තම දියණිය මරා දැමූ සෞදි රජයෙන් හෝ එරට කිසිම පුද්ගලයකුගෙන් කිසිම පරිත්‍යාගයක් බාර නොගන්නා බව ඇගේ මව අහමදු සෙයියදු පරිනා මහත්මිය කියන්නීය. සෞදියේ කිහිප දෙනකු තමාට මුදල් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බවත් පරිත්‍යාග කිරීමට සිටින අතර එවැනි ආධාර අරන් පැත්ත පළාතේ එන්න එපා යැයි ද ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කොන්ද කෙලින් තීරණයක්. අගෙයි. (ස)
ගහල එලවන්න අමිමා.සෞදි සල්ලි එපා. අහමදු සෙයියදු පරිනා මහත්මියට අප ආධාර කරමු (ස)
අන්න එඩිතර අම්මාවරු . දරුවා නැති කොට කෝටියක් දුන්නත් මොකටද ? (ස)
එඩිතර, සෑම මවකටම ආදර්ශමත් , නිර්භීත මවක්. ඔබේ පවුලට දළදා සමිදු පිහිටයි (ස)
සල්ලි වලින් දරු දුක මනින්න බැහැ (දී)
දුව නැති උනාට පස්සේ සල්ලි මොකටද දැන් ???(ස)
එඩිතර මවක් , එඩිතර කාන්තාවක් , ශ්‍රී ලාංකික අප ඔබ සමගයි !!!!
නියම ශ්‍රී ලාංකික කාන්තාවක් . දුෂ්ඨ සෞදි නීතියට පිටුපා මිනිසත්කමට අගයක් එකතු කරමු (ස)
ජාතියට ගෞරවක් ඔබ (දී)
ඔබේ අදහසට අපි ගරු කරමු. සතයක් ගන්න එපා සෞදියෙන් (ස)
ලොකු ලොකු අයගෙත් කොන්ද පණ තිබුණානම් මෙහෙම වෙන්නේ නෑ. ඔබ සැමට ආදර්ශයක් (ස)
ඔබ එඩිතර ශ්‍රී ලංකා මාතාවක් (ස)
ස්තුති අම්මේ (දී)
ඔබේ තීරණයට අපි ගරු කරනවා අම්මේ . ශ්‍රී ලාංකිකයෝ ඔබට උදව් කරාවි (ස)
ඔබ හරි මෑණියනි . මගේ ආගමේ හැටියට ඔබට බුදු සරණයි (ස)
ඇත්තටම ඔබ ලංකාවට ගෞරවයක් (දී)
සත්‍ය මවක්... සත්‍ය රුජිණක් ලෝකයේ අපි ඔබ ගැන ආඩම්බරයි.!(නු)
එඩිතර ශ්‍රී ලංකා මාතාව පැත්ත පළාතේ එන්න එපා. ගහල එලවන්න (ස)
ඔබගේ දුවත්, ඔබත් දිරිය කාන්තාවන්. රිසානාට නිවන් සුව ලැබේවා (ස)
දරු සෙනෙහස මුදලට යට නොවන බවයි මේ අම්මා කියන්නේ. ඔබට ඔබලා අදහන ආගමේ පිහිට ලැබේවා (ස)
සෑම දේයක්ම මුදලට යට වෙන මේ ලොකේ ඒ අම්මගේ දරු දුකත් මුදලට ගන්න සෞදිය හදන්නේ (ස)
ආදරණීය අම්මේ මේ දුෂ්ඨ සමාජය තුල ඔබ එඩිතර කාන්තාවක් (ස)
වෙනදේවල් වලට කෑ ගහන අය රිසානා බේරගන්න මොනවද කලේ.......(ස)
සල්ලි අරන් ආපු සවුදි කාරයින්ව පාවාඩ දාල පිළිගත්තු හිඟන්නුන්ට හොඳ කනේ පාරක් .ඔබ දුප්පත් වුනත් සල්ලි වලට ආත්මය පාවා නොදී රටේ ගෞරවය රැක්කා .(ස)
ඔබ අගනා ශ්‍රී ලාංකික මවක්. කුරිරු නීතිය ඔවුන්ගේ පිටින්ම යන දවසක් ඉක්මනින්ම ඒවි අම්මා (ස)
රිසානාට නිවන් සුව ලැබේවා (ස)
බොහොම හොඳයි... අපෙ රටේ බොහොමයක් නායකයින්ට නැති හොඳ කොන්ඳක් තිබෙනව රිසානා ගෙ මෑණියන් වන ඔබට... මම මෙකත් මේ වෙලාවෙම කියන්නම්.. ඔය තිරිසන් දඬුවම හරියි කියන අයටත් එන්න දෙන්න එපා... (ස)
මේ රටේ ඔබව රවටපු අය දෙන සල්ලිත් ගන්න එපා..!(නු)
කෝ අපේ මොහොමඩ්ලා, මොකද සද්ද නැත්තේ?(ස)
ඇත්ත අම්මේ.එයාලගේ ලේ ගෑවිච්ච සල්ලි ගන්න එපා බඩගින්නෙ මැරුණත්. ඒක අර අහිංසක කෙල්ලට කරන ද්‍රෝහී කමක්. ලාංකිකයිනි! මෙවන් එඩිතර මිනිසුන් රැක ගැනීම අපේ යුතුකමකි.(ස)
සල්ලි වලට හැමදේම තීරණය කරන් මේ ලෝකෙ ඔබ වගේ අවංක අම්ම කෙනෙක් ලැබීමට රිසානා එක අතකින් වාසනාවන්තයි අම්මෙ..!(නු)
ඔබේ ප්‍රකාශය නම් ඒඩිතරයි. ඒත් ඒදා පොඩි ළමයව යවපු ඔබම තමයි අම්මේ වැරදි. යන්නම ඕන නම් ඔයාගේ පොඩි ළමයිව ලොකු දුවට බලා ගන්න කියල ඔයා ගියා නම් ඉවරයි. නොදන්න වැඩ කරන්න යවල ඒ දරුව රටම සසල කරල මැරුණ.ඉදිරියටවත් දුර දිග බලල වැඩ කරන්න.(ස)
අම්මෙ ඔබ සැබෑ මවකි. ජාතිභේද නොතකා රිසානා නැගනිය වෙනුවෙන් හඩනැගූ අපි දැං ඇගේ පවුලට උදව් කරමු..!(නු)
අම්මෙ රිසානා ගැන අපිත් ගොඩක් දුක්වෙනවා.. ඔබ වගේ මෑණියන් රටටම ආදර්ශයක් තමන්ගේ දරුවා අහිමිඋනාට පස්සෙ සල්ලිවලින් ඒ අඩුව මකන්න බැහැ..!(නු)
ආදර්ශවත් මවක්. මුදල් නොවේ පුළුවන් නම්, තම පවුලේත් රීසානාගේත් නැති කළ ආත්ම ගෞරවය නැවත ලබා දෙන්න කියන්න. ලෝකයේ සැම දෙයක්ම මුදල් වලට ගන්න බැරිබව සෞදියේ අය දන්නේ නැත.(ස)
සමා වෙන්න මට එඩිතර අම්මා කෙනෙක් පේන්නෙනෑ. ලංකාවෙත් නෙවෙය් මැද පෙරදිග තිරිසන්නු වගෙ මිනිස්සු ඉන්න රටකට තමන්ගෙ පෑටිය (අවුරුදු 14 දරුවා) වෑඩට යැවුව අම්ම තාත්ත විරයොද??? (ස)
අම්මේ ඔබේ බැංකු ගිණුමේ අංකය පත්තරයට දාන්න.. අපි පුළුවං ලෙස ඔබලාට උදව් කරන්නම්.. අපේ මේ සුළු රුපියල ආදරය ඔබට ඒ ලේ ගෑවුණු රියාල්වලට වඩා වටිනවා..!(නු)
ඔබ වැනි කාන්තාවන් රටට ආදර්ශයක් (ස)
රිසානාගේ පවුලේ උදවියට උදව් කිරීමට ලංකාදීප මුල්තැන ගන්න. එම පවුලට පිහිටවන්න ආදාර මුදලක් පිහිටුවන්න. (නු)
තම දරුවන් මුදලට විකුණන අම්මලාට කදිම ආදර්ශයක්..!(නු)
