IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලග්ගල තක්කාලි කුඹුරේම කුණුවේ

ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක්  විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැටී ඇත. මෙවර මහ කන්නයේ මෙම ප්‍රදේශයේ හෙක්ටයාර් 40ක පමණ තක්කාලි වගා කැරිණි. වියදම් වූ මුදලවත් උපයා ගැනීමට නොහැකිව ගොවීහු දැඩි අසීරු තත්තයට පත්ව සිටිති.



අදහස් (0)

ලග්ගල තක්කාලි කුඹුරේම කුණුවේ

නන්දලාල් Saturday, 13 October 2012 05:35 PM

තක්කාලි කියන්නේ එළවළුවක් වගේම හොද පළතුරක්.. ඉදුණු තක්කාලි කෑම හරිම ගුණදායකයි.. මේ වගේ ප්‍රශ්ණවලට දේශපාලකයන්ට සහම නිලධාරීන්ට පමණක් දොස් කියන්න බැහැ.. ගොවියන් වගාකරනවානම් වාලේ වගා කරනවා. සමහර විට එකම බෝගය හැමෝම වගා කරනවා අස්වනු නෙලීමේදී නිසි ක්‍රම වේදයකින් තොරව නෙලනවා.. ප්‍රවාහනයේදී කිසිම ප්‍රමිතියක් නැහැ.. එහෙම උනාම කල් තබාගන්න ක්‍රමවේද තිබුණත් එය කරන්නේ නැහැ.. දින දෙකක් යනකොට නරක් වෙනවා.. නිළධාරින් යම් යම් ක්‍රමවේද හදුන්වා දුන්නත් අපරටේ ඉන්න අය ඒවා අනුගමනය කරන්නෙ නැහැ.. ඒවා දිහා හාස්‍යෙයන් බලන්නේ.. වැරදුණ දාට දොස් කියන්නෙත් ඒ විදියමට තමයි.. ගොවිජන සේවා වල ඉන්න මහතුන්ගෙන් ගොවියන් ප්‍ර යෝජන ගන්නෙත් නැහැ. ඒ නිසා මේවට හැමෝම වග කියන්න ඕන..(නු)

:       0       0

චමී Sunday, 14 October 2012 11:48 AM

දුක්වෙන්න එපා ඔබලා ගැන බලා ගනියි

:       0       0

අශෝක Sunday, 14 October 2012 12:29 PM

ඉන්දියාවෙන් බිත්තර ගෙන්නුව අය ලංකාවේ ගොවියාගේ වටිනාකම දන්නේ නැහැ. මොකද එතන අහිංසක මිනිසුන්ගෙන් ගන්න දෙයක් නොමැති නිසා. (නි)

:       0       0

රජිත් Saturday, 13 October 2012 05:52 PM

ලංකාවෙත් තක්කාලි වලින් ගහගන්න උත්සවයක් සංවිධානය කළානම් වැඩේ ගොඩ...!(නු)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 13 October 2012 05:49 PM

අපි වවමු.. අපි හැදෙමු.. දැං මොනවත්ම නැහැ.. හිනා වෙලා පපුවට ගහගත්ත දේශප්‍රේමියෙක් වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 13 October 2012 05:57 PM

පව් මේවා අහස පොළොව නුහුලනා අපරාධ..!(නු)

:       0       0

විමල් Saturday, 13 October 2012 05:59 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 06:15 PM

