IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 26 කොල්ලය බොරුවක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද(10) ඔහුගේ සඟයකු සතුව තිබියදී  මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි.
 
මෙය සැලසුම් කරන ලද කොල්ලකෑමක් බව විමර්ශනවලදී හෙළි වූ බවද පොලිසිය කියයි.
 
මෙම පැමිණිල්ල කරන ලද්දේ බොරලැස්ගමුව ගංගාරාම පාරේ ඉඩකඩම් විකිණීමේ නිරත ව්‍යාපාරිකයකු විසිනි.
 
එංගලන්තයේ පදිංචි බිරිඳගේ ඥාතියකු විසින් බම්බලපිටිය හිතවතකු මාර්ගයෙන් එවන ලද රුපියල් ලක්ෂ 26ක මුදලක් සිය දියණිය සමග බම්බලපිටියට ගොස් ඉල්ලාගෙන බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක ඇති දියණියගේ ගිනුමේ තැන්පත් කිරීමට රැගෙන ආ බවත්, එම අවස්ථාවේදී ලිපිනයක් අසන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මුදල කොල්ල කා පලා ගිය බවත්, මෙම ව්‍යාපාරිකයා අද(10) පැමිණිලි කළ බවත්, මෙම සැකකටයුතු පැමිණිල්ලක් ලෙස මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
 
පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතා එම පෞද්ගලික බැංකුවක අසළට ගොස්, සී.සී.ටී.වී. කැමරාද පරීක්ෂා කරමින් විමර්ශනය කළ බව පොලිසිය කියයි.
කැමරා දර්ශනවල ව්‍යාපාරිකයාගේ මෝටර් රථය බැංකුව ආසන්නයේ නවතා තිබෙන අයුරු සහ ඔහු අත දරා සිටි කුඩා පාර්සලයක් යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයකුට ස්ව කැමැත්තෙන්ම ලබාදෙන අයුරු සටහන්ව තිබිණි.
 
 
ඒ අනුව පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසිය නොමග යැවීම සඳහා මෙම සැලසුම කළ  බවට අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
 
ව්‍යාපාරිකයා අධිකව ණය ලබාගෙන ඇති අතර එයින් ගැළවීමට ක්‍රමයක් සොයමින් සිට ඇති බවත්, සිය දියණියට විදේශ ගතවීමට එංගලන්තයේ පදිංචි ඥාතියා බැංකුවේ තැන්පත් කිරීම සඳහා මුදල් එවා ඇති බවත්, ඒ මුදල හොරෙන් තමන්ටම සතු කරගැනීමේ අරමුණින් පවුලේ කිසිවකුට හෝ නොකියා එම මුදල ලබාගැනීම සඳහා මගදී මුදල කොල්ල කෑ බවට  අඟවා බොරලැස්ගමුවේ වූ මිතුරා මාර්ගයෙන් රගපෑමක් කර පැමිණිලි කර තිබූ බවත් අනාවරණය වී ඇත.
 
ව්‍යාපාරිකයා පොලිසිය නොමග යැවීමට කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.



අදහස් (5)

ලක්ෂ 26 කොල්ලය බොරුවක්

නදුන් Thursday, 10 October 2019 01:18 PM

තිර පිටපත පමණක් නොව ප්‍රධාන රංග ශිල්පියා මෙන්ම සහය නලුවන්ද මුලුමණින්ම අසාර්ථක වූ චිත්‍රපටියක්...

:       3       307

Samithasena Aluthgamage. Thursday, 10 October 2019 01:31 PM

පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලු වැටලීම කළ සියලුම දෙනාට අපගේත් රටේත් ප්‍රණාමය.මේ ව්‍යාපාරිකයාට කිසිදු සමාවක් නොදිය යුතුයි.

:       54       213

Perera Thursday, 10 October 2019 05:17 PM

අහු නොවෙන්න මුදල් හොරකම් කරන්න රාජපක්සලගෙන් උපදෙසක් ගන්න තිබුන.

:       325       222

මහසෙන්Friday, 11 October 2019 05:16 AM

ඇයි... මහ බැංකු හොරුත් ඉන්නේ... අමතක උනාද... අමතක කලාද?

:       1       222

KamalFriday, 11 October 2019 08:36 AM

එයාලත් වනකර ගත්තනේ... අර කට්ටිය තමා හරියටම ක්‍රමේ දන්නේ...

:       292       203

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 11 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 567 0

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 419 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 599 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1010 4

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 728 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site