ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා ගැනීම සඳහා සැකැසූ නව ඩිජිටල් යන්ත්‍රය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවතේ දී අද හඳුන්වා දෙනු ලැබීය. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, ලන්දේසි, චීන, අරාබි, රුසියා, සහ ඉතාලි භාෂා වලින් මෙම යන්ත්‍රය රට ගැන ද විදේශිකයන්ට අවශ්‍ය භණ්ඩ සහ සේවා ලබා ගත හැකි ස්ථාන පිළිබඳව ද තොරතුරු ද සපයයි. අර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ඉන්ටෙලෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ මෙවැනි යන්ත්‍ර හතක් කටුනායක පිහිටුවා ඇත. සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පර්ලිමේන්ත මන්ත්‍රි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ගුවන්තොටුපෙළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය, උප සභාපති කමල් රත්වත්ත, ශ්‍රී ලංකා ප්‍රවර්ධන අමාත්‍යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූමි. ජවුෆර් අධ්‍යක්ෂ ජනරාල් විපුල වනිගසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඊට එක්වූය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්...