කොළඹ බදුල්ල ලංගම බසයක් හපුතලේ උඩුවිහාරගලදී පාරෙන් ඉවතට පැන අඩි දහසක පමණ පල්ලමට නොවැටී අනූනවයෙන් බේරාගැනීමට එහි රියදුරා සමත් විය.
මගීහු 45 දෙනෙක් බසයේ සිටියහ. රියදුරා පවසනුයේ අධික මීදුම නිසා පාර නොපෙනෙනු බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත බේරුවට ඔබට ගොඩක් ස්තුතියි..! යහපත් රියදුරු කෙනෙක් පෞද්ගලික රියදුරෙක් නම් බලාගන්න තිබුණා.. හැමදාම දන්න දෙය ලංගම රියදුරන්ගේ රිය පැදවීම ගොඩක් හොදයි..!(නු)
ඡිවිත බේරාගත් ඒ උතුම් මිනිසාට අපේ ප්‍රණාමය (ස)
ජනාධිපති සම්මානයක් දෙන්න තරම් වටිනා උතුම් වැඩක් කරලා තියෙන්නේ. හැකි යමෙක් වේනම් යෝජනා කරන්න.(ස)
පින්වන්ත දක්ෂ රියදුරෙක් ,වාසනාවන්ත මගීන් (ස)
මෙතන බේරගත්තා කිව්වට එයාම නේද පේන්නෙ නැති පාරෙ බස් එක ධාවනය කරලා අනතුර සිද්ධ කරලා තියෙන්නෙ?(නු)
පුදුමෙ කියන්නේ වෙනදා ජීවිත බිලි ගන්න බස් රියදුරන් තමයි අද ජීවිත බේරලා ඒකයි වහින්නේ..!(නු)
රජින්, ලංකාවෙ සම්මාන දෙන්නෙ හොර වැඩ කරන අයටනේ.. මේ වගේ අය ප්‍රතික්ෂේප වෙනවා..!(නු)
පාරෙන් එලියට දැම්මෙත් එයා, බස් එක නැවැත්තුවෙත් එයා. ජීවිතටික බේරුණු නිසා කමක් නැහැ. මේ පැතිවල යන බස් වලට මීදුම් ආලෝක ලාම්පු සවි කරන්න ඕනේ . ඒවා නැතිනම් හෝ තද මීදුම තියෙනවනම් හොඳම දේ වහනය ආරක්ෂාකාරීව නවත්තගෙන සිටීම.(ස)
මේවගේ බැවුම් සහිත අනාරක්ෂිත ස්ථාන වලට, දුම්රිය දෙපාර්තමේන්තුවේ තියන අයින්කරපු පරණ රේල්පීලි යොදවලා ආරක්‍ෂිත වැටවල් නිර්මාණය කරන්න බලධාරින්ගේ ඇස් යොමුවෙනවානම් ගොඩක් හොදයි. ඒවායෙන් කොමිස් මුදල් ලැබෙන්නේ නැති නිසා ඒ වගේ දේවල් කරන්න කවුරුවත් කැමති නැතුවත් ඇති. බරපතල අනතුරක් බේරාගත් රියදුරු මහතාට මගේ උපහාරය...(ස)
හිමින් ගියානම් ඔහොම දෙයක් වෙන්නේ නෑනේ !!!!!(ස)
ශාන්ති, එතකොට මේ බස් එක පාරේ දකුණු පැත්තේ තියෙන බෑවුමට දැම්මේ පවුද්ගලික බස් රියදුරෙක් ද ? (ස)
රියදුරු මහත්තයාට සුබ පැතුම් (ස)
නියම වැඩක්... ඇත්තටම ස්තුති වන්ත වෙනවා... (ස)
ඔහුට ගොඩක් පින් ජීවිත බේරුවට (ස)
මේ පාරේ තව කොච්චර වාහන යන්න ඇත්ද , මට හිතෙන්නෙ මිදුමේ වෙගෙන් ගිහින් . 99 බේරිලා (ස)
