ශ්රී ලංකාවේ පුද්ගලයන්, සමාගම් හෝ ශ්‍රී ලංකා රජය ස්විට්සර්ලන්තයේ රහසිගත බැංකු ගිණුම්වල ගිය වසරේ ස්විස් ප‍්‍රෑන්ස් කෝටි අටහමාරකට වඩා (රුපියල් කෝටි 1198.5 ක් පමණ) තැන්පත් කර තුබූ බවත් ස්විස් ප‍්‍රෑන්ක් කෝටි 4.4 ක් බැරකම් ලෙස පෙන්වා තැබූ බවත් ස්විස් ජාතික බැංකුවේ නිල දත්තවලින් දැක්වෙයි. ස්විස් ප‍්‍රෑන්කය වටිනාකමින් ඇමෙරිකා ඩොලරයට වඩා ඉහළ අගයක් ගනී. නැත්නම් ඒ හා සමානය. ස්විස් ප‍්‍රෑන්කයක් අද(1) ශ්‍රී ලංකා රුපියල් 141.25 කි. මේ වත්කම් හා බැරකම් කාගේ දැයි ස්විස් මහා බැංකුව හෙළි නොකරයි. එහෙත් ලොව එක් එක් රටක් සම්බන්ධයෙන් ඒ රට යටතේ එම විස්තර දක්වයි. ආයෝජකයන්ගේ හා ණය කරුවන්ගේ තොරතුරු හෙළි නොකිරීමට ස්විස් බැංකු නීතියෙන් බැඳී සිටියි. දුෂිත ආණ්ඩු, පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් අයථා ක‍්‍රමවලින් සොයාගන්නා මුදල් ස්විස් බැංකුවල තැන්පත් කරතියි විශ්වාස කැරේ. 2002 සිට 2011 දක්වා රටල් 200 ක වත්කම් හා බැරකම් ස්විස් ජාතික බැංකුවේ ඇති බව 2011 වාර්ෂික වාර්තාවේ දැක්වේ. සියලූ ස්විස් බැංකුවල 2002 දී ශ්‍රී ලංකා වත්කම් ස්විස් ප‍්‍රෑන්ක් දෙකෝටි විසි නව ලක්‍ෂයක් විය. 2003 තුන්කෝටි හතළිස් හත් ලක්‍ෂයකි. 2004 දසකෝටි පනස්පත් ලක්‍ෂයයි. 2005 දාහත් කෝටි හැත්තෑ හය ලක්‍ෂයයි. 2006 පන්කෝටි හැටපන් ලක්‍ෂයයි. 2007 දොළොස් කෝටි තිස්පන් ලක්‍ෂයයි. 2008 දස කෝටි හතළිස් අට ලක්‍ෂයි. 2009 අටකෝටි හැත්තෑපන් ලක්‍ෂයය. 2010 එකොළොස් කෝටි දහතුන් ලක්‍ෂයි. මේ ආයෝජන වැඩි හරියක්ම ඉතිරි කිරීමේ ගිණුම්වල තැන්පත් කර ඇත. බැරකම් 2002 ස්විස් ප‍්‍රෑන්ක් තුන්කෝටි හැටතුන් ලක්‍ෂයයි 2003 කෝටි 8.4 යි, 2004 කෝටි 20.54යි. 2005 කෝටි 20.62, 2006 කෝටි 16.68, 2007, කෝටි 17.14 2008 කෝටි 5.31, 2009 කෝටි 5.07, 2010 කෝටි 5.19 යි. 2002-2011 අතර කාලය ශ්‍රී ලංකා බැංකු ආයෝජන මෙසේය. ස්විස් ප‍්‍රෑන්ක් කෝටි 1.23, 1.23 යි, කෝටි 2.42, කෝටි 7.84, කෝටි 4.15, කෝටි 9.41, කෝටි 6.06, කෝටි 8.21 යි. කෝටි 8.57 කෝටි 7.77 යි. කෝටි 15 ක ජනගහනයක් ද ශ්‍රී ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම වැඩි ධනවතුන් සිටින බංගලිදේශයේ ස්විස් ආයෝජන මීට වඩා අඩුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ බංගලිදේශයට වඩා හොරු ඉන්නවනෙ.
ආ.. මේ ස්විස් බැංකුවේ පණ බයේ සල්ලි දාලා තියෙන්නේ අහවල්ලුනේ
කෝටි 15 ක ජනගහනයක් ද ශ්‍රී ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම වැඩි ධනවතුන් සිටින බංගලිදේශයේ ස්විස් ආයෝජන මීට වඩා අඩුය.
කිසිම රහසක් සදාකාලික නැත.
සල්ලි නෑ ජීවත්වෙන්න බෑ කියල කිව්වට බලන්නනො රටේ මිනිස්සු සල්ලි දාල තියෙන තැන්. දැන් සමහරු ඕකෙ වගකීමත් රටේ පිනට පහළවෙච්ච කීප දෙනෙක් පිට පටවයි.
