IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘‘ලංකාවට අත පොවන්න එපා‘‘

ශ්‍රී ලංකාව හැම විටම  බ්‍රිතාන්‍යයේ ස්වෛරී අයිතියට ගරු කරනා බවත්  එසේම බ්‍රිතාන්‍යන්ද  ලංකාවේ  ස්වෛරීත්වයට ගරුකළ යුතු  යැයි  බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස්  නොනිස් මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය ගුවන් විදුලි  සේවය (බීබීසී) සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්  හෙතෙම   මේ බව පවසා තිබේ.එහීදී  අදහස්  දැක්වු  බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා  පෙන්වාදුන්නේ  යුද්ධය අවසන්වීමේ පසු ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය  බ්‍රිතාන්‍ය  ඇතුළු  සෙසු    බලවත් රටවල ඇගයීමට ලක්විය යුතු බවය.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය  පිළිදව සෑබෑ අවබෝධයක්  නොලබා ඇතැමුන් විවිධ ප්‍රකාශ සිදු කරන  බවත්  එම ප්‍රකාශ පිළිබඳව සැලකිල්ලක්  නොදක්වන ලෙසද  ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා සිටියේය.

පශ්චාත් ගැටුම් සමයේදී  සංහිඳියාව,පුනරුත්ථාපනය,ඒකාබද්ධතාවහා ප්‍රතිසංස්කරණය මුල් තැන හිමි වන බවද  ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ යුද සමයේ  වු දේ  ගැන අන්තර්ජාතික පරික්ෂණයක් ගැන විමසු විට  මහකොමසාරිස්වරයා කීවේ  අන්තර්ජාතික ක්‍රියාවලිය හා ස්ථාපිත ක්‍රියාවලිය අතර වෙනස  අවබෝධකරගත යුතු බවයි.

ශ්‍රී ලංකාව බ්‍රිතානයේ පරමාධිපත්‍යට  ගරු කරනා අයුරින්  බ්‍රිතාන්‍යද ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යට ගරුකළ යුතු යැයි ඔහු අවධාරණය කළේය.



අදහස් (0)

‘‘ලංකාවට අත පොවන්න එපා‘‘

චමිලා Tuesday, 04 June 2013 07:35 PM

ඉතාම වටිනා ප්‍රකාශයක්, කෙලින් කොන්දක් තියාගෙන කතා කරන්න පුළුවන් තානාපතිලා ඉන්නවා නම් මේ ගැටලු මෙච්චර එන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 04 June 2013 07:56 PM

තානාපතිවරයකුගෙන් වියයුතු නියම ප්‍රකාශයක්, ආඩම්බරයි. (නි)

:       0       0

කල්ප Wednesday, 05 June 2013 09:24 AM

අපේ රට පාලනය කරන්න හොද ජනාධ්පතිවරයෙක් ඉන්නවා. අපිට වෙන රටවල අයගේ මගපෙන්වීම් වුවමනා නැහැ. අනික අපේ රටේ ඉන්නේ හොද සිංහලයෝ. රටට ඇගිලි ගහන්න අවොත් අපි නිකන් ඉන්නෙත් නැහැ.(නදී)

:       0       0

සදුනි Tuesday, 04 June 2013 08:37 PM

ඔබතුමාට බෙහෙවින් තුති. බොහෝ වෙලාවල්වල බටහිර රටවල අපේ තානාපතිවරු කටයුතු කලේ කොන්දක් නැතුව. රටේ වාසනාවට ඔබතුමාට කොදුඇට පේලියක් තිබෙනවා .(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 04 June 2013 08:40 PM

ලංකාවේ දැන් තියන සැබෑ තත්වය පිලිබඳ ජාත්‍යන්තරය හොඳින් වටහාගෙන ඉවරයි. (නදී)

:       0       0

සමිත් Wednesday, 05 June 2013 09:48 AM

ඇත්තටම ආචාර කරන්න ඕනෑ මේකට නම්. අපේ විපක්ෂේටවත් ඔහොම ගතිගුණයක් නැහැනේ.හරි දේ හරියට දකින්න ඕනෑ (නි)

:       0       0

සීල Tuesday, 04 June 2013 09:34 PM

නෝනිස් මහත්මයවත් දන්නේ නැහැ ලංකාවේ ඇත්ත තත්වය. ලන්ඩන් වල ඉදන් ඕවා දැන ගන්න බැහැ. (සංවර්ධනය , අධයාපනය ,නිදහස සහ දුෂණ ) ගැන කියන්න.(නදී)

:       0       0

සෙනරත් Wednesday, 05 June 2013 09:51 AM

හිගන්නන්ට කොහෙන්ද උණු බත්. කට වගේ වැඩත් තියනවනම් හොදයි. අපි රට රට වලින් හිගා කනවා හැබැයි ලොකු කතා නැහැ කියනවා.(නදී)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 09:54 PM

මෙතුමා කවදත් බියගුල්ලෙක් උනේ නැහැ. කියන්න ඕන දේ කීවා .මේ රටට ක්‍රිස් නෝනිස් මහත්මා වැනි කෙනක් සිටීම ලංකාවට ගෞරවයක්.(නදී)

:       0       0

රොෂාන් සෞදි Wednesday, 05 June 2013 10:12 AM

ක්‍රිස් නෝනිස් මහතාට මගේ ආචාරය.(නදී)