මෙවැනි රටවල නම් නූඩ්ලස් සමඟ මිශ්‍ර කර කෑමටත් භාවිතා කරනවා. බත්ම වෙනූවට එවැනි කෑමකට ප්‍රයෝජණයට ගත හැකි නම් මේ අපතේ යෑම වළක්වා ගෙන ඔවූන්ගේ එදි නෙදා ජීවණ ගැටථු වලට තරමකින් හෝ සහණයක් ලැබේවි.. අනෙක් කරුන, මේ බෝගයටම පමණක් නොව අනෙකූත් අපතේ යන දේවල් වලක්වා ගැනීමට කල් තබා ගන්නා ක්‍රම ගැන හෝ වෙනත් විකල්පයක් වෙළඳ ඇමති තුමනි නැද්ද....? මා පූද්ගලිකව බත් වලට අමතරව පොලෙන් ගෙනෙන තක්කලි වලින් සූදානම් කර ගන්නා මිශ්‍රණය සමග නූඩිලස් කෑමට ගන්නා අතර කිසිම වැඩි වියදමක් නැතිව පිළියෙල කර ගැනීමටද පහසූ වේ. තක්කලි වළ අඩංගූ ගුණ සදහන් "මීට පස්සේ තක්කලි කන්න බිය වෙන්න එපා" ලිපියක් "2012/07/16" දින පුපත්පතක පළවූවා. ගෘහණියන්ට අතිශයින් වැදගත් වේ.. කෙනෙකුට අවශ්‍යය නම් http://www.navaliya.com/2012/07/16/navaindex.htm ක්ලික් කර බලන්න. (අ)

:       0       0

ප්‍රදීප් ජයගොඩ Saturday, 13 October 2012 06:36 PM

මට තක්කලි වැව්වද කියලා මතක නැහැ..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 13 October 2012 06:29 PM

අපේ රටේ ඉන්න ඇමතිවරු ආර්ථික විශේෂඥයෝ මාස තුන හතරක් තිස්සේ දුක් විදලා හදන තක්කාලි ගෙඩියෙන් අල ගෙඩියෙන් එළවළු ටිකෙන් හරි ප්‍ර යෝජනයක් නොගෙන අපතේ යවන්නේ නැතිව විනාශ කරනවා.වැඩක් නැහැ කෙස් පැලෙන තර්ක පේනවානේ තියෙන කලමනා කරන කැද හැලිය..!(නු)

:       0       0

හෂාන් Monday, 15 October 2012 02:31 AM

අයියෝ සල්ලි

:       0       0

මුතුකුඩ Saturday, 13 October 2012 07:08 PM

සමහර රටවල ජන ක්‍රීඩවාක් වශයෙන් තක්කාලි වලින් විනෝදාත්මක ක්‍රීඩා පවත්වනවා.. එවැනි දෙයක්වත් කළොත් ලංකාවෙ තක්කාලිවලට මිලක් ගන්න පුළුවං වෙයි..!(නු)

:       0       0

පැතුම් ආස්කේ Saturday, 13 October 2012 07:17 PM

‍අයියෝ...! කොච්චර අපරාධයක්ද මේ..! ජාත්‍යන්තර ඉව්ම්වල පාවිච්චි කරනවා සන් ඩ්‍රයිඩ් ටොමැටෝ කියලා අව්වේ වේලපු තක්කාලි.. මිලෙනුත් අධිකයි.. ඇයි අපිට මෙවායින් එහෙම කරන්න..කොච්චර රටවල්වලට අපනයනය කරන්න පුළුවංද? අපරාධයක්..!(නු)

:       0       0

ක්‍රිස්ටි Saturday, 13 October 2012 07:26 PM

මේ මොන අපරාධයක්ද තක්කාලිවලින් කරන්න මොනතරම් දේවල් තියෙනවාද? අපේ රටේ සංවර්ධනයේ තවත් පැත්තක් පැහැදිළිව පේනවා..!(නු)

:       0       0

නාපවල Saturday, 13 October 2012 07:35 PM

සෑම තොග වෙළදපොලකම එකාදිකාරියක් තියනවා .ගොඩක් වැව්වට වැඩක් නැහැ .ගොවියාට කෙලින්ම තොග වෙළද පොලට ගෙනිහින් විකුනන්න බැහැ.තක්කාලිත් නැතිව ගුටිත් කාලයි එන්නවෙන්නේ .ගොවිපලේ 1.50 උනාට අනික් පලාත්වල 40.00- 50.00 වනවා .එකාදිකාරය නෙතිකරන්න වැඩ පිළිවලක් යෙදුවොත් ගොවියාට මෙයට වඩා හොද මිලක් ලැබේවි .

