ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට පැමිණි පිරිස් වල පෝලිම තිස්සමහාරාම පාරේ කිලෝමීටර් දෙකක් දුරට ද හම්බන්තොට පාරේ ද එපමණම දුරක් දක්වා විහිදී ඇත. මාතර සිට ගුවනින් ධාතූන් වහන්සේලා වැඩම කරවන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසිනි.ධතූන් වහන්සේ තැන්පත් කළ කරඬව තිස්සමහාරාම රජමහාරාමාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ විශේෂ මණ්ඩපයේ තැන්පත් කළහ. ලබන 7 වැනි දා දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය වෙනුවෙන් විසි හතර පැයේම බත් දන්සල්ද සිසිල් බීම දන්සල් ද ප්‍රථමාධාර කඳවුරුද පිහිටුවා ඇත. ලංගම හා පෞද්ගලික බස් සේවා තරකර ඇත.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්වහන්සේගේ අනර්ග දේශනාවල පහස ලැබූ ධන්ත ධාතූන් වහන්සේ නමක් ලංකාවෙ වැඩ සිටින බව අපේ අයට අමතක වෙලාවත්ද?(නු)
යෝනුසලවිගේ ප්‍රශ්නේ මටත් තිබෙනවා (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාදූ....සාදූ....සාදූ....සාදූ....සාදූ මාතරදි අපි වැන්දා. දැන් ඔයාලගේ අවස්ථාව(ස)
යෝනුසලවී, අපේ බුදු හාමුදුරුවො මැවුම් කරන කෙනෙක් නෙමේයි ආශාවන් නැති කරලා ජීවිතයේ අනිත්‍ය පෙන්නපු කෙනෙක්. ඇත්තටම කිව්වොත් එතුමන් වහන්සේට නැවත ඉපදීමක් නැහැ. එතුමා අපටත් කියන්නේ මේ වේදනාවෙන් මිදිලා නිවන් දකින්න උත්සාහ කරන්න කියලා. බුදු හාමුදුරුවො නිවන් ගියාම එතුමාගේ ධාතු(භෂ්මාව ශේෂ)රජවරු බෙදාගෙන.එයින් එකක් ඔය. (ස)
යෝනුසලවී, ලොව ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා වන බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිනවා යැයි අදහසින් එම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට පැමිණෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා දක්වන අප්‍රමාණ ගෞරවය හා භක්තිය නිසා. කුමන ආගමක් ඇදහුවත් කුමන ජාතියකට අයත් වුවත් , මේ සියලුදෙනාටම පොදු වූ ලෝකයේ සදාතනික දහම වූ සසරෙන් එතරවීම පිළබඳව කියා දුන් උන්වහන්සේ වන්දනා කිරීම , ගෞරව කිරීමට අවශ්‍ය යයි කිසිම පොතකවත් , කිසිම කෙනෙක් කිව යුතු නැහැ. එය බුදුන් වහන්සේ සරණ ගිය සාම කෙනෙකුගේම සිතට නිතැතින්ම එන සිතුවිල්ලක්. ඔබේ දෙමාපියන්ට , ගුරුවරුන්ට දක්වන ගෞරවය හා සැලකිල්ල වගේ. (ස)
තෙරුවන් ගුණ සිහි වේවා බොදු හදවත් සැනෙස්වා සැම කරදර දුරු වේවා රටටම සෙත සැලෙස්වා...!(ස)
යොනුසලාවි.. ඔයා දෙවියන්ට වන්දනා කරන්නේ දෙවියන් දැකපු නිසාද? බුදන්ගේ භශ්මාවශේෂ වලටත් මිනිසුන් ගරු කරන්නේ එවාට කවුරැත් බලෙන් කියලා එහෙම නෙමෙයි.. එය සිතිවිල්ලෙන්ම එන දෙයක්..!!(නු)
