කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ඊයේ (23) සමත්වුහ.
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් මේ මස 27 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා පිල, දකුණු අප‍්‍රිකාව සමග තරග කිරීමට නියමිතය. තායිලන්තය සහ ජර්මනිය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු රටවල් දෙක වේ.
තරගාවලියේ මුලික වටයේ ‘සී’ කොටසේ තරග කළ ශ්‍රී ලංකා පිල ඊයේ පැවැති තරගයෙන් ප‍්‍රබල ඉතාලි කණ්ඩායම තරග 2-1 කින් පරාජය කිරීමට සමත්විය. ‘සී’ කොටසේ ස්ලොවැකියාව, ඉතාලිය සහ ශ්‍රී ලංකාව තරග කළ අතර එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරග 3-0 කින් ස්ලොවැකියාව පරාජය කළහ.
උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ශ්‍රී ලංකාවේ අංක එකේ රෝද පුටු ටෙනිස් ක‍්‍රීඩකයෝ දෙදෙනා වෙති. ඉතාලියට එරෙහිව පැවැති තරගයේ පළමු කේවළ ඉසව්වේදී ගාමිණි දිසානායක විසින් ඉවන් ලියොන් පරදවා (6/1, 6/1) සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද, උපාලි රාජකරුණා දෙවැනි කේවළ ඉසව්වේදී ෆේබියන් මසායි හමුවේ පරාජය (6/4, 6/1)ලැබීය.
තීරණාත්මක යුගල ඉසව්වේදී තියුණු තරග වට තුනකින් පසුව (6/3, 5/7, 6/4) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ජය ලැබුහ.
රෝදපුටු ටෙනිස් ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ අතරේ 71 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 79 වැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාව ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිවලදී තෙවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට ද සමත්ව තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රීඩකයන්ව රැක ගැනීම ක්‍රීඩා බලධාරීන‍්ගෙ යුතුකමක්. මෙන්න නියම ක්‍රීඩකයෝ. සුභපැතුම්!!!
මේක මේ හිතන තරම් ලේසි ගේමක් නෙමෙයි.ඔබට හදවතින්ම සුභ පැතුම්! කෝ මේ අපේ කට්ටිය? හොද දේකට නම් කමෙන්ට්ස් ලියන්නේ නෑ. කුණු ගොඩවල් නම් අවුස්සයි යස අගේට
මේ උපාලිල ගාමිණීල කොළඹ ටෙනිස් සංගම් ටෙනිස් පිටියෙ පුහුණු වෙනව බලන්න යන්න කියලා ක්‍රීඩාවට හිත ඇති අයට කියන්න කැමතිය. එතකොට තේරෙයි මේ ක්‍රීඩාවෙ තරම. උපාලි සහ ගාමිණී මේ ලබන්නෙ දහඩිය කදුළු අතරින් ලබාගත් ශක්තියේ ජයග්‍රහණයයි. ඔබ ශ්‍රී ලංකාවට අභිමානයක්...!!
දිරිය දරුවනි, ඔබට ජය නියතයි
උණුසුම් සුභ පැතුම්
ජය ඔබටයි.