නියමයි අම්මේ නියමයි (දී)
අගය කලයුතු වැඩක් (දී)
මේකම තමයි මැරිච්ච පොඩි ළමයාගේ අම්මත් සෞදි ආණ්ඩුව රිසානාව නිදහස් කරන්න කියලා දෙන්නම් කිව්ව කෝටි 10ත් එපා කිව්වෙ.. ඒ අම්මලට තමයි ඒ ළමයි වටින්නෙ..!(නු)
ඒ රටට අපේ රට ගැන තේරෙන්න ඇති (දී)
විශිෂ්ඨයි අම්මා (ස)
මේ මෑණියන් ඉතා ගරු කල යුතු උදාර කාන්තාවක්. සිංහල බෟද්ධ සමාජය එතුමියගේ උතුම් පිලිවෙතට ගරු කර එතුමියට සියලු උදවු උපකාර කල යුතුයි. ඒ යුතුකම අමතක කලහොත් අප ඉතා ගුණමකු ජාතියක් වනු ඇත.(ස)
දරුවා වෙනුවෙන් පිනට දෙන්න (දී)
මොන නීතිය උනත් මොකටද අනේ අම්මලාට මෙහෙම දුක් දෙනවානම් (ස)
සල්ලි වලට දරු දුක නිවන්න බැහැ
දැක්ක නේද දරු දුක හමුවේ සල්ලි දෙවෙනි වෙන හැටි (දී)
ඔබ අපිට ගෞරවයක් (දී)
ලාංකිකයෙක් විදිහට අපිට ඔබ ගැන ආඩම්බර විය හැකි (දී)
පොඩි දේටත් පාරට බහින මුස්ලිම් මහජන නියෝජිතයන් ඇයි මේ ගැන නිහඬ (ස)
වැඩක් නෑ දැනටම රජය ඔය මුදල බාරගෙනලු තියෙන්නේ (ස)
ඔබ වැනි අම්මා කෙනෙක් අපිට ගොඩක් වටිනවා. ඔබ දුප්පත් උනාට හිත ඔබේ පොහොසත් ....(ස)
නිවැරදි අම්මා කෙනෙක් . අම්මා මතු බුදු වේවා ! (ස)
දුප්පත්කම නිසයි මේ අම්මා රිසානා රට යැව්වේ . ඇයට දොස් කියන්න එපා (ස)
ශර්යා නීතිය මෙහෙම තමයි.. (නු)
ඔබ වැනි අය රටට ආඩම්බරයක් (ස)
ඔබ අපේ රටේ සැමට ආදර්ශයක්.. සෞදි ලේ තැවරුණු සල්ලි වලින් අහිංසක රිසානා සහෝදරී මිල කරන්න බැහැ.. ආවොත් ගහලා එලවන්න.. (නු)
ඔබ අපේ රටේ සැමට ආදර්ශයක්.. සෞදියේ ලේ තැවරුණ සල්ලිවලින් රිසානා මිල කරන්න බැහැ... (නු)
බොහොම හොඳයි... අපෙ රටේ බොහොමයක් නායකයින්ට නැති හොඳ කොන්ඳක් තිබෙනව රිසානා ගේ මෑණියන් වන ඔබ පෙන්නුම් කරා (ස)
මහා ලොකුකම් කතා කලාට අපේ රටේ ප්‍රධාන ආදායම්මාර්ගය ගෘහ සේවිකාවන්ගේ සල්ලි තමයි.. රට ගිහිං අනන්න දුක් විදින ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න කියලයි මේ කියන්නෙ..!(නු)
අන්න නියම ශ්‍රී ලාංකික තීරණයක්. අප රටට අවශ්‍ය මේ වගේ අය තමයි. ආඩම්බරයි ඔබ ගැන (ස)
ඒ මුදල දැනටමත් රිසානාගේ ගෙදරට දුන්නා කියලා ප්‍රචාරය යවලා කවුරුහරි අරගෙනද දන්නෙ නැහැ.. පිරිස වැඩිකරන්න කියන පල්ලිය මෙයාලට උදව් කරලා නැහැ... එයාලා ඉස්ලාම් ආගමේ නිසා මවුලවි තුමා කියන විදියට රිසානා මරපු එක ආගමානුකූලයි කියලා හිතන්න. (නු)
හොඳයි (ස)
මේ අපරාධය කර ඇත්තන්ට යහපතක්නම් වෙන එකක් නෑ (ස)
අම්මේ ඔබ දුප්පත් උනත් ඔබගේ මව් පදවිය සල්ලිවලට මිල කරන්න බැහැ.. දරු දුක දැනෙන්නෙ අම්මට විතරයි.. එයාලට කියන්න සල්ලි එපා රිසානාව දෙන්න කියලා. සල්ලිවලට හැමදෙයක්ම කරන්න බැහැ කියලා.. එතකොට තේරෙයි එයාලාට.!(නු)
සමන්ත, ඔබ හරියට හරි. (නි)
දුවව මරලා ඒ වෙනුවට සල්ලි දීලා හරියනවද (දී)
ඉතා අගනා තීරණයක්.. එම මුදල් වලින් ජීවත්වෙලා පලක් නැත..(ස)
මේ දියණිය දිවි පිදුවේ අපේ සියලුම කාන්තාවන් වෙනුවෙනුයි . ඇය වීරවරියක් . මේ පවුලේ අයට අපි හැකි ලෙස උදව් කරමු (ස)
ඇත්තටම මොන හිතකින් ගන්නද නේද (දී)
ඔබ අපිට ආදර්ශයක් (දී)
දිරිය මවක්. දරුවා නැති වුණාට පස්සේ සල්ලි මොකටද. සිංහලයින්.. මේ පවුලට උදවු කරමු. ශ්‍රී ලාංකික බෞද්ධ අපගේ යුතුකම එයයි. (ස)
ඔබ හරි අම්මේ (දී)
අන්න එඩිතර අම්මාවරු දරුවා නැති කොට කෝටියක් දුන්නත් මොකටද ? (ස)
විශිෂ්ඨයි. ඔබගැන ආඩම්බරයි අම්මේ (ස)
එක පැත්තකින් බඩු මිල අහස උසට. අනෙක් පැත්තෙන් මුද්දර ගාස්‌තු. ආණ්‌ඩුවට පිං අයිති වේවායි නැති බැරි මිනිස්‌සු කියති. මේ අතර රුපියල් පනස් ලක්‍ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදීම ගැන ඔව්හු රජයට වැඩියෙන් පිං පමුණුවති. (නි)
ඇත්ත මොන හිතකින් ගන්නද (දී)
අඩු වයසින් දරුවට බොරු උප්පැන්න හදලා යන්න අනුබල දුන්නු ඔබයි පළමු වැරදි කරු. දුප්පත්කම හේතුවක් කර ගන්න එපා. දැන් ගත්ත තීරණයනම් අගය කරනවා (ස)
ඔබ අපිට ආඩම්බරයක් (දී)
නියම කාන්තාවක් හා නියම ශ්‍රී ලාංකිකයෙක් (ස)
ඔය රාජ්‍යය භංග වේවා! (නි)
සමාවක් නොදෙන ආගම මොකද්ද ? (ස)
ඔච්චර අභය දානය ඉල්ලල හඩා වැටෙද්දිත් තිරිසන් විදියට මරල දාලා දැං එනවා සල්ලිත් දෙන්න. ඔය මිනිස්සු ජීවත් වන අසරණ විදිය ෆොටෝ එකකින්වත් දැක්කෙ නැද්ද ? ඔබට අපි ආදරෙයි අම්මා. (ස)
අපට දෙවියො වැඩකුත් නැහැ දෙවියන්ගෙ මල්ලි සල්ලි වැඩකුත් නැහැ අපට වැදගත් උනේ ඒ අසරණීගෙ ජීවිතෙ...!(නු)
නියම පිළිතුර (ස)
කොන්ද කෙලින් තියොගෙන ගත්තු තීරණය වටිනවා.. ඒත් වචනය රචනය කරන්න එපා පස්සෙ..!(නු)
