ශ්රී ලංකාවේ හැටපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවයක් චීනයේ බිජිං හි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ දී අභිමානවත් ලෙස ඉකුත්දා පැවැත්විණි.
චීනයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කොඩිය ඔසවා ලාංකීය සම්ප‍්‍රදායික චාරිත‍්‍රවලට මුල් තැන දෙමින් නිදහස් සැමරුම පැවැත්විණි. බීජිං නුවර ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.
සර්ව ආගමික වතාවත්වලින් පසුව උත්සව සභාව ඇමතූ තානාපති රංජිත් උයන්ගොඩ මහතා කීවේ දේශපාලන, සමාජීය, ආර්ථික වශයෙන් සංවර්ධනයක් කරා යන ගමනේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම ඉතා ශක්තිමත්ව පවතින බවත්, මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉතා වැදගත් බවත්ය.
මෙම අවස්ථාවට චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරි මණ්ඩලය, බීජිංහි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු, චීන ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයේ නියෝජිතයෝ ශ්‍රී ලංකා x චීන තරුණ සංසදයේ සාමාජිකයෝද සහභාගි වූහ.
ශ්රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාවේ නිදහස චීනයේ සමරයි
අජිත් Friday, 15 February 2013 06:20 PM
මේ යන හැටියට චීන නිදහස් දිනයත් ලංකාවෙම සමරයි වගේ.(වදී)
සිල්වා Sunday, 17 February 2013 04:59 AM
චීනයේ මෙන්ම ලංකාවේද දේශපාලන බල පුළුවන්කාරකම්කාරයෝ දුප්පත් ජනතාව පීඩනයට පත්කරලයි තියෙන්නේ. (නි)
සෙනරත් Friday, 15 February 2013 09:17 PM
ලෝකේ කොහේ හිටියත් අපේ රට අමතක කරන්න බැහැ. (නි)
ගාමිණී Friday, 15 February 2013 09:26 PM
උත්කර්ෂවත් අන්දමින් කළා කියන්නේ, මුදල් ගොඩක් වියදම් වෙලා ඇති නේද? (නි)
අනුර Friday, 15 February 2013 10:51 PM
අපේ අසල්වාසියා වියයුත්තේ චීනයයි. (නි)
ගිමාල් Saturday, 16 February 2013 04:24 AM
අපි කවදාදා චීනයෙන් නිදහස් වෙන්නේ? (නි)
පාලිත Saturday, 16 February 2013 07:05 AM
මේක එම්බසියක් නෙමෙයිද? (නි)