නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයයේ මානව සම්පත් ශාස්ත්‍රපීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුවියන් තිදෙනකු හා සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා කියයි. ඊට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් ගැන පරීක්ෂණ පවත්වන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවකවදය නැති දවසට එලියට එන්නේ ගොන් මැට්ටෝ ටිකක් විතරයි. අපේ මෝඩ රැළට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. අපිත් ඕක හොඳට වින්ද එකෙන් ලැබුණු පන්නරයෙන් තමා අදත් ජොබ් එකක් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. වැස්සකටවත් කැම්පස් නොගිය මෝඩයෝ.(නදී)
නවක වදයට ඇත්තටම මූන දුන් කෙනෙක් කවදාවත් එකේ නරකක් දකින්නේ නැහැ. මොකද එකේ ප්‍රතිපල ඇස් වලට පෙනෙන නිසා.(නදී)
මගේ යාලුවෙක් ඉන්නවා නවක වදය බොහොම ඉහලින් අනුමත කරන කෙනෙක්. එයත් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ලොකුවටම නවක වදය කරපු කෙනෙක්. එයාගේ දුව ලංකාවේ විශ්වවිද්‍යාලේ යවන්නේ නැතිව පිටරට යැව්වා. ගදගහන උන් එක්ක 6මගේ ළමයි ලංකාවේ තියන්නේ නැතිලු.(නදී)
ලංකාවේ ජීවත්වෙන ගොඩක් අයට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වගේ දේවල අදහස තේරෙනේ නැහැ. නවක වදය අපරාධ වරදක්. අනේ අනේ.. මේ වගේ ගොඩයෝ ඉන්නකල් ලංකාව නම් හදන්න බැහැ. ලංකාවෙන් ගිය එක ගැන සන්තෝෂයි.
නවකවදය අනුමත කරන්නේ හුගක් හීනමානය තිබෙන, දුප්පත් පවුල් වලින් ආපු අය. එයාලා හරිම ඉරිසියාකාරයෝ. හරියටම හරි. මේවා නිදහස් අධ්‍යාපනයේ අනිටු ප්‍රතිපල තමයි. (නි)
දර්ශා, චාමර, මම ලංකාවේ පශ්චාත් උපාධියත් කරලා එංගලන්තේ විශ්ව විද්‍යාලයක උගන්වනවා. ඔයාලා වගේ හීනමානයෙන් පෙලෙන අයට අනුකම්පා නොකර වෙන මොනවා කරන්නද? මේ රටවල නවක වදය නැහැ. මිනිස්සු කොන්ඳ කෙලින් තියාගෙන ඉන්නවා. මම හිතන්නේ ඔයාලට මානසික රෝගයක් (නි)
දර්ශා කියනවා නම් එයාට රැග් එක නිසයි ජොබ් එක කරන්න කොන්දක් ලැබුනේ කියලා සමහරවිට එයාට තිබුන බරපතල මානසික රෝගයක් සනීප වෙන්න ඇති රැග් එකෙන් පස්සේ. (නි)
මම ඉගන ගත්තේ ඕස්ට්‍රේලියා වල. මෙහෙ නවකවදය නැහැ. නමුත් මහේ ළමයින්ට තියන ආත්ම විශ්වාසය අපේ අය ළග ගැවිලාවත් නැහැ.මේවා ඉරිසියාවට කරන දේවල්.මගේ අක්කා, මල්ලි ,ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනගත්ත අය. (නි)
රැග් එක ගැන කියන කී දෙනෙක් කැම්පස් ගිය අයද? මම පේරාදෙණිය කැම්පස් එකේ. හොඳට රැග් කාලා හැදුනා. රැග් එක නැත්නම් ඒක කැම්පස් එකක් නෙමෙයි. ඔය කියන තරම් රැග් එක නරක නැහැ. ඒක සරසවි ජීවිතයේ තවත් එක සුන්දර අත්දැකීමක්. (නි)
මෙතන බොහෝ අය නවක වදය මහා ඉහලින්ම අනුමත කරලා තියනවානේ. ඒකෙන් පන්නරය, පෞර්ෂත්වය, අනුන්ගේ දුක හඳුනන අය බිහිවෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ බොහෝ විශ්ව විද්යාලවල ඕවා ක්‍රියාත්මක වෙන්නේ ඔය කියන සාධාරණ පදනමට නම් ඒකෙන් නවක සිසුන් පීඩා විදින්නත්, ජීවිත හානිකරගන්න තරමට ජීවිත එපාවෙන්නත්, සරසවි අතහැර යන්නත්, නිතරම මේ වගේ පත්තරවල නවකවද ගැන නරක ආරංචි දාන්න්නත් තරන්ම් මේ දේවල් ප්‍රබල වෙන්නේ ඔය අරමුණු සඳහා විතරයිනම් එය පිළිගැනීමට තරමක් අපහසුයි. මෙය බහුතර සරසවි සිසුන් අවමානයට ලක්කිරීමට නොව සුලු පිරිසකගේ ක්‍රියාවන් වලට එරෙහි වීමකි.(නදී)
දර්ශා ඔයා නොදන්නවට මමත් ජපුර කැම්පස් එකට ගියා. රැග් එකත් හොදට වින්දා. උපාධියත් අරන් අද ජොබ් එකත් කරනවා. හැබැයි කවදාවත් රැග් කරන්න තරම් මානසිකව පිරිහුනේ නැහැ. ඒ රැග් නිසා ආබාධ වලට ලක්වුණු අය දැකලා තිබුන නිසා .(නදී)
නවක වදය නැත්තම් බිහිවන්නේ එකිනෙකා කපාගෙන අනුන්ගේ දුක හදුනන්නේ නැති, අවස්ථාවාදීන් පිරිසකි. සංවාදයට සුදානම්.(නදී)
විභාග වලට උසස් ප්‍රතිපල අරන් විශ්වවිද්‍යාලයට යන්නේ මේවටද? මෙයට මූලික හේතුව තමන් මුහුණ දුන්නු නවක වදයට ප්‍රති උත්තර වශයෙන් අලුතින් එන සිසුන්ගෙන් පලිගැනීම හෝ මානසික අසහනයයි. මෙය නැවැත්වීමට කාලයක් යනකන් රටටම මතක හිටින දඩුවමක් දිය යුතුයි.(නදී)
මට කුහකයි කියන අයගේ මානසිකත්වය තේරුම් යන නිසා ඔවුන් සමග වාදයට නොයමි. (නි)
වරුණ වගේ හිතන කළු සුද්දෝ නිසා තමයි නවක වදය අවශ්‍ය. (නි)
මොන තහනමද? තහනම් ගෙඩි ආදම් ලොක්කත් කෑවා. ගෙදරම යවන්න. හලාල් කරලා.(නදී) .