එයාලට පුළුවන් උනාට නියම අම්මෙකුට පුළුවන්ද දරුවෙක් මිලකරන්න...(ස)
ඇයි අම්මෙ ඔබ මේ වගේ තීරණයක් කලින් නොගත්තෙ? ඇයි වයස අඩුවෙන් පෙන්නා දුවව සෞදි යැව්වෙ.. දැං බලන්න උන දේ..!(නු)
ඒ අසරණියට නිදහසට කරුණු දක්වන්නවත් ඒ අය අවස්ථාවක් දුන්නද? (නි)
අම්මෙ ඔයා සල්ලි ගන්න.. ඔය අදහස් දාන අය බොරුවට කටින් විතරයි වැඩ..!(නු)
ඔව් උපුල් මමත් කැමතියි (ස)
හරියට හරි . ඒ වගේම ෂරියා නීතිය හරි කියලත් නොකියනවානම් වැඩිය හොඳයි. ඔබට දෙවි පිහිටයි (ස)
කෝ, මේ තීරුවට ලියන මුස්ලිම් සහෝදරවරු? ඒ මුදල් පල්ලියක් හදන්න දෙන්න කීවොත්, මුස්ලිම්ලාගේ කටවල් කණේ තියේවි. (නි)
අපිට පුළුවන්නම් රිසානාගේ මරණය අන්තිම ඝාතනය කරන්න...? (නි)
ජාති භේද අපට වැඩක් නැ සැමට ආදර්ශ අම්මා කෙනෙක්, ආඩම්බරයි අම්මේ ....... ඔබ දුප්පත් උනාට හිත ඔබේ පොහොසත් ......(ස)
අම්මේ ඔබය පින් අපේ රටේ කිර්ති නාමය බේරා දුන්නාට (දී)
ඔබේ ප්‍රකාශය අපි එක සිතින් අනුමත කරනවා අම්මෙ . ඔයා ඔය ලේ තවරුන රියාල් මුදල් ගන්න එපා. අපි ඔයට් පුළුවන් ලෙස උදව් කරන්නම්. ඔය ගිණුමක් විවෘත්ත කරලා පත්තරයට දේන්න ඔයාට ඔය ලේ රියල්ස් වලට වඩා අපි එවන සුළු මුදල් වටිනවා තව තවත් දෙපයින් සිට ගන්න දිරිය ලැබේවා (ස)
ඔබ නිර්භීත මවක්. තමන්ගේ දරුවා බොරු චෝදනා දාල මරා දමපු අයගේ සල්ලි මොකටද?(ස)
ඔබ මුළු රටට ම ආදර්ශයකි..!(නු)
දිරිය මවක්.(ස)
ආඩම්බරයි අම්මා ගැන. ඔබට දෙවි පිහිටයි (ස)
බොහොමයක් සල්ලිකාරයන් ලඟ නැති සාරධර්ම තියෙන්නේ දුප්පත් මිනිස්සු ලඟයි.(ස)
ඔබ රත්තරං අම්මා කෙනෙක්.. කොන්ද පණ ඇති ගැහැණියක්.. වීර මාතා නමින් අරමුදලක් පිහිටුවන්න ඕන..අපි හැමෝම රිසානා වෙනුවෙන් එයාලාගේ පවුල ගොඩ ගමු..!(නු)
දිරිය මෑණියනී ඔබගේ තීරණය හරි, ඔබගේ දරු සෙනෙහස කිසි දින මුදලට ලබා ගත නොහැක .(ස)
ඔබ විශ්ෂ්ඨයි අම්මේ (ස)
ඔබ දිරිය කාන්තාවක්?(නු)
ටසෟදි අයට සල්ලි තියෙනවා කියලා වැරදි කරලා සල්ලිවලින් වැහුවාම හරි ඇති... බැංකු ගිණුමක් තිබේනම් සදහන් කරන්න..!(නු)
සල්ලි තිබුණා කියලා වැරදි කරලා ඒවා සල්ලි වලින් වහන්න දෙන්න බැහැ. (නි)
ඔබට ධෛර්‍යය ලැබේවා (ස)
අපේ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට යන තාක් අපිට ආඩම්බර, අභිමානවත් ජාතියක් ලෙස පෙනී සිටින්න බැහැ. (නි)
ඔයාගෙ වටිනාකම තවත් වැඩිවෙනවා, ඔයාගෙ දුව මරලා දාන්න නියම කරපු ෂරියා නිතියත් හෙලා දැක්කනම් අම්මේ. (ස)
කරුණාකරලා දැන්වත් ඒ පවුලට ජීවත් වෙන්න හොද නිවසක් හදලා දෙන්න. (නි)
කෝ මේ දේශප්‍රේමී මුස්ලිම් සහෝදරවරු ?? (ස)
හොඳ තීරණයක්. (ස)
නියමයි අම්මා තීරණය . දරු සෙනෙහස මුදලට යට කරන්න එපා (ස)
අරගෙන පිනට දෙන්න (දී)
හොර මාර්ගවලින් රට යන්න හදන අයට මේවා හොද පාඩම් (දී)
දරු සෙනෙහස මුදලට පවා නොදුන්න ඔබට පින් (දී)
මොකද ගමේ කට්ටියට බැරිද මුලික වෙලා සම්මාදමක් සුදානම් කරන්න ,මම එකතු වෙනවා ඒ සම්මාදමට (ස)
සිංහයින් තණකොළ කන්නේ නෑ . දුප්පත් වුණත් කොන්ද කෙලින් (ස)
බොරු වයස දාල පාස් පොර්ට් හදනකොටත් ඔහොම කල්පනා කරලා වැඩ කලානම් මෙහෙම වෙන්නේ නැහැ නේ ද?(ස)
සල්ලි වලට වඩා අම්මේ ඔබේ දුව වටිනා බව ලෝකයටම පෙන්නුවා. (දී)
ජීවන්තය දක්වාම රිසානාව හිරේ දැම්මනම් ඉවරයි මරන්නේ නැතිව.(දී)
රිසානාගේ නාමයෙන් අපේ රටේ දුප්පත් වැසියන්ට උදව් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට පුළුවං නම් කොපමණ අගෙයිද?(නු)
උතුම් කාන්තාවක් මවක්..!(නු)
ඔබ පෙන්වූවා ලොවට අපි ලාංකිකයි කියලා. අපට ඔය සල්ලි වැඩක් නැහැ.. අපට ඕන රිසානාගේ ජීවිතය.. රිසානා ඔබ ලාංකික සහෝදරියක්.. ඔබ රට ගියේ ඔබේ පවුල සදහා පමණක් නොව ලංකාවේ සියළුම දිළිදු පවුල් වෙනුවෙනි.. (නු)
ඔයාගෙ දුව මරලා දාන්න නියම කරපු ෂරියා නීතියත් හෙලා දැක්කා නම්, ඔබ විශ්ෂ්ඨයි අම්මේ. (නි)
හොද තීරණයක් අම්මේ. (නි)
රිසානා සහෝදරිය මතක්වෙන වාරයක්පාසා අරාබි ජාතිය ගැනම එන්නේ පුදුම තරහක්..!(නු)
ශාන්තට පොඩි වැරදීමක්,(නු)
අම්මලා දරුවන් හදන්නේ විකුණං කන්න නෙමෙයි.. අම්මේ ඔබ කළ දේට පිං..!(නු)
විශිෂ්ටයි. (නි)
මේ අම්ම වගේ අපේ රටේ හැමෝටම කොන්ද පණ තිබුණානම් අනිත් කාන්තාවනුත් සෞදි වලට යවනඑක නවත්තන්න තිබුණා.!(නු)
ඔබ ශ්‍රී ලාංකිකයෙක් (දී )
අසංක අයියාගේ අදහසට මම ගරු කරනවා. (නි)
හොඳ තීරණයක් (ස)
ඔබ ලංකාවේ තරම ඉගැන්නුවා (දී)
ගත්තානම් අපිට මහා අවනම්බුවක්, අම්මේ ඔබට පින් (දී)
මට කියන්න දෙයක් නැහැ හැමෝම කියලා තියෙන්නේ , නමුත් මගේ ස්තුතිය අම්මේ ඔබට (දී)
