ඊජිප්තුව, හන්ගේරියාව, පෝලන්තය, පින්ලන්තය, සයිබීරියාව, ඇල්ජීරියාව, ටියුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් අටක තරඟකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ ටියුනීෂියා නුවර පැවති අට වැනි ජාත්‍යන්තර කාන්තා බොක්ෂිං ශූරතාවලියෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද කටුනායකින් දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ නිලධාරීහු ද, ස්ලිමි ලයින් ක්‍රීඩා සමාජයේ නිලධාරීහු ද, ඔවුන්ගේ ඥාතීහු ද දිවයිනට පැමිණි මෙම ක්‍රීඩිකාවන් උනුසුමි අන්දමින් පිළිගත්හ.
කිලෝග්‍රෑමි 48 බර පන්තියේ රන්පදක්කම අනුෂා කොඩිතුවක්කු හිමිකරගත්තාය ගත්තාය. කිලෝග්‍රෑමි 57 බර පන්තියෙන් තරඟ වැදුණු සිතාරි සඳරේඛා සහ කිලෝග්‍රෑමි 75 බර පන්තියෙන් තරඟ වැදුණු ශිරෝමලී වීරකෝන් ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
කාන්තා බොක්ෂිං ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දී, පුරුදු පුහුණු කිරීමට අනුග්‍රහය ලබා දුන් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුති වන්ත වන බව අනූෂා කටුනායකදී පැවසුවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්! හැබැයි කසාද බදින මහත්තුරු පරිස්සමින් හොදේ. (නි)
සුබ පැතුම් සොයුරානනේ , ඔබගේ අනාගතයට ජය වේවා !! දේශපාලනයෙන් තොරව ඔබව පිළිගත් සැමට ප්‍රනාමය (ස)
උණුසුම් සුභපැතුම් (අ)
දයාබර නැගනිවරුනි, මෙවන් දක්ෂතා තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
නියමයි සහෝදරියනේ. සුබ පැතුම් (ස)
සුබ පැතුම් සහෝදරවරියනේ...සුබ අනාගතයක් වේවා (ස)
ඔයාලා තුන්දෙනාටම ජය වේවා .(ස)
ඔබ තිදෙනාටත් සහයෝගය දැක්වූ සැමටත් මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුබ පතනවා (ස)
ඔයාලට දිරියෙන් දිරිය ලැබේවා! සුභ අනාගතයක්! (නි)
මගේ සුභ පැතුම්! මෙවන් දස්කම් තවත් ඉදිරියට දැක්වීමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
ලක්මවගේ දිරිය දියණියන්ට හද පිරි සුබපැතුම් (ස)
විහිලුවක්වත් කරන්න බයයි. බොක්සිං කෙල්ලොනේ (ස)
කරුණාකර මේ දරුවන්ගේ ඉදිරි ගමනට දේශපාලනය හරස් නොකරන්න. (නි)
ශ්රී ලංකාවේ නාමය ඉදිරියේ කීර්තියට පත් කල ඔබ තිදෙනාට උණුසුම් සුබ පැතුම් (ස)
මට සතුටුයි නංගි, ලංකාව බබලවන්න (ස)
අනේ මේ මිලානෝ වලට ටිකක් එන්නකෝ, පනාගොඩ කියලා ලංකාවේ මල්ලි කෙනෙක් ඉන්නවා, රටට අපහාස කරන. අන්න එයාගේ මුණට හොඳ බොක්සින් පාරක් දෙන්න. (නි)
පාලිතගේ අදහසට වැඩිය නම දිගයි. (නි)
මාටින් මාමා වයස ගැන හිතලාවත් කෙල්ලන්ට විහිඑ කරන එක දැන්වත් නවත්වනවද? (නි)
බොක්සිං කියන්නේ සිංහල බෞද්ධ කුල කාන්තාවන්ට ඔබින ක්‍රීඩාවක් නෙමෙයි. ඕක හොඳ කළු කෙල්ලන්ට. බොක්සිං ගහන කෙල්ලොන්ගේ කිසිම "ගැහැණු" ගතියක් නැහැ. උන් පෙනුමෙනුයි, හැසිරිමෙනුයි නිකන් කොල්ලෝ වගේ. (ස)
ශ්රී ලාංකිකයින් හැටියට අපිට හරිම සන්තෝෂයි. (නි)
හොඳයි, හොඳයි (ස)
මගේ උණූසුම් සුභ පැතුම්! (නි)
ඔබට සදා ජය
සූභ පතනවා! (නි)
දැන් අපේ ක්‍රීඩකයෝ හැම අංශයෙන්ම ජයග්‍රහණයේ මාවතට ළගාවෙන එක ගැන සතුටුයි. (නි)
රටක් වටින දූවරුන්ට මාගේ ප්‍රණාමය! (නි)
නියමයි. (නි)
නියමයි අපේ කෙල්ලෝ තුන් දේනා .අපේ අය මේවාගේ හොඳ දේවල්වලටනම් අදහස් දක්වන්නේ නෑ (ස)
කෝ ඇමතිගොල්ලෝ? අනික කෝ රතුපලස? (නි)
අපි ඔයාලට ආදරෙයි (ස)
සුභ පැතුම්! (නි)
ඔබලාට ඔලිම්පික් පදක්කම් හිමිකර ගැනීමට වාසනාව උදාවේවා. සැමට ස්තූතියි (ස)
නියම කෙල්ලො තුන්දෙනෙක්. ජය වේවා! (නි)
නියමයි. නංගිලාට දළදා සමිදු පිහිටයි! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මේක හරිම අමාරු ක්‍රීඩාවක්. සුභ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම් . ලංකාවේ නම රැක ගන්න ඕනි ඔන්න ඔහොමයි (ස)
ලෝකයම ජය ගමු ඉදිරියට, නංගිලා තුන්දෙනාටම සුභ පැතුම් (ස)