අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 28 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමට ඇතුළත් රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 30 අතරට පැමිණි පළමු අවස්ථාව ද මෙය වන බවයි. ශ්‍රී ලංකාව පසුගිය වසරවල ශ්‍රේණිගත කිරීමේදී 60 ත් 70 ත් අතර ස්ථානයක පසු වු බවද බස්නායක මහතා පැවසීය.
ලෝක බැඞ්මින්ටන් රටවල් ශ්‍රේණිගත කිරීමේදී චීනය පළමු ස්ථානයේ සිටින අතර ඉන්දියාව හත්වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි.
පසුගිය වසරේ අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමිවු ක‍්‍රීඩාව බැඞ්මින්ටන් කී‍්‍රඩාව බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය. එහිදී ජාතික ශූර නිලූක කරුණාරත්න අන්තර්ජාතික රන් පදක්කම් තුනක් දිනාගත් අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ක‍්‍රීඩකයන් 80 අතරට ඒමට ද සමත්විය. නිලූක මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩක) 78 වැනි ස්ථානයේ පසුවන අතර ඔහු දැනටත් විදෙස් තරගමාලාවකට සහභාගිවී සිටියි.
නිලූක දැක් වු දස්කම් නිසා ඔහුට මෙම වසරේදී පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් පිළිබඳව බලාපොරොත්තු රඳවාගත හැකි බවද බස්නායක මහතා පැවසීය. නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ 167 වැනි ස්ථානයේ සිට 78 වැනි ස්ථානය දක්වා වේගයෙන් ඉදිරියට පැමිණීම ඔහුට මෙම අවස්ථාවට උදා වීමට ආසන්නම හේතුව විය හැකි බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් ඔලිම්පික් වරම් හිමිකර ගත් එකම ක‍්‍රීඩිකාව වන්නේ ජාතික ශූරියක වන තිළිණි ජයසිංහයි. තිළිණි 2008 වසරේදී බීජිං ඔලිම්පික් උළෙලට සහභාගිවුවාය. ඇය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) 100 ත් 110 ත් අතර සිටි බවද වාර්තාවේ.
කෙසේ වෙතත් ක‍්‍රීඩකයන් අතර තරගකාරීත්වය වැඩි බවත්, නිලූක ඉදිරියේදී අන්තර්ජාතික තරග 6 කට සහභාගිවන බැවින් ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් තව දුරටත් ඉදිරියට ඒමේ හැකියාව තිබෙන බවත් බස්නායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් නොලත් නිල නාම ලේඛනයට ඇතුළත් වීමේ අවස්ථාවට පිවිස සිටින ක‍්‍රීඩකයා නිලූක බව ද වාර්තාවේ.
පසුගියදා (15) යුරෝපා රටක් වන එස්තෝනියාවේ පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය. ඔහු අවසන් පුර්ව තරගයේදී තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සහ ලෝක ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ සිටින පින්ලන්තයේ විලී ලැන්ග් හමුවේ පරාජය විය. නිලූක මේ මස 19 වැනිදා ආරම්භවන ස්විඩන් අන්තර්ජාතික තරගාවලියටද සහභාගිවීමට නියමිතය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලෝක බැඞ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාවට උසස් වීම්
ස්වර්ණපාල Thursday, 19 January 2012 05:23 AM
ගමට ආඩම්බරයක්
පාලිත Thursday, 19 January 2012 09:03 AM
නියමයි. අපේ රටට අංක 1 වෙන්න වරම් ලැබේවා
ඉන්දික Thursday, 19 January 2012 09:18 AM
නිලූකට සුබ පැතුම්
wanni TNZ Wednesday, 18 January 2012 10:34 AM
ජයෙන් ජය වේවා
සුමුදු පෙරේරා Wednesday, 18 January 2012 03:53 PM
ජයෙන් ජය හිමිවේවායි හදවතින්ම සුබ පතමි....
ක්‍රිෂාන් විතාන Wednesday, 18 January 2012 03:59 PM
නිලූක ඔබට අපේ රටේ නාමය බබළවන්න දිරිය ශක්තිය ලැබේවා
දිසා Wednesday, 18 January 2012 05:13 PM
නිලුක ඔබට ඔලිම්පික් යන්න වරම් ලැබේවා. ඔබට පසුගියකාලේ කොතරම් කැපිලි කෙටිලි තිබුනද කියා අපි දන්නවා. මෙතරම් රන් පදක්කම් දිනුවත් බලධාරීන්ගෙන් කිසිම සැලකීමක් නැහැ. ක්‍රිකට් ගැහුවනම් මෙලහකටත් රුපියල් කොටි ගණන් දීල. ඔබට ජය සහ ශක්තිය ලැබේවා