:       0       0

රෝහණ Saturday, 13 October 2012 08:03 PM

මෙය බොහොම කණගාටුදායක තත්ත්වයක්.. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමක් අවශ්‍යම වෙනවා... මේවා වෙන රටවලට අපනයනය කරන්නනම්.. සාධාරණ ගානක් ගොවියාට ලබාගන්න පුළුවං.. ලංකාවෙ තියෙන ලොකු ආයතන එළවලු අපනයනය කරන්න උනන්දු කරවනවානම් තවත් හොදයි.. මම ඉන්නෙ කටාර් වල මෙහෙ තියෙන සුපිරි වෙළද සැල්වලට ලංකාවෙ එළවලු කොළ ජාති සිකුරාදාට එනවා.. දවල් වෙනකොට ඔක්කොම ඉවරයි.. ඉතිං තව ඔය එළවළු මෙහාට එවනවානම් කොපමණ හොදයිද?(නු)

:       0       0

සරත් Saturday, 13 October 2012 08:48 PM

මාල දිවයිනේ තක්කාලි කිලෝ එකක් රුපියල් 400 ක් විතර වෙනවා. මෙහෙට එවන්න වැඩපිළිවෙළක් හදන්න බලධාරීන්ට ඇයි බැරි? (නු)

:       0       0

මානා Saturday, 13 October 2012 08:55 PM

කෝ මේ වෙළද ඇමති.. එයා එලියට එන්නෙ ඩබු මිල වැඩි කරනකෙට විතරයි වගේ..!(නු)

:       0       0

අසේල Saturday, 13 October 2012 09:00 PM

කිලෝ පනහක සිමෙන්ති කවරයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද අද මැදියම් රැයේ සිට වැඩිකර ඇත...

:       0       0

සරත් Monday, 15 October 2012 09:24 AM

තිරිස ඔබට බොහොම ස්තූතියි ...ඉතාම වටිනා ලිපියක් (ස)

:       0       0

ජීවා Tuesday, 16 October 2012 11:55 AM

අපි වවමු - රට නගමු කියාලා කියපු උදවිය මේවට වගකියන්න ඕන. (ස)

:       0       0

ජීවක Saturday, 13 October 2012 09:52 PM

තක්කාලි පිටරට පටවන්නයි කියන අය දන්නේ නැද්ද පිටරටවල තහනම් කීෂිරසායන අපේ රටේ තක්කාලි වගාවල පාවිච්චි කරනවග...? සුද්දො එහෙම ආවට ගියාට කෑම ජාති ගෙන්වන්නේ නැහැ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 10:10 PM

පව් අහිංසකයෝ..(නු)

:       0       0

ලලිත් සෞදි Saturday, 13 October 2012 10:12 PM

අරාබි ජාතිකයේ බත් කනකොට තක්කාලි යුෂ සමග ගන්නවා... හැම කෑමකටම තක්කාලි ගන්නවා.. හොද පළතුරක් වගේම බත් සමග කත්කාලි හරි රසයි.. අපිට පුරුදු මේවා උයලා කාලා නේ.. රජය මැදිහත්වෙලා මේවා මැදපෙරදිග රටවලට ආනයනය කළොත් හොදයි..!(නු)

:       0       0

ජීව Monday, 15 October 2012 03:02 PM

තිසර ඔයාගේ ලිපිය හරිම වැදගත්. ඔයාගේ අදහස් ටික කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යවන්න බැරිද? අපේ අසරණ ගොවියෝ ටික බේරාගන්න පුළුන් ද බලන්න (අ)

:       0       0

පී. රත්නායක Saturday, 13 October 2012 11:12 PM

ගොවි ජන සේවා නිලධාරීන්ට බැරිද මේ අයට කියලා දෙන්න මේවායින් තක්කාලි පේස්ට් හදලා ටින් කරලා හෝටල්වලට යවන්න.. හොද ඉල්ලුමක් තියෙනවා විදේශ රටවල..!(නු)