අම්මේ, ඔබට බුදු සරණයි (දී)
මේක හොද ආරම්භයක්.. අපේ කාන්තාවන් ස්වයං වාරණයක් දාගෙන සෞදි නොගිහිං හිටියොත් වඩා හොදයි..!(නු)
බොරු වයස දාලා රට යැව්වේ එයාලාගේ දුප්පත් කමට කවුරු උනත් කරනවා ඒ අවස්ථාවට.. ඔයා හොද අම්මා කෙනෙක්.. එකතුවෙලා උදව් කරන්න අපිත් කැමතියි.!(නු)
ඔබ වැනි අයටයි අපි අම්මා කියන්නේ.. ඒත් අම්මේ අර ශර්යා නීතියත් ඔය විදියටම හෙලා දැක්කනම් ඔබ තවත් උතුම්.. බුදු සරණයි.!(නු)
ෂරියා නීතිය හා මෙම සිදුවීම අතර පරස්පරත්වයක් තිබේ. ෂරියා නීතිය අනුව බොරු වයස දාලා පාස් පොර්ට් හදන එකත් හා බාරකාරත්වයක් නොමැතිව ස්ත්‍රියක් සේවයට ගැනීමත් සපුරා තහනම්ය. (නි)
ඔබ අපේ රටේ නම රැක්කා
ඔබ ශ්‍රේෂ්ටයි මවුනි. (නි)
රිසානාගේ මව උතුම් මවක් බව මුළු ලෝකයටම පෙන්නයි (දී)
සල්ලි වලට වඩා මනුස්සකම උතුම් (දී)
රිසානාගේ අම්මා හරියටම හරි. ඔබ නියම මවක්. අපි ඔබට ගරු කරනවා. (දී)
ඒ සල්ලි ටික අරන් රිසානා වෙනුවේන් දානයක් දෙන්න. (දී)
සල්ලි එපා යලි මෙවැනි දේ නොකරන්න (දී)
වෛර කරන්න එපා එයාලාට. එයාලා දෙයියගෙ කැමැත්ත ඉෂ්ට කළ එක විතරයි කළේ. (නි)
අම්මේ, රිසානට ලබා දුන්නෙ දඬුවමක් නොවේ. ඔබලා ගැන අනුකම්පාවක් තිබුණා නම් ඔබේ දුව නිදහස් කළ යුතුව තිබුනා. (නි)
100% නිවැරදි තීරණයක්. (නි)
ඔබ ගැන කියන්න වචන නැහැ අපිට (දී)
අගය කරනවා ඔබගේ මවුගුණය. (නි)
මම ආරාධනා කරනවා ඔබේ පවුලටත් බුද්ධාගම වැළද ගැනීමට. (නි)
රජයෙන් එයාලට හැමදේම කරලා දෙන්න පොරොන්දු උනා.. ගෙදරට යන පාරටත් රිසානාගේ නම දාන්න හදන්නෙ.. කොච්චර හොදද? වැරැද්ද වැරදි ලෙස කියන්න ඕන මොන ආගමේ උනත්... එයාලගේ සල්ලි මොකටද? දෙමව්පියන්ට දරුවා නැතිව..!(නු)
මම ඔබගේ තීරණයට ගරු කරමි. (නි)
ඇත්තටම මම රිසානාට වෙච්ච අසාධාරණය සම්බන්ධව ගොඩක් පසුතැවෙනවා.. (නු)
දරු සෙනෙහස කියන්නේ මේකයි.. මේ සියළුම අම්මාවරුන්ට අදර්ශයක්. වැරදි නිවැරදි කවුද කියා අල්ලා දෙවියන් දනී..බොරු වයස දාලා ගමන් බලපත්‍රය අරන් දුන්න අයටත් නිසි දඩුවම් ලබා දිය යුතුයි..!(නු)
මොන ආගමේද කියන්නේ මනුෂ්‍යෙයක් මරන්න කියලා..!(නු)
මොහොමඩ්ලා කමෙන්ට් දැම්මෙ නැතිඋනාට කරන්ඩ ඔනෙ දේ කරල තියෙන්නෙ . මේකෙ කොමෙන්ට් දාපු කීදෙනෙක් ඔය පවුලට සත 5 දුන්නද ?? ඔයාලා මෙහෙම කරන්නේ රිසානට තියෙන ආදරයකට නෙමෙයි කියලා අපි දන්නවා, ලඟදිම බලාගන්න ලැබේවි හැමෝටම (ස)
කෙසේ වෙතත් දැන් ෙව වෙන දේ වුණා. අනාගතයේදී හෝ මෙවැනි දේ නොවීමට වගබලාගැනීම අප කාගේත් වගකීමක් වනු ඇත. (නි)
දරුවගේ අගය මුදලින් නොමනින ඔබගේ සිත පොහොසත් අම්මේ. (නි)
ඔබතුමියට වගේ අපේ රට කරවන ඇත්තන්ටත් කොන්දක් තිබුණා නම් මොන තරම් හොදද? මිනිසත්කමක් නැති ජීවිත සල්ලි වලින් මනින ඔය වගේ තිරිසනුන් මේ පැත්ත පළාතට වද්ද ගන්න එපා. ඔබ සැමට බුදු සරණයි! (නි)
වැඩක් නැහැ අම්මේ. තවමත් ඔයා ෂරියා නීතිය හරි කියනවනේ . (නි)
ජයවේවා ඔබට (දී)
නොකළ දේකට දරුවාව මරලා දැන් එනවා සල්ලි දෙන්න. (නි)
මෑණියනි ඔබට දෙවි පිහිටයි (දී)
ලංකාදීප , කරුණාකර මොවුන් නමින් ගිණුමක් විවෘත්ත කරන්න . උදව්කරල හැකි අයට මුදල් එවන්න (ස)
බොරු වයසක් දාලා උප්පැන්න හදලා රට යවන්න කලින් මේවා හිතුවනම් නේද හොඳ ? (ස)
එහෙම කියන එක වැරදියි. ඒ අය නූගත්. වැරදිකරු පාස්පෝට් එක හැදූ අයයි. (නි)
මුස්ලිම් මිත්‍රවරුනි, ආදර්ශයට ගන්න ඇයව. සෞදි ගැත්තන් නොවී යතාර්ථය තේරුම් ගන්න. (නි)
ජාති භේද අපට වැඩක් නැහැ. සැමට ආදර්ශවත් අම්මා කෙනෙක්, ආඩම්බරයි අම්මේ. ඔබ දුප්පත් වුණාට හිත ඔබේ පොහොසත්. (නි)
ඒ සල්ලි අරන් මොනවා කරන්නද (දී)
ඒ මොහොත හරිම සංවේදී මොහොතක් (දී)
ඒ සල්ලි ගත්තනම් ලංකාව මහා නිවට ජාතියක් වෙනවා (දී)
ඇත්ත ඔබ ලංකාවට ගෞරවයක් (දී)
ඔබ අපිට අපේ රටට ආඩම්බරයක් අම්මේ, ඔබට වරදින්නේ නැහැ, ජයවේවා (දී)
මෙහෙම ඇහුවට සමාවෙන්න. මක්කම, සල්ලි අල්ලාගෙ කැමැත්ත නෙමේද? (නි)
හොද මවක් (දී)
අනේ මන්දා අම්මේ (දී)
මම බුදු දහම අදහන හොද බෞද්ධයෙක්, අපි මේ වෙලාවේ ආගම් භේදයකින් තොරව වෙච්ච සිද්දිය හෙලා දකිනවා, මුස්ලිම් උනත් බෞද්ධ වුනත් අපි ඔක්කොම මිනිස්සු (දී)
ඒ මව හරි, ඒ සල්ලි කොහොමද හිතකින් අතට ගන්නේ (දී)
මෙම මව මෙවැනි තීරණයක් ගැනීම සාධාරණයි. නමුත් උඩ බලාගෙන කෙළ ගසාගැනීමක් යැයි ඇයට පසුව තේරුම් යනකොට සිද්ධ වෙන්න ඕනෑ දේ සියල්ල සිද්ධ වී හමාරය. මන්ද යත්, ඇයව නිදහස් කිරීමට සෞදි රජයත් උත්සාහ කර ඇති අතර එම අගතියට පත් පවුලට රියාල් ලක්ෂ 30 ලබා දීමට රජය එකග වී ඇත. එසේම එම පවුලේ වැඩිමහල් ළමයා මන්දබුද්ධික වීම නිසා ඇය/ඔහු ජර්මනියට රැගෙන ගොස් සනීප කරදෙන ලෙස සෞදි රජය එම කුඩා දරුවාගේ මවගෙන් ඉල්ලීමක් කර ඇත. එයටත් ඇය එකග නොවීම නිසා තමයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජයට සිද්ධ වුණේ. එසේම අලුගෝසුවා පවා බෙල්ල කපන්න සුළු මොහොතකට පෙර විමසා ඇත්තේ යම් නිදහසට කරුණක් හෝ සමාවක් තිබේද යන්නය. (නි)
සල්ලිකාරයන් ළඟ නැති සාරධර්ම තියෙන්නේ දුප්පත් මිනිස්සු ළඟයි. (නි)
අන්න දරු දුක (දී)
සල්ලි ගන්න. අරන් ආගමික වැඩකට යොමු කරන්න (දී)
සල්ලි මොකටද, දුව නැතිව (දී)
සල්ලි ඕන නිසානේරට යැව්වේ (දී)
ඇත්ත, කොහොමද ඒ සල්ලි වලින් එක වේලක් කන්නේ (දී)
ජාති බේද නැතුව වැඩි පුර අදහස් දමලා තියෙන්නේ සිංහල කොල්ලෝ. කෝ දැන් අනික් කට්ටිය සද්ද නැද්ද මේවට! (නි)
විදේශ රැකියාවන්ට යන කාන්තාවන් මේක පාඩමකට ගන්න (දී)
සල්ලි ටික අරගෙන පිනට දෙන්න (දී)
මොනවා ලැබුනත් ආයෙත් ඒ අම්මගේ දුවව ලැබෙන්නේ නැහැනේ (දී)
වැඩක් නැහැ මොනවා ලැබුණත් නේද අම්මේ දුව නැත්ව.. (නු)
දුව මැරුවට පස්සේ සල්ලි මොකටද (දී)
ළමය නැතිව අම්මට මොන සල්ලිද (දී)
රිසානාගේ මව හරි (දී)
ඒ සල්ලි ගත්තනන්ම් අම්මටත් දඩුවම් කරන්න ඕනේ (දී)
සල්ලි වලට අම්මා ,තාත්තා ,ගෑණි ,ළමයි, තමුන්ගේ ආත්මය ඇතුළු හැම දෙයක්ම පාවලා දෙන මිනිසුන්ට මේවා හොද පාඩම් ! (නි)
ඔබ නියම ශ්‍රී ලාංකික මවක්.. ඔබ මුල්සිම් උනත් දරු දුක දරු සෙනහස අදුනන මවක්.. අම්මේ මම ඉන්නෙ සෞදිවල මෙහෙ අයට සෙනෙහස කියන්නේ මොකද්ද කියලා දන්නෙ නැහැ.. මෙයාලව මොනවාට මැව්වද දන්නෙ නැහැ.. ඔභ ශ්‍රී ලාංකිකයෙක්.. හැබැයි මුස්ලිම් නායකයෝ මේකට මොනවත්ම කළේ නැහැ..ඔයාලා ගැන හිතන්නේ නැහැ.. ඒකයි ඇත්ත. අපිට ඔයාලා ගැන ඇත්තටම දුකයි..!(නු)
අපිට ඔබ ගැන ආඩම්බරයි අම්මේ. (නි)
හැමතිස්සෙම සෞදි යන ගැහැණු අයට කරදර නම් ඇයි යවන්නෙ නැතුව ඉන්න බැරි? (නි)
අල්ලා දෙවියන් දැකපු කෙනෙක් නැහැ නේද? අඩුම ගානෙ පිංතූරයකින්වත්..!(නු)
රිසානා දුවගෙ අම්මට මගේ ප්‍රණාමය! අම්මේ, දැන්වත් පේනවාද අති උතුම් කුරාණය පෙන්වා ෂරියා නීතියක් දමා මිනිසුන් පාලනය කරන් හැටි? මානව හිමිකම් කඩන්නේ ශ්‍රී ලංකාව වැනි ටටවල් නොවේ. නගන්න හඩක් ලෝකයට . (නි)
මෙන්න නියම අම්මා කෙනෙක්. නියම වීරෝධාර කාන්තාවක්. (නි)
දිරිය කාන්තාව රිසානායි..!(නු)
නියමයි . මම ඔබට යෝජනා කරනවා කැබිනට් ඇමති කමක් වෙනුවෙන් (ස)
ආත්ම ගරුත්වයක් ඇති තීරණයක්. සල්ලිවලින් මව් සෙනෙහස මනින්න බැහැ. කොහොම උනත් ලංකාවේ අපි ඇයට උදවු කළ යුතුයි. ඒ සදහා ක්‍රමයක් සකසන්න අපිත් උදවු කරනවා (ස)
කෝ මේ වෙනද ඉන්න කටිටිය? රිසානා දුවේ ඔබට නිවන්සුව !!! (ස)
නියම වීර කාන්තාවක්.. ඔබේ ආගමේ වැදි දේ දකින්න..ඒ සල්ලි එපා.. ආගමත් අත්හරින්න..ලෝකෙට පේන්න දරු සෙනෙහස ආගමට වඩා ලොකුයි කියා.. ඔයාගෙ ආගම ගැන තීරණයක් ගන්න.. බුදු සරණයි..!(නු)
සෞදි ගැත්තන් ෂරියා නීතියක් දමා මිනිසුන් මැරුවට සාරධර්ම තියෙන්නේ දුප්පත් මිනිස්සු ළඟයි.අම්මට උදවු කරන්න ගිණුමක් විවෘත්ත කරලා පත්තරයට දේන්න. (ස)
කොහොම හරි දුවගේ මිනියවත් ගෙන්න ගන්න.. ඒකවත් ආණ්ඩුවට කරන්න කියන්න.. දැංවත් ඔය ආගමෙන් ඉවත්වන්න..!(නු)
සිංහල දන්න මුස්ලිම් මිත්‍රවරු මේ අදහස් ආදර්ශයට ගන්න ජාති බේද නැතුව . බෞද්ධ අපිටත් ඔබ වැනි අම්මා කෙනෙක් ආදර්ශයක්. (ස)
මාස හතරේ දරුවට කිරි බෝතලෙන් පොවන්න කියපු අර අම්මගේ හැටි හිතාගන්න පුළුවං.. අපේ අම්මලා අපිට අවුරුදු 4ක්වත් මව්කිරි පොවන්නඇති.. මේතන දඩුවමක් නෑ.. පළිගැනීමක් විතරයි සිදුවෙලා තියෙන්නේ.. ජාති ආගම් නොසලකා මේ පිළිබද විරෝධය පළකළ ලාංකිකයන්ට මාගේ ප්‍රණාමය..!(නු)
දරුවෙකුගේ වටිනාකම මුදලින් මනින්න බෑ . සැබෑ දරු කැක්කුම ඇති අම්මා කෙනෙක් . දීර්ඝායුෂ ලැබේවා (ස)
දුවව රට යවද්දිත් ඔය වගේ කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගත්තා නම් කොච්චර හොදද? (නි)
රට යවනකොටත් ඔය වගේ කොන්ද කෙලින් තිබුණානම් තමයි හොද.. අවුරුදු 17පොඩි දරුවෙක් රට යැව්වෙ නිකම් නෙමෙයිනෙ.. අම්මට නෙ යන්න තිබුණෙ... නැත්නම් තාත්තට සෞදියෙ වැඩක් හොයාගන්න පුළුවං නේ.. (නු)
අපේ අයට ඉගෙනගන්නවා නම් මෙන්න හොද පාඩම්... (නි)
මිනිසත්කම නොදන්නා මිනිසුන්ගේ සල්ලි වලින් වැඩක් නැහැ අම්මේ. (නි)
මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ. (නි)
