සිංහරාජ වනාන්තරයේ දුර්ලභ උඩවැඩියා වර්ග 75-100 හොරෙන් රැගෙන යෑමට තැත් කළ රුසියා ජෝඩුවක් තුඩව පිවිසුම් දොරටුවේදී අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. අද උදේ සිංහරාජයට ඇතුළු වූ මේ දෙදෙනා ආපසු යමින් සිටියදී ඇතිවූ සැකයක් මත කාන්තාවගේ බෑගය විවෘත කැර පෙන්වන ලෙස කීවත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා පොලීසියද කැඳවිණි. උඩවැඩියා ශාඛ අත් බෑගයේ තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකමට රුසියෝ. (නි)
උඩවැඩියා මලකි මල් මැද මල් ළදකි... (නි)
ඔයිට වැඩිය මහ ගසුත් අපේ කට්ටිය හොරෙන් කපාගෙන යන එකේ, ඔය පැළෑටියක් ගළවා ගන්න එක ලොකු වැරැද්දක් හැටියට මම දකින්නෙ නැහැ. (නි)
දියමන්තිය ගිලපු චීනාට දුන්නා වගේ මේ දෙන්නාටත් දැඩි දඩුවම් දියයුතුයි. එහෙම නේද? (නි)
නීතිය ක්‍රියාත්මක කළ වන සංරක්ෂණ නිලධාරී මහත්වරුන්ට ස්තුතිවන්ත වේවා! (නි)
මේ වගේ සංචාරකයෝ තමයි දැන් ලංකාවට එන්න පටන් අරන් තියෙන්නේ. මේ අයට විශාල දඩ මුදලක් සහ අඩු වශයෙන් මාස 6කටවත් හිරේ දාන්න ඕනෑ. එතකොට තමයි ඔය දේවල් කරන්න හිතන් ඉන්න මිනිස්සු පාඩමක් ඉගෙනගන්නේ. ඔය වැඩේට ලංකාවෙන් උදවු දුන්න මිනිස්සුන්ටත් දඬුවම් දෙන්න ඕනෑ. (නි)
නොයෙක් අපහසුකම් මැද වන නිලධාරීන් කරන රැකියාව මීට වැඩිය අපි අගය කළ යුතුයි. (නි)
රුසියාව අපේ මිත්‍ර රටක්නේ. ඒ නිසා සමාව දෙමුද? (නි)
කවුරු කළත් වැඩේ වැරදියි. (නි)
අපේ රටේ නීතියට පිට රැටියන්ගේ තියෙන බය අඩු වෙලා වගේ (ස)
මේ අය හිඟාකන සංචාරකයොද ?? (ස)
සංචාරකයොද ? වටිනා ගස් හොරුද ? (ස)