IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලේ විස වී දැරියක මරුට

මෙනින්ජකොකල් නමැති බැක්ටීරියාවක් ආසාදනය වී ලේ විෂවීමේ සෙප්ටසීමියා තත්ත්වයට ගොදුරුවී කරාපිටිය රෝහලේදී සිව් හැවිරිදි දැරියක මියගියාය. මියයාමෙන් පසු රෝහල් දැරිය ප්‍රතිකාර ලබමින් සිටි ඒකකයේ සේවක සේවිකාවන්ට, දැරිය බැලීමට පැමිණි ඥාති හිතවතුන්ට හා ළදරු පාසලේ දරුවන්ට රෝගය පැතිරීම වැළැක්වීමේ මූළික ප්‍රතිකාර ලබා දී ඇත. වමනය සමඟ උණ ඇතවීම හේතුවෙන් මෙම දැරිය ඊයේ සවස රෝහල් ගත කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේදී මෙම මරණය සිදුව තිබේ. දැරියගේ මරණයට හේතුවූවායැයි සිතන මෙනින්ජකොකල් බැක්ටීරියාව ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් එය වසංගතයක් සේ පැතිරීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. අක්මීමණ යක්ගහ පදිංචිව සිටි මෙම දැරියගේ දේහය මාපියන්ට භාරදුන්න ද අවසන් කටයුතු සිදුවනතෙක් මුද්‍රා තැබීමටත් පැය විසිහතරක් ඇතුලත අවසන් කටයුතු සිදුකිරීමටත් සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නේය. වසංගත රෝග ඒකකයේ ප්‍රධානී පබා පලිහවඩන මහත්මිය පවසන්නේ දැරියගේ සිරුරේ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කොළඹට එවා ඇති බවයි. මරණයට හේතුව මෙනින්ජකොකල් බැක්ටීරියාව යැයි සැකකරන බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගත් බවත් අදාල වාර්තා ලැබුණු පසු ස්ථිර නිගමනයකට එළඹිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. උණ, හිසරදය, වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇත්නම් ගොඩ වෙදකම් නොකර සුදුසුකම් ලත් වෛද්‍ය වරයයකුගේ ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.  



අදහස් (0)

ලේ විස වී දැරියක මරුට

සිල්වා Tuesday, 25 September 2012 11:35 PM

නිතර නිතර ජනතාව දැනුවත් කරන්න මාධ්‍ය තුලින්..(ස)

:       0       0

නලින් Wednesday, 26 September 2012 01:59 AM

එම දැරියට නිවන්සුව පතමි.(ස)

:       0       0

රත්න Wednesday, 26 September 2012 01:36 PM

චුටි දුවට නිවන්සුව ලැබේවා. මතු උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)

:       0       0

රන්ජිත් Wednesday, 26 September 2012 05:23 AM

මේ බැක්ටීරියාව ආවේ කොහෙන්ද කොහොමද කියලා හොයලා බලන්න ඕනි නේද . ලංකාවේ මේවා තියෙනවද ? (ස)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 07:26 AM

දුක තමයි... (නි)

:       0       0

සරත් Wednesday, 26 September 2012 03:24 PM

ක්‍රවුන් , ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි..(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 September 2012 07:48 AM

පවු ඒ චූටි දූ.... (නි)

:       0       0

අානන්ද පිටබැද්දර Wednesday, 26 September 2012 08:19 AM

සිව් වසරක් අපට දරු සුරතල් පෙන්නා නොදැනම ඇවිත් මරුවා මහ ගිණි දුන්නා දුක් වේදනා හද වෙත පැන පැන ඒන්නා සුදු දියණියේ ආයෙත් අප වෙත එන්න............ ඔබට අමා මහ නිවනම අත්වේවා (ස)

:       0       0

කුමාර Wednesday, 26 September 2012 08:30 AM

නිවන් සුව පතමි. (නි)

:       0       0

සරත් Wednesday, 26 September 2012 08:33 AM

ඔබ‍ට නිවන්සුව චූටි දුවේ...... (ස)

:       0       0

නිරන්දන් Wednesday, 26 September 2012 09:13 AM

ඒ දුවට නිවන්සුව , අනේ අපේ අනෙක් පැටවු ටික ආරක්ෂාකරගන්න‍ පුලුවන් හැම පියවරක්ම ඉක්මනින් ගන්න..(ස)

:       0       0

චතුර Wednesday, 26 September 2012 09:16 AM

කරුමේ තමයි ඉතින් (ස)

:       0       0

සුනිල් Wednesday, 26 September 2012 09:28 AM

අයියෝ සල්ලි කනගාටුයි

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:54 PM

දුකයි. (නි)

:       0       0

සජී Wednesday, 26 September 2012 10:23 AM

අනේ දුකයි තමයි . ඒත් මොනවා කරන්නද ? ජීවිතේ හැටි ඔහොම තමයි (ස)

:       0       0

මධු Wednesday, 26 September 2012 05:12 PM

ඔබට නිවන් සුවත් මෙවන් අකල් මරණයක් මතු ආත්මයකදී නොවේවා කියාත් පතමි. (නි)

:       0       0

මධූ Wednesday, 26 September 2012 05:18 PM

ඔබට නිවන් සුව..මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරමි.(ස)

:       0       0

රූපවතී Tuesday, 25 September 2012 09:23 PM

ඇත්තටම ඔයාලා අතින් බෙහෙතක් එහෙම විෂ වෙලා නෙවෙයිනේ. (ස)

:       0       0

දුෂ්‍යන්ත යග්ගහවිට Tuesday, 25 September 2012 09:35 PM

නරක පුවතක්..!(නු)

:       0       0

ක්‍රවුන් Wednesday, 26 September 2012 11:32 AM

( http://www.betterhealth.vic.gov.au/bhcv2/bhcarticles.nsf/pages/Meningococcal_disease )

:       0       0

ජනිත Wednesday, 26 September 2012 06:11 PM

දරා ගත නොහැකි වේදනාවක්. ඹබගේ මවගේ මවු ගුණය ඹබගේ පියාගේ පිය ගුණය විදින්නට මත්තෙන් දිවියෙන් සමුගත් දියණියනි ඔබට නිවන් සුවයම පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 568 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1133 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 720 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1190 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 814 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site