IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


රෝහිත අබේගුණවර්ධන නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හතරක කාලයේ රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපොළ සොයාගත් බවට  අල්ලස් කොමිසම, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු  අද ( 19)  නිදහස් කළේය.

විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා සියලු චෝදනාවලින් ඔහු  මෙලෙස  නිදහස් කළේය.

ඉකුත් 2010 -14 අතර කාලයේ අමාත්‍යවරයකු  ලෙස සේවය කරමින් සිටියදී සිය වත්කම් හා දේපළවලින් උපයාගත නොහැකි වූ රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපොළවලට හිමිකරුව සිටි බවට අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා නඟා තිබිණි.
 



අදහස් (36)

රෝහිත අබේගුණවර්ධන නිදහස්

පිටිගල මිලානෝ Friday, 19 March 2021 06:54 AM

කෝච්චියේ සිද්ධි වලින්ද නිදහස් කරලා තියෙන්නේ?

:       1       72

GAMUNUFriday, 19 March 2021 04:53 PM

රෝහිත අබේගුණවර්ධන නිදහස්... අපි බයේ හිටියේ මෙයා හිරේ යවයිද කියලා. අප්පේ යන්තම් ඇති දැනුයි අපට තේරෙන්නේ නීතියේ සාධාරණත්වය අකුරටම ක්‍රියාත්මක වෙන බව.

:       1       6

kumaSaturday, 20 March 2021 03:45 PM

පව් අහිංසකයා... ඉරිසියාවට දාන නඩු මේ... කවුරු හරි දානමය පිංකමක් කරගන්න කියලා. මෙයාට ඒක දීලා තියෙන්නේ නැද්ද මං අහන්නේ...?

:       0       0

Ruhunu Friday, 19 March 2021 07:04 AM

මේ වගේ නඩුවලට දෙන තීන්දුව උසාවියට ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන්. අපරාදේ කාලය නාස්ති කරන්නේ.. දැන් කරන්න තියෙන්නේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කරලා බලන්න.

:       0       11

Puppa Friday, 19 March 2021 07:09 AM

දෙවියනේ, මෙරටට මොනවද මේ වෙන්නේ?

:       0       8

Pradeep Friday, 19 March 2021 07:26 AM

අනේ හොදයි. මේ වගේ අහිංසකයො නම් නිදහස් කරපු එක වටිනවා. හැබැයි කවුරු හරි පොල් ගෙඩි දෙක තුනක්, අඹ ගෙඩි දෙක තුනක් එහෙම හොරකම් කරලා අහු වුනොත් එහෙම උන්ව උල තියන්න ඕන.

:       1       67

Lajlki Friday, 19 March 2021 07:27 AM

එන්න ඔක්කොම සතුටට කිරිබත් කන්න

:       0       59

PereraFriday, 19 March 2021 07:27 PM

කිරිබත් හදන රටේ හාල් නැහැ.

:       0       14

Lanka Friday, 19 March 2021 07:54 AM

ස්තූතියි

:       1       39

මගේ රට Friday, 19 March 2021 08:16 AM

නපුරු මිනිසුන්ට යුක්තිය තේරෙන්නේ නැත, නමුත් ස්වාමින්ව සොයන අය එය සම්පූර්ණයෙන්ම තේරුම් ගනී. හිතෝපදේශ 28: 5

:       3       25

සෙනෙවිරත්න Friday, 19 March 2021 08:34 AM

මගෙත් තියෙනව නඩුවක් මිනිහෙක්ගෙන් රුපියල් දාහක පගාවක් ගත්තට, බැරිද ඒක තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ කියල උසාවියට ප්‍රකාශ කරව ගන්න. එක රටක එක නීතියක් යටතේ එහෙම වෙන්න පුළුවන් නේද? දැන් නඩු කියල ළමයින්ට කන්න දෙන්නවත් විදියක් නැහැ

:       2       49

සෙනෙවිරත්න Friday, 19 March 2021 08:37 AM

මම දන්නව මේ මහත්තයාට කෝටි ඔච්චර කෝටි ගනන් තියෙන්න විදියක් නැහැ. දුප්පතා යන්තම් බේරුනා බොරු නඩු වලින් හැට නම ලකෂෙට පින්සිදු වේවා, නැත්නමි ර⁣ටත් ආගමත් ඉවරයි. දෙයියනේ කියල තියෙන දෙයක් කාල වැටිල ඉන්න රටක් තියෙනවා

:       1       43

සෙනෙවිරත්න Friday, 19 March 2021 08:39 AM

පින්වන්ත මූන බලාගෙන මේ බොරු නඩු කෙහොම දානවද?

:       1       40

සෙනෙවිරත්න Friday, 19 March 2021 08:41 AM

තව ඔය වගේ නඩු මොනවද ? මල්වානෙ නඩුවට කියාවිද එහෙම මන්දිරයක් එතන නැහැ කියල.

:       1       42

Raveendra Friday, 19 March 2021 08:47 AM

විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේක තාලෙට කියල කිරිබත් කෑවම සනීප වෙයි .