:       0       0

සම්පත් Saturday, 13 October 2012 11:12 PM

මේක ඉතිං පළමු වැනි වතාව නෙමෙයිනේ.. දැං බලන්න දෙහි කිලොව රැපියල් 1000යි.. සමහර කාලෙට ගස් යට වැටිලා කුණුවෙලා යනවා.. වගකිවයුත්තනි දැං වත් මේ නාස්තිය වලක්වා ගොවියන්ට සහ පාරිභෝගිකයන් යන දෙදෙනාම රැක ගන්න.. මේවා ජාතික අපරාධ..!(නු)

:       0       0

ඩයස් Saturday, 13 October 2012 11:27 PM

කවුරු අදහස් පළකළත් මොනවා කිව්වත් තක්කලි නරක් වෙනවා මිසක් වෙන දෙයක් නැහැ.. ඒක නිසා ගොවියට යහපතක් කරන්න..!(නු)

:       0       0

ලුම්බිණි Saturday, 13 October 2012 03:01 PM

අභ්‍යන්තර වෙළඳ ඇමති කියල කෙනෙක් හිටියා වගේ මතකයි. ඒත් දැන් ඉන්නවද කියල නම් අදහසක් නැහැ. (ස)

:       0       0

රෝහිත Saturday, 13 October 2012 03:04 PM

ඇයි අපි රට යවන්නේ නැත්තේ මේවා.. මම හිතනවා රජය මේවාට මොනයම් හෝ පියළමක් ලබා දිය යුතුයි මේ තක්කාලි රට යැවීමටවත්.. මම දන්නවා සමහර යුරෝපීය රටවල් තක්කාලි ආනයනය කරනවා.. තක්කාලි කිලෝවක් ඇමරිකාවෙ රැපියල් 500ක් විතර වෙනවා..!(නු)

:       0       0

රාජා Saturday, 13 October 2012 03:09 PM

වවපල්ල වවපල්ල කියනව. අස්වැන්න විකුණගන්න ක්‍රමයක් හදන්න කාටවත් ඕනෙකමක් නැහැ. පිට රටින් ගෙන්නන්න නම් හැමෝම උනන්දුවෙයි. අනේ මෙහෙම රටක්.(ස)

:       0       0

නලීන් Saturday, 13 October 2012 03:16 PM

මේක සාමාන්‍ය දෙයක්නේ.. සැපයුම තියෙනකොට මිල අඩුවෙනවා.. සැපයුම නැති වෙනකොට මිල වැඩි වෙනවා.. එයාට කිලෝඑකක් රුපියල් තිහක් හතලිහක් වෙනකොට ඔහොම කියන එකක් නැහැ..!(නු)

:       0       0

ජයී තිසර Sunday, 14 October 2012 02:32 AM

මෙවැනි එළවුළු වර්ග සුරක්ෂිතව දිගු කාලයක් තබා ගන්නා ක්‍රමයක් පහත සඳහන් කරමි. මේ පහසු ක්‍රමය මගේ වත්තේ මම වවන පළතුරු වැනි දේවල් දිගු කළක් තබාගැනීමට යොදාගෙන ඇත. 1. ‍බෝතල් කීපයක් හොඳින් සෝදා පිරිසිදු කරන්න (තදකර වැසිය හැකි පියන් සහිත බෝතල් විය යුතුයි). 2. තක්කාලි හොඳින් සෝදා පිරිසිදු කරන්න. 3. තක්කාලි කෑලි වලට කපා ‍විනාඩි 15ක් පමණ නටන තරමින් රත් කරන්න (පැණි රසට කැමති නම් සීනිත් දමා රත් කරන්න). 4. හොඳින් තම්බන ලද තක්කාලි නිවෙන්න නොදී වරකට බෝතලය බැගින් පුරවා පියන හොඳින් තදකර වසන්න. 5. ‍බෝතලය හරවා (පියන යට පැත්තට වන ලෙස තබා) නිවෙන්න හරින්න. 6. නිවුන තක්කාලි බෝතල් නැවත හරි පැත්තට හරවා ගෙදර සිසිල් තැනක දිගු කාලයක් තබා ගත හැකිය. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 රත්කර නැටවීමේදී විෂබීජ සියල්ල විනාශ වනවා පමණක් නොව ‍බෝතලය ඇතුලේ සිසිල් වීමේදී පීඩනය බිංදුවට පෙරළීමෙන් බෝතලයේ පියන තදවී සුරක්ෂිතව පවතී. මේ අයුරින් ඕනෑම කෑමක් සුරක්ෂිතව තබා ගත හැකිය. ශීත රටවල ජීවත් වන ලක්ෂ ගණන් ජනකායක් මේ ආකාරයෙන් ඔවුන්ගේ වතු පිටිවල උණුසුම් කාළයේ වැවෙන එළවුළු පළතුරු ආදිය ශීත කාලයේ පාවිව්චිය සඳහා සුරක්ෂිතව තබා ගනිති. (නි)

:       0       0

අශෝක Saturday, 13 October 2012 03:28 PM

රටේ මේව ගැන බලන්න,මේවා කල්තබා ගන්නා ක්‍රම ගැන ඔුන්ට හඳුන්වා දෙන්න කෘෂිකර්ම සහ සංවර්ධන පිළිබඳ වගකිවයුතු අය සොයා බලනවා නම්; දැනටමත් අපේ රට දියුණුයි.(නු)

:       0       0

නිශාඩ් Monday, 15 October 2012 03:35 PM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල නිසි වැඩ පිළිවෙලක් නැති නිසයි මේ ගොවියෝ අසරණ වෙන්නේ (ස)

:       0       0

දිල්ෂාන් Saturday, 13 October 2012 03:41 PM

සෝස් හදමු , අපේ රටේ තක්කාලි කියනවා නේද?? (ස)

:       0       0

සිල්වා Sunday, 14 October 2012 05:08 AM

කාට කියන්නද

:       0       0

සෙනෙරත් Saturday, 13 October 2012 03:46 PM

තක්කාලි සෝස් හදන්න යොදවන්න බැරිද මේවා (ස)

:       0       0

Pedrick - Qatar Saturday, 13 October 2012 03:49 PM

මැද පෙරදිග නම් තක්කාලිවලට ඕන තරම් ඉල්ලුම තියෙනවා. කවුද මෙහාට තක්කාලි එවන්නේ. ලංකාවෙන් එන එළවළු වල තක්කාලි දක්න්නවත් නැහැ (අ)

:       0       0

දීපාල් Tuesday, 16 October 2012 02:55 AM

අපරාදේ විසි කරන්න එපා. සෝස් හදන්න (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 13 October 2012 03:55 PM

රෝහිත කියපු එකේ අනික් ටික, අපේ රටේ ඇතැම් සෝස් නිෂ්පාදන සඳහා යුරෝපයෙන් තක්කාලි ආනයනය කරනවා. ඔවුන් ආඩම්බරෙන් ප්‍රචාරය කරන්නේ ආනයනිත තක්කාලි වලින් මේවා හදන්නේ කියා. (සමහරවිට අපේ රටේ තරම් වෙන රටවල වගා වලට බෙහෙත් ගහන්නේ නැති නිසාද දන්නේ නැහැ) කෙසේ වුනත් අගනා විටමින් ප්‍රභවයක් කාටවත් වැඩක් නැතිව අපතේ යාම බලා ඉන්න එකත් දුකක්. (අ)

:       0       0

නුවන් Sunday, 14 October 2012 08:14 AM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

ගයා Saturday, 13 October 2012 04:05 PM

බලධාරීන් පිටරටවල ගිහින් ඒ අයගේ සංවර්ධනය බලාගෙන ආවේ අපේ ගොවීන්ට මෙහෙම කරන්නද ? (ස)

:       0       0

ඒකනායක Sunday, 14 October 2012 09:15 AM

අපේ රටේ සැලසුම්නේ කොහොමත් ඔහොම වෙනවා (ස) (ස)

