට වධ දෙනවාද? කෝ ඒවට නීති? ඇයි ඒ රට මෙච්චර කෘර? මේකද යුක්තිය? අන්තිම අසාධාරණයි. රිසානා, අහිංසක දුවේ, නුඹ සංසාරේ කොතනද හෝ මහා පවක් කරලා ඇති. අද අපේ රටම අඩනවා. සිංහල,දෙමළ.මුස්ලිම් කියලා නැහැ. දුවේ, නුඔට නිවන් සුව ලැබේවා! බෞද්ධ අපේ ප්‍රාර්ථනාව එයයි. (නි)
සරණ කමේ ලකුණ (දී)
මොනවා කරන්නද ඒ සිදු වීම මතක් වන විටත් හිත ගැස්සෙනවා (දී)
රිසානා සහෝදරියට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
අසරණ කෙලල (දී)
රිසානා සහෝදරියට නිවන්සුව ලැබේවා (ස)
දැන් මොනවා කිව්වත්, කලත් රිසනට පන ගන්න බහ. (දී)
රිසානා ඔබට නිවන්සුව පතමි (ස)
මේ හැමදෙයක්ම සිද්ද උනේ දුප්පත් කමා නිසා (දී)