:       0       0

නිමල් Tuesday, 04 June 2013 10:28 PM

ඔබතුමාට රට වෙනුවෙන් ස්තූතිය පුදකරමි. තවමත් විශේෂයෙන් යුරෝපය ඇතුළු සමහර තානාපති කාර්යාල වල තවමත් කොටි ත්‍රස්තවාදයට උදව් කරන නිලධරීන් ඉන්නවාද යන්නත් විශේෂ අවධානයෙන් සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 04 June 2013 10:33 PM

ඔබතුමාගෙ වටිනා වචන ටික අනෙක් බටහිර රට වලට ලොකු අබියෝගයක්. මෙන්න නියම තානාපතිතුමන්ලා (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 05 June 2013 02:33 PM

ඇමෙරිකාව ත්‍රස්තවාදීන් මරනවා , එංගලන්තෙත් එහෙම.යි ඇයි අපිට විතරක් මරන්න හොද නැත්තේ කියලා අහන්නත් ඕනෑ මහත්තයෝ. (නි)

:       0       0

සමරසිංහ Wednesday, 05 June 2013 10:40 AM

ගොන් ප්‍රතිචාර.(නදී)

:       0       0

ජෙප් Tuesday, 04 June 2013 11:28 PM

ඔබ තුමාට තුති ! නමුත් අද රට කරන නායකයන් කරන මොට්ටල වැඩ නිසා , උත්තර බදින්න ගියාම ඔබ තුමාලා හිරවෙනවා.(නදී)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 02:43 PM

මේක තමයි වෙන්න ඕනෑ. කෙලින් කතාකරලා වැඩ හරියට කරමු. බොරු සන්දර්ශන නවත්තලා; මෙන්න රටට ඔබින මිනිස්සු!! (නි)

:       0       0

මාරා Wednesday, 05 June 2013 12:28 AM

ඇත්ත කිව්වහම මොකක්ද තියෙන වැරැද්ද? (නි)

:       0       0

අනිල් Wednesday, 05 June 2013 12:29 AM

මෙතුමාට අපේ ගෞරවණිය ප්‍රණාමය පුදකළ යුතුයි. ඒ එතුමාගේ නිර්භීතකමට. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 05 June 2013 11:21 AM

බී.බී.සී පක්ෂග්‍රාහී නාලිකාවක්.(නදී)

:       0       0

ජ.හේරත් Wednesday, 05 June 2013 01:28 AM

මේ ටික සිංහල බෞද්ධයෙක් කීවට බ්‍රිතාන්යන්ට තේරෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

නිමල් Wednesday, 05 June 2013 01:43 AM

නියමයි අවුරුදු 10 කට පස්සේ තානාපති කෙනෙකුගෙන් හොද කතාවක් ඇහුවා.(නදී)

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 05 June 2013 03:00 AM

බොහෝ රටවල ඉන්න තානාපති වරු විදේශ බලපෑම් වලට බයේ හිස පහත් කරගෙන දෙන දෙය අරගෙන වෙන දෙය බලාගෙන ඉන්නවා. ඔබතුමාගේ අභීතභාවයට අපගේ උපහාරය. කැපිලි එන්න පුළුවන්. එම නිසා ඉතාම පරෙස්සමින්. (නි)

:       0       0

හේරත් Wednesday, 05 June 2013 12:00 PM

මසුරන් වටිනා කියුම්. රටට වැඩ ඇති කතා.(නදී)

:       0       0

චන්ද්‍ර Wednesday, 05 June 2013 06:01 AM

මෙන්න අපේ රට නියෝජනය කරන නියම මහත්වරු! ඔබට දීර්ඝායු පතමු ! (නි)

:       0       0

සමන් Tuesday, 04 June 2013 06:09 PM

බී.බී.සී එක ඇතුලේ කොටි ඉන්නකම් ලංකාවට විරුද්ධව වැඩ නවතින්නේ නැහැ.(නදී)

:       0       0

රකිත් Wednesday, 05 June 2013 06:46 AM

ක්‍රිස් නෝනිස් මහතාට මම හිස නමා ආචාර කරමි. ජාත්‍යන්තරයට, වැල් වටාරම් නැතුව කෙලින් පිළිතුරු දිය යුතුය.(නදී)

:       0       0

බණ්ඩාර කුවෛට් Wednesday, 05 June 2013 12:17 PM

ඔබ මව් බිමේ උදාර පුරවැසියෙකි මහත්මයාණෙනි ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 06:17 PM

බිහිරි අලින්ට වීණා වෑයීම තේරුමක් නෑති වෑඩක් නේද?(නදී)

:       0       0

දම් Tuesday, 04 June 2013 07:07 PM

ඔව්,ඇත්ත නමුත් අපිමනේ ඇත පොවන්න මාතෘකා හදලා දෙන්නේ?(නදී)

:       0       0

බුද්ධි Tuesday, 04 June 2013 07:09 PM

බොහොම නිවැරදියි.හොද මනුස්සයෙක් (නි)

:       0       0

අපොන්සු Wednesday, 05 June 2013 12:34 PM

අත පොවන්න එපා, හැබැයි උඩීන් පාලම් හදන්න අත මාරුවට කියක් හරි දෙන්න. බඩේ කොස් ඇට පොත්ත නැහැ නමුත් කටේ කයිය නම් අඩු නැහැ.(නදී)

:       0       0

මංජු Tuesday, 04 June 2013 07:09 PM

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මිසක් එංගලන්තය නොවන බව මතක තියා ගන්න. අපිට මානව අයතීන් උගන්වන්න ඕනේ නෑ. ඔබලට වඩා බොහෝ සේ අපි ඒවා දනිමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 46 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 83 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 202 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 159 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 457 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site