ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක් විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැටී ඇත. මෙවර මහ කන්නයේ මෙම ප්‍රදේශයේ හෙක්ටයාර් 40ක පමණ තක්කාලි වගා කැරිණි. වියදම් වූ මුදලවත් උපයා ගැනීමට නොහැකිව ගොවීහු දැඩි අසීරු තත්තයට පත්ව සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි ජයී තිසර. (නි)
මෙය බොහොම කණගාටුදායක තත්ත්වයක්.. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමක් අවශ්‍යම වෙනවා... මේවා වෙන රටවලට අපනයනය කරන්නනම්.. සාධාරණ ගානක් ගොවියාට ලබාගන්න පුළුවං.. ලංකාවෙ තියෙන ලොකු ආයතන එළවලු අපනයනය කරන්න උනන්දු කරවනවානම් තවත් හොදයි.. මම ඉන්නෙ කටාර් වල මෙහෙ තියෙන සුපිරි වෙළද සැල්වලට ලංකාවෙ එළවලු කොළ ජාති සිකුරාදාට එනවා.. දවල් වෙනකොට ඔක්කොම ඉවරයි.. ඉතිං තව ඔය එළවළු මෙහාට එවනවානම් කොපමණ හොදයිද?(නු)
මාල දිවයිනේ තක්කාලි කිලෝ එකක් රුපියල් 400 ක් විතර වෙනවා. මෙහෙට එවන්න වැඩපිළිවෙළක් හදන්න බලධාරීන්ට ඇයි බැරි? (නු)
කෝ මේ වෙළද ඇමති.. එයා එලියට එන්නෙ ඩබු මිල වැඩි කරනකෙට විතරයි වගේ..!(නු)
කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද අද මැදියම් රැයේ සිට වැඩිකර ඇත...
තක්කාලි පිටරට පටවන්නයි කියන අය දන්නේ නැද්ද පිටරටවල තහනම් කීෂිරසායන අපේ රටේ තක්කාලි වගාවල පාවිච්චි කරනවග...? සුද්දො එහෙම ආවට ගියාට කෑම ජාති ගෙන්වන්නේ නැහැ..!(නු)
පව් අහිංසකයෝ..(නු)
අරාබි ජාතිකයේ බත් කනකොට තක්කාලි යුෂ සමග ගන්නවා... හැම කෑමකටම තක්කාලි ගන්නවා.. හොද පළතුරක් වගේම බත් සමග කත්කාලි හරි රසයි.. අපිට පුරුදු මේවා උයලා කාලා නේ.. රජය මැදිහත්වෙලා මේවා මැදපෙරදිග රටවලට ආනයනය කළොත් හොදයි..!(නු)
ගොවි ජන සේවා නිලධාරීන්ට බැරිද මේ අයට කියලා දෙන්න මේවායින් තක්කාලි පේස්ට් හදලා ටින් කරලා හෝටල්වලට යවන්න.. හොද ඉල්ලුමක් තියෙනවා විදේශ රටවල..!(නු)
මේක ඉතිං පළමු වැනි වතාව නෙමෙයිනේ.. දැං බලන්න දෙහි කිලොව රැපියල් 1000යි.. සමහර කාලෙට ගස් යට වැටිලා කුණුවෙලා යනවා.. වගකිවයුත්තනි දැං වත් මේ නාස්තිය වලක්වා ගොවියන්ට සහ පාරිභෝගිකයන් යන දෙදෙනාම රැක ගන්න.. මේවා ජාතික අපරාධ..!(නු)
