ශ්රී ලංකාවේ රියැදුරකු මත්පැන් බීමෙන් පසුව හැත්තෑ පස් හැවිරිදි සෞදි හාම්පුතා මරා ඔහුගේ බිරිය කෙළෙසා සියදිවි නසාගන්නට තැත් කරද්දි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. පනස් හැවිරිදි රියැදුරා මේ අපරාධය කර ඇත්තේ දකුණු සෞදි අරාබියේ කෝබාර් නගරයේදීය. දෙකෝටි අසූ ලක්ෂයක් වාසය කරන සෞදි අරාබියේ පෞද්ගලික රියැදුරන් හා ගෘහ සේවකයන් වැඩිදෙනා ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ගොස් සිටිති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩෙන් වෙන්නෙ ලංකාවෙ රියදුරන්ට ගෙවන්නෙ නැතුව යන එකයි.(ස)
ඉවරයි ඉවරයි. ලංකාවම ඉවරයි. (නි)
මෝඩයෙක්නේ. දැන් ඉතින් එයාගෙත් මරණය තමයි. ඇයි දන්නේ නැද්ද මෙහේ නීතිය තමයි.(නදී)
අපරාදේ සියදිවි නසාගන්න තිබුනේ.(නදී)
අපේ රටේ නම කනවා! (නි)
මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
මෙතන මොකක්හරි ගැටළුවක් ඇති (නි)
දෙපාරක් එල්ලුම් ගස් යවන්න වටින වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
මේ කරන ජරා වැඩ නිසා කොහේ ගියත් අපිට තැනක් නෑ.
මේ වගේ අයව ලංකාවට ගෙනැල්ලා උල තියන්නයි වටින්නේ (නි)
මේ වැනි නරුමයන් නිසා ලාංකීය අන් අයට වන විපතක මහත. (නි)
රියැදුරාට දන්ගෙඩිය සිපගන්න කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. (නි)
මොකක්ද දන්නේ නෑ බිව්ව ජාතිය? (ත)
රිසානා නෆීක් නොකරපු වරදකට ලංකාවෙන් සමාව ඉල්ලා දුන් නැති කට්ටිය මෙයාට සමාවක් ඉල්ලුවට දෙයිද. ලගදීම බෙල්ල කපයි.ලංකාවේ ඉන්න පවුලේ කට්ටිය ගැන හිතුවේ නැද්ද? (නි)
හිතාමතා කල දෙයක් නම් නොවෙයි
කනගාටුයි ඔබ ගැන
ලේසි වෙන එකක් නැහැ
මේ වගේ අය නිසා මුළු ශ්‍රී ලංකාවෙ නාමයම කරදරේ... මේ අය ජරාව බිව්වාම කරන්නේ මොනවාද කියලා දන්නේ නැහැ..!(නු)
අයියෝ සල්ලි
කිසිම සමාවක් නැහැ. එන සිකුරාදට බෙල්ල කපයි.(නදී)
ආපහු මිනියවත් ලංතාවට එවන එකක් නැහැ.(නදී)
දැන් ඔක්කොම අය කියන්න ඕනේ මේක මානව හිමිකම් උල්ලංඝනයක් කියලා.(නදී)
මේවා ගැන කියන්න දැන් වචන නැහැ. (නි)
මේ මෝඩ මනුස්සයා එහේ වැඩකරන ලාංකිකයන්වත් කෙලසලා රටත් කෙලෙසුවා.(නදී)
මිනිහට දෙවියන්ගෙම පිහිටයි! පිස්සු යකෙක්... (නි)
දැන් දැන් වයසක අයට තමා ඉන්න අමාරු තරුණ ජීවිතය කොහොම ගත කරාද දන්නෙ නැහැ... (නි)
එක් කෙනෙක් කරපු වැඩ නිසා මෙහි සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට තිබු ගෞරවය නැතිවෙනවා. (නි)
හොරකමකුත් කරලා මුකුත් කළේ නැහැ කියලා බොරු කිව්වනම් කරුණු පහම සම්පූර්ණයි. (නි)
බේර ගත්තට වැඩක් නැහැ ලංකාවේ නෙමෙයිනේ. ඒක හින්දා මෙයාට ලැබෙන්නෙත් ඔය දඩුවම්ම තමයි.(නදී)
ලංකාවේ අයට ආදර්ශයක් වෙයි මේ නීතිය.(නදී)
රට යන්තම් හැදීගෙන එනකොට ඒක විනාශ කරන මෝඩයෝ ඕනාතරම් ඉන්නවා.(නදී)
සිදුවීම හරිම කණගාටුදායකයි. මත්පැන් බීමේ ආදිනව ඉතාමත් දරුණු බව තවත් සතියකින් දෙකකින් දැනගන්ඩ පුලුවන් වේවි. සව්දි අරාබියේදී නොකලමයුතු දරුණුම වැරදි තුනක්ම කල අයෙකුට ලැබෙන දඩුවම අපි කව් රුත් දන්නා බව නොරහසකි. 1.මත්පැන් බීම 2.ස්ත්‍රී දූසණය සහ මිනී මැරීම. පවුලේ අය දානමාන කටයුතු කර මතු ආත්මයකදීවත් මෙවන් පවිටු අදහස් ඇතිනොවේවා ! මෙවන් දරුණු රාජ දඩුවමකට පත්නොවේවා ! යයි පතන අතර මේ නිසා මවුබිමට සිදුවන අපකීර්තියනම් කිසිදා මැකිය නොහැක.
අපේ රටේ තියෙන වසන්ගතය දැන් මේ රටවලටත් බෝකරමින්ද දන්නෙ නැහැ යන්නේ.. තමන් මෙවැනි රටකට ආවේ මොකටද කියලා මූලින්ම සිතූවා නම්,මෙවැනි පහත් වැඩ වලට තමන්ගෙ සිත ඉඩ දෙයිද...? අනික මේ හැම කරුණකටම මූල මත්පැන්, බේබදූ කමයි. කොහේ ගියත් පූරුද්ද මකන්න බැහැනේ.. සියදිවි හානි කරගෙන ඒ රටේ ඉන්න අනෙක් පිරිසවත් අමාරුවේ දාන්නයි හදන්නේ. කොහොම වුණත් උන්නැහේට නියම දඩූවම නුදූරේදිම ලැබේවි. (නි)
රියදුරාටත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි (නි)
සෞදිය යනු ලංකාව නොවේ. (නි)
මෙයාට නම් ඉක්මනට බඩු හම්බවෙයි.මෝඩයෝ.මත්පැන් කිවුවට මෙහෙ තියෙන්නේ අපේම එවුන් හදන කසිප්පු.මේවා බීලා පොරක් වෙන්න හදන්න ඇති. දැන් ඉතින් බෙල්ලවත් ඉතුරු වෙන්නේ නැහැ. බෙල්ල කපන දඩුවම් දෙකක්ම කරලනේ තියෙන්නේ. මේ මිනිහගේ ලංකාවේ ඉන්න පවුලේ අය ගැන හිතුවම පව්.. (නි)
හාම්පුතාට වයස 75 යි. රියදුරාට 50 යි. එතකොට බිරියට කීයද?(නදී)
මොකද අපේ අයට වෙලා තියෙන්නේ?(නදී)