:       0       0

චානක Saturday, 13 October 2012 04:19 PM

මේවා මාර අපරාධ ගොවියන්ට ජීවිතේ එපා වෙන රටත් එපා වෙන වැඩ .. රජය මැදිහත්වෙලා මේවට වැඩ කටයුතු හදන්න ඕන.. ඔය තක්කාලි යොදාගෙන හදන්න කොතරම් ආහාර වර්ග තියෙනවාද? සෝස් වගේ දේවල්.. අනිත් කාරනේ මේවා පිට රට යවන්න හරි වැඩක් සකස් කරන්න ඕන.. මේවා තමා කළ යුතු වැඩ.. රටේ හැම දෙයක්ම ගැනම අවධානය යෙන් ඉන්න ඕන. ගොවියා හැමදාම තැලෙනවා.. අඩුම ගානේ ඔවුන්ගේ වියදම් හරි ලැබෙන විදියක් හදලා දෙන්න ඕන..!(නු)

:       0       0

සුජිත් Saturday, 13 October 2012 04:17 PM

අපි වවමු රට නඟමු - කියපු අය දැන් බලනු !! අපි වැව්වා‍‍‍............දැන් ?? ‍

:       0       0

ෂාෆික් Saturday, 13 October 2012 04:37 PM

මෙවනම් ජාතික අපරාද . මෙවැනි දෙයින් වෙන්නේ ගොවියා අධෛර්‍යමත් වෙනවා (ස)

:       0       0

හිල්මි Sunday, 14 October 2012 09:37 AM

ස්තූතියි ජයී තිසර. (නි)

:       0       0

silva tabuk Saturday, 13 October 2012 04:39 PM

අලුත්ම නැගුම තමයි. ණය ගෙවමු අපි මැරෙමු (අ)

:       0       0

රමේෂ් ප්‍රනාන්දු Saturday, 13 October 2012 04:48 PM

1ත් මගේ රට, 2ත් මගේ රට, 3ත් මගේ රට තුල සිදුවන දේවල්.(ස)

:       0       0

නිහාල් ඉතාලිය Saturday, 13 October 2012 04:49 PM

ගොවි මහතුනි මේ විදියට ඔයාලා තක්කාලි විසිකරනවා දැක්කොත් අපේ ඇමතිතුමාගෙන් දඩ කන්න වෙයි.. මොකද ඔයාලා මේවා විසිකරලා තියෙන්නේ ප්ලාස්ටික් කූඩවලට දාල නෙමෙයිනේ.. වවන්නෝ දිනන්නෝ..!(නු)

:       0       0

අරිස් Saturday, 13 October 2012 04:56 PM

එළවළු රටපුරා බෙදා හරිය යුතුයි. (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 14 October 2012 10:14 AM

කලාතුරකින් කියවන්න ලැබෙන ඉතා හොඳ අදහස් දැක්වීමක්, විදෙස්ගත පාඨක භවතුන්ටත් ජයී තිසර සහෝදරයාටත් බොහොම ස්තුතියි. අද නම් කලින් අසා නොතිබුන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ රටේ තීරණ ගන්නා තැන්වල ඉන්න අයටත් මේවා දකින්න පුළුවන් නම්..

:       0       0

Garfeeld Sunday, 14 October 2012 10:40 AM

තක්කලි කුණු වුණත් හරි රසයි අප්පා.

:       0       0

පද්මි - ප්‍රංශය Sunday, 14 October 2012 10:43 AM

රුව වඩන පිළිකා නසන ඉතා ගුණ කෑමක්. තරුණියනි, තක්කලි බීම උදේට බොන්න.

:       0       0

හිල්මි Sunday, 14 October 2012 11:15 AM

අයියෝ සල්ලි

:       0       0

නාලක Sunday, 14 October 2012 08:16 PM

අපරාදේ. ලාබයි ලාබයි තක්කාලී... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1537 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2488 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2831 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 637 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2219 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 688 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site