මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව නගර සභාවේ උප සභාපති සුජිත් පුෂ්පකුමාර සිකුරාදා (26) මොරටුව නගර සභාවේ මාසික සැසිවාරයට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම් එම් මිහාල් මහතා බන්ධනාගාර අධිකාරියට නියෝග ලබා දුන්නේය.
සැකකාර සුජිත් පුෂ්පකුමාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම අවසරය ලබා දුන්නේය.
පසුගිය පෙබරවාරි 3 වැනිදා මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කැරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව නගර සභාවේ උප සභාපතිද, එස් ධනුක ෂෙරෝන්, සුදේශ ධනුෂ්ක ප්‍රනාන්දු, නිපුණ සම්පත් ප්‍රනාන්දු සහ රමේෂ් දිල්රුක් මැන්දිස් යන සෙසු සැකකරුවෝ ද ලබන මැයි නව වැනිදා දක්වා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, අනිත් හතරදෙනා? (නි)
අනේ කොහොම හරි රැස්වීමට යවන්න. රටට සේවය කරන්න ආපු අයනේ. මිනි මැරුවට ඊලග ඡන්දෙට ලෑස්ති වෙන්නත් ඕනෑනේ. කොහොම කළත් පින් පව් කියලා දෙකක් තියනවා.නීතියෙන් කොහොම වුණත් පින් පව් වලින් නම් හරියටම සාධාරණය ඉටු වෙනවා. (නි)
මොනවද ඔට්ටු මෙයත් නීතිපති උපදෙස් මත නිදහස් වෙනවා ඉක්මනටම.(නදී)
අනේ මන්ද මෙහෙම ගියොත් නම් ඉදිරියේදී සබාවල රැස්වීම් තියන්න මන්ත්‍රීලා ගේන්න වෙන්නේ වැලිකඩනුයි, බෝගම්බරිනුයි. (නි)
මේවට කියන්නේ ලෝකෙට විහිලු සපයනවා කියල. (නදී)
මෙයාව අවශ්‍ය නැහැ එතනට.(නදී)
නැතුව පුලුවන්ද..? (නි)
කෝ මේ අපේ සේනාව?? මේක මුස්ලිම් කෙනෙක් කළා නම් කට්ටියම පාරට බහීවි. අපි ආගම රැකගන්න ඕනෑ මේ වගේ අයගෙන්. (නි)
රැස්වීමට නොව මෙයාට දැන් ජනාධිපතිවරනයට වුණත් යන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
පන්සලටත් යන්න අවසර දීලලු. ඉක්මනට යන්න. (නි)
බන්දුල, ඔය රැස්වීම්වලට එන හුඟ දෙනෙක් ඇත්තම කියනවා නම් දැනුත් ඒ තැන්වල ඉඳලා තමයි එන්න ඕනෑ එත් ලංකාවේ ගෙවල්වල ඉඳලා එන්න පුළුවන් වෙලා තියෙනවා.?? (නි)
සන්තෝසයි නේ (දී)
මම මේ දකින්නේ හීනයක්ද ඇත්තටම?(නදී)
ජනපති තුමනි එක එක පුද්ගලයාගෙන් පුද්ගලයට නීතිය වෙනස්.(නදී)
පළාත් සභා වල අය විතරක් නෙමෙයි, නිතිය අකුරටම ක්‍රියාත්මක වුණොත් පාර්ලිමේන්තුවෙත් 2/3ක්ම ඉන්න ඕනෑ හිරේ (නි)
මිනීමැරුම් චෝදනා තියන කෙනෙක් වැරදිකරුද නිවැරදිකරුද කියා තීරණය වෙන තෙක් පොදු කටයුතු වලින් ඉවත් කර තියන්න! (නි)