ශ්රී ලාංකිකයනට දකුණු කොරියාවේ රැකියා තවත් වැඩිපුර ලැබීමේ අවස්ථාව උදාවන ලකුණු පහළ වෙයි. දෙරට ජනපතිවරුන් අතර සෝල් අගනුවර ‘බ්ලු හවුස්‘ ජනපති මැදුරේ පැවැති සාකච්ඡාවක දී මේ ගැන සාකච්ඡා විය. දැනට විසිදහසක් පමණ ලාංකිකයෝ එහි රැකියා කරති. දෙරට නායකයන් අතර අද පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ ජනපති අවධාරණය කෙළේ ශ්‍රී ලංකාවේ දැන් දේශපාලන ස්ථාවරත්වය ඇති බවයි. එහෙයින් ආයෝජනයට එන්නැයි කොරියා ආයෝජකයනට ඇරැයුම් කෙළේය. සාකච්ඡාවෙන් පසු ගිවිසුම් තුනක් ද අත්සන් කැරිණි. කොරියා භාෂාව උගැන්වීම සඳහා දකුණු කොරියාවෙන් ගුරුවරුන් එවීමට ද එරට ජනපති එකඟ විය. හම්බන්තොට තොරතුරු තාක්ෂණ උයනට ආධාර කරන ලෙස ජනපති ඉල්ලීමක් ද කෙළේය. කොරියා ආධාර ඇතිව ශ්‍රි ලංකාවේ සිදු කැරෙන ව්‍යාපෘති සඳහා ඇමෙරිකා ඩොලර් විසි කෝටියක (රුපියල් කෝටි 2600ක ආධාර ද ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා නැති අයට, මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කැමති අයට කොරියා යන්න දුන්නට කමක් නෑ. මේක හොද වැඩක්.
රටට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක් මේක. හැබැයි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි.
කොල්ලෝ ටික රට අරින එක හොදද???
මේක හොද වැඩක්
කොරියා රැකියා ඉතා හොදයි. නමුත් සුදුස්සන්ට එය ලැබිය යුතුයි.
කොහොම හම්බ කළත් දැන් ජීවත් වෙන්න බෑ. ලෝන් එකක් වත් ගහන්න බෑ. ඇයි පොලිය 18% ක්නේ.
අපේ රටේ කොල්ලෝ ගොඩකට දැන් කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්. ජනාධිපතිතුමනි, මේ වගේ අනෙක් රටවල් සමගත් මිතුරු සම්බන්ධතා වැඩි කර ගැනීමට ඔබට ශක්තිය සහ දිරිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු
අපේ රටේ ගැහැනු උදවිය මැදපෙරදිග ගෙවල් වල කුනු කසල සෝදනවා. ලංකවේ උගතුන් රට හැර යනවා. මෙය රට දියුනුවීම ලෙස හැදින් විය හැකිද???
අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ වගේ රටකින් අපිට රැකියා අවස්ථා ලැබීම සතුටට කරුණක්
අපේ රටේ මිනිස්සු කම්කරුවෝ විදියට පිටරට යවන එක ගැන ආඩම්බරයට කාරණයක් නෙමෙයි .
ආසියාවේ ආශ්චර්යය යනු මෙයයි. කොතරම් විශිෂ්ඨද?
ගොඩක් හොද වැඩක්
ගොඩක් සන්තෝෂයි...
හැම දේ ගැනම නුහුරට හිතන එක හොද නෑ. අපේ රටේ අය කොරියා ගිහින් කීයක් හරි හොයා ගෙන තමන්ගේ අනාගතේ දියුණු කර ගන්න එක හොද දෙයක්. ඒක රටට ලැබෙන සුද්ද ලාබයක් නේද?
ලොවම දිනු ජනපති... තරුපති විලස බැබලෙති... ලබමින් ජයම නිති... ලකට සිරි සෙත සදනු යහපති...
ජනපතිතුමනි, ඔබේ ශත්තියට අප පිටුපසින් සිටින්නෙමු
sathuta krunakat සතුටට කරුණක්