අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් සොයා දඩුවම් දීම සඳහා පරීක්ෂණ අරඹන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති පොලිස්පතිට නියෝග කළේය. අධිකරණයට ඇඟිලි ගසතියි තිලකරත්න මහතා ගිය සැප්තැම්බරයේ පැමිණිලි කර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටවත් ජනාධිපතිටවත් බැරිද වැරදිකරුවන්ට දඩුවම් දෙන්න? ජනපතිට පුළුවන් නියෝග දෙන්න විතරයි. පොලිසියට පුළුවන් අල්ලන්න විතරයි. දඩුවම් දීම කළ හැක්කේ උසාවියට පමණි. උසාවිය කරවන අයට පහරදෙන විට මේ අවනඩුව කිවහැක්කේ දෙවියන්ට පමණි. දෙවියනි වැරදිකරුවන් අල්ලා දඩුවම් දුන මැනවි. (නි)
තව ටික දවසකින් ඔය ගුටි කාපු මහත්මයා කියාවි තමන්මයි තමන්ට ගහගත්තෙ කියලා. දැන් රටේ තත්වය එහෙමනෙ. ආශ්චර්යය ආශ්චර්ය!!! (නි)
සෙවීමට දෙයක් නැත. (නි)
තමන්ගේ කට්ටිය අතරම හොයලත් බලන්න ඕනෑ. (නි)
මොකද්ද කලබලේ හිමිට හොයමු
වහාම සොයන්න
අනේ අපේ ජනාධිපතිතුමා හරිම සාධාරණයි. (නි)
සොයා දඩුවම් දෙන්න
ගුණසේන, ඔයාට මොන ලෝකයද ඕනෑ? (නි)
මොළය පොඩි වුණාට පණ්ඩිතයි. (නි)
එන්න. ඇවිල්ලා පේනයක් අහන්න. (නි)
හලෝ හලෝ.... (නි)
හොදයි. (නි)
හා හොදයි. (නි)
අපි විතරක් නෙමෙයි මුලු ලෝකයම දන්නවා මෙතුමගේ හැටි. (නි)
බොහොම හොදයි.. කටුගේ කඩපු හොරුත් තවම අල්ලනවා.. (නු)
අන්තිමට ගැහුවේ නැහැ කියලා කියයිද දන්නේ නැහැ. (නි)
අනේ මෝඩ ගුණසේන, අපි එහෙනම් ප්‍රණාමය පුදකරමු. (නි)
ඔබේ රට වැසියන් සියලුදෙනාටම එකම විදිහට සැලකීමට පුරුදුවෙන්න (නු)
අයියෝ සල්ලි රටකට ගිය කල
අපි විතරක් නෙමෙයි මුලු ලෝකයම දන්නවා මෙතුමගේ හැටි. (නි)
ගහන්න මොකක් හරි වැරැද්දක් කරන්න ඇති (ස)
දැන් කවුද එතකොට ගුණසේන? (නි)
මිනිතුවක් ඉන්න, ගුටි කෑවේ නැත කියා දිවුරුම් පෙත්සම මම ටයිප් කරලා දෙන්නම්. (නි)
කිට්ටුව ඉන්න කාට හරි බැරිද කිරි බෝතලයකුයි සූප්පුවකුයි ගෙනත් දෙන්න.(නදී)
ගුණසේන ඉන්නේ කොයි පලාතෙද ? (ස)
විනෝද සමය දැන් අපේ රටේ පෙන්නන්නේ මේ අපේ රටේ (ස)
අපිට මොකද අපි දසසිල් උපාසක ,ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට (ස)
සොයන්න කිව්වේ නැත්නම් හොයන්නේ නෑ එහෙමද ???(ස)
'ආසියාවේ ආශ්චර්‍ය ' චිත්‍රපටයේ කොටස් මෙවා (ස)
ඔය පුටුව පිටිපස්සේ කටිටියක් හැංගිලා ඉන්නවා ඔබතුමාට පේන්නේ නෑ (ස)
මෙච්චර සාධාරණ කෙනෙකුට නේද මිනිස්සු බණින්නේ? (නි)
ඇත්තටම වැරදිකරුවන්ට දඩුවම් දියයුතුයි. (නි)
වැරදිකරුවන්ට දඩුවම් කරන්න ඉක්මනින් තරාතිරම නොබලා (නි)
නායකතුමනි, නියම සැළසුමකින් අපේ කට්ටිය වැඩේ කරයි. (නි)
මිනිස්සු ඇත්ත දන්නවා වුණත් බය නිසා කියන්නේ නැහැ. (නි)
නඩුත් අපේ. බඩුත් අපේ. ඉතිං....? (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
ජනපතිදුන් කොච්චර නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවද කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. කොටින්ම එතුමන් මේ පිළිබඳව පෞද්ගලිකවම මැදිහත් වීම ගැන රට වැසි අපගේ ප්‍රණාමය එතුමාට පුද කළ යුතු නොවේද? (නි)
ඕනෑම ජරා වැඩක් ගැන ප්‍රවෘත්තියක් යනකොටම අපි දන්නවා මෙවැනි වැඩට හදවතින්ම විරුද්ධ ඔබතුමා වහාම පියවර ගන්න කියලා පොලෝසියට නියෝග කරන බව. (පරීක්ෂණ ටිකදුරක් යනකොට ඒවා බාරව ඉන්න ප්‍රධානියා මාරු කරන්න සමහරුන්ට 'සේවා අවශ්‍යතාවක්' පැන නගින එක වෙනම දෙයක්නේ..) (නි)
මේජර් වගේ එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ජීවිතේ බේරගන්න..!(නු)
මුල ඉදලම ඔහොම හිටියා නම් හුගක් ප්‍රශ්න විසදිලානේ. (නි)
ඔන්න බලළා මල්ලෙන් එලියට පැනලා..!(නු)
පොලිසියේ රාජකාරිය මෙව්වා හොයන එක තමයි..!(නු)
ඇයි ඔබතුමා මේ දගලන්නේ? මේක ලංකාවේ වෙච්ච සුලු දෙයක් නෙමෙයිද? (නි)
සමාවෙන්න. අපරාධයක් වුණහම පරීක්ෂණ කරන්න මෙතුමා කියනකල් ඉන්න ඕනෑද? පොලීසි තියෙන්නෙ පොල් ගාන්නද? (නි)
කහවත්තේ මිනිමැරුම් ගැනත් පරීක්ෂණ විධිමත් කළ යුතුයි (නි)
1. අධිකරණ තීන්දුවකට විරුද්ධව වුණත්,පෙළපාලි ගොස්, විනිසුරුවරයාගේ ගෙදරට 'ගල් වලින් ඇමතීමේ' නිදහසක් මේ රටේ ඇතැයි කියා උදන් ඇනු අපේ අහවලාගේ මෑණියන්ව, කාටහරි මතක් වුණාද මේ ප්‍රවෘත්තිය කියවන විට? 2. නිකන් ‘සදා නග්න ශිව ලිංගය’ වගේ විධායක බලේ තියෙන, වටේම ඉන්න අයට ආවැඩීම මේ රටෙන් කවද තුරන් වේද? (නි)
ඕක ඉතිං එතුමාට කියන්න ඕනෑද? එතුමා දන්නවනේ කවුද ගැහුවේ කියලා. :D (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
වගකිවයුත්තේක් කිව්වේ නැත්නම් පොලිසිය හොරු අල්ලන්නේ නැද්ද?(නු)
පොල් ගාන්න නෙමෙයි අල හාරන්න..!(නු)
මට කියන්න නම් දෙයක් තියෙනවා. හැබැයි ප්‍රසිද්ධියේ කියන්න බැහැ (නි)
හොදට කල්පනා කරලා බලන්න කාගේ වැඩක්ද කියලා. (නි)
ජනාධිපතිතුමනි, ඔබට ජය! (නි)
හිනා හිනා හිනා වෙන්න හිනා , ඔයාලත් වෙන්න හිනා. (නි)
අපි කිවුවේ ඒක තමයි පොල් පැළේ කන්න හදන්නේ කියලා. (නි)
තව මාසයකින් මේ ප්‍රවෘත්තිය එන්නේ මෙහෙමයි කියලයි මට නම් හිතෙන්නේ. ” අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා තමන්ට කිසිවෙකු පහර නොදුන් බව ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම හදිසි අනතුරකින් සිදු වූ දෙයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මංජුල තිලකරත්න මහතාට සිදුව ඇති අනතුර නිල රාජකාරියෙන් බැහැරව කිසියම් ගමනක් යද්දි ඔහුගේ රථය අනතුරට ලක් වී ඔහුට තුවාල සිදු වී තිබේ. ඔහුගේ සිරුරේ දක්නට ඇති තියුණු අවියකින් සිදු වූ කැපුම් තුවාල ඔහු උදෑසන රැවුල බෑමේදි සිදු වූ ඒවා බව මේ පිළිබදව ජනාධිපති නියමයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සොයාගෙන ඇත. තවද තම රාජකාරියෙන් පිටත ඇවිදීමට යාමෙන් මංජුල තිලකරත්න මහතා කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කර ඇත්දැයි අධිකරණ සේවා කොමිසමේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වේ. ” (නි)
ගුණසේන වගේ මහත්වරු ඉන්නකල් අපේ රටට කාබනික පොහොර හිඟයක් නොවෙන බව විශ්වාසයි. (නි)
හොරාගේ අම්මාගෙන් නම් ඔන්න පේන අහන්න එපා. (නි)
මේවා වෙන්නේ කොහොමද කියලා එතුමා දන්නේ නැතුව නෙවෙයි. මේවාට නිසි අයට නිසි වෙලාවේ දඩුවම් නොදීමේ විපාක. එහෙම වෙනකොට ඕනෑම කෙනෙකුට මේ වගේ දේවල් කරලා බේරෙන්න පුළුවනි. මෙයින් පෙනෙන්නේ එතුමාගේ පාලනයට යටත් නොවන රාජ්‍යයක් තිබෙන බව නොවේද? (නි)