මේ අධාර පරිත්‍යාග බාරගත යුතුයි. ඒකෙන් රිසානාගේ ආත්මෙට කැළලක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නීතියට කවුරුත් ගරු කරන්න ඕනෑ. ලංකාවේ වගේ නෙමෙයි. මේ සිද්ධියේදී අවාසනාවන්ත ලෙස රිසානා මිය ගියේ අපේ පාලකයන්ගේ අඩුපාඩුකම් නිසාත්, පැමිණිලිකාර පාර්ශවයේ තිබුණු ඒකමතික තීරණයත් නිසාලු. (නි)
සැමට ආදර්ශවත් අම්මා කෙනෙක්, ආඩම්බරයි අම්මේ (ස)
සන්තෝසයි ඔබ ගැන (දී)
මේ දියණිය දිවි පිදුවේ අපේ සියලුම කාන්තාවන් වෙනුවෙනුයි . ඇය වීරවරියක් . මේ පවුලේ අයට අපි හැකි ලෙස උදව් කරමු ලංකාදීප, මේ අය වෙනුවෙන් ගිණුමක් විවෘත්ත කරමු. අපිත් සහය වෙන්නම් (ස)
ඔය සල්ලි ටික අර රිසානාගේ මරණය සාධාරණයි කිවුව පූජකයාට දෙන්න. (නි)
ආඩම්බරයි. (නි)
දරු දුක නිසා (දී)
අපිට ඔබ ගැන ආඩම්බරයි අම්මේ. (නි)
ඇත්තට ඔබ ගැන අපිට ආඩම්බරයි. මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලම් බඩු ගාණට හිතන අරාබි අයගේ සල්ලි අපිට එපා. අම්මා ගිණුමක් විවෘත්ත කරලා පත්තරේට දාන්න. අපිත් ආධාර කරන්නම් (ස)
ඔබ රටට ආඩම්බරයක් (දී)
ශාන් හරි (ස)
අම්මගේ වගෙ කොන්දක් අපේ රටේ වගකිවයුත්තන්ට තිබුණානම් දුව අද ඔබ ළග... (නු)
ඒක හොදයි ඔවුන්ගේ මුදල් බලාපොරොත්තු වෙන්න එපා..(නු)
ශර්යා නීතියට අනුව මරණ දඩුවමින් ගැලවෙන්න ක්‍රම දෙකක් ඇත එකක් ලේ සල්ලි.. අනික සමාව අපේ ජනපති බොහෝ උත්සාහ කළා.. නමුත් ඒ රටේ මිය ගිය දරුවාගේ අම්මා සමාව දුන්නෙ නැහැ..!(නු)
මෙවැනි අම්මලා අප අතර සදාකල් බිහිවේවා.. මෙම එඩිතර මවට සුභ පතමි.. අපි ලාංකිකයෝ රුපියල රුපියල හරි පරිත්‍යාග කලානම් කෝටිගාණක් බිහිවේවි.. ගිණුමක් විවෘත කරලා ලංකාදීපයට කියන්න..!(නු)
ගොඩක් හොඳ තීරණයක් (ස)
මේ අම්මගේ නිවසේ ලීපිනය ඉදිරිපත් කරන්න (ස)
ඔබ නියම මවක්. ඔබ නියම ලාංකික කාන්තාවක් . ජය වේවා ඔබට (ස)
බලන්න ලාංකීයත්වය. මුළු රටම දුක් වන රිසානා වෙනුවෙන් අපි යුතුකම් ඉටුකරමු (ස)
මව් පදවියට සබැ බවක් ගෙනෙන ඔබ,,,,,,,,,,,,,,, සැම දේම මුදල් ම යයි සිතන සමාජයක එයට හසු නොවීමට තරම් පොහොසත් හදවතක හිමිකම දරන ඔබ දිරිය මවකි .....................(ස)
සමාවෙන්න, මිනීමැරුමට දඩුවම් දුන්නා එයයි යුකතිය..!(නු)
ඔව් ඔබ උතුම් කාන්තාවක්.. (නු)
බලන්න මේ සිංහල මිනිසුන් තොකරම් හොදද කියලා සිංහලයාට ලෝකෙයේ කිසිම තැනක ඉඩක් නැහැ.. ඒත් මුසුලිම් කියන බලන් නැතිව අපේ මිනිසුන් තොච්චර ආදරේ කරනවාද ඒ අයට මේකට දාලා තියෙන අදහස්වලින් ඒක පේනවා.. මුස්ලිම් ජනයා ලැජ්ජා විය යුතුයි.. ශර්යා නීතියට අනුව දඩුවම හරි උනත් නොකර වරදකට ජීවිතයෙන් වන්දි ගෙවන්න උන කෙල්ලව බේරගන්න බැරි උන එක ගැන. (නු)
මේ ඛේදවාචකය සෞදියේ ශර්යා නීතියෙ තිබුණු වරදක් නිසා නොව අධිකරණ ක්‍රියාවලියේ තිබුණු යම් යම් දුර්වලතා නිසා. මේවාට අපේ තානාපති කාර්යාලා විදේශසේවා නියුක්තිකාර්යංශ වග කියන්න ඕන.. නමුත් මුදල් භාර නොගැනීම සතුටට කාරණයක්..!(නු)
අපි හැමෝම මෙයාලට උදව් කරමු (ස)
නියම ශ්‍රී ලාංකික කාත්නාවත් සල්ලි ගත්තොත් රිසානා වරදක් කළා වෙනවා.. මේ තීරණයට අපි හිස නවා ගරු කරනවා...!(නු)
ඔබ අද වගේම එදත් ශක්තිමත් තීරණයක් ගත්තානම් අද මෙලෙස සිදුවන එකක් නෑ. නමුත් එය සිදුවී අවසන්, අනාගතයට ශක්තිමත්ව මුහුණ දෙන්න වාසනාව ලැබේවා (ස)
ඔබගේ තීරණය හරිම එඩිතරයි අම්මේ (ස)
රිසානාගේ මරණයට අම්මයි තාත්තායිත් වග කියන්න ඕන.. ඒ දෙන්න තමයි අඩු වයසින් රට යැව්වෙ.!(නු)
දරුවගේ අම්මට මුදලුත් ආභාධිත දරුවට ජර්මනියෙ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නත් දන සෞදි රජය රිසානාට අවශ්‍ය නීතිමය සහයවත් හරියාකාරව භෘෂාපරිවර්තකයෙක්වත් නොදීමෙන් පැහැදිලිවෙන්නේ සෞදි රජය ඇයව නිදහස් කරන්න දරපු උත්සාහය බොරුවක් කියන එකයි.. මේක ඕනෑම කනෙකුට තේරෙනවා..!(නු)
අපිට මේ සිදුවීම කොතරම් දුකක්ද කියලා මෙහි අදහස් පළකරන බහුතරයක සිංහල අයගේ අදහස් වලන් පේනවා.. (නු)
ඇය උතුම් මමක් මගේ දුව වටිනවා වෙනත් ඕනම දේකට වඩා.. (නු)
දරුදුක කොයි අම්මාටත් එක සමානයි.නමුත් මේ දඩුවම වෙනත් ජාතිකයෙකුට වුනානම් ෂරියාව ඉතා හොද සාධාරණ නීතියක් බව ගොඩක් අය ප්‍රකාශ නිකුත් කිරීමට පසුබට නොවනු ඇත.මේ මව ෂරියා නීතිය හෙළාදැක කියා පුවත්පතක පළවුනොත්,කැලෑ ෂරියාවෙන් හෝ ඇයට දඩුවම් ලැබෙන්න බැරි නැහැ. ඒ නිසා මේ අසරණ අම්මා ෂරියාව ගැන නිහඩයි. (ස)
ෆාතිමා සල්ලි ගත්තනම් ලංකාව නෙමෙයි නිවට වෙන්නෙ ඔයාලවම තමයි.. ලංකාව උතුම් රටක්.. ඔබලාට අල්ලා දෙවි පිහිටයි..!(නු)