ඹන්න දේශප්‍රේමි ආන්ඩුවට වගකීමක්. මේ සල්ලි කාගෙද කියල දැනගන්න ජනතාව බලාගෙන ඉන්නව.
ඇත්තටම ඔය සල්ලි කාගෙද ?
http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita
ඔය සල්ලි මගේ..කාටවත් කියන්න එපා හොදේ....
අපෙන් හොරකම් කරපු සල්ලි වෙන්න ඇති ඕවා
බංගලාදේශය ලෝකේ දුප්පත්ම රටත් වුණත් ඒ අයගේ ඩකා කියන මුදල් ඒකකය තියෙන්නේ හුගක් ඉහළින්
අපිට වඩා ඒක පුද්ගල ආදායම වැඩි දකුණු ආසියාවෙන් මාලදිවයිනේ විතරයි. ඒත් එහෙට වැඩියෙන් සල්ලි ආයෝජනයට කරලා තියෙන්නේ ලංකාවේ අයම තමයි
බන්ගලාදේශේ කියන්නේ ලෝකේ දුප්පත්ම රටක්.
වෙන මොනවද ඉතිං, ඒවා අපේ නිධන් හාරලා ගත්ත සල්ලි වෙන්න ඇති
ආසියාවේ ආශ්චර්යය.රටට දෙන ආධාර ධනවතුන්ගේ බැංකු ගිණුම් වල........
අපිට ඉරිසියා කරන්න එපෝ..............!
ඇත්තටම ඔය සල්ලි මගේ. අපි මේ ඔක්කොම සාධාරණව හම්බකරපුවා. අපිට ඉරිසියා කරන්න එපෝ..............!
ඕව කගේ කාගේද කියල මිනිසුන් දන්නවා , සුදු වැන් වලට බයේ කියන්නේ නැහැ .
( http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita ) ලංකාවේ ඒකපුද්ගල ආධායම බංගලාදේශයට වඩා වැඩියි.......
මගේ සල්ලිනම් අපේ මලයගෙන් හම්බවෙච්චා හරිද ?
මේ ඔක්කොම අසාධාරණව හම්බකරපුවා. අර ඇතැම් සමාගම් වලට වෙච්ච දේ තමයි මේ බැංකුවලටත් වෙන්නේ.
මෙය වැරදි පණිවිඩයක්. බංග්ලාදේශය ලෝකයේ දුප්පත් රටක්.
ලංකාව ලෝකෙටම ණය වුනාට ඇමතිවරුන් ගේ හොර සල්ලි කෝටි ගනන් සුවිස් බැංකුවල තියෙනව මොන ආන්ඩු බලයට ආවත් මේවා සොයන්නේ නැහැ ඇයි ඉතින් ඔක්කොම හොරුනෙ ?
මේ මුදල් කාගෙද කියලා හිතන්න බැරි තරම් ලංකාවේ මිනිස්සු නූගත් නෑ.
වැඩිහරියක් සමාගමේ වෙන්න ඇති.
ලංකාවේ ආණ්ඩුවේ පිටරටවලින් ණය ගන්නවා. අහිංසක මිනිස්සු ජීවත් වෙන්න මහන්සි දරණවා. ඒත් ලොක්කන්ගේ මුදල් ස්විස් බැංකුවල. මේක තමයි ආසියාවේ ආශ්චර්යය. සහ සුබ අනාගතය.
මේ එක මුස්ලිම් කෙනෙක්. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අය සතුව මේ සල්ලි නැහැ. වෙනත් අය සතුව.
අපිනම් දන්නවා කාගෙද කියලා.
කවුද කියලා බලන්න ආණ්ඩුවෙද විපක්ෂෙ ද කියලා කවුරු වුනත් මෙච්චර සල්ලි කොහෙන්ද කියලා හොයල බලන්න.
ආසියාවේ ආශ්චර්යය.
බංග්ලාදේශයේ ඉන්න අකුරු නොදන්න නූගත් ප්‍රමාණයත් ලංකාවට වඩා වැඩියි. ඒ නිසා එයාල සල්ලි තියාගන්නේ එයාලගේ කොට්ටය යටත.
හොඳයි.
මේ රටේ මිනිස්සුනගේ සල්ලි තමයි ඉතින් මොකා දැමිමත්..... අර දියවන්නාව පැත්තේ 225 යි අනිත් නාලධාරී ඇර වෙන මොකා මේවයේ සල්ලි දාන්නද?... මේව විකිලීක්ස් හරහා වත් එලි වෙනවා නම් නියමයි...
රටට සුබ අනාගතයක් .... ස්විස් බැංකුවට කිරි ඉතිරේවා
දුප්පත් අපේ සල්ලි තාම මෙනාකරන්නද දෙයියන්ට කියන්නත් බැ දෙයියන්ගෙ දෙවලුත් හෙරකන්කරනරටෙ අපිට මෙනද???????
සියලු දෙනාටම සුබ අනාගතයකටයි ඔය පර හදන්නේ .අනේ මගේ කට
අනේ මගේ කට....
මැරුණම සැප ගන්න වෙන්න ඇති ස්විස් බැංකුවල දාන්නෙ