මොරගහහේන වත්තේකඩේ මගුල්ගෙදරකට යමින් සිටි පානදුර රෝහල් සේවකයකු පාරේ සිටි ගැහැණියකට පහර දෙනු දුටු පවුල් සේවිකාවක රණ්ඩුව බේරීමට එතැනට ගියාය.
රෝහල් සේවකයා ඇයට ද පහර දුන්නේය.
ඒ රණ්ඩුව දුටු මගුල් ගෙදරට ආ මිනිස්සු රෝහල් සේවකයාට හොඳටම පහර දුන්හ.
රෝහල් සේවක පානදුර රෝහලට ද, පවුල් සෞඛ්‍ය සේවිකාව හොරණ රෝහලට ද ඇතුළත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මටත් තිබ්බා
වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටීම. (නි)
පොඩ්ඩක් පැහැදිලි මදි වගේනේ. නෝනද රණ්ඩු වුණේ? පානදුර රෝහල් සේවකයාද?ටිකක් ටැපලිලා වගේ නේද? (නි)
දෙන්නම සෞඛ්‍ය පෑත්තට අයිති නිසා සිරිසේන ඈමතිතුමාට යොමු කෙරුවානම් හරි. එතුමා ඊයේ කිව්වනෙ තනතුරේ ගෞරවය රෑකගන්න කියලා.(නදී)
මගුල් ගෙදර.(නදී)
අණ්ඩර සිංහල වගේ.(නදී)
මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. (නි)
අද කලේ කාට හරි පිහිට වෙන්න ගියත් වෙන්නේ . ඔය වගේ කරදර ම තමයි. මේවත් හොඳ පාඩම් අපිට. (ස)
බොරුවට කෑගහන්නේ නැතුව හොදට කියවලා බලන්න. (නි)
මේ වගේ ටැපලෙන ඒවා ටිකක් අඩු කරගත්තොත් හොදයි නේද ? (නි)
මට මතක් වුනේ, ඉස්සර අපේ යාළුවො මේ වගේ ප්‍රහේලිකාවක් දාල අහනවා. හොඳයි දැන් කියන්න බලන්න ඒ මනමාලිගේ නම මොකක්ද කියලා.(නදී)
මනුස්සය හොදටම බීලා.පිස්සුවෙන් වගේ පාරේ දුවලා.මගදී හම්බ වුණු අයට ගහලා.ඊට පස්සේ ගමේ හැමෝම ගැහුවා.මගුල් ගෙදර පිස්සු නටලා එලෙව්වේ. (නි)