ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියට (කණ්ඩායම්) සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පෙරේදා (19) නිමාවට පත්විය.
තරගාවලියේදී ශ්‍රී ලංකා පිල, මැලේසියාව සහ ඉන්දියාව පරදවා ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිලට රෝද පුටු ටෙනිස් ජාතික ශූර උපාලි රාජකරුණා, ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා ඇතුළත්වුහ. මැලේසියාවට එරෙහිව පැවැති තරගය 2-1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඉන්දියාව තරග වට 3-0 කින් පරදවා ජය ගැනීමට සමත්වුහ.
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලිය ලබන මැයි මස කොරියාවේදී පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd