තායිලන්තයේදී පැවැත්වෙන ලෝක කලාපීය කනිෂ්ඨ මේස පන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මේස පන්දු කණ්ඩායම හෙට (3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මේ මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වේ.
12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 18 දෙනෙක් සංචාරක ශ්‍රී ලංකා පිලට ඇතුළත්වෙති. තායිලන්ත කනිෂ්ඨ සහ කෙඩෙට් විවෘත අන්තර්ජාතික මේස පන්දු තරගාවලියට ද ශ්‍රී ලංකා පිල එහිදී සහභාගිවීමට නියමිතය.
ප‍්‍රවීණ මේසපන්දු ක‍්‍රීඩක සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපති ඩබ්. ඒ. බුද්ධසිරි මහතා කණ්ඩායමේ කළමනාකාරු සහ පුහුණුකරු ලෙස කටයුතු කරයි. නාමල් ගුණසේකර (15 න් පහළ), තුෂාර සම්පත් (12 න් පහළ) පුහුණුකරුවන් ලෙසද, ඒ. ආර්. පතිරණ බාලිකා කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙසද මෙම තරග සංචාරයට එක් වෙති.
සංචාරක ශ්‍රී ලංකා මේසපන්දු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
බාලිකා කණ්ඩායම:
චන්දිමා මධුෂානී (මහනුවර මහමායා), කසුනි පිටිගල (ගාල්ල සවුත්ලන්ඞ්), අවින්දි නිසංසලා (අම්බලන්ගොඩ ධර්මාශෝක), මුතුමාලී ප‍්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද), පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව), ප‍්‍රවීණා සිල්වා (මහනුවර උසස් බාලිකා*, හංසනී පියුමාලි (නුගේගොඩ අනුලා), ඉමේෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක), රෝෂිනී දහනායක (කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය),
බාලක කණ්ඩායම:
නුවන් ජයසුන්දර (කුරුණෑගල මලියදේව), සුපුන් සිරිසේන (කුරුණෑගල මලියදේව), ප‍්‍රබෝදන රොද්‍රිගෝ (මහනුවර ශා. අන්තෝනි), චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ), ශිහාන් ශානක (අම්බලන්ගොඩ දේවානන්ද), චමිඳු තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ), ලිත්මිණ මහනාම (වෙස්ලි), ඞී. යු. තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ), චතුර ගුණසේකර (මහනුවර සසෙක්ස්)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd