නුගේගොඩ හතේ කනුවේ ජම්බුගස්මුල්ල පාරේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) මුදල් අයකැමිවරුන් දෙදෙනකුට අවි පෙන්වා අද දහවල් 13.30ට පමණ රුපියල් ලක්ෂ 13ක් පැහැරගත් බවට මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.
කොල්ලකරුවන් අවි අමෝරාගෙන අයකැමිවරු දෙදෙනකු ළඟට ගොස් ඔවුන්ගේ ලාච්චුවල තිබූ මුදල් පැහැරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිවෙන විදුලි බිල හමුවේ අපිව හුරාගෙන කන හින්දා, ජනතාව මෙහෙම හූරන් කන එකේ වරද්දකුත් නැහැ බැලුවහම. කපන්න කපන්න අර මොකද්ද එකත් මුවහත් වෙනවා වගේ, ඉවසීම දැන් නැති වෙලා තියෙන්නේ. (නි)
ඔය ලක්ෂ 12ත් අපේ බිලට එකතු කරයිද? (නි)
මේ මුදලත් අර වැඩිවන ප්‍රතිශයට බැර කරයිද මන්දා? (නි)
මහේෂ්, එහෙමකියන්න එපා. හොරකමට උල්පන්දම් දුන්නොත්,දවසක ඔයාගේ මුදල් වලටත් ඔය විදියට කළොත් ඔයාට තේරේවි හොරකම හොදද නැද්ද කියලා. ඔය නැති වෙච්ච සල්ලිත් අපෙන්ම තමයි කපා ගන්නේ (නි)
මේ වගේ මංකොල්ල කෑම හරිය කියන තරමට අපි දියුණු වෙලා එහෙනම්. (නි)
මේ වැඩේ වැරදියි. ඉහළ මට්ටමේ දේශපාලුවන්ටයි ,ලොක්කන්ටයි බෙදා ගන්න ඉතුරු වෙන්නේ මොනවද ඔහොම එක එකා මංකොල්ල කන්න ගියාම? (නි)
අපිටත් දැන් ඔය වගේ මංකොල්ල කන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .මොකද වැඩි වෙන බිල් ගෙවන්න වෙන ක්‍රමයක් නැහැ. විදුලි බිල් ගෙවන්න ගෙවල් විකුනන්න වෙනවා. හැමදාම වගේ මෙදාත් මහජනතාවගේ බඩට ගැහුවා . (නි)
රට වනසන්නන්ට ශාප වේවා! (නි)
හොදම වැඩේ... (ස)
ඔය ලක්ස 12 ත් අපේ බිලට එකතු කරන්න. අපි ගෙවන්නම්.(ස)
ඒ ගොල්ලෝ දුප්පත් ජනතාවගෙන් මංකොල්ල කන්න පටන් ගත්ත නිසා කවුරු හරි ලෙකෝ ට වැඩක් දෙන්න සෙට් වෙලා (ස)
රටේ ජනතාව බොහොමයක් අද දුක් විදිනවා. අප කෙතරම් කතා කලත් එය පලක් නොවන බව හැමෝම දන්නවා. මේ කොල්ලකෑමට ඇයි 95% හොදයි කියන්නේ. මෙහෙම ගියොත් වෙන්නේ ඔක්කොම කොල්ල කාල ජිවත් වෙන්න තමා. (අ)
අපේ සල්ලි මෙහෙම ගන්න එකට දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීලා. (නි)
කොල්ලකන එක වැරදියි තමයි. එහෙත් රටේ බහුතරය විදුලිය අඩුවෙන් වැය කර විදුලි සම්පත රැකගන්න වැඩ කරනවිට ඔහොම වෙනවා. (නි)
හොද හරි නරක හරි මේ රටේ වෙන දේවල් තවත් වැඩිවෙන්නේ මිනිසුන්ට හොදටම අමාරුකම් වැඩි හින්දා. (නි)
ආපොයි කමක් නැහැ. දාන්න මහජනයටම ගෙවන්න පාඩුව. ඔක්කොම මණ්ඩලේ පාඩු, ගසාකෑම්, දූෂණ ගෙවන්න තමයි රටේ මහජනයා ඉන්නේ. (නි)