අනේ අනේ අල්ශාන් ඔයාල කියන්නකො ශර්යා නීතිය වැරදියි කියලා.. ඔයාලටත් අල්ලා දෙවියන්ගේ ශර්යා නීතියේ පිහිටයි.!(නු)
අපේ පැස්කල් මහත්තයා කියනවා. " එහෙම කියන එක වැරදියි. ඒ අය නූගත්. වැරදිකරු පාස්පෝට් එක හැදූ අයයි" කැකිල්ලෙ රජ වගේ නෙ..!(නු)
සිංහල බෞද්ධ අපි ඔබ සමගයි..!(නු)
සල්ලිවල බලේ නිසා තමයි ඇමරිකාව කතා කරන්නෙවත් නැත්තෙ.. දරුවෙකුගෙ ජීවිතය සල්ලිවලට මිල කරන්න මොන අම්මටද පුළුවං.. හද සසලවෙනවා මගෙනම් නිතරම.. දුප්පත්කමට දිවිදුන් ඔබ සදා අමරණීයයි රිසානා..!(නු)
අඩු වයසෙන් හොර පාස්පෝට් හදලා ළමයාව රට යවලා දැං දුක් වෙනවා... කොච්චර අගහිග කම් තියෙනවා නම් තේරුමක් නැතිව කෙල්ලව යවන්නෙ නැතිව තමන්ට යන්න තිබුණනෙ... මේ වගේ මිනිසුන්ද එඩිතර.. උතුම්.. දරුවො ගැන හිතන අම්මලා මෙහෙම කරනවාද? (නු)
යූනුසලාවි මහත්තයෝ ඔචච්ර ඒ රජය සාධාරණ නම් ඒ ළමයාට අවස්ථාවක් දෙන්න තිබුණා.. තමන්ගේ නිවැරදි බව පෙන්වන්න.!(නු)
මේ වෙලාවෙ එයාලට ආධාර කරන්න පුළුවං ලංකාවෙ අය ඉන්න නිසා රිසානාගෙ මවගේ බැංකු ගිණුමක් ලංකාදීපය හරහා පළකරන්න. ජාතිභේදයෙන් තොරව රිසානා වෙනුවෙන් ඒ අම්මට උදව් කරන්න..!(නු)
බෑන්කි මූන් කණගාටුව පළ කලාට වැඩක් නැහැ.. අහිංස දුප්පත් ජීවිත බිලිගන්න සෞදිය වෙනුවෙන් බලවත් තීරණයක් ගන්න.. ගුවන් කටයතු ආම්පන්න විකිණීම නවතා දාන්න තෙල් ගන්න එපා.!(නු)
ඇයි අම්මේ මේ කෙල්ලව මේ විදියට රට යැව්වෙ.!(නු)
අපිටත් වෙච්ච දේ ගැන ඉතාම කණගාටුයි උතුම් මවක්..!(නු)
ඔය සල්ලි අරගෙන දරුවගේ පව් හෝදගන්න..!(නු)
ගන්න එපා හොද අම්ම කෙනෙක්..!(නු)
දැන් වෙචිච දේවල්වුනා. හැබැයි මෙඅමිමා එදා අඩුවයසෙන් කෙල්ලව රටයැවිවෙ මොනහිතකින්ද!(නු)
රිසානා දුවට අපි හදපත්ලෙන්ම ශෝකය පළ කරනවා.. අම්මේ මේ අසාධාරණයට නිශ්ෂබ්ධ නොවන්න ලාංකික අපි ඔබ සමගයි පුළුවං විදියට අපි උදව් කරමු.. ගිණුම්ක් විවෘත කර ලංකාදීපයට පළ කරන්න..!(නු)
දරු සෙනහසට ආගමක් ජාතියක් නොමැත ...........(නු)
ශර්යානීතිය ඇමරිකානු බ්‍රිතාන්‍ය අයට ක්‍රියාත්මක නොකරන්නේ ඇයි..? එයාලට බයද? මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ ආසියාවෙ අයට.යි අප්‍රිකාවෙ මැදපෙරදිග මිනිසුන්ිට පමණයි..!(නු)
සිදුවු දේ සමිබන්ධව බොහෝ දෙනෙකු කම්පා වෙන බව සැබෑව නමුත් සෞදියේ රජතුමා පවා ඇයව නිදහස් කර ගැනීමට උත්සහ කළ බව බොහෝ දෙනෙකු දන්න දෙයකි.ළමයාව රට යැව්වෙ පවතින දුගීදුප්පත් කමනිසාත් දරිදූරතාවය නිසාත්ය අරාබිකර යේ හිත්පිත්නැති දරැණු මිනිසුන් මෙන්මම ඉතාමත් කරැණික හදවත් ඇති ඇත්තන්ද සිටිනබව අවිවාදයෙන් අපි පිළිගතයුතුය සමහරක් ගුණගරැක පිරිස් මෙන්ම සවුදියේ රජතුමාද ඉදිරිපත්වීමෙම පවුෙල් උදවියට උදවුකිරීමට ඉදිරිපත්වීම ඇත්තෙන්ම අපද අගේ කළයුතුය දැන්වත් ඉදිරි අණාගතය සමිබන්ධව තීරණයකර ඒම දරැවන්ටද නිවහනක් සදාදී ඔවුනගේ අනාගත අධ්‍යපනකටයුතු සදහා ඒම මිලමුදල් යොදවන්නේ නමි ඒයද මරණයට පත්වු ඒම නැගණිය ගේ අවසාන බලාපොරොත්තුව ඉටුකිරීමට ලැබෙන්නාවූ අවස්ථාවකි මේ මාතෘකාවද ටික දිනකින් අපේ සමාජයට අමතකවීමද නොවැළැක්විය හැකිය ඒම නිසා මිනිස්සමාජය ගැන විස්වාසය නොතබා තම දුදරැවන් ගැන සිතා භුද්ධියෙන් යුතුව කටයුතු කිරීම කාගේත් වගකීමක් වන්නේය
ඔය සල්ලි දැනටමත් ඇවිල්ලා නම්, ඔබලා නොගත්තොත් රිසානාට පින් පිණිස කියා ඒවා යටිමඩි ගහාවි. (නි)
දැන්වත් ප්‍රේමය, මෛත්‍රිය ගැන සදහන් ආගමකට මාරුවුණොත් නරකද? (නි)
අද සමාජය ගොඩනැගී ඇත්තේ මුදල් සහ බලය මතම පමණි. (නි)
අවිහිංසාව ගෑවිලාවත් නෑ. මිනීමැරීම වරදක්. මේකෙන් කරන්නෙත් ඒකම නේද? (ත)
නියමයි (දී)
ඉතා හොදයි. (නි)
දැක්ක නේද දරු දුක (දී)
හැමෝම කිවුවත් ඔබ එඩිතර මවක් කියලා ඇයි ඔබගේ දියණියව හොර පාස්පෝට් හදලා රට යැවුවේ? (නි)
ඒ මවගේ යුතුකම ඒ මව කළා, දැන් තියෙන්නේ ඒ මව වෙනුවෙන් අපේ යුතුකම කරන්න (දී)
අනුශ්කිකා හරි අපි අපේ යුතුකම කරමු (දී)
දැනට සෞදියේ ඉන්න අපේ කාන්තාවන් ලංකාවට ගෙන්නාගන්න බැලුවොත් හොදයි. (නි)
හොර වයස දාලා පාස්පෝට් හදපු අයටයි මේ දඩුවම දෙන්න ඕනෑ. (නි)
මුළු ලෝකෙටම ආඩම්බරයක් ඔබ (දී)
ඔබ පෙන්වූවා ලොවට අපි ලාංකිකයි කියලා. අපට ඔය සල්ලි වැඩක් නැහැ. අපට ඕනෑ රිසානාගේ ජීවිතය. රිසානා, ඔබ රට ගියේ ඔබේ පවුල සදහා පමණක් නොව ලංකාවේ සියළුම දිළිදු පවුල් වෙනුවෙනි. (නි)
අම්මේ, ඔබ විශිෂ්ටයි. (නි)
කොන්ද පණ තියෙන පිරිම ඉන්නවන්ම් ගෑණු රට යවන්නේ නැහැ.(ස)
රටේ ගෞරවය තිබ්බ එකට ඔබට ස්තුති (දී)
