රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචු 6 ක් ගමන්මල්ලේ සවිකරගෙන ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
සැකකරු නිතර ඉන්දියාවට යන එන කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රෙදි පිලි ව්‍යාපාරිකයෙකි.
මෙම ගාංචු රන් යැයි හඳුනාගත නොහැකි ලෙස කළු පැහැ ගන්වා තිබූ බව රේගුව කියයි.
ගුවන්තොටුපොළ ආරක්ෂක විසින් රේගුවට ලබා දුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඞී.එම්.එන් විජේසිරි, ඒ.ඞී වික‍්‍රමසිංහ, එස්.එම්.ඞී.එච් ධර්මසිරි, එස්.එම් ගමආරච්චි, ආර්.පී.එමි පතිරණ යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එතනෝල් ගෙනාපු අයටත් මේ වගේ නීතිය ක්‍රියයාත්මක වෙයි නේද (අ)
අම්මෝ අර කට්ටියගෙ ආඩම්භරකම (අ)
මේ බහුතරක් මෙහෙම අය තමයි. (නි)
මම කවදාවත් දැකලා නැහැ මේ ගොල්ලන් හිනා වෙනවා. ආගමන විගමන නිලධාරීන් ඉන්නෙ ඔරෝගෙනමනේ. රටට ඇතුල් වෙද්දී වෙනස තේරෙනවා.. වෙන කිසිම රටක මේ අත්දැකීම හම්බ වෙලා නැහැ. (නි)
මේ වගේ අල්ලන දේවල් ගැන නිතර නිතර පළවෙනවා. ඒත් ඊට පස්සේ මේවට මොකද වෙන්නේ කියලා කවදාවත් ආරංචි වෙන්නේ නැහැනේ. (නි)
මදපෙරගිග ගුවන්තොටුපොළවල නිළධාරීන් හිනහ වේවි දෙ ඉන්නේ? හැම තිස්සෙම රටට අපහස කරන්න එපා (ස)
මම දන්න නිසයි කියන්නේ. හැබැයි ලොකු මිනිස්සු එන යනකොට මොනවත් බලන්නේ නැහැ. (නි)