කවුරු අදහස් පළකළත් මොනවා කිව්වත් තක්කලි නරක් වෙනවා මිසක් වෙන දෙයක් නැහැ.. ඒක නිසා ගොවියට යහපතක් කරන්න..!(නු)
මෙවැනි එළවුළු වර්ග සුරක්ෂිතව දිගු කාලයක් තබා ගන්නා ක්‍රමයක් පහත සඳහන් කරමි. මේ පහසු ක්‍රමය මගේ වත්තේ මම වවන පළතුරු වැනි දේවල් දිගු කළක් තබාගැනීමට යොදාගෙන ඇත. 1. බෝතල් කීපයක් හොඳින් සෝදා පිරිසිදු කරන්න (තදකර වැසිය හැකි පියන් සහිත බෝතල් විය යුතුයි). 2. තක්කාලි හොඳින් සෝදා පිරිසිදු කරන්න. 3. තක්කාලි කෑලි වලට කපා විනාඩි 15ක් පමණ නටන තරමින් රත් කරන්න (පැණි රසට කැමති නම් සීනිත් දමා රත් කරන්න). 4. හොඳින් තම්බන ලද තක්කාලි නිවෙන්න නොදී වරකට බෝතලය බැගින් පුරවා පියන හොඳින් තදකර වසන්න. 5. බෝතලය හරවා (පියන යට පැත්තට වන ලෙස තබා) නිවෙන්න හරින්න. 6. නිවුන තක්කාලි බෝතල් නැවත හරි පැත්තට හරවා ගෙදර සිසිල් තැනක දිගු කාලයක් තබා ගත හැකිය. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 රත්කර නැටවීමේදී විෂබීජ සියල්ල විනාශ වනවා පමණක් නොව බෝතලය ඇතුලේ සිසිල් වීමේදී පීඩනය බිංදුවට පෙරළීමෙන් බෝතලයේ පියන තදවී සුරක්ෂිතව පවතී. මේ අයුරින් ඕනෑම කෑමක් සුරක්ෂිතව තබා ගත හැකිය. ශීත රටවල ජීවත් වන ලක්ෂ ගණන් ජනකායක් මේ ආකාරයෙන් ඔවුන්ගේ වතු පිටිවල උණුසුම් කාළයේ වැවෙන එළවුළු පළතුරු ආදිය ශීත කාලයේ පාවිව්චිය සඳහා සුරක්ෂිතව තබා ගනිති. (නි)
කාට කියන්නද
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
අපේ රටේ සැලසුම්නේ කොහොමත් ඔහොම වෙනවා (ස) (ස)
සෑම තොග වෙළදපොලකම එකාදිකාරියක් තියනවා .ගොඩක් වැව්වට වැඩක් නැහැ .ගොවියාට කෙලින්ම තොග වෙළද පොලට ගෙනිහින් විකුනන්න බැහැ.තක්කාලිත් නැතිව ගුටිත් කාලයි එන්නවෙන්නේ .ගොවිපලේ 1.50 උනාට අනික් පලාත්වල 40.00- 50.00 වනවා .එකාදිකාරය නෙතිකරන්න වැඩ පිළිවලක් යෙදුවොත් ගොවියාට මෙයට වඩා හොද මිලක් ලැබේවි .
කලාතුරකින් කියවන්න ලැබෙන ඉතා හොඳ අදහස් දැක්වීමක්, විදෙස්ගත පාඨක භවතුන්ටත් ජයී තිසර සහෝදරයාටත් බොහොම ස්තුතියි. අද නම් කලින් අසා නොතිබුන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ රටේ තීරණ ගන්නා තැන්වල ඉන්න අයටත් මේවා දකින්න පුළුවන් නම්..
තක්කලි කුණු වුණත් හරි රසයි අප්පා.
රුව වඩන පිළිකා නසන ඉතා ගුණ කෑමක්. තරුණියනි, තක්කලි බීම උදේට බොන්න.
අයියෝ සල්ලි
දුක්වෙන්න එපා ඔබලා ගැන බලා ගනියි
ඉන්දියාවෙන් බිත්තර ගෙන්නුව අය ලංකාවේ ගොවියාගේ වටිනාකම දන්නේ නැහැ. මොකද එතන අහිංසක මිනිසුන්ගෙන් ගන්න දෙයක් නොමැති නිසා. (නි)
අපරාදේ. ලාබයි ලාබයි තක්කාලී... (නි)
අයියෝ සල්ලි
තිරිස ඔබට බොහොම ස්තූතියි ...ඉතාම වටිනා ලිපියක් (ස)
තිසර ඔයාගේ ලිපිය හරිම වැදගත්. ඔයාගේ අදහස් ටික කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යවන්න බැරිද? අපේ අසරණ ගොවියෝ ටික බේරාගන්න පුළුන් ද බලන්න (අ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල නිසි වැඩ පිළිවෙලක් නැති නිසයි මේ ගොවියෝ අසරණ වෙන්නේ (ස)
අපරාදේ විසි කරන්න එපා. සෝස් හදන්න (ස)
අපි වවමු - රට නගමු කියාලා කියපු උදවිය මේවට වගකියන්න ඕන. (ස)
1ත් මගේ රට, 2ත් මගේ රට, 3ත් මගේ රට තුල සිදුවන දේවල්.(ස)
ඇයි අපි රට යවන්නේ නැත්තේ මේවා.. මම හිතනවා රජය මේවාට මොනයම් හෝ පියළමක් ලබා දිය යුතුයි මේ තක්කාලි රට යැවීමටවත්.. මම දන්නවා සමහර යුරෝපීය රටවල් තක්කාලි ආනයනය කරනවා.. තක්කාලි කිලෝවක් ඇමරිකාවෙ රැපියල් 500ක් විතර වෙනවා..!(නු)
වවපල්ල වවපල්ල කියනව. අස්වැන්න විකුණගන්න ක්‍රමයක් හදන්න කාටවත් ඕනෙකමක් නැහැ. පිට රටින් ගෙන්නන්න නම් හැමෝම උනන්දුවෙයි. අනේ මෙහෙම රටක්.(ස)
මේක සාමාන්‍ය දෙයක්නේ.. සැපයුම තියෙනකොට මිල අඩුවෙනවා.. සැපයුම නැති වෙනකොට මිල වැඩි වෙනවා.. එයාට කිලෝඑකක් රුපියල් තිහක් හතලිහක් වෙනකොට ඔහොම කියන එකක් නැහැ..!(නු)
රටේ මේව ගැන බලන්න,මේවා කල්තබා ගන්නා ක්‍රම ගැන ඔුන්ට හඳුන්වා දෙන්න කෘෂිකර්ම සහ සංවර්ධන පිළිබඳ වගකිවයුතු අය සොයා බලනවා නම්; දැනටමත් අපේ රට දියුණුයි.(නු)
සෝස් හදමු , අපේ රටේ තක්කාලි කියනවා නේද?? (ස)
තක්කාලි සෝස් හදන්න යොදවන්න බැරිද මේවා (ස)
මැද පෙරදිග නම් තක්කාලිවලට ඕන තරම් ඉල්ලුම තියෙනවා. කවුද මෙහාට තක්කාලි එවන්නේ. ලංකාවෙන් එන එළවළු වල තක්කාලි දක්න්නවත් නැහැ (අ)
රෝහිත කියපු එකේ අනික් ටික, අපේ රටේ ඇතැම් සෝස් නිෂ්පාදන සඳහා යුරෝපයෙන් තක්කාලි ආනයනය කරනවා. ඔවුන් ආඩම්බරෙන් ප්‍රචාරය කරන්නේ ආනයනිත තක්කාලි වලින් මේවා හදන්නේ කියා. (සමහරවිට අපේ රටේ තරම් වෙන රටවල වගා වලට බෙහෙත් ගහන්නේ නැති නිසාද දන්නේ නැහැ) කෙසේ වුනත් අගනා විටමින් ප්‍රභවයක් කාටවත් වැඩක් නැතිව අපතේ යාම බලා ඉන්න එකත් දුකක්. (අ)