කොතරම් නැති බැරිකම් තිබුණත් සල්ලි නොගත් ඔබ ආදර්ශවත් මවක්. (නි)
මිනිස්සුන්ගේ නැතිබැරිකම වෙනයි. ඒත් ආත්ම ගෞරවය වෙනයි. නැතිබැරි මිනිසුන්ට හරි ආත්ම ගෞරවයක් තිබෙන බව මේ වගේ රටවල් වලට තේරුම් ගන්නත් එක්කලා මේ විදිහ දෙයක් කළ එක හොඳයි. හිඟන්නෙකුට වුණත් ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා. මේ අම්මට තමන්ගේ දුවගේ ජීවිතය මුදලට වඩා වටින බව මේ අම්මා ක්‍රියාවෙන් මේ අරාබි රටවල් වලට ඔප්පු කරලා පෙන්නුවා. මේ අම්මගේ නිර්භීත තීරණයට මගේ අවංක ප්‍රණාමය පිරිනමනවා. (නි)
මිනිස්සුන්ගේ නැතිබැරිකම වෙනයි ඒත් ආත්මගෞරවය වෙනයි. නැතිබැරි මිනිසුන්ට හරි ආත්ම ගෞරවයක් තිබෙන බව මේ වගේ මිනීමරු රටවල් තේරුම් ගන්නත් එක්කලා මේ විදිහ දෙයක් කළ එක හොඳයි. හිඟන්නෙකුට වුනත් ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා. මේ අම්මට තමන්ගේ දුවගේ ජීවිතය මුදලට වඩා වටින බව මේ අම්මා ක්‍රියාවෙන් මේ මිනීමරු අරාබි රටවල් වලට ඔප්පු කරලා පෙන්නුවා. මේ අම්මගේ නිර්භීත තීරණයට මගේ අවංක ප්‍රණාමය පිරිනමනවා (ස)
අම්ම කෙනෙක් විදියට රිසානාව අඩු වයසින් රට යවලා හිත හදාගත්තේ දුප්පත් කම නිසා කියමුකෝ, ඒත් ඇයි ඔයාලගේ බලධාරියේ මේ වෙනුවෙන් පියවරක් නෙගත්තේ (ස)
රිසානා දුවගේ මරණය විකුණලා සල්ලි උපයාන්න කට්ටි සූදානම් වෙයි. සෝදිසියෙන් ඉන්න. (ත)
රිසානාට ගෞරවයක් ලෙස සියලුම ලාංකීය කාන්තාවන් සෞදියෙන් පිටමං වියයුතුයි. (නි)
මේ රටට මීටපසු ලංකාවෙන් එක්කෙනෙක්වත් යවන්න එපා. (නි)
අනේ තරහ වෙන්න එපා. මේ අම්මට දුවව ඔච්චර වටිනවා නම්, මොන හිතකින්ද අවුරුදු 14 දී රට යැව්වේ. (නි)
මේ වගේ දේවල් වලට අදහස් දමද්දී නිකන් මුලාවෙලා, හැගීම්බර වෙලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
අපි රිසානාගේ අම්මා ගැන ආඩම්බර වියයුතුයි. (නි)
ඔබගේ ආගම වෙනස් කර ඔවුන්ට පාඩමක් උගන්වන්න. (නි)
රකිත්, හරි. (නි)
ශර්යා නීතියට අනුව පිරිමින්ට ගැහැණියගෙන් දෑවැද්දක් බලාපොරොත්තුවෙන්න බැහැ.. එයාලා ඒක ඉල්ලනවානම් හරාම් . එනිසා කාන්තාවන් ගෘහ සේවයට යැවීමත් නැවැත්තිය යුතුයි. (නු)
ඔබ ලක් දෙරණට ආඩම්බරයක් (දී)
1. මේ වගේ අම්මලා සදාකල් බිහි වේවා කියල කව්ද කියල තිබුණා. මම නම් හිතන්නේ ඒ කියපුකෙනාගේ ඔළුවේ ලෙඩක් වගේ. දුව මැරුවට පසේත් කලේ ශරීය නීතිය හරි කියා කියා හිටපු එකනේ. කව්රු උනත් හරි දේට හරි වගේම වැරදි දේට වැරදි කියන්න පුළුවන් වෙන්න ඕනේ. සල්ලි නොගත්ත එක නම් හොදයි. නැත්තම් අපිට ලංකාවේ කියල කියන්නත් ලජ්ජා හිතේවි වෙන රටකදී. 2. අපිට මේවට ප්‍රතිපත්තියක් නෑ. නුපුහුණු ශ්‍රමිකයෝ රට යැව්වම ඔහොම තමයි. හැබැයි පුහුන අය ගියාම මරහඬ දෙනවා "බුද්ධි ගලනය කියල" 3. මම දන්නා තරමින් නම් මස 6ට අඩු දරුවෙන් සේවිකාවකට බලාගන්න දීමත් නීතියට අනුව ලොකු වැරද්දක්. සෞදි නීතිය ඔයතරම් සාධාරණ නම් ඒ අම්මගෙත් බෙල්ල කපන්න ඕනේ කියලි මම නම් පෞද්ගලිකව හිතන්නේ. අම්මට සමාව දෙන්න පුළුවන් නම් ඇයි රිසානට සමාව දෙන්න බැරි ????????? අපේ නිවට කමක් නේද තව ගෑනු සෞදි යවන එක සහ ඉන්න ගෑනු ගෙන්වා නොගන්න එක ??? (ස)
සල්ලි නැතිව ජීවත් වෙන්න අමාරු බව ඔයාට දැනෙනානම් ඔයා ඔයාගේ කටින් ඔහොම දේවල් කියන්නෙ නැහැ රකිත.. බුද්ධිමත් මනුෂ්‍යෙයක් වගේ හිතන්න..! (නු)
හොදයි අම්මේ නියමයි. (නි)
ලක්මාල්, සල්ලි නැතුව මහපාරේ හිඟා කන්න වුණත්, මම කවදාවත් මගේ දරුවෙක් අඩු වයසින් රට නොයවමි. ජීවත් වෙන්න අමාරු බොහෝ දෙනෙක් මහත් වෙහෙසක් දරා තම දරු පවුල් රකිති. කුසගින්නෙන් කිසිවෙක් අප රටේ මිය ගිය බව මා අසා නැත. (නි)
ඉන්නකල් කවුරුවත් නොබලා දැන් බොරුවට කෑගහනවා. (නි)
චාමික නිවැරදියි. (නි)
ඔබ ශ්‍රේෂ්ඨයි! මම කියන්නේ මෙම මුදල ලබාගෙන ඔබලාගේ ආගමික මධ්‍යස්ථානයක් හරහා තවත් ඔබලා වැනිම දුප්පත්කම නිසාම රට යන්න ඉන්න කාන්තාචන් පිරිසක් ආගම්,ජාති බේදයකින් තොරව තෝරාගෙන ඔවුන් රිසානාගෙ නාමයෙන් රට නොයන කොන්දේසියට යටත් කරලා යහපත් ජීවිතයක් ගෙවන්න සලස්වන්න. නැත්නම් අපේ දේශපාලුවෝ විකල්ප විදියකට මුදල අරගෙන ආණ්ඞුවන් දෙන විදිභට හෝ ඔවුන්ගේ පුද්ගලික මැදිහත්වීමෙන් දෙන බව පෙන්වා ගනීවි. (නි)
දරුවන් මුහුදට දාන අම්මලා ඉන්න රටේ මේ වගේ අම්මලා උතුම්! (නි)
අම්මේ, ඔබ වීර කාන්තාවක්. ඔබට සම්මා සම්බුදු සරණයි! (නි)
අපේ රටේ අහිංසක සහෝදරියෝ තමන්ගේ ප්‍රියයන් තනිකරලා වහල් සේවයට යන්නේ අපේ රටේ ආර්ථික වර්ධනය 7%ක තියන අවස්ථාවක. (නි)