IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ලංකාවට ගිහින් බලන්න‘

කොටි ත්‍රස්තවාදය පැරැදැවූ 2009 යුද්ධය නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික, සමාජ පුනරුත්ථාපන, ප්‍රති සංස්කරණ හා සංහිඳියා ප්‍රවර්ධනය ගැන බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී එංගලන්ත සංචාරක කවය ඇමැතූ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පැවැසුයේ ‘ශ්‍රී ලංකාවට ගිහින් බලන්න‘ යනුවෙනි. ඔහු එහි දී රජ පවුලේ සාමාජිකයන්, සාමිවරුන් හා මන්ත්‍රීන් ඇතුළු ප්‍රභූන් ඇමැතීය. පශ්චාත් යුද සමයේ සංවර්ධනයෙන් සංචාරක කර්මාන්තය දියුණු වී ඇතැයි ද  ඔහු කීවේය.



අදහස් (0)

‘ලංකාවට ගිහින් බලන්න‘

මධු Saturday, 18 August 2012 09:28 PM

ගාමිණී තාවකාලිකව නෙමෙයි සදාකාලිකවම එන්න පුළුවං.. ලංකාවටත් අහිංසක මනුශ්වයන්ටත් මං හැමදාම ආදරෙයි..!!(නු)

:       0       0

මධු Saturday, 18 August 2012 09:35 PM

සුදුමහත්තුරුනට පෙන්නන්න කියන දේවල්ද ඇත්තට සිද්ධ වෙන්නෙ..!!(නු)

:       0       0

ලයනල් Saturday, 18 August 2012 07:17 AM

නමුත් මේක අපේ රට...(ස)

:       0       0

මනෝජ් Saturday, 18 August 2012 10:11 PM

ලෝකයේ ඕනම රටක සිවිල් නීතිය කඩවන සිද්ධීනි සිදු වෙනවා. ඒකට වත්මන් රජයට විතරක් ඇගිල්ල දික්කරලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

මාරසිංහ Friday, 17 August 2012 10:42 AM

එන්ගලන්තයේ සංචාරකයන්ට ලංකාව ගැන අනතුරු ඇගෙවුවා කියලා පුවතකුත් අසන්න ලැබෙනවා නේද? (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 17 August 2012 10:44 AM

"කන්දක් නැග්ගහම පල්ලමක් තියෙනවා" කියන්න වගේ මේ තත්ත්වයේ යම් වෙනස්වීමක් සිද්ධ වෙන්න දැන් කාලය පැමිණිලයි තියෙන්නේ. (නි)

:       0       0

මධුර අසන්ත Friday, 17 August 2012 10:49 AM

අපේ රටේ අපිට ආර්ථික ප්‍රශ්න නැතුවා නොවෙයි. බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර රටවල් අපිට ඇගිල්ල දිගුකරන්නෙ අපි යුද්ධය ජයග්‍රහනය කල ආකාරය සහ දැනට අපේ රටේ පවතින තත්වය අයහපත් ලෙස දැක්වීමටයි. ඔවුන්ගෙ රටෙන් එන සංචාරකයන්ට ඒ ගැන සැලකිලිමත් වන්න යන ප්‍රකාශයෙන්ද ඒ බව සනාථ වනවා නේද. අපේ රටේ අය මේ ගැන අදහස් දැක්වීමේදී මේවා ගැන හරිහැටි අවබොධයෙන් යුතුව අදහස් දක්වනවානම් නේද හොද.(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 08:38 PM

සෙමින් සෙමින් එන්න බලන්න නොසැළී.... (නි)

:       0       0

ජයතිස්ස Thursday, 16 August 2012 08:43 PM

ලංකාවේ ආර්ථිකයටද මෙයින් රුකුලක් ලැබේ. ඉතා හොඳයි. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 11:00 AM

සුද්දන්ට ඕනෑ අපේ රටට ඇවිත් සුන්දර මතකයන් අරගෙන යන්න විතරයි. ඇයි මේ අය අපේ රට මෙහෙම බාල්දු කරලා කතා කරන්නේ? (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 11:18 PM

ලංකාව හොද රටක්.. එත් එහි වෙන දේ හරිම කැතයි..!!(නු)

:       0       0

සමීර Saturday, 18 August 2012 11:22 PM

ලංකාවෙ වෙන දේවල් නම් ඉතාම කැතයි..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 09:05 PM

එන්න නංගි එන්න මල්ලි...!!(නු)

:       0       0

සරසි Sunday, 19 August 2012 02:39 AM

ඉරිදට ගිහිං බලන්න....!!(නු)

:       0       0

නිශාර්ඩ් Tuesday, 21 August 2012 12:17 PM

බොහොම හොද දෙයක් (නි)

:       0       0

ලලිත් Friday, 17 August 2012 11:42 AM

අපි හැමෝම මධ්‍යස්ථව අදහස් දක්වනවනම් හොඳයි..(ස)