බලධාරීන් පිටරටවල ගිහින් ඒ අයගේ සංවර්ධනය බලාගෙන ආවේ අපේ ගොවීන්ට මෙහෙම කරන්නද ? (ස)
මේවා මාර අපරාධ ගොවියන්ට ජීවිතේ එපා වෙන රටත් එපා වෙන වැඩ .. රජය මැදිහත්වෙලා මේවට වැඩ කටයුතු හදන්න ඕන.. ඔය තක්කාලි යොදාගෙන හදන්න කොතරම් ආහාර වර්ග තියෙනවාද? සෝස් වගේ දේවල්.. අනිත් කාරනේ මේවා පිට රට යවන්න හරි වැඩක් සකස් කරන්න ඕන.. මේවා තමා කළ යුතු වැඩ.. රටේ හැම දෙයක්ම ගැනම අවධානය යෙන් ඉන්න ඕන. ගොවියා හැමදාම තැලෙනවා.. අඩුම ගානේ ඔවුන්ගේ වියදම් හරි ලැබෙන විදියක් හදලා දෙන්න ඕන..!(නු)
අපි වවමු රට නඟමු - කියපු අය දැන් බලනු !! අපි වැව්වා............දැන් ??
මෙවනම් ජාතික අපරාද . මෙවැනි දෙයින් වෙන්නේ ගොවියා අධෛර්‍යමත් වෙනවා (ස)
අලුත්ම නැගුම තමයි. ණය ගෙවමු අපි මැරෙමු (අ)
අභ්‍යන්තර වෙළඳ ඇමති කියල කෙනෙක් හිටියා වගේ මතකයි. ඒත් දැන් ඉන්නවද කියල නම් අදහසක් නැහැ. (ස)
ගොවි මහතුනි මේ විදියට ඔයාලා තක්කාලි විසිකරනවා දැක්කොත් අපේ ඇමතිතුමාගෙන් දඩ කන්න වෙයි.. මොකද ඔයාලා මේවා විසිකරලා තියෙන්නේ ප්ලාස්ටික් කූඩවලට දාල නෙමෙයිනේ.. වවන්නෝ දිනන්නෝ..!(නු)
එළවළු රටපුරා බෙදා හරිය යුතුයි. (අ)
තක්කාලි කියන්නේ එළවළුවක් වගේම හොද පළතුරක්.. ඉදුණු තක්කාලි කෑම හරිම ගුණදායකයි.. මේ වගේ ප්‍රශ්ණවලට දේශපාලකයන්ට සහම නිලධාරීන්ට පමණක් දොස් කියන්න බැහැ.. ගොවියන් වගාකරනවානම් වාලේ වගා කරනවා. සමහර විට එකම බෝගය හැමෝම වගා කරනවා අස්වනු නෙලීමේදී නිසි ක්‍රම වේදයකින් තොරව නෙලනවා.. ප්‍රවාහනයේදී කිසිම ප්‍රමිතියක් නැහැ.. එහෙම උනාම කල් තබාගන්න ක්‍රමවේද තිබුණත් එය කරන්නේ නැහැ.. දින දෙකක් යනකොට නරක් වෙනවා.. නිළධාරින් යම් යම් ක්‍රමවේද හදුන්වා දුන්නත් අපරටේ ඉන්න අය ඒවා අනුගමනය කරන්නෙ නැහැ.. ඒවා දිහා හාස්‍යෙයන් බලන්නේ.. වැරදුණ දාට දොස් කියන්නෙත් ඒ විදියමට තමයි.. ගොවිජන සේවා වල ඉන්න මහතුන්ගෙන් ගොවියන් ප්‍ර යෝජන ගන්නෙත් නැහැ. ඒ නිසා මේවට හැමෝම වග කියන්න ඕන..(නු)
