ශ්‍රී ලංකාව හැම විටම බ්‍රිතාන්‍යයේ ස්වෛරී අයිතියට ගරු කරනා බවත් එසේම බ්‍රිතාන්‍යන්ද ලංකාවේ ස්වෛරීත්වයට ගරුකළ යුතු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නොනිස් මහතා පැවසීය.
බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය (බීබීසී) සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.එහීදී අදහස් දැක්වු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා පෙන්වාදුන්නේ යුද්ධය අවසන්වීමේ පසු ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු බලවත් රටවල ඇගයීමට ලක්විය යුතු බවය.
එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිදව සෑබෑ අවබෝධයක් නොලබා ඇතැමුන් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් එම ප්‍රකාශ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන ලෙසද ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා සිටියේය.
පශ්චාත් ගැටුම් සමයේදී සංහිඳියාව,පුනරුත්ථාපනය,ඒකාබද්ධතාවහා ප්‍රතිසංස්කරණය මුල් තැන හිමි වන බවද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ යුද සමයේ වු දේ ගැන අන්තර්ජාතික පරික්ෂණයක් ගැන විමසු විට මහකොමසාරිස්වරයා කීවේ අන්තර්ජාතික ක්‍රියාවලිය හා ස්ථාපිත ක්‍රියාවලිය අතර වෙනස අවබෝධකරගත යුතු බවයි.
ශ්‍රී ලංකාව බ්‍රිතානයේ පරමාධිපත්‍යට ගරු කරනා අයුරින් බ්‍රිතාන්‍යද ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යට ගරුකළ යුතු යැයි ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික සිංහල බෞද්ධයෙක් කීවට බ්‍රිතාන්යන්ට තේරෙන්නේ නැහැනේ.(නදී)
මේක තමයි වෙන්න ඕනෑ. කෙලින් කතාකරලා වැඩ හරියට කරමු. බොරු සන්දර්ශන නවත්තලා; මෙන්න රටට ඔබින මිනිස්සු!! (නි)
ඇමෙරිකාව ත්‍රස්තවාදීන් මරනවා , එංගලන්තෙත් එහෙම.යි ඇයි අපිට විතරක් මරන්න හොද නැත්තේ කියලා අහන්නත් ඕනෑ මහත්තයෝ. (නි)
අත පොවන්න එපා, හැබැයි උඩීන් පාලම් හදන්න අත මාරුවට කියක් හරි දෙන්න. බඩේ කොස් ඇට පොත්ත නැහැ නමුත් කටේ කයිය නම් අඩු නැහැ.(නදී)
ඔබ මව් බිමේ උදාර පුරවැසියෙකි මහත්මයාණෙනි ඔබට සුභ අනාගතයක්.(නදී)
මසුරන් වටිනා කියුම්. රටට වැඩ ඇති කතා.(නදී)
බී.බී.සී පක්ෂග්‍රාහී නාලිකාවක්.(නදී)
ගොන් ප්‍රතිචාර.(නදී)
ක්‍රිස් නෝනිස් මහතාට මගේ ආචාරය.(නදී)
හිගන්නන්ට කොහෙන්ද උණු බත්. කට වගේ වැඩත් තියනවනම් හොදයි. අපි රට රට වලින් හිගා කනවා හැබැයි ලොකු කතා නැහැ කියනවා.(නදී)
ඇත්තටම ආචාර කරන්න ඕනෑ මේකට නම්. අපේ විපක්ෂේටවත් ඔහොම ගතිගුණයක් නැහැනේ.හරි දේ හරියට දකින්න ඕනෑ (නි)
අපේ රට පාලනය කරන්න හොද ජනාධ්පතිවරයෙක් ඉන්නවා. අපිට වෙන රටවල අයගේ මගපෙන්වීම් වුවමනා නැහැ. අනික අපේ රටේ ඉන්නේ හොද සිංහලයෝ. රටට ඇගිලි ගහන්න අවොත් අපි නිකන් ඉන්නෙත් නැහැ.(නදී)
ක්‍රිස් නෝනිස් මහතාට මම හිස නමා ආචාර කරමි. ජාත්‍යන්තරයට, වැල් වටාරම් නැතුව කෙලින් පිළිතුරු දිය යුතුය.(නදී)
මෙන්න අපේ රට නියෝජනය කරන නියම මහත්වරු! ඔබට දීර්ඝායු පතමු ! (නි)
බොහෝ රටවල ඉන්න තානාපති වරු විදේශ බලපෑම් වලට බයේ හිස පහත් කරගෙන දෙන දෙය අරගෙන වෙන දෙය බලාගෙන ඉන්නවා. ඔබතුමාගේ අභීතභාවයට අපගේ උපහාරය. කැපිලි එන්න පුළුවන්. එම නිසා ඉතාම පරෙස්සමින්. (නි)
නියමයි අවුරුදු 10 කට පස්සේ තානාපති කෙනෙකුගෙන් හොද කතාවක් ඇහුවා.(නදී)
බී.බී.සී එක ඇතුලේ කොටි ඉන්නකම් ලංකාවට විරුද්ධව වැඩ නවතින්නේ නැහැ.(නදී)
මෙතුමාට අපේ ගෞරවණිය ප්‍රණාමය පුදකළ යුතුයි. ඒ එතුමාගේ නිර්භීතකමට. (නි)
ඇත්ත කිව්වහම මොකක්ද තියෙන වැරැද්ද? (නි)
ඔබ තුමාට තුති ! නමුත් අද රට කරන නායකයන් කරන මොට්ටල වැඩ නිසා , උත්තර බදින්න ගියාම ඔබ තුමාලා හිරවෙනවා.(නදී)
ඔබතුමාගෙ වටිනා වචන ටික අනෙක් බටහිර රට වලට ලොකු අබියෝගයක්. මෙන්න නියම තානාපතිතුමන්ලා (නි)
ඔබතුමාට රට වෙනුවෙන් ස්තූතිය පුදකරමි. තවමත් විශේෂයෙන් යුරෝපය ඇතුළු සමහර තානාපති කාර්යාල වල තවමත් කොටි ත්‍රස්තවාදයට උදව් කරන නිලධරීන් ඉන්නවාද යන්නත් විශේෂ අවධානයෙන් සොයා බැලිය යුතුයි. (නි)
මෙතුමා කවදත් බියගුල්ලෙක් උනේ නැහැ. කියන්න ඕන දේ කීවා .මේ රටට ක්‍රිස් නෝනිස් මහත්මා වැනි කෙනක් සිටීම ලංකාවට ගෞරවයක්.(නදී)
නෝනිස් මහත්මයවත් දන්නේ නැහැ ලංකාවේ ඇත්ත තත්වය. ලන්ඩන් වල ඉදන් ඕවා දැන ගන්න බැහැ. (සංවර්ධනය , අධයාපනය ,නිදහස සහ දුෂණ ) ගැන කියන්න.(නදී)
ලංකාවේ දැන් තියන සැබෑ තත්වය පිලිබඳ ජාත්‍යන්තරය හොඳින් වටහාගෙන ඉවරයි. (නදී)
ඔබතුමාට බෙහෙවින් තුති. බොහෝ වෙලාවල්වල බටහිර රටවල අපේ තානාපතිවරු කටයුතු කලේ කොන්දක් නැතුව. රටේ වාසනාවට ඔබතුමාට කොදුඇට පේලියක් තිබෙනවා .(නදී)
තානාපතිවරයකුගෙන් වියයුතු නියම ප්‍රකාශයක්, ආඩම්බරයි. (නි)
ඉතාම වටිනා ප්‍රකාශයක්, කෙලින් කොන්දක් තියාගෙන කතා කරන්න පුළුවන් තානාපතිලා ඉන්නවා නම් මේ ගැටලු මෙච්චර එන්නේ නැහැ. (නි)
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මිසක් එංගලන්තය නොවන බව මතක තියා ගන්න. අපිට මානව අයතීන් උගන්වන්න ඕනේ නෑ. ඔබලට වඩා බොහෝ සේ අපි ඒවා දනිමු.(නදී)
බොහොම නිවැරදියි.හොද මනුස්සයෙක් (නි)
ඔව්,ඇත්ත නමුත් අපිමනේ ඇත පොවන්න මාතෘකා හදලා දෙන්නේ?(නදී)
බිහිරි අලින්ට වීණා වෑයීම තේරුමක් නෑති වෑඩක් නේද?(නදී)