:       1       42

lANKA Friday, 19 March 2021 08:50 AM

අනේ කාලේ වනේ වාසේ

:       2       34

siri Friday, 19 March 2021 09:26 AM

අම්මෝ මොකුත් ලියන්න බයයි. බැරිවෙලාවත් අධිකරණයට එහෙම අපහාස උනොත් අපිත් ගස්.

:       2       47

Nishan Friday, 19 March 2021 09:39 AM

එතකොට හොරකම් කරපු සල්ලි වලට මොකද උනේ?

:       2       43

ගමේ එකාලා Friday, 19 March 2021 10:34 AM

රටේ නායකයෝත් දුශිතයෝ නම් ගෝල බාලයෝ ගැන මොන කතාද ?

:       2       56

sharm warn Friday, 19 March 2021 11:21 AM

ගරු කටයුතු වරාය ඇමැතිනේ.එතකොට නඩු තියාගෙන කොහොමද?

:       1       38

duminda Friday, 19 March 2021 11:24 AM

අවුරුදු දෙකේ මහජන මෙහෙවර නොකඩවා ඉදිරියට ජයෙන් ජයම වේවා !!

:       2       35

Max Friday, 19 March 2021 11:46 AM

අල්ලස් කොමිසමට වියදම් කරන්නේ ආණ්ඩුවේ සල්ලිද නැතතම් නුඩු දාලා අයින්කරපු එකම නඩුව මේක ද?

:       1       29

Prabha Friday, 19 March 2021 11:55 AM

ඔනි වෙලාවට නඩු දාන්නයි ඔනි වෙලාවට ඉවත් කරන්නයි පුලුවන් එකම රට

:       1       41

Keppetipola Friday, 19 March 2021 11:59 AM

මෙහෙමත් නරිනාටක​. කෝටි ගනන් ධනය උපයා ගත් හැටි උසාවියට ඔප්පු කරන්න බැරි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කරන්නේ කෙසේද? රටේ අහිංසක ජනතාවගේ මුදල් මෙසේ හොරකම් කිරීමට ඉඩ දීම සාධාරණයි කියා හිතනවද?

:       1       47

සුධම්ම හිමි කුරුණෑගල Friday, 19 March 2021 12:13 PM

පුදුමයක් නෑ. හිතුවා ඔහොම වෙයි කියලා.

:       1       45

විජිත් Friday, 19 March 2021 12:57 PM

කොයි නඩුවෙන්ද....? මේ හැර තව කොයි තරම් තියෙනවාද?

:       1       40

SenakaFriday, 19 March 2021 05:24 PM

ඒවත් ඔහොමම තමයි..

:       0       9

dewa Friday, 19 March 2021 01:22 PM

ප්‍රීති මහරජ ප්‍රීති...

:       0       7

rathgama Friday, 19 March 2021 01:38 PM

රජය නීතිය පාලනය කිරීම නිසා මෙහෙම දේවල් සිද්ද වෙනවා. අනිත් රටවල්වල නීතිය, රජය පාලනය කරන නිසා මේ දේවල් ඉතාම දුර්ලභයි.

:       0       7

Senaka Friday, 19 March 2021 01:47 PM

බුද්ධි හීන ජාතියේ උරුමය යි මේ.

:       0       3

amila Friday, 19 March 2021 04:22 PM

නඩුවක් දාන්නේ... හේතුවක් ඇතුවනේ දැන් ඒ මුදල උපයපු විදිහ එතුමා ඔප්පු කරලද? එහෙම නැතිනම් බොරු නඩුවක් දැම්මා කියලා... ඇයි එතුමා වන්දි ඉල්ලන්නේ නැත්තේ..?

:       0       7

විපරමා Friday, 19 March 2021 05:24 PM

මහා පරිමාණයේ හොර දූෂිතයින් කොච්චර එළියේ ඉන්නවද? කාලයක් අලිබබා සහ හොරු හතළිහ ගැනත් නොයෙකුත් කතා තිබුණා.

:       0       6

මහජනයා Friday, 19 March 2021 05:34 PM

ජනතා අධිකරණයෙන් කවදාකවත් රත්තරං මාල හොරකමින් නිදොස් කොට නිදහස් වෙන්න බෑ..

:       0       9

සදිස් Saturday, 20 March 2021 01:39 AM

යහපාලන ඩීල් බූරුවන්ගේ කශේරුකා නැතිවීමේ ප්‍රතිඵලයක්...

:       0       7

ranjith Saturday, 20 March 2021 02:17 AM

ඡන්දෙ දීලා පත් කරගන්නේ... හොරු නිදහස් කරගන්නද කියලයි දැන් නම් හිතෙන්නේ.

:       0       11

fairoos Sunday, 21 March 2021 08:07 AM

අධිකරණ ඇමැති නඩු ටික ඉක්මනට ඉවර කරනවා වගේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 113 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 300 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 159 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 934 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 240 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 577 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 874 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site