අමිල ඔයාගේ අදහස් අනුව ඔයා කවුද කියලා දැං අපට පැහැදිලියි...!!(නු)
යෝනුසලවී , අපි ආගම් පිළිබදව අවිශ්වාසයකින් සිතීම වැරදියි (නි)
ඉස්සර මෙහෙම ධාතුන් වහන්සේලා ගෙන ගියේ පෙරහැරවල් වලින්. එතකොට මග දිගේම මිනිසුන් වන්දනා මාන කලා.(ස)
යෝනුසලවී කෝවිලට පල්ලියට යන්න කියලා මොනා හරි පොත් වල ලියලා තියන නිසාද ඕගොල්ලෝ කෝවිල් පල්ලි යන්නේ?? (ස)
යෝනුසලවි, ඔබ අවංකව කතා කළ එකට සතුටුයි. මේ වන විට ඔබට පිළිතුරු ලැබී ඇතැයි සිතනවා. (නි)
කරුණාකර ධාතූන් වහන්සේගේ සමීප රූප කිහිපයක් පෙන්වන්න. (නි)
කපිල වස්තූ ධාතූන් වහන්සේලා රැගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු රට පුරා ගමන් කරන්නේ ඇයි ?? (ස)
අමිල ආගම් ගැන කතා කරන විට සියල්ල දැනගෙන කතා නොකලොත් අමාරුවෙ..!!(නු)
ධාතුන් වහන්සේ වටේට තියෙන නිල් පාට භාජනය මොකද්ද?(නු)
මුස්ලිම් අයගේ පුවත් එසැණ පුවත් වල පළ වූ විට අදහස් දක්වන කට්ටිය ප්‍රවේසමෙන් අදහස් දැක්වුවා නම් මේ වගේ බුදු හාමුදුරුවන්ට අපහාස වන විදියට අනෙක් අය ලියන්නේ නැහැ නේද ? (නි)
අප සරණගිය උතුම් පිටක ධර්මයේ සදහන්ව තිබෙනවා පිරිනිවීමෙන් පසු ධාතු තැන්පත් කොට ස්ථුප කරවා පුජා කටයුතු කළ යුතු උතුම් සිවු දෙනෙක්. 1.සම්මා සම්බුදුරජාණන් වහන්සේ 2.පසේ බුදුරජාණන් වහන්සේ 3.මහ රහතන් වහන්සේ 4.සක්විති රජතුමා තෙරුවන් සරණයි! (නි)
අප සරණගිය උතුම් ත්‍රිපිටක ධර්මයේ සදහන්ව තිබෙනවා පිරිනිවීමෙන් පසු ධාතු තැන්පත් කොට ස්ථුප කරවා පුජා කටයුතු උතුම් සිවු දෙනෙකි. 1.සම්මා සම්බුදු රජානන්වහන්සේ 2.පසේබුදු රජානන්වහන්සේ 3.මහ රහතන්වහන්සේ 4.සක්විති රජතුමා සැමටම මෙය දීර්ඝ කාලයක් හිතසුව පිණිස මතකයේ පවතීවා. තෙරුවන් සරණයි. (ස)
මේ පෝළිම් ගැහිලා ඉන්න බොහෝ අයගෙ තියෙන්නෙ ශ්‍රද්ධාව විතරයි. අවබෝධයක් නැහැ. (නි)
ධාතුන් වහන්සේලා වැඩ සිටි මංජුසාවේ බ්‍රාහ්මීය අක්ෂර වලින් එහි අන්තර්ගතය පිළිබඳව ලියා ඇත. එහි සිංහල අරුත ආසන්න වන්නේ " ගෞතම බුදුන්ගේ ධාතුන් වහන්සේලා මෙහි වැඩ සිටී " යන්නයි. මෙය පුරා විද්‍යාත්මකව සනාථ වී ඇත. (නි)
හොද වෙලාවට ලංකාවට ගෙනාවෙ.. ඉන්දියාවට ගියානම් ගුටිකන්නත් වෙනවා..!!(නු)
සාදූ....සාදූ....සාදූ....සාදූ....සාදූ!!! ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අපිට පිං නැත. නමූත් ධතූන් වහන්සේ තැන්පත් කළ කරඩූවේ ෆෝටෝ කිහිපයකින් හෝ දැක බලා ගැනීමට ලැබීමත් සතූටක්. ඒ වෙනූවෙන් ලංකාදීප කාර්ය මණ්ඩලයට මගේ ප්‍රණාමය! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
මේ කපිලවස්තු ධාතූන්මයි කියලා ඔප්පු කරන්නේ කොහොමද? (නි)