ලංකාවෙත් තක්කාලි වලින් ගහගන්න උත්සවයක් සංවිධානය කළානම් වැඩේ ගොඩ...!(නු)
අපි වවමු.. අපි හැදෙමු.. දැං මොනවත්ම නැහැ.. හිනා වෙලා පපුවට ගහගත්ත දේශප්‍රේමියෙක් වෙන්නෙ නැහැ..!(නු)
පව් මේවා අහස පොළොව නුහුලනා අපරාධ..!(නු)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. (නි)
මෙවැනි රටවල නම් නූඩ්ලස් සමඟ මිශ්‍ර කර කෑමටත් භාවිතා කරනවා. බත්ම වෙනූවට එවැනි කෑමකට ප්‍රයෝජණයට ගත හැකි නම් මේ අපතේ යෑම වළක්වා ගෙන ඔවූන්ගේ එදි නෙදා ජීවණ ගැටථු වලට තරමකින් හෝ සහණයක් ලැබේවි.. අනෙක් කරුන, මේ බෝගයටම පමණක් නොව අනෙකූත් අපතේ යන දේවල් වලක්වා ගැනීමට කල් තබා ගන්නා ක්‍රම ගැන හෝ වෙනත් විකල්පයක් වෙළඳ ඇමති තුමනි නැද්ද....? මා පූද්ගලිකව බත් වලට අමතරව පොලෙන් ගෙනෙන තක්කලි වලින් සූදානම් කර ගන්නා මිශ්‍රණය සමග නූඩිලස් කෑමට ගන්නා අතර කිසිම වැඩි වියදමක් නැතිව පිළියෙල කර ගැනීමටද පහසූ වේ. තක්කලි වළ අඩංගූ ගුණ සදහන් "මීට පස්සේ තක්කලි කන්න බිය වෙන්න එපා" ලිපියක් "2012/07/16" දින පුපත්පතක පළවූවා. ගෘහණියන්ට අතිශයින් වැදගත් වේ.. කෙනෙකුට අවශ්‍යය නම් http://www.navaliya.com/2012/07/16/navaindex.htm ක්ලික් කර බලන්න. (අ)
මට තක්කලි වැව්වද කියලා මතක නැහැ..!(නු)
අපේ රටේ ඉන්න ඇමතිවරු ආර්ථික විශේෂඥයෝ මාස තුන හතරක් තිස්සේ දුක් විදලා හදන තක්කාලි ගෙඩියෙන් අල ගෙඩියෙන් එළවළු ටිකෙන් හරි ප්‍ර යෝජනයක් නොගෙන අපතේ යවන්නේ නැතිව විනාශ කරනවා.වැඩක් නැහැ කෙස් පැලෙන තර්ක පේනවානේ තියෙන කලමනා කරන කැද හැලිය..!(නු)
සමහර රටවල ජන ක්‍රීඩවාක් වශයෙන් තක්කාලි වලින් විනෝදාත්මක ක්‍රීඩා පවත්වනවා.. එවැනි දෙයක්වත් කළොත් ලංකාවෙ තක්කාලිවලට මිලක් ගන්න පුළුවං වෙයි..!(නු)
අයියෝ...! කොච්චර අපරාධයක්ද මේ..! ජාත්‍යන්තර ඉව්ම්වල පාවිච්චි කරනවා සන් ඩ්‍රයිඩ් ටොමැටෝ කියලා අව්වේ වේලපු තක්කාලි.. මිලෙනුත් අධිකයි.. ඇයි අපිට මෙවායින් එහෙම කරන්න..කොච්චර රටවල්වලට අපනයනය කරන්න පුළුවංද? අපරාධයක්..!(නු)
මේ මොන අපරාධයක්ද තක්කාලිවලින් කරන්න මොනතරම් දේවල් තියෙනවාද? අපේ රටේ සංවර්ධනයේ තවත් පැත්තක් පැහැදිළිව පේනවා..!(නු)