IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලෝක කැරම් ශූරතාවලිය කොළඹදී

හයවැනි ලෝක කැරම් ශූරතාවලිය මේ මස 31 වැනිදා කොළඹදී ආරම්භවේ. එය නොවැම්බර් මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හොටලයේදී පැවැත්වේ. අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරේදී පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය. ලෝක කැරම් ශූරතාවලිය සිවු වසරකට වරක් සංවිධානය කෙරේ. තරගාවලියට ලෝක කැරම් සම්මේලනයේ සාමාජික රටවල් 18 ක් සහභාගිවන බවට දැනටමත් තහවුරු කර ඇතැයි සත්කාරක ශ්‍රී ලංකා කැරම් සංගමය පවසයි. ලෝක ශූර ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාව, මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, කොරියාව, මැලේසියාව, ජපානය, ඇමරිකාව, කැනඩාව, කටාර් රාජ්‍යය, චෙකොස්ලෝවැකියාව, මොරිසස් දුපත්, ජර්මනිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය යන රටවල් මේ වන විටත් තරගාවලියට සහභාගිවන බවට තහවුරු කර තිබේ. ඊට එක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීහු ගණන 120 ක් පමණ වෙති. ජාතික කැරම් ශූර නිශාන්ත ප‍්‍රනාන්දු සහ ජාතික ශූරී ජෝශප් රොෂිටා  ඇතුළු පිරිමි හා කාන්තා දෙ අංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 10 දෙනෙක් ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා යටතේ පුහුණුවීම්වල නිරතවේ. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක කැරම් ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව ලෙස එය සැලකේ. දකුණු ආසියානු රටවල් කැරම් ක‍්‍රීඩාවෙන් මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටියි. කැරම් ක‍්‍රීඩාවේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් වන එකම රට ඉන්දියාව ලෙස කලක් සැලකූව ද මේ වන විට බංග්ලාදේශය සහ මාලදිවයින ද ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් කැරම් ක‍්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ සිටිති. 2008 වසරේ ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාතික කැරම් තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් අපොහොසත්ව සිටියි. පසුගිය වසරේ මැලේසියාවේදී පැවැති ලෝක සම්මේලන කුසලාන කැරම් තරගාවලියේද ශ්‍රී ලංකාවට හිමි වුයේ අනුශූරතාවයයි. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල, මිශ‍්‍ර යුගල ඉසව් හා කණ්ඩායම් ඉසව්වන්ගෙන් තරගාවලිය සමන්විතවේ. චමිල් කුරේ පිට පිට අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් ජාතික ශූරතාව වැඩිම වරක් දිනා ගත් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින කී‍්‍රඩකයාය. චමිල්, අන්තර්ජාතික තරග බිමේදී අවස්ථා කිහිපයකදීම ලෝක කැරම් ශූර ඉන්දියාවේ යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට සමත්ව සිටීමත් කැපී පෙනේ. කෙසේ වෙතත් චමිල්, මෙම වසරේ පැවැති ජාතික කැරම් ශූරතාවලියේදී නිශාන්ත ප‍්‍රනාන්දු ට පරාජය විය. ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: පිරිමි නිශාන්ත ප‍්‍රනාන්දු (නායක), චමිල් කුරේ, මොහොමඞ් ෂෙරිෆ්ඞීන් ඩිමල් සේනාරත්න සහ අජිත් චන්ද්‍රසෝම කාන්තා ජෝශප් රොෂිටා (නායිකාව), මධුෂිකා කාංචනමාලා, යශිකා රාහුබද්ධ, චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ  

කැරම් සංගමය මිලියන පහක් සොයාගැනීමේ සටනක

(සජීක ජයසිංහ)
කොළඹදී පැවැත්වෙන හය ලෝක කැරම් ශූරතාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා කැරම් සංගමය අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය අපේක්‍ෂාවෙන් පසුවන බව වාර්තාවේ. තරගාවලිය සංවිධානය කිරීම සඳහා මිලියන 7 ක පමණ වියදමක් දැරීමට ශ්‍රී ලංකා කැරම් සංගමයට සිදුව තිබෙන අතර මේ වන විටත් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මිලියන දෙකක මුදලක් ලබා දී ඇතැයි කැරම් සංගමයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය පැවසුවාය. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සිය අමාත්‍යංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවත්, ලෝක ශූරතාවලියක් බැවින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ඇඳුමේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට සිදුවී තිබෙන බවත් ශ්‍රී ලංකා කැරම් සංගමය පවසයි. කී‍්‍රඩා අමාත්‍යංශයේද සහයෝගය ඇතිව, මාසිකව කුළී ගෙවීමේ පදනම මත මහරගම ප‍්‍රදේශයේ ස්ථානයක ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානය දැනට පවත්වාගෙන යනු ලබයි. කොළඹ රීඞ් මාවතේ තුරඟ තරග පිටිය අසළ ගොඩනැගිල්ල නවීකරණය කිරීම නිසා එහි පවත්වාගෙන ගිය කැරම් සංගම් මූලස්ථානය එතැනින් ඉවත් කර ගැනීමට සිදුවීම ඊට හේතුයි.



අදහස් (0)

ලෝක කැරම් ශූරතාවලිය කොළඹදී

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:41 PM

කිවුවට තරහ වෙන්න එපා. අපි අනුශූරයෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 43 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 235 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1144 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 168 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2905 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 351 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site