ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඬේල් හදිසියේම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. මීටර 100 (පිරිමි) ළය ආර පිහිනුම් ඉසව්වේ ලෝක ශූරයා වන 26 හැවිරිදි ඇලෙක්සැන්ඩර්, ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදානම්වීම සඳහා මේ දිනවල ඇමරිකාවේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
පුහුණුවීම්වලින් පසුව නාන කාමරයේදී ඔහු හෘදයාබාධයක් ඇතිවීමෙන් බිම වැටී සිට ඇතැයි ද වාර්තාවේ. ඔහු නෝර්වේ රාජ්‍යයට පිහිනුම් ක‍්‍රීඩාවෙන් පළමු ඔලිම්පික් පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකර දුන් ක‍්‍රීඩකයාය. අවසන් වරට 2008 වසරේදී පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකිවිය.
පසුගිය වසරේ චීනයේ ෂැන්ග්හයි නුවරදී පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියේදී මීටර 100 (පිරිමි) ළය ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇලෙක්සැන්ඩර්, නෝර්වේ ජනතාවගේ වීරයකු බවටද පත්ව සිටියේය.
නෝර්වේ ජාතිකයන් 77 දෙනකු මිය ගිය සමූහ ඝාතනය සිදුවී දින කිහිපයකට පසුව ඇලෙක්සැන්ඩර්, ලෝක පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම දිනාගැනීම එම සිදුවීමෙන් කම්පනයට පත්ව සිටි නෝර්වේ ජනතාව සතුටට පත්කළ සිදුවීමක්විය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක පිහිනුම් ශූර ඩේල් හෘදයාබාධයකින් මිය යයි
ජගත් Thursday, 03 May 2012 03:49 PM
මම මෙයත් එක්ක තරගෙට පීනන්නයි හිටියේ. දැන් ඉතිං මක් කරන්නද?
දේශප්‍රේමී Friday, 04 May 2012 09:42 AM
මේකත් කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ...