පවතින වැසි ද නොතකා කතරගම පුද බිමට මේ දිනවල බෞද්ධ, හින්දු බැතිමත්හු විශාල ලෙස පැමිණේති. මෙයට හේතුව මාධ්‍ය ඔස්සේ ලෝක විනාශ සිදුවිමේ පුවත් සහ කතා ප‍්‍රචාරය විමයි.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කතරගම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා.. එදා සුනාමි එන විට අනතුරු ඇගවීමක් දුන්න පුවත්පත් කියවලා බලන්න.. ලෝක විනාශයක් සිදු නොවන්න කියලා කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා..!(නු)
අපේ අය මොනවා විශ්වාස කළත් ලෝක විනාශය නම් වෙන්නේ නැහැ. (නි)
මැරෙන දවසට කොහේ සිටියත් මැරෙනවා. එය වළක්වන්න කිසි කෙනෙකුට නොහැකියි. (නි)
ලෝක විනාශයක් වුණොත් කතරගම දෙවියන්ටවත් එය නතර කරන්න බැරිබව සිතට ගන්න. (නි)
ලෝක විනාශය ගැන බුදු දහමමේ කියලා තිබුණට ඒක සිද්ධ වෙන්න තවත් කල් තියෙනවා. (නි)
හොරු, මැරවරයෝ අල්ලන්නේ පොලිසියෙන්. දෙවියෝ නෙමෙයි (නි)
කතරගම ගිහින් කොහොමද බේරෙන්නේ? ඇයි කතරගම තියෙන්නේ මේ ලෝකයේ නෙමෙයිද? (නි)
අසේල, ඔබ හරි. කතරගම කියන්නේ හින්දු බැතිමතුන්ට අයිති පුජා බිමක්. අනුන්ගේ දෙවිවරුන් කුලියට ගන්න සමහර උදවිය හරි දක්ෂයි. (නි)
ජීවිතය තමාට විතරක් වෙනස් කිරීමට ඉඩ තියන්න. තමාගේ ජීවිතවේ අයිතිය තමා අතට ගන්න. එය අන්සතු නොකරන්න. (නි)
මේවට අපි බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. (නි)
වැරදි අර්ථ කතන දෙන්න එපා, කිරිවෙහෙර විතරක් නොවේ, කතරගමත් බෞද්ධයන්ට අයිති බෞද්ධ පුදබිමක්. සෝම හාමුදුරුවෝ පුන පුනා කිව්වේ, කතරගම අයිති නැ , එය පිරිසිදු බෞද්ධ සිධස්තානයක් තැනක්. එය පසුකාලීනව හින්දුන් විසින් හොරකම් කරපු තැනක්.එය හරියට,බුද්ධගයාව, මුන්නේශ්වරම් කාලි කෝවිල, ත්‍රීකුනාමලයේ කොනේශ්වරම් ,බෞද්ධයන්ගෙන් වැනිම දෙයකි. මෙය බුදු රජුන් වැඩමවා සිටි පුදබිමක්. අප එහි යා යුත්තේ, අපගේ එම අයිතිය නිසා වන අතර මිසදිටු දෙවියන්ට පලතුරු වට්ටි රැගෙන යාමෙන් වැළකිය යුතුය . මෙතන ඉන්න නාමික බෞද්ධයන් මිස නියම ලෙස තෙරුවන් සරණ ගිය කිසිවෙකුත් නැත (අ)
මෙහෙමත් මිනිස්සු? ලෝක විනාශයට කතරගම ගිහින් හරියනවද? බිත්තර කටුවක් ඇතුලෙ හැංගෙන්න කියන්න. (නි)
අනේ හොදයි (දී)
කතරගම දෙවියන්ට කරදර කරලා වැඩක් තියෙනවද? (නි)
අනේ අපේ මිනිස්සු? මැරෙන්න අකමැතියි. ඒ වුණත් නිවනට යන්න කැමතියි. (නි)
දෙවියන් අදහන එකනම් හොදයි (දී)
පාසල් නිවාඩු කාලය නිසා වෙන්න ඇති සෙනග වැඩි. (නි)
නලිම්, රිස්වාන් ඔබ දෙපල හරි.. බුදු දහම අනුව තව අවුරුදු දහස් ගණනක් තියෙනවා.!(නු)
මෝඩ මිනිසුනේ, නියම දෙවිවරුන් වන්නේ තමන්ගේ දෙමවුපියන්. ඔවුන්ට හරියට සළකනවා නම් බයවෙන්න දෙයක් නැහැ මොනවා වුණත්. (නි)
රිස්වාන් ඉස්ලාම් ධර්මයක් නොව ආගමක් පමණි.. කණගාටුයි..!(නු)
බොරු කතා වලට රැවටෙන්න එපා. (නි)
හුගක් දෙනෙකුට දෙවියන් බුදුන් මතක්වෙන්නේ ඔහොම වෙලාවට තමයි. (නි)
මිනිසුනේ, මේ ලෝකයේ පහල වුණ මහා උගතා වුණ , මිනිස් ජීවිතය ගැන මීට අවුරුදු දහස් ගානකට කලින් දේශනා කරල අදටත් ඒ දේවල් ඇත්ත වුණ අපේ සම්මා සම්බුදුරජාණන්ටත් හරියටම මෙන්න මෙදාට මේක වෙනවා කියන්න බෑරි වුණා. මේ ලෝක විනශය කියන එක. එහෙනම් මේ එක එක මිත්‍යාගමිකයන්ට වගේම වෑඩකට නැති කේන්දර කාරයනට පුලුවන්ද? රෑවටෙන්න එපා....(ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කතරගම මතක් වෙන්නේ මෙහෙම කාලෙටද? අනේ කාලේ වනේ වාසේ කිවුවලු. (නි)
මේ වගේ මෝඩ නාමික බෞද්ධයන් ඉන්න රටක් (ස)
ලෝක විනාශයක් වෙන්නේ නැහැ. ඒක බොරු. (නි)
ඉස්ලාම් ආගමට අනුව මුළු ලෝකයම ඉස්ලාම් උනත් ලෝකය විනාස වෙනවා (ස)
අනේ අහිංසක මිනිස්සු. එක තප්පරයක් හරි ජිවත් වෙන්න ආසයිනේ (දී)
මෝඩයොන්ගේ වැඩ නිසා බෞද්ද ආගම හෑල්ලුවට පත් වෙනවා (ස)
ඉස්ලාම් ධර්මය, බෞද්ධ දර්ෂණය සහ ක්‍රිස්තියානි ධර්මය අනුව ලෝක විනාශයට පෙර සිදුවීමට තව බොහෝ දේවල් ඇත ..... (ස)
මෙහි අදහස් දමලා තියෙන ගොඩාක් දෙනා යතාර්ථය දන්නේ නැහැ. (නි)
කවදත් අවුරුද්ද අන්තිමට කතරගම මෙහෙම තමයි.(ස)
ආගමික වැඩ නම් කොහොම කළත් හොදයි. ඒත් යමකින් නිදහස් වෙන්න කියලා පින් කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)
කවදත් අසරණ මිනිස්සුන්ට පිහිට උනා (දී)
මෝඩ මිනිස්සු .දෙවියන්ට පුළුවන්නම් මේ ඉන්න හොරු , මැරවරයෝ අල්ලා දෙන්න කියන්නකෝ (ස)
ඔව් සරත් , මම ඔයා එක්ක එකඟයි (ස)
කතරගම කවදත් ඔහොම තමා. මිනිස්සුන්ගෙන් පිරිලා මම දන්න විදිහට. මේක ලෝක විනාසෙන් බේරෙන්න කියලා කියන එක වැරදියි (ස)
අසරණ උනාම තමයි දෙවියෝ මතක් වෙන්නේ (දී)
සුසන්ත හරි. ඒ වගේම මේ දවස් ඉස්කෝලේ නිවාඩු කාලේ.(ස)
අනේ මෙහෙමත් මිනිස්සු , දෙයියෝ මතක් වෙන්නේනේ දැනුයි මිනිස්සුන්ට (ස)
මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් (ස)
දැන් තමයි කට්ටියට දෙවියෝ මතක් වෙලා තියෙන්නේ. මීට කලින් දෙවියෝ කොහෙද හිටියේ ?? ඇයි කතරගම විනාස වෙන්නේ නැද්ද ? (ස)
ලෝක විනාස වීමට ඉස්ලාම් දර්මය අනුව තව ගොඩාක් වෙනස් වීම් වන්නට තිබෙනවා, ඔය කියන දවසට ලෝක විනාසයක් වෙන්නේ නැහැ. ඒක නියතයි (ස)
විනාසයක් වෙනකොට තමයි දෙයියෝ බුදුන් මතක් වෙන්නේ (ස)
කව්රු කොහොම කිව්වත් දුකක කරදරයක ඉවක් දැනුනම ශ්‍රී ලාංකිකයන්ට ඉස්සරලම මතක් වෙන්නේ දෙයියෝ බුදුන් තමයි (ස)
අසරණ මිනිස්සු (දී)
රිස්වාන් ඔබ හරි , මම ඔබ එක්ක එකඟයි (ස)
ලෝක විනාශය කවුරුත් නොදන්න දවසක නොදන්න වෙලාවක වෙයි. (නි)
කතරගම ගියාටනම් කමක් නැහැ. එත් බය වෙන්න එපා. ලූකා විනාසේ වෙන්නේ නැහැ (දී)
කන්ද කුමාර පිහිට ලැබේවා (දී)
ඔබ නියම තැන තෝරාගෙන තියෙනවා (දී)
කතරගම දෙවියන් අසරණ කාටත් උපකාර කරනවා (දී)
ආත්මාර්තකාමී මෝඩ පිරිසක් (ස)
ලෝක විනාශයක් ගැන ලංකාවේ මිනිස්සු එච්චර හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාසල් නිවාඩු කාලෙට දෙසැම්බර් වලට මිනිස්සු කතරගම යනවා.(ස)
ලෝක විනාශය වන දිනය කිසිවෙකුත් නොදනී. (නි)
ලෝක විනාසයට බයේ කතරගම දෙයියෝ පස්සේ ගියානම් ඒ බෞද්ධයෝ නෙමෙයි.කරුණාකරලා බුදු දහමට නිගා කරන්න එපා. (ස)
මෝඩ මිනිස්සු . සල්ලි නාස්ති වුණ එක විතරයි වෙන්නේ (ස)
මිනිසුනේ, මේ ලෝකේ පහල වුණු මහා උගත්, විද්වතා වුණ තිලෝගුරු බුදු සමිදුන්ටවත් හරියටම මෙන්න මේ දිනයේ ලෝකය විනාශ වෙනවා කියලා කියන්න බැරි වුණා නම් මේ අයට මෙදාට මේක වෙනවා කියන්න පුලුවන්ද? (නි)
මොකද සිංහල සහ හින්දු අය විතරක් ගියේ? (නි)
නලීන්, රිස්වාන්, රිස්මි. අනේ ඔහේලා දන්න දෙයක් නැහැ. (නි)
මිනිස්සු කරන විනාශ වලට වඩා තවත් මොන ලෝක විනාශද? (නි)
ලෝක විනාශය නම් සිද්ධ වෙනවා. හැබැයි ළගකදී නම් නෙමෙයි. (නි)