ජීවමාන බුදුරජාණන් වහන්සේ දුටුවා වගෙයි. සාධු ! සාධු !! සාධු !!! (නි)
වන සිවුපාවුන් වැනි දරුවන් මැද දෙවි දේවතාවුන් වැනි දරුවන් ඇත. (නි)
මේ මිනිස්සු ඇයි මෙහෙම දුක් විදින්නේ? (නි)
බැතිබර ආචාරය! සාධු සාධු සාධු! (නි)
ජනපතිට කොහොම ස්තූති කරන්නද මන්දා. මේ පිනම ඇති එතුමට. (නි)
මම අන්‍ය ආගමිකයෙකි. ඇත්ත වශයෙන්ම, මෙම ජන ගංගාව දකිද්දී මේ ශ්‍රී ලංකාවේ ආගමට ලැදි පිරිස් සිටීම ඉතා අගය කළ යුතු දෙයක්. මම නොදන්නා නිසා අහන්නේ, මෙම ධාතුව බුදුරජාණන් වහන්සේගේම යැයි කෙසේ කියන්නේද? කුමන සාධකයක් මෙය තහවුරු කරන්නේද?මේ ආකාරයට ධාතූන් ප්‍රදර්ශනය කර නමස්කාරය කළ යුතු බව කුමන පොතේ සදහන් වේද? මම මෙහෙම අහනවට කවුරුත් කේන්ති අරන් මට බණින්න එපා.පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසයි ඇහුවේ. දන්නා කෙනෙකු පැහැදිලි කර දෙනු මැනව. (නි)
ඔබ වහන්සේලාගේ පිහිට මගේ මව් බිමිට (දී)
ලංකා වාසීන් කර ගන්න ලොකු පිනක් මේක..සාදු සාදු සාදු (ස)
සාධු සාධු! ශ්‍රී ලංකා ධරණිතලය දහමින් සාමයෙන් සැනසේවා! (නි)
මෙවැනි උතුම් පින්කමක ඇති ප්‍රයෝජනය ගැන කතා නොකර 'එහේ ගියානම් කන්න වෙනවා , මෙහේ ගෙනාපු නිසා කන්න නැහැ' මොනවද මේ කතා? කාලා ඇවිත් තියෙන්නෙ ධාතු වදින්න ගිය අය නෙමෙයිනේ. වේලන්කන්නි පල්ලියට ගිය අයයි.අනික තම්ල්නාඩුවෙ ධාතු ප්‍රදර්ශනය නරන්නෙත් නැහැනේ.ආගමික කටයුතු සම්බන්ධව අදහස් ලිවීමේදී ඉතා බැතිබරව අදහස් පළකරනවා නම් මොන තරම් අගෙයිද? (නි)
අමිල, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
කෝ? එන්නම ඕනෑ කෙනා නැහැනේ (නි)
අපේ පින් බිම, බුදුන් වැඩි බිම, දොහොත් මුදුන් දී වදිනෙමි මා. (නි)
බණ්ඩාරලා වගේ අය ගැන කණගාටුයි (නි)
නමෝ බුද්ධාය ! බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට යාමේ දී තබන පියවරක් පියවරක් පාසා පින් රැස් වෙනවා. හේතුව මේ අහිංසක මිනිසුන් මහත් සැදැහැයෙන් වන්දනා කරන්නේ කලාතුරකින් පහළ වෙන අසිරිමත්ම මනුෂ්‍ය රත්නය වන නිකෙලෙස් සිත් ඇති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යි.මිනිස් ලොව දී මේ අහිංසක මිනිසුන් රැස් කරන මේ දුර්ලභ පින ඔවුනට සසර පුරාවට ම හිත සුව පිණිස පවතිනු ඇත.හැම දෙනාට ම ගෞතම බුදුරජුන් ගේ ආශීර්වාදය ලැබේවා ! (ස)
යොවුන්සලවී , ඔබ හරි. මේක බුදු හාමුදුරුවන්ගේ කියල කියන්නේ කොහොමද.?ඉන්දියාව කියන්නෙත් වෙන්න පුළුවන් කියල. මොනවා වුනත් මීට පස්සේ ඉන්දියාවට යන්න බෑ..(ස)
තෙරුවන් ගුණ සිහි වේවා බොදු හදවත් සැනෙස්වා සැම කරදර දුරු වේවා රටටම සෙත සැලෙස්වා...!(නු)