:       0       0

සරත් Saturday, 18 August 2012 12:02 PM

අභය ඔයාගේ කතාවට මම එකඟයි. ඒත් සංසන්දනය කරන්නකෝ ලැබෙන වැටුපත් එක්ක. ලොකු වෙනසක් නේද? (අ)

:       0       0

නයනා බණ්ඩාර දසනායකක Friday, 17 August 2012 12:23 AM

දැං කොහොමද ඩෙංගු, බඩුමිල, විදුලිය, ජන දිවිය...?(නු)

:       0       0

සුනීතා Friday, 17 August 2012 12:52 PM

එතකොට ඇයි මේ නවතම වාර්තා වලින් පවසන්නේ ලංකාවේ අනතුරු වලින් බ්‍රිතාන්‍යයන්ට ප්‍රවේශම් වෙන්න කිවුවයි කියලා ? (නි)

:       0       0

හෙක්ටර් Friday, 17 August 2012 12:53 PM

ක්‍රෙඩිට් කාඩ් හොරු, ස්ත්‍රී දූෂකයන් සහ රිය අනතුරු වලින් බ්‍රිතාන්‍යයන්ට ප්‍රවේශම් වෙන්න කියලා කිවුවේ මොකටද එහෙනම්? බොරුවටද? (නි)

:       0       0

ලංකාගේ Friday, 17 August 2012 12:58 PM

ක්‍රෙඩිට් කාඩ් හොරු, ස්ත්‍රී දූෂකයන් සහ රිය අනතුරු වලින් බ්‍රිතාන්‍යයන්ට ප්‍රවේශම් වෙන්න කියලා කිවුව කතාව බොරුවක්ද එතකොට? (නි)

:       0       0

සපුමල් Friday, 17 August 2012 01:00 PM

ලංකාව අපරාධ සහ රිය අනතුරු වැඩි රටක් කියලා බ්‍රිතාන්‍යය ඊයේ පෙරේදා කිවුවා නේද? (නි)

:       0       0

සුභසිංහ Friday, 17 August 2012 12:57 PM

අභය, පිටරටවල බඩු ගණන් වගේම පඩිත් වැඩියි. ප්‍රමිතියත් උසස්. ඒකයි වෙනස. (නි)

:       0       0

මල්ලිකා Friday, 17 August 2012 01:03 PM

අපිට කොළේ වහන්න හැදුවට වැඩක් නැහැ. අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 17 August 2012 01:01 PM

බඩු මිළ වැඩිවීම විදේශිකයන්ට ප්‍රශ්නයක් නොවේ. නමුත් අපරාධ, රිය අනතුරු, ක්‍රෙඩිට් කාඩ් හොරු, ස්ත්‍රී දූෂණ නිසා ලංකාව අවදානම් රටක් කියලා ඇමරිකාවෙන් කිවුවා කියලා අන්තර්ජාලයේ තියෙනවා. (නි)

:       0       0

සුජිත් Friday, 17 August 2012 01:08 PM

අභය කොයි රටේද ඉන්නේ? වාසයට හොදම රටවල් ලැයිස්තුවක් වසරක් පාසා අන්තර්ජාලයේ පළ වෙනවා. මෙවර එහි පළමු තැන නවසීලන්තය. ලංකාව ගැන කියනවා නම් ඉතිං? (නි)

:       0       0

නිමල් Friday, 17 August 2012 01:09 PM

එතකොට ලංකාව සංචාරකයන්ට අවදානම් කලාපයක් කියලා ඇමරිකාවෙන් අනතුරු ඇගෙවුවේ බොරුවටද? (නි)

:       0       0

අමා Saturday, 18 August 2012 02:53 PM

අභය හරි, මම එයාගේ කතාවට එකඟයි..(ස)

:       0       0

කුමාර Friday, 17 August 2012 03:26 AM

හෝටල් කරුවන්ට අහුවෙලා මැරෙන්න බලාගෙන එන්න කියලා තමයි කියන්න වෙන්නේ..(ස)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 17 August 2012 01:40 PM

අභය හරි. ඒ වුණත් සවුදියේ පාන්පිටි කිලෝවක් රියල් භාගයයි. ඒ කියන්නේ රුපියල් 16යි. සවුදියටත් පිටි එන්නේ ඇමරිකාවෙන්. ඇයි එහෙනම් ලංකාවේ රුපියල් 30කටවත් දෙන්න බැරි? (නි)

:       0       0

කමල් Friday, 17 August 2012 05:57 AM

එන්න බලන්න. පොඩි ළමයි දූෂණය කරන්නේ අපේ ලංකාවේ. පල්ලි, කෝවිල් කඩන්නෙත් අපේ ලංකාවේ. තව හුගක් දේවල් වෙනවා අපේ ලංකාවේ. (නි)

