`ජාත්‍යන්තර තරගයකින් රන් පදක්කමක් ලබා ගත් පළමු අවස්ථාව මෙය බවත් මෙම ජයග්‍රහණය ලබා ගැණිමට තමා සිතූ තරම් අපහසු නොවූ බවත්` ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති අටවෙනි එන්.සී.ආර් ගොල්ෆ් කුසලාන ශූරතාවලියේ කේවල ශූරතාවය සහ කණ්ඩායම් ශූරතාවය දිනාගනිමින් දිවයිනට පැමිණි විජිත බංඩාර කටුනායකදී එසැණට කීය.
අදාල තරගාවලියේ කේවල ශූරතාවය විජිත බංඩාර විසින් දිනාගත් අතර විජිත බංඩාර සහ සිසිර කුමාර එකතුව කණ්ඩායම් ශූරතාවය දිනාගත්හ.
ශ්‍රී ලංකාවට ගෞරවයක් එක්කර දෙමින් දිවයිනට පැමිණි මෙම ක්‍රීඩකයන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.
තරගාවලිය ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය, නේපාලය, ජර්මනිය සහ ශ්‍රී ලංකාව යන රටවල්හි ක්‍රීඩකයෝ හැත්තෑ පස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය 26 වෙනිදා සිට 01 තෙක් නවදිල්ලියේදී පැවැත්විණි.
කේවල ශූරතාවය දිනාගත් විජිත බංඩාර මහනුවර කෙංගල්ල විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර සිසිර කුමාර බොරුල්ල එස්.ඩබිලිව්.ආර්.ඩී බන්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි.
තම පියා ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ද රැකියාවක් කරන බැවින් කුඩා කල සිට ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබුන බවත් එසේම තම පුහුණු කරුවූ ජගත් කල්දේරා මහතාගේ නිවැරදි මග පෙන්වීමත් නිසා මෙම ජයග්‍රහනය පහසුවෙන් ලබා ගත හැකි වූ බවත් ඔහු කීය.
තමා වසර දහයක් පමණ තිස්සේ කරන ලද පුහුණු වීමේ ප්‍රථීඵලය අද ලැබී ඇති බවත් එළඹෙන දකුණු ආසියානු තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්! (නි)
ෂා... නියමයි මල්ලී! (නි)
ගෝල්ෆ් ක්‍රීඩකයන්ට උණුසුම් සුභ පැතුම්! (නි)
නියමයි පුතා. ඔහොම යමු. (නි)
කුමක් හෝ හොද දෙයකින් ශ්‍රී ලංකාවට ගෞවරයක් ලැබීම අපේ සතුටයි.(නදී)
මීටපෙරත් අපි කිහිප වරක්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබලා තියෙනවා නේද? (නි)
ඔබට සුභ පැතුම්! (නි)
ජය වේවා දරුවනි! ජයම වේවා! (නි)
සුභ පැතුම්! (නි)
ජය වේවා! උනුසුමි අන්දමින් පිලිගෙන නැහැ.(නදී)
සැමදා පරදින ක්‍රකට් වලට වියදම් කරන සල්ලි මෙන්න මේවට වියදම් කරන්න.(නදී)
නියමයි ,සියලු දෙවිපිහිටයි ඔබ සියලුම දෙනාට.ඉදිරියටත් මෙවැනි ජයක්ග්‍රහණ අපේ රටට ගෙන එන්න ලැබේවායි පාර්ථනා කරමි.(නදී)
දිනලා එද්දි තමයි අපේ අයියලට මෙයාව මතක් වෙලා තියෙන්නේ. ඒකනේ සෙල්ලම් කරන පොටෝ නැත්තේ.(නදී)
නියමයි පුතා නියමයි. (නි)
ගියා දන්නෙත් නෑ, සෙල්ලම් කලා දන්නෙත් නෑ,ආවා දන්නවා. (ස)
ජයවේවා ..... ලංකා ..... ජයවේවා (දී)