IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලංකා ගෑණු කුවේට් ගණිකා වෙන්දේසියේ

කුවේට්  හා සෞදි අරාබියේ හාම්පුතුන්ගෙන් හිරිහැර හා වද හිංසාවලට  ලක්වී හිර මැදිරි හා රැදවුම් නිවාසවල සිටි ශ්‍රී ලාංකික කතුන් 40 දෙනකු ඇතුළු  125 දෙනෙක් අද කටුනායකට ආහ. ඇතැමෙන් අනුන්ගෙන් ඉල්ලාගත් ඇඳුමින් ආහ. ඇතැමකුගේ දෙපයේ සෙරෙප්පු නොවීය. එහි සිටි කතුන් කිහිප  දෙනකුම කීවේ කුවේට්හි පරවානියා, හවලි, ජහාරා හා පාහීල් නගරවල ලංකා කතුන්  ගණිකා සේවය සඳහා වෙන්දේසියේ විකුණන බවයි. ලංකාවේ ගෑණුන් අසුනක වාඩිකරවා ඩිනාර් 500-සිට 800 දක්වා (රුපියල් ලක්‍ෂ 2 1/2 -ලක්‍ෂ තුන)  වෙන්දේසි කරනවා. බඩදරු අම්මාලාත් දරුවන් ලැබුණු අම්මලාත් එහි සිටිනවා.”යැයි එක් කතක් කීවාය.



අදහස් (0)

ලංකා ගෑණු කුවේට් ගණිකා වෙන්දේසියේ

රාජිත Thursday, 02 February 2012 03:07 PM

ලංකා එම්බසියෙ ඉන්නේ ජරාව කන අය. ලංකාවෙ අයට මොනව උණත් කමක් නෑ එයාලට ගාන හම්බෙනව නම්..

:       0       0

ගජන් Thursday, 02 February 2012 03:12 PM

ඉතින් මොකද ලංකාවේ සමහර අයත් සල්ලි වලට විකිණෙනවනේ..

:       0       0

mohamed faizal Thursday, 02 February 2012 03:19 PM

වහාම මේ රටට ගෑනුන් යන එක නතර කළ යුතුයි. මෙය හරියට අපේ රට ගෑණුන් විකුණන් කනවා වගේ වැඩක්..

:       0       0

හිල්මි Thursday, 02 February 2012 03:44 PM

ලංකාවේ ගෑණුන්ට ඕවට හොද පළපුරුද්දක් තියනවා..

:       0       0

සාගර ප්‍රේමතිලක - සෞදි අරාබිය Thursday, 02 February 2012 04:08 PM

මේවන් සිදුවීම් සිදුවන්නේ අපේ ශ්‍රී ලංකා තානාදිපති කාර්‍යාලවල නිලධාරින්ගේ කොන්ද පණ නැති කම නිසයි

:       0       0

සුමන මානඩුව Thursday, 02 February 2012 04:56 PM

මේ ගැන පාලකයන්ගේ අවධානය යොමු වේවා..

:       0       0

සමන් Thursday, 02 February 2012 05:12 PM

මම දෝහා වල වැඩ කරන කෙනෙක්. වෙනත් රටවල ගෑනුන්ට මේවගේ කරදර වෙනවා අඩුයි. එහෙම අඩු වෙලා තියෙන්නේ වෙනත් රටවලින් නම් හොදට හොයල බලන නිසා. අපේ රටේ එහෙම නෑ. ඔහේ නවා. විදේශ රැකියා කාර්යංශය කරන්නේ රට එන අපි ලියාපදිංචි කරන්න කියල සල්ලි ගන්න එක විතරයි.

:       0       0

සුදත් Thursday, 02 February 2012 05:16 PM

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අධික විදේශ විනිමයක් උපයා දෙන බව ඇත්ත. ඒත් එයාලට මෙවැනි අවදානම් තත්වයක් තියෙනවනම් අපට ඒ විදේශ විනිමය ගැන ආඩම්බර විය හැකිද?

:       0       0

සුනිල් Thursday, 02 February 2012 06:24 PM

හෙලඋරුමයේ හාමුදුරුවනේ, අවුරුදු 2500ක ප්‍රවෘඩ ඉතිහාසයක් ඇති ධර්මද්වීපයට මොකද වෙන්නේ?

:       0       0

මංජුල Thursday, 02 February 2012 06:34 PM

මේ ගැන රජයක් හැටියට සොයා බැලිය යුතුයි..

:       0       0

මොහොමඩ් Thursday, 02 February 2012 08:04 PM

වනචරයන් ලෝකයෙන් අතුගා දැමීමට ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට හැකියාව ලැබේවා..

:       0       0

හර්ෂ Thursday, 02 February 2012 08:11 PM

අපේ රටේ යහතින් කාල , ඈදල ඉන්න පුල්වන්නම් ගෑහෑනු හෝ වේවා පිරිමි හෝ වේවා රටයන්නෙ නෑහෑ . අපෙ රටේ ජිවත්වෙන්න හරිම අමාරුයි. කාටත් ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ජිවත්වෙන්න ආසයිනෙ එකයි කුනු අපුල්ලන්න හරි කමක්නෑහෑ කියල රටයන්නෙ . ඉතින් ගියපුවහම පේනවනෙ වෙන දේවල්. පසුගිය දවස්වල ඈන ගහලත් එව්වා මතකනෙ. හරිම දුකයි අපේ මිනිස්සු ගෑන .ආර්ථිකය දියුනුකරන්නනම් නිශ්පාදන ආර්තිකයක් ගොඩනෑගිය යුතුයි- උදාහරන;- ද: කොරියාව, ජපානය, මලයාසියාව

:       0       0

චන්දන Thursday, 02 February 2012 08:21 PM

අපේ රටේ කොන්ද පණ තියන මිනිස්සු ඉන්නවනම් ඔය වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ නෑ..

:       0       0

gajan99 Thursday, 02 February 2012 08:29 PM

මෙහෙත් සමහර ගෑණු විකිණෙන එක එහෙ එහෙම වෙන එක මහලොකු දෙයක්ද?

:       0       0

අසංග චතුරංග රණදේව Thursday, 02 February 2012 09:30 PM

මේක හරි කණගාටු දායක සිද්දියක්..මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් කිව්වා කාන්තාවන් ගෘහ සේවයට යන එක නතර කරලා ඒ වෙනුවට පුහුණු පිරිමි සේවකයින් යොදවනවා කියල..එත් එක එහෙම සිද්ද උනේ නෑ..මේ රටට ඔය අහිංසක කාන්තාවන් ගේ ලේ ,දහදිය ,කදුළු වලින් ලැබෙන රට සල්ලි වලට තියෙන ලෝබ කමට දැන් එහෙම කතාවක් කිව්වද කියල වත් අමතකයි..එත් ඔය ලැබෙන සල්ලි වලින් මේ රට ඇතුලේ ඇතිවෙන සමාජයීය ,පවුල් ප්‍රශ්න කවදාවත් විසදගන්න ලැබෙන්නේ නෑ..

:       0       0

ජසීම් Thursday, 02 February 2012 09:51 PM

අපේ අයට මෙහෙ ආවට පස්සේ සියල්ල අමතක වෙනවා. අපේ අය තමයි හැම වරදකටම මුල පුරන්නේ..

:       0       0

ෂෙල්ටන් Thursday, 02 February 2012 11:07 PM

රජයට ඕන මුදල් විතරයි..

:       0       0

සාලිය ප්‍රභාත් Friday, 03 February 2012 01:12 AM

මෙවැනි දේ නැවැත්වීමට රජය පියවර ගත යුතුයි..

:       0       0

පාලිත Friday, 03 February 2012 10:39 AM

ජාතියක් හැටියට අපි දැනගන්න ඕනේ අපේ ගැහැණු පිටරටවල් වල වහල් සේවයට යවන්නේ නැතුව හොදින් සළකා රැක බලා ගැනීමට

:       0       0

සම්පත් රවීන්ද්‍ර Friday, 03 February 2012 11:27 AM

මේ දේවල් වලට රජයට, තානාපතිකාර්යාලයට, කුවේට් එකට බැනල වැඩක් නෑ. ගැහැණු එවන පිරිමින්ටයි පවුලෙ අයයි වගකියන්න ඕනා. මේ රටවලට එන ගැහැණුම්ම තමයි මුලින්ම වරද කරන්නෙ

:       0       0

පීටර් Friday, 03 February 2012 11:38 AM

ගැහැණු උදවිය ගැන මීට වඩා තානාපති කාර්යාලවලින් හොයල බලන්න ඕනා. අඩු ගානේ පැමිණිල්ලක් ලැබුණම තානාපති කාර්යාල අපේ අයගෙ පැත්තෙ ඉන්න ඕනා. නමුත් වෙන්නෙ අනෙක් පැත්ත. ඒකයි ගැහැණු උදවිය අපේ තානාපති කාර්යාල සොයාගෙන යන්නෙ නැත්තෙ

:       0       0

ගීත් Friday, 03 February 2012 11:59 AM

මේකට රජයට දොස් කියල වැඩක් නෑ. තමන්ගෙ අකමැත්තෙන් ඕවා කරන්න බෑ. වෙන්දේසි කරන්න සෙල්ලම් බඩු නෙවෙයිනෙ

:       0       0

අර්ශාඩ් Friday, 03 February 2012 01:46 PM

ඇත්තටම කියනවනම් අපේ රටෙන් විදේශ ගත වෙන අය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හොයල බලනවා අඩුයි. අනිත් එක අනිත් රටවලින් එන කට්ටියට ඒ රටෙන් හොද පිළිගැනීමක් දෙනවා.

:       0       1

අශ්ෆාක් Monday, 06 February 2012 01:41 AM

හිතට වදදෙන පුවතක්. කරුණාකර ගැහැණුන් රට යවන එක තහනම් කළ යුතුයි. මේ පිළිබදව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා

:       0       0

ඉසුරු මධුශාන් Monday, 06 February 2012 12:56 PM

අනේ ඉතින් මෙහෙමත් ලෝකයක්

:       0       0

ප්‍රියලාල් Monday, 06 February 2012 05:20 PM

අනුකම්පා කරන එක එම් අය ළඟ නෑ. ඒත් අපිට අපේ ආත්ම ගරුත්වය රැක ගන්න පුළුවන්. රට එය අයට මොනවා ඉගැන්වුවත් ඒටික උගන්වන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 194 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1336 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1126 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 615 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 380 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 482 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site