:       0       0

මාධව Friday, 17 August 2012 06:26 AM

අන්න හරි

:       0       0

රත්නවීර Friday, 17 August 2012 06:37 AM

අන්තර්ජාලයෙන් වැඩි විස්තර සොයාගතහැක‍‍ ‍‍...(ස)

:       0       0

පෙරේරා Friday, 17 August 2012 02:03 PM

එන්න එන්න. ඇවිත් බලන්න. බලලම තීරණය කරන්න. (නි)

:       0       0

ගාල්ල‍ගේ Friday, 17 August 2012 07:32 AM

නයනා බණ්ඩාර දිසානායක , මේවා සංචාරකයන්ට අදාල දේවල් නෙමෙයි .මාතෘකාවට අදාලව අදහස් පල කරන්න.අපේ බඩු මිල එගොල්ලොන්ට එච්චර දේවල් නෙමේ.ඩෙංගු තියනවා තමයි හැබැයි එක බලපාන්නේ අපිට ඒගොල්ලන්ට වඩා.(ස)

:       0       0

ජනක Friday, 17 August 2012 02:16 PM

ඔවු ඔවු. එන්න එන්න. ඇවිල්ලම බලන්න. බඩු ලාභයි, හොරකම් නැහැ, දූෂණ නැහැ, වංචා නැහැ, මිනී මැරුම් ඇත්තෙම නැහැ. ඔක්කොම බොහොම හොදට තියෙනවා. ඇවිල්ලම බලන්න. (නි)

:       0       0

ලුම්බිණි Friday, 17 August 2012 07:53 AM

හරියට හරි. ඇවිල්ලම බලන්න අපි ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙමින් ඉන්න හැටි. (ස)

:       0       0

නිලංග Friday, 17 August 2012 08:15 AM

ඇවිත් බලන්න බඩු මිල ඉහල යන හැටි.(ස)

:       0       0

මධු Friday, 17 August 2012 02:39 PM

ලංකාවට නම් සැරයක් නෙමෙයි දෙසැරයක්ම ගිහින් බැලුවා. හැබැයි ගිය පයින්ම ආපහු ආවා. (නි)

:       0       0

සරත් Friday, 17 August 2012 08:45 AM

ඇවිත් මාසයක් විතර ඉඳල බලන්න කොහොමද රටේ සංවර්ධනය කියලා‍‍‍‍...(ස)

:       0       0

කුරුප්පු Friday, 17 August 2012 08:53 AM

මදැයි ලංකාවට තියෙන එකම බලාපොරොත්තුව? (නි)

:       0       0

ගාමිණී Saturday, 18 August 2012 12:48 AM

මධු , දැනට තාවකාලිකව ඉන්න රට හොද ඇතිනේ ඒකනේ ඔය තරම් ආඩම්බර.අනෙ අපට මොකෝ. ආයෙත් එනවා නම් ආයුබෝවන්.එන්නෙ නැතිනම් ස්තූතියි.(ස)

:       0       0

ලලිත් Friday, 17 August 2012 09:06 AM

හිතට එන හැම දේම නොකියා මවුබිමට හානියක් නොවන දේවල් පමණක් කිවුවොත් නේද හොද? (නි)

:       0       0

අභය Friday, 17 August 2012 09:17 AM

ලෝකේ කොයි රටටත් වඩා ලංකාවෙ බඩු මිල තාම අඩුයි . ඒක හොඳට දන්නෙ රට හිටපු කෙනෙක්.ලංකාව කොයි තරම් හොඳ රටක් ද කියලත් තේරෙන්නෙ වෙන රටක ටික කලක් හරි ජීවත් උනහම තමයි.(ස)

:       0       0

චින්තක Friday, 17 August 2012 09:59 AM

එන්න, ඇවිත් බලන්න. හැබැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රිලා එක්ක නම් ‍කොහේවත් යන්න එපා. (නි)

:       0       0

පද්මි Friday, 17 August 2012 10:11 AM

අනේ මගේ මේ ලස්සන රට ලෝකයෙන්ම ආදර්ශමත්ම රට වේවා! (නි)

:       0       0

රංග Friday, 17 August 2012 10:16 AM

අපි සිංහල, දෙමළ වශයෙන් බෙදුණත් අපි සියල්ලන්ම ලාංකිකයන් කියන එක අමතක කරන්න හොද නැහැ. (නි)

:       0       0

සෑම් Friday, 17 August 2012 03:54 PM

ඔවු ඇවිල්ලා බලන්නකෝ අපේ දේශපාලුවෝ මේ රට හූරගෙන කන ලස්සන. (නි)

:       0       0

හේමන්ත Friday, 17 August 2012 10:15 AM

අනේ එන්න. ඇවිත් බලන්නකෝ, මෙහේ අය කාගන්න හැටි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1198 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 736 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1957 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1787 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 555 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40038 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 239 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site