IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘‘ලංකාවට අත දිගු කරන්න බටහිරට බෑ‘‘

තමා උපන් එංගලන්තය ප්‍රමාඛ යුරෝපා රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි එල්ල කරන බලපෑම මෘග ක්‍රියාවකයි බ්‍රිතාන්‍ය ජාතික මහා බ්‍රිතාන්‍යයේ කාශප හිමියෝ ප්‍රකාශ කරති. අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ ආගමික වතාවත් රැසකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා සැදැවතුන් අමතමින් කාශ්‍යප හිමියෝ මේ බව කීහ. හිමියන් චතුර ලෙස සිංහල භාෂාවෙන් කතා කළහ. ‘අතීත රජකාලේ පටන් මානව හිමිකම් ආරක්ෂා කළ බෞද්ධ ජාතිය ප්‍රමුඛකරගත් ශ්‍රී ලංකිකයිනට චෝදන එල්ල කිරීමට තරම් ඇමෙරිකාවටත් එංගලන්තයටත් අයිතියක් නැතැයි ද ඒ හිමියෝ පෙන්වා දුන්හ. ‘‘ මම එක්සත් රාජධානියෙත්, ශ්‍රී ලංකාවෙත් ජිවත් වු කෙනෙක්. වයස අවුරුදු 13 සිට බෞද්ධාගම වැළඳ ගත්තා. 1985 වසරේ සිට ශ්‍රී ලංකාවේ දී වැඩ සිටිමින් සිදු වූ සියලු දේ දැක තිබෙනවා. රජය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කැර තිබෙනවා මිස බටහිර ජාතීන් කියන අසාධාරණකම් සිද්ධවෙලා නෑ කියලා මම කියනවා. ලබන සතියේ සිට මම මගේ ගම වන ලන්ඩනයේ, ඩයනා කුමරියගේ මාළිගාවට නුදුරු ප්‍රදේශයේ පිහිටි උපන් ගමට යනවා. මම එහිදී වුවත් මේ ශ්‍රී ලංකාවට එරෙහි අසාධාරණය ගැන කීමට සූදානම්‘‘ යැයි කාශ්‍යප හිමියෝ කීහ. එම හිමියෝ වාර්ෂිකව රුවන්වැලි සෑයට ගුවනින්  මල්පෙති ඉසීමේ පූජාවක් පවත්වති. මෙවර පූජාව පෙරේදා සිදුවිය.



අදහස් (0)

‘‘ලංකාවට අත දිගු කරන්න බටහිරට බෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 113 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 150 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 412 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 586 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 488 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 721 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site