IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලෝක විනාශය ඉස්ලාමීය ඇසින්

ලෝකයේ සෑම රටකම මේ දිනවල කතා බහට ලක්ව ඇති ප‍්‍රධාන මාතෘකාව වනුයේ ලබන 21 වන සිකුරාදා සිදු වන බව කියන ලෝක විනාශයයි. සෑම ආගමක්ම ලෝක විනාශය පිළිබඳව පැහැදිලිව කියා තිබියදී ආගම් අදහන මෙන්ම ආගම් විශ්වාස නොකකරන ඇතැම් පිරිස්ද ලෝක විනාශය පිළිබඳව දෙගිඩියාවකින් කතා කරති. එසේ නමුත් ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම් ජාතිකයන්ට ලෝක විනාශය ඔය කියන දිනෙයේ සිදු වන බව කිසි සේත් විශ්වාස කළ නොහැක. ලෝක විනාශය අනිවාර්යනේ සිදු  වන බව ප‍්‍රකාශ කරන ඉස්ලාමය එය විශ්වාස කිරීම මුස්ලිම් ජනතාවට අනිවාර්ය කර ඇත . එසේ නමුත්  ලෝක විනාශය සිදු වන දින වකවානු පැහැදිලිව කියා නොමත . නමුත් ලෝක විනාශයට පෙර සිදු වන පෙර නිමිති රැසත් ඉස්ලාමය පැහැදිව සඳහන් කර තිබේ. ඒවා විශ්වාස කිරීමද මුස්ලිම්වරුන්ට අනිවාර්ය කර ඇත. එම පෙරනිමිති පිළිබඳව සලකා බැලීමේදී අවම වශයෙන් තව වසර ගණනාවකට ලෝක විනාශයක් සිදු විය නොහැක. ඉස්ලාම් ධර්මය සඳහන් කරන ආකාරයට ලෝකය විනාශ වන්නට පෙර ප‍්‍රධාන පෙර නිමිති කිහිපයක් සිදු විය යුතුය ඒ අතර 01 දජ්ජාල් නම් දරුණු පුද්ගලයෙකු මෙලොවට බිහිවීම 02 නබි ඊසා (අලෙ) තුමන් (යේසුස් වහන්සේ) නැවත ලොවට බිහිවීම ( ඉස්ලාම් ධර්මයට අනුව යේසුස් වහන්සේ මිය ගියේ නැත .  උන් වහන්සේව දෙවියන් වහන්සේඋන් වහන්සේ වෙත ඔසවා ගත්හ. එතුමන් නැවත මෙලොවට බිහි වන බවත් දජ්ජාල් නම් දරුණු පුද්ගලයාගෙන් ජනතාව බේරා ගෙන වසර හතළිහක් ජීවත්වන බවත් ඉස්ලාමය කියයි.) 03 විශාල දුමාරයක් ඇති වීම 04 ලෝකයේ විශාල භූමිකම්පා තුනක් ඇති වීම එයින් එකක් අරාබිය ආශ‍්‍රිතව සිදුවීම 05 යහ්ජූද් මහ්ජ්ද් නමින් හදුන්වන ජන වර්ග දෙකක් බිහි වීම. එම ජන වර්ගයන් අගල් හයත් අඩි එක හමාරත් අතර උසකින් යුක්ත වෙති. ඔවුන් ලොවට බිහිව සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් හිරිහැර කරමින් ජීවත් වෙති මේ වන විට ලොවට බිහිව ඇති නබි ඊසා (අලෙ) තුමන් ඔවුන්ගෙන් තම ජනතාව බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගනිති. 06 යෙමනයෙන් විශාල ගිනි ජාලාවක් මතු වීම 07 මිනිසුන් සමග සාමාන්‍යායන් කතා කරන සුවිශේෂ සත්වයෙකු බිහිවීම 08 හිරු බටහිරෙන් පායා එම    ආදිය ලෝක විනාශ වන්නට පෙර සිදු විය යුතුය . මේ සියලූ පෙර නිමිති ඇති වීමෙන් පසුව වුවද ලෝකයේ අවසන් යහපත් මිනිසා ජීවත්වනතුරුත් ලෝක විනාශය සිදු නොවන බව ඉස්ලාමය කියයි. සියලූ යහපත් මිනිසුන් විනාශ වීමෙන් පසුව ම්ලේච්ච සමාජයක මිනිසුන් සහ ගැහැණුන් අවිචාරවත්ව ජීවත් වෙති.  ඔවුන්ගේ අවිචාරවත් ක‍්‍රියාවන් ඉවසා ගත නොහැකිව දෙවියන් වහන්සේ ලෝකය විනාශ කරන බව ඉස්ලාමය සඳහන් කරයි. ලෝක විනාශයට පෙර ලොවට බිහිවන දජ්ජාල්න නම් ඒ දරුණු පුද්ගලයා දින 40 ක් ජීවත් වෙයි.  ඔහු ජනතාව කපා කොටා විශාල විනාශයක් කරයි. ඔහු  විනාශ කිරීම සඳහා නැවත ලොවට බිහි වන ඊසා නබි තුමන් වසර හතළිහක් ලෝකයේ ජීවත් වෙයි.  මේ සියලූ ආගමික සිද්ධාන්තයන් සලකා බැලීමේදී ලබන 21 වනදා සිදු වන බව කියන ලෝක විනාශය මුස්ලිම්වරුන් විශ්වාස නොකරති.  නමුත් ලෝකයේ තැනින් තැන සිදු වන විනාශයන් ඉස්ලාමය අනුව ලෝක විනාශයට අයත් නොවේ.



අදහස් (10)

ලෝක විනාශය ඉස්ලාමීය ඇසින්

මෝරාළ Thursday, 20 December 2012 02:00 PM

හිතුවක්කාර අයගේ වැරදි නිසා අපි හිතන්නේ ආගම වැරදියි කියලයි. (නි)

:       0       0

රශ්මි Thursday, 20 December 2012 07:09 PM

මම නම් පිළිගන්නෙ නැහැ. (නි)

:       0       0

අදීම් Friday, 21 December 2012 03:50 PM

කිය කිය ලෝක විනාසේ වෙන්නේ නෑ. වෙනකම් කාටවත් කියන්නත් බෑ (ස)

:       0       0

රීසා Wednesday, 19 December 2012 08:27 PM

මේක තමයි ඇත්ත. (නි)

:       0       1

විජය Wednesday, 19 December 2012 09:40 PM

මොන දෙයින් හරි ලෝක වාසීන්ට යහපතක් වෙනවනම් ඒ ඇති (ස)

:       0       0

නිලූක Friday, 21 December 2012 05:27 PM

වෙන්න තියෙනවා නම් ඒ දේ සිද්ධ වෙනවාමයි. (නි)

:       0       0

කුමාර් Tuesday, 18 December 2012 08:19 PM

මේක කුරාණයට අනුව නේද වෙන්නේ? (නි)

:       0       0

රිනෝස් Wednesday, 19 December 2012 11:31 PM

මට නම් විශ්වාසයි. (නි)

:       0       0

අසන්ක Tuesday, 18 December 2012 10:17 AM

මම නම් විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

Mohammed Imadh Monday, 08 May 2023 08:52 PM

මම නම් විශ්වාස කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1218 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2171 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 439 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site