IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලක් මවගේ ප්‍රංශ දරුවෝ ඉරිදා අයිෆල් කුළුන ළඟ

උතුරු අප්‍රිකාවෙන් අරඹා මැදපෙරදිග, නැගෙනහිර දක්වා තම බල පරාක්‍රමයන් පෙන්වමින් තරවටු කරමින් විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ ලෝක බලවතුන්ගේ විවිධ නාටක මේ දිනවල ලෝක ගෝලය තුළ සිදුවෙමින් පවතී.  එයට ආසන්නතම සාක්කිය සිරියාවයි. එවැනි නාටකයක් නොවුණත් අර්ථය ඒ අයුරින් වෙනත් විවිධ ක්‍රම වලින්  අපේ රටට ද හිසරදයක් වන තරමට මොවුන්ගේ බලපරාක්‍රමයේ අඬු දඬු විහිදෙමින් තිබේ. මෙම උවදුර අඩපණ කළහැකි එකම මාර්ගය වන්නේ එකමුතුවයි. අපි එකම ජාතියක් ලෙස එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්විය යුතුය. එසේ නොවීම සැමදා අප සතුරු උවදුරුවලට හිමිකරුවෝ කරති.  නිදහසේ දියුණුව කරා යන රටකට, එය අති විශාල බාධාවකි.  එබැවින් එකමුතුව අද දිනයේ අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයකි. එය ජය ගැනීම අපේ වගකීමකි.  දශක තුනක රුදුරු ත්‍රස්තවාදී යුද්ධයෙන් මිදුණු ශ්‍රි ලංකාවට එල්ලවී ඇති විදේශ සතුරු බලවේගයනට විරෝධය දැක්වීමට ප්‍රංශයේ ශ්‍රි ලාංකික එකමුතුව සාමකාමි විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කරයි. මාර්තු 11 වැනි ඉරුදින සවස 3 සිට 5 දක්වා පැරීසියේ අයිෆල් කුළුන පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විරෝධතාවට ශ්‍රී ලංකා ජාතික ධජයක් සමග සහභාගීවන මෙන් සියලුම ශ්‍රි ලාංකිකයනට සංවිධායකයෝ ආරාධනය කරති. උතුරු අප්‍රිකාවෙන් අරඹා මැද පෙරදිග දක්වා විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ ලෝක බලවතුන්ගේ විවිධ තර්ජන ගර්ජනයන්හි ආසන්නතම සාක්කිය සිරියාව බව එම සංවිධානය කියයි.  



අදහස් (0)

ලක් මවගේ ප්‍රංශ දරුවෝ ඉරිදා අයිෆල් කුළුන ළඟ

kansboy Wednesday, 07 March 2012 03:09 PM

මේක උතුම් දෙයක්. ලොව හැමදෙනා එක් වේවා.

:       0       0

yaser Wednesday, 07 March 2012 03:58 PM

ජයවේවා..

:       0       0

mahesh peiris Wednesday, 07 March 2012 09:49 PM

මෙය ඉතා උතුම් කර්තව්‍යයකි.රුදුරු කොටි ත්‍රස්තවාදයට සහ බෑන්කිං මූන්ට විරුද්ධව ජිනීවා නුවර උද්ඝෝෂණයන්ට දායක වූ දේශප්‍රේමී ලාංකිකයකු වශයෙන් මා හට කීමට යමක් ඇත.එනම් ඉහත වාර්තාව ලියන සුනිල් ආනන්ද වෙනත් අඩවියට ලිපි ලියමින් අද ටියුනීසියාව,ලිබියාව හෙට ශ්‍රීලංකාව යැයි සඳහන් කරමින් ජනපතිතුමා ඉඩීඅමින්ට සමාන කර නාම පුවරු ජිනීවා නුවර එක්සත් ජාතීනගේ කාර්යාලය සහ පැරිසියේ ශ්‍රීලංකා තානපති කාර්යාලය ඉදිරියේ ඔසවාගෙන උද්ඝෝෂණය කළ කිහිපදෙනාගෙන් කෙනෙකි.ප්‍රංශයේ ලාංකිකයින් මෝඩයින්ට සහ කේවට්ටයින් සමාන කල මොහු අද ලක්මවගේ ප්‍රංශ දරුවෝ යැයි අපහට නිබ්බුත පද කියයි.වාද භේද කුල ආගම් ජාති මේ සියලුදේ අප දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් අමතක කර දැමුවත් මොහු සමඟ එකඟවීමට පැරීසියේ බහුතර ලංකිකයින් ඉතා පිලිකු ල් කරන්නේ අද අපේ රටට මෙවන් භයානක තත්වයක් ඇතිවුනේ මොවුන් විසින් අතීතයේ කළ කී දේ නිසා බව දන්නා නිසාවෙනි. මෙම උද්ඝෝෂණය සංවිධානයට මොහුගේ කිසිම දායකත්වයක් නොමැති බව වගකීමෙන් පවසමු.මෙම වාර්තාව ප්‍රංශයේ වෙසෙන ලාංකිකයන්ට සංවිධාකයින් විසින් යවන ලද්දක් බවත් මොහු එය අවසරයකින් තොරව ලංකාදීපයට එවා ඇති බව වගකීමෙන් ප්‍රකාශ කරමු.මොහු මෙම ලිපිය පලකිරීමෙන් අද දවසේ පැරීසියේ මොහුට විරුද්ධව පැන නැගී ඇති ලාංකික රැල්ල මැඩ පැවැත්වීමට උත්සාහ කළත් අපට ඇති ලොකුම ගැටළුව නම් මොහුගේ නම දුටු පමණින් මෙම උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා පැමිණෙන ජනගංඟාව අඩුවේදෝ යන සැකයයි.මෙය කාලීන අවශ්‍යතාවයක් බැවින් අප වාර්තාව කිසිම සංස්කරණයකින් තොරව පළකරන්නේ නම් මැනැවි.ස්තුතියි.මහේෂ් පීරිස්.සභාපති ප්‍රංශයේ ශ්‍රීලාංකිකයින්ගේ සංවිධානය.

:       0       0

නිමල් Tuesday, 06 March 2012 09:01 PM

මොනව වුණත් ඒ වැඩේ නම් හොදයි. ලෝකයේ අනිත් අසාධාරණයට පත්වෙන රටවලුත් මේ වගේ එකතු වුණානම් කවදාවත් ඇමෙරිකාවට මේ තරම් අපරාධ කරන්න ඉඩ ලැබෙන එකක් නෑ..

:       0       0

ඩයනි Tuesday, 06 March 2012 10:01 PM

සුනිල්, බොහොම හොදයි..

:       0       0

මොහාන් Tuesday, 06 March 2012 10:22 PM

අපිත් එනවා

:       0       0

උදයකාන්ත- ඇෆ්ගනිස්ථාන් Tuesday, 06 March 2012 11:30 PM

පක්ෂ බේදයෙන් තොරව සහයෝගය සහ එකමුතුව ඇත්නම් අපිට කරන්න බැරි දෙයක් නෑ.

:       0       0

සුජාත පීරිස් Wednesday, 07 March 2012 01:08 AM

අප සැම එකාමෙන් මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවද මෙම ක්‍රියාවට සහභාගී වන්නෙමු. මගේ මාතෘභූමියට ජයවේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 59 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 61 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 43 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 235 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 185 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 317 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site