කෙනෙකුගේ බුද්ධිය පටු වූ තරමට ඔහුගේ දේශනය දිගය (නි)
උපාලි ලක්මාල් ඔයාල හරියටම හරි.නවක වදය දෙන්නේ පෞරුෂයක් නැති මානසික අසනීප කාරයෝ (ස)
අසේල, ඔයානම් හරිම කුහකයි. නවක වදයේ කිසිම හොද දෙයක් නැ. ඉරිසියාවයි, පලි ගැනීමයි, කුහකකමයි විතරයි. (ස)
නිදහස් අධ්‍යාපනය නතර කරානම් මේ නවක වාදය නතර වෙනවා. වෙනත් රටවයල විශ්ව විද්යාලවල ඉගන ගන්න අය මේ වගේ පිස්සු වැඩ කරන්නේ නැහැ. මොකද සල්ලි ගෙවලානේ ඉගන ගන්නේ. අපේ අයට නිකන් දෙන මේ කට්ටිය පිස්සු කෙල්ලිනේ.(නදී)
කෙල්ලොන්ගේ රංගනේනේ බලන්න ඕන එහේ. තමනුත් අඬ අඬා රැග් කාලා දැන් උඩ ගිහින් ඉන්නේ..(ස)
අසේල වැස්සකටවත් විශ්ව විද්යලෙකට ගිහින් තියෙනවද? නවක වදයේ හොඳ පැත්ත මොකක්ද කියල කියන්න බලන්න. .(ස)
ගොඩක් වෙලාවට අලුත් අයට නවක වදය දෙන්නේ නවක වදයට විරුද්දව ඉදල කිසිම දවසක එයට මුහුණදීලා නැති මන්ද මානසික, බියගුළු මිනිස්සු කොට්ටාසයක්.(ස)
මෙයාලව ඉවත් කරන්න ඕනේ විශ්ව විදියාලයෙන්.(නදී)
නවක වදයට ලක් උණු සිසුන් වහාම මානව හිමිකම් රැක ගැනීමට ජිනිව යන්න. නවක වාදය දුන් සිසුන් තමන්ගේ ජේස්ටත්වය නොපිලි ගැනීමට විරුද්දව පෙළපාලි වලින් අසාදාරණයට විරුද්දව නීතිංඥවරු මගින් ජිනීවා යා යුතුයි, සියලු අරමුදල් නිදහස් අධයාපන අරමුදලින් ගෙවනු ලැබේ.(නදී)
නවක වදයේ අරමුණ විය යුත්තේ අහිංසක විහිළුවක් හරහා පරණ සිසුන් අලුත් සිසුන් හඳුනා ගැනීම සහ සහෝදරත්වය ගොඩනඟා ගැනීමයි. නමුත් දැන් ලංකාවේ නවක වදයනම් ම්ලේච්චයි, මාරාන්තිකයි. (ස)
නවක වදයේ නරක වගේම හොඳ පැතිත් තියෙනවා.එක එක සමාජ මට්ටම් වල සිටින පුද්ගලයන් සමාන මට්ටමකට ගෙන ඒම වගේ දේවල්. නමුත් යම්කිසි ප්‍රමාණයකට ක්‍රමානුකුලව සිදුවිය යුතුයි .....(ස)
විශ්වවිද්‍යාල බලධාරීන්ට මේක නවත්වන්න අවශ්‍ය නැහැ. බලන්න කවදද නවක වදය දිපු අයට දඩුවම් කරල තියෙන්නේ කියල. පන්ති තහනම් කරනවා ඊලගට ඔය යක්කු පෙලපාලි ගියහම නිදහස් කරනවා. ලබන අවුරුද්දේ ආයෙත් දෙනවා..(ස)
මුලින් බොහොම ආදරෙන් පිළි ගත්තෙත් විශ්වාස කළ නොහැකි ලෙසට. දැන් ඒකටත් හරියන්න දෙනවා වගේ. මෙය නම් පිළිලයක්..(ස)
අක්කලාගෙන් තමා බේරෙන්න බැරි කියලා මගේ දුව කියනවා..(ස)
මොවුන් ඉහල අධ්ද්‍යාපනයට සුදුසු නැහැ. දැම්ම මොවුන් ඉවත් කරන්න එතකොට අනිත් අය පාඩමක් ඉගන ගනීවි. නීති නැත්නං හදල හරි ඉක්මනට ඉවත් කරන්න... .(ස)
හොදම වැඩේ මොවුන් විශ්වවිද්‍යාලයෙන් ඉවත්නරන්න ඕන..(ස)