මෙනින්ජකොකල් නමැති බැක්ටීරියාවක් ආසාදනය වී ලේ විෂවීමේ සෙප්ටසීමියා තත්ත්වයට ගොදුරුවී කරාපිටිය රෝහලේදී සිව් හැවිරිදි දැරියක මියගියාය. මියයාමෙන් පසු රෝහල් දැරිය ප්‍රතිකාර ලබමින් සිටි ඒකකයේ සේවක සේවිකාවන්ට, දැරිය බැලීමට පැමිණි ඥාති හිතවතුන්ට හා ළදරු පාසලේ දරුවන්ට රෝගය පැතිරීම වැළැක්වීමේ මූළික ප්‍රතිකාර ලබා දී ඇත. වමනය සමඟ උණ ඇතවීම හේතුවෙන් මෙම දැරිය ඊයේ සවස රෝහල් ගත කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේදී මෙම මරණය සිදුව තිබේ. දැරියගේ මරණයට හේතුවූවායැයි සිතන මෙනින්ජකොකල් බැක්ටීරියාව ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් එය වසංගතයක් සේ පැතිරීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. අක්මීමණ යක්ගහ පදිංචිව සිටි මෙම දැරියගේ දේහය මාපියන්ට භාරදුන්න ද අවසන් කටයුතු සිදුවනතෙක් මුද්‍රා තැබීමටත් පැය විසිහතරක් ඇතුලත අවසන් කටයුතු සිදුකිරීමටත් සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නේය. වසංගත රෝග ඒකකයේ ප්‍රධානී පබා පලිහවඩන මහත්මිය පවසන්නේ දැරියගේ සිරුරේ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කොළඹට එවා ඇති බවයි. මරණයට හේතුව මෙනින්ජකොකල් බැක්ටීරියාව යැයි සැකකරන බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගත් බවත් අදාල වාර්තා ලැබුණු පසු ස්ථිර නිගමනයකට එළඹිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. උණ, හිසරදය, වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇත්නම් ගොඩ වෙදකම් නොකර සුදුසුකම් ලත් වෛද්‍ය වරයයකුගේ ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දුවට නිවන්සුව , අනේ අපේ අනෙක් පැටවු ටික ආරක්ෂාකරගන්න පුලුවන් හැම පියවරක්ම ඉක්මනින් ගන්න..(ස)
දරා ගත නොහැකි වේදනාවක්. ඹබගේ මවගේ මවු ගුණය ඹබගේ පියාගේ පිය ගුණය විදින්නට මත්තෙන් දිවියෙන් සමුගත් දියණියනි ඔබට නිවන් සුවයම පතමි. (නි)
ඔබට නිවන් සුව..මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරමි.(ස)
ඔබට නිවන් සුවත් මෙවන් අකල් මරණයක් මතු ආත්මයකදී නොවේවා කියාත් පතමි. (නි)
දුකයි. (නි)
ක්‍රවුන් , ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි..(ස)
චුටි දුවට නිවන්සුව ලැබේවා. මතු උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)
( http://www.betterhealth.vic.gov.au/bhcv2/bhcarticles.nsf/pages/Meningococcal_disease )
අනේ දුකයි තමයි . ඒත් මොනවා කරන්නද ? ජීවිතේ හැටි ඔහොම තමයි (ස)
අයියෝ සල්ලි කනගාටුයි
කරුමේ තමයි ඉතින් (ස)
ඇත්තටම ඔයාලා අතින් බෙහෙතක් එහෙම විෂ වෙලා නෙවෙයිනේ. (ස)
ඔබට නිවන්සුව චූටි දුවේ...... (ස)
නිවන් සුව පතමි. (නි)
සිව් වසරක් අපට දරු සුරතල් පෙන්නා නොදැනම ඇවිත් මරුවා මහ ගිණි දුන්නා දුක් වේදනා හද වෙත පැන පැන ඒන්නා සුදු දියණියේ ආයෙත් අප වෙත එන්න............ ඔබට අමා මහ නිවනම අත්වේවා (ස)
පවු ඒ චූටි දූ.... (නි)
දුක තමයි... (නි)
මේ බැක්ටීරියාව ආවේ කොහෙන්ද කොහොමද කියලා හොයලා බලන්න ඕනි නේද . ලංකාවේ මේවා තියෙනවද ? (ස)
එම දැරියට නිවන්සුව පතමි.(ස)
නිතර නිතර ජනතාව දැනුවත් කරන්න මාධ්‍ය තුලින්..(ස)
නරක පුවතක්..!(නු)