කොහොම හරි ජීවිත ටික බේරා දුන්නට රියදුරු මහත්තයාට ගොඩක් පිං.. සියලන්ස් මහත්තයෝ මීදුම නෙමෙයි පාර නාය ගියා කීවත් බස් එකට නැග්ග මගියේක් විනාඩියක්වත් පරක්කු වෙනවාට කැමති නැහැ.. අත්දැකීමෙන්ම ඒක මම දන්නවා.. මම නිතර ඔය පාරේ ගමන් කළ නිසා...!(නු)
ජීවිත ටික බේරුනා නේ ඒ ඇති...බස් එක ලිස්සලා නම් නෙමෙයි ගිහින් තියෙන්නේ...නොසැලකිල්ල නිසා වෙන්න ගිය අනතුරක්,රියදුරාගේ ද අනෙක් මගීන්ගේද වාසනාව නිසා ගැලවුනා..නැත්තම්.සැන්ඩි එකෙන් නැති උන ජීවිත ගානටක් වැඩි ගානක් මෙහේ මීදුමක් නිසා නැති වෙනවා...(ස)
කොළඹ බදුල්ල මාර්ග අංක 99 බස් රථය පල්ලමට නොවැටී 99 යෙන් බේරාගැනීමට එහි රියදුරා සමත් විය. අධි වේගී මගේ වගේ යකඩ වැටක් තිබ්බනම්. (ස)
ලංගම රියදුරෙක්නේ එකයි, ජිවිත බේරුනේ, ඔහුට තුති (ස)
මෙතන බේරගත්තා කිව්වට එයාම නේද පේන්නෙ නැති පාරෙ බස් එක ධාවනය කරලා අනතුර සිද්ධ කරලා තියෙන්නෙ (ස)
පෙර කල පිනක් වෙන්න ඇති (ස)
ප්‍රසන්න ඔයා විතරයි මොලේ ඇති දෙයක් ප්‍රකාශ කරලා තියෙන්නේ.. ඔයාගේ අදහසට මමත් එකගයි.. මොකද මේ වගේ අධි අනාරක්ෂිත ස්ථානවල අනතුරු වැලැක්වීමට කිසිම ක්‍ර මෝපායක් මාර්ග අධිකාරියෙන් ගෙන නැති නිසයි මේ වගෙ අනතුරු වැඩි වෙන්නේ.. ඒ නිසා දැන්වත් ඇස් ඇරලා බලලා නිසි ක්‍රියාමාර්ගය ගන්න අවස්ථාව හරි..!(නු)
ඔබට මාගේ ප්‍රණාමය. ස්තූතියි (ස)
රියදුරු මහත්තයට ස්තූතියි....මෙම වාහන වලට මීදුම් ආලෝක ලාම්පු සවිකර යුතුයි (ස)
නිකන් බොරුවට නාස්ති කරන සල්ලි යොදවලා හොඳ වැටක් ගැහුවනම් හරිනේ (ස)
නොසැලකිල්ල නිසා වෙන්න ගිය අනතුරක්,මේවගේ බැවුම් සහිත අනාරක්ෂිත ස්ථාන වලට, දුම්රිය දෙපාර්තමේන්තුවේ තියන අයින්කරපු පරණ රේල්පීලි යොදවලා ආරක්‍ෂිත වැටවල් නිර්මාණය කරන්න බලධාරින්ගේ ඇස් යොමුවෙනවානම් ගොඩක් හොදයි (නු)
ජීවිත බේරුවේ රියදුරාද කියන එක නම් ගැටළුවක්. වම් පැත්තේ යන්න ඕන බස් එක දකුණු පැත්තෙත් මායිමෙන් එලියට යන්න නම් එන්න ඕන වේගය වාහන එලවන අය නම් දන්නව. බස් එකේ මගියෙක්ගෙන් තමා අහන්න ඕන හිමින් ඇවිල්ලද මෙහෙම උනේ කියල. රියදුරාගේ දක්ෂකම කොහොම උනත් නොසැලකිල්ල නිසා වෙන්න ගිය අනතුරක් මගියන්ගේ පෙර පිනකට වැළකුණ වගෙයි. (ස)
මෙයා වැරදි පැත්තෙන් ඇවිත් තියෙන්නේ . මීදුමට පේන්නේ නැත්නම් හිමින් පදවන්න ඕනි (ස)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. ජීවිත 45ක් බේරාදුන් ඔබ ඇත්තටම දෙවි කෙනෙකි.. රියදුරාණෙනි ඔබ දක්ෂයන් අතර අති දක්ෂයෙක්..!(නු)
ඔබ හැමෝටම ආදර්ශයක්.. ඔබට පිං ලැබේවා..!(නු)
ජීවිත බේරුණ නිසා ඔහොම කියනවා.. නිකම් හරි කවුරුහරි අනතුරකට ලක්වූනානම් අද සාප කරයි.. ජීවිත බේරෙන එක නැති වෙන එක තම තමන්ගේ වෙලාව අනුව වෙන්නේ.. ඒ වෙලාවෙ බස් එකේ ගිය අයයට තව ආයුෂ තිබිලා තියෙනවා නැතිව ජීවිතයක් බේරන්නව්ත නැති කරන්නවත් කාටවත් බැහැ...!(නු)
අර කිව්වා වගේ බස් එක අනුනවයෙන් බේරුනේ බස් එක අනූ නවය පාරෙ ගිය නිසා වෙන් ඇති නේද?(නු)
දෙවියන්ගේ වැඩක්
රියදුරු දෑතට දෙවි පිහිටයි..!(නු)
බේරුණ නිසා රියදුරාට පැසසුම්.. නොබේරුණානම් හොද හොද දේ අහගන්න තිබුණා..!(නු)
රියදුරුගේ දක්ෂකම අදක්ෂකම හොයන්න යන්න එපා. හැමෝගෙම ජීවිත බේරුන එක ගැන සතුටු වෙන්න ..(ස)
ඔබයි දෙවියා
ලොක්ක මොනව කිව්වත් ..ඇරල ඇවිත් තියෙනව...(ස)
රංග,සම්පත්, ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ...!!! මේ ෆොටෝ එකේ පේන්න තියෙන විදිහට පාර තියෙන්නෙනම් ගොඩක් කෙලින්! ඉතින් මීදුමට පාර පේනන්නැතැයි කියල පාරෙන් දකුණු පැත්තටම පැන්න එකයි ප්‍රශ්නේ...!!! මම මේ ඒ රියදුරාට දොසක් එහෙම කියනවා නෙමෙයි, එයා ඒ පැන්න එකත් කොහොමහරි නවත්ත ගත්තනේ හෙලට දාගන්නැතුව!!! ඒකම ඇති ඔහුට ස්තූතියි කියන්න, ඒත් ඒකම නෙමෙයිනේ වැඩේ! මෙහෙම දෙයක් වෙනකම් ඒ රියදුරා මොන ලෝකෙක හිටියද කියලා කව්ද දන්නේ...?!! බැරි වෙලාවත් බස් එක හෙලටම වැටුනනම්, මේ දාන කමෙන්ට් මීට වඩා වෙනස් වෙන්න තිබුණා...!!! (ස)
මේ මීදුම පීරාගෙන අනතුරක් කර නොගෙන මේ පාරෙන් බදුල්ලට ගිය රියදුරන්ට අපහාස කරන්න එපා. අනතුර වලක්වාගැනීම ගැන ප්‍රසංසා කරන අතර හොඳ රියදුරන් අනතුරක් නැතිවම බදුලු ගියවග සඳහන් කරමි.(ස)
ලංගමේ 'කාර්මික නිලධාරීන්ට' මගේ ප්‍රණාමය! මොකද මේ සිද්ධියේදී මගීන් බේරිලා තියෙන්නේ රියදුරාගේ හපන්කමට නොව අවසාන මොහොතේ ගැසූ බ්රේක් පාර වැඩකරපු නිසා බවයි මට නම් පෙනෙන්නේ. හොඳ නඩත්තුවේ තිබුණේ නැත්නම් බලන්න තිබුණා. අනෙක අපේ පාරවල් වල නම් දැන් ලංගම රියදුරන්ගේ විනය පෞද්ගලික බස් රියදුරන්ගෙට වඩා පිරිහිලා. කවදාවත් සයිඩ් එක නොදෙන, ලයිට් ඩිම් නොකරන අය දැන් ඉන්නේ ලංගමේ. මොවුන් යන පාරක වෙන අයෙකුට රිය පදවන්න හරි අමාරුයි. බයිසිකලයක් වත් නොපදවන අයට මේ ගැන කතා කරන්න දැනුමක් නැහැ. පරණ කටපාඩම් කතාව (රාජ්‍ය අංශෙ හොඳයි, පෞද්ගලික හැමදේම නරකයි) කියනවා. (නි)
මේ වගේ බර වාහනයක්, අනික පල්ලමක් , ලිස්සනකොට දකුණට ඇදීයාම සාමාන්‍යයි. සමහරු මෝඩ කතා කියලා මේ රියදුරු මහත්තයට චෝදනා කරන්න හදනවා (ස)
ලංගම රියැදුරා 45කගේ පණ බේරයි ..(ස)
කානා මුට්ටි බිදිනවා වගේද පාරේ වාහන ගෙනියන්නේ ..(ස)
අයියෝ සල්ලි
පින් වැඩක්
රංග මෝඩ කතා කියන්න එපා ..(ස)
ඇත්තටම ගොඩක් හොඳ දෙයක් ........ බස් එකේ හිටපු මිනිස්සුත් පින් කරලා තියෙනවා . ඒ නිසයි ඔය විදියට බේරුනේ..රියදුරුට පින් ..(ස).
ඇත්තටම අපේ රටේ හොද යෙක් කලත් ඒ දේ ගන පේන්නේ ටික දෙනොටයි.. මේ රියදුරාට මගීන් බේරගන්න බැරි උනානනම් කාටත් ඒකටත් බැනුම් බේරගත්තටත් බැණුම්..!(නු)
ප්‍රසන්න, හර්ෂණ, ඒක ඇත්ත. (නි)
රංග මේ වගේ කතා කියන්න එපා.. මගින්ගෙන් අහන්නේ කොහොද? මගීන් සේරම නිදිනෙ.. නිදාගෙන හිටිය එකමයි හොද? නැත්නම් කලබල වෙලා මීට වඩා ලොකු විනාශයක් වෙන්න තිබුණා.. රියදුරු මහතාටත් සහායක මහතාටත් මොල් කල්පනා කරලා වැඩ කළ එක හොදට ගියා..!(නු)
අනතුරක් නොවුන එක ගැන සතුටුයි.. ඒත් රියදුරු මහතා දක්ෂයෙක් උනානම් බස් එක ඔය පැත්තට හැරෙන්න විදියක් නැහැ නේද? පාර නොපෙනෙන ගැනට මීදුම වැඩිනම් මීට වඩා පරිස්සමෙන් යන්න තිබුණා කියලා මට හිතෙන්නෙ.. කොහොම උනත් අනතුර මේ විදියට බේරුණේ හැමෝගෙම වාසනාව නිසා වෙන්න ඕන.. මෙතනට එනකම් එ බස් එක නැවත්තගන්න පුළුවං උනානම් ඇයි රියදුරුට මේ පැත්තට හැරෙන්න නොදී පාරේ බස් එක ගෙනියන්න බැරි උනේ.! රියදුරුට චෝදනා කරනවා නෙමෙයි..ඒත් මමනම් දකින්නේ ඔහුගේ විශේෂ දක්ෂතාවයක් මෙතනදි නැහැ..!(නු)
ජීවිත බේරුණ නිසා දෙයියෝ කළා කියනවා.. කාත්කණ්ඩිකුඩි මුස්ලිම් පල්ලියේ දෙයියෝ වදින්න ගිය බැතිමතුන් සිය ගණනක් එල්.ටී.ටී.ය වෙඩි තියලා මැරුවා.. එහෙනම් ඒ ප්‍රහාරය ගැන මොකද කියන්නේ..?(නු)
රියදුරාට පින්! කොහොමත් සීටීබී රියදුරන් දක්ෂයි. (නි)
කොයි රියදුරත් හිතල වාහනේ හප්පන්නේ නැහැ.කොහොම නමුