ජර්මනියේ, ඩොට්මුන්ඞ් නගරයේ පැවති ලෝක මේස පන්දු කණ්ඩායම් තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම පෙරේදා (9) දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චන්දන පෙරේරා මහතා ඇතුලූ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. රොහාන් සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායමට නිර්මල ජයසිංහ සහ දිනේෂ් දේශප‍්‍රිය ඇතුළත් වූහ. ජර්මන් ක‍්‍රීඩා සමාජ 5ක් සමග ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලූම තරග ජයග‍්‍රහණය කළ අතර පිරිමි කණ්ඩායම තරග 4ක් ජයග‍්‍රහණය කර එක් තරගයකින් පරාජය විය. මෙම කණ්ඩායම් දෙකෙහි තරග සංචාරය සඳහා ගුවන් ප‍්‍රවේශපත් සඳහා මුදල් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වුවද එම මුදල අනුමත නොවීම නිසා ගුවන් ප‍්‍රවේශපත් ලබාගැනීමට රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ණය වෙමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගි කරවීමට සිදුවූ බව ශ්‍රී ලංකා මේස පන්දු සංගමය පවසයි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක මේස පන්දු කණ්ඩායම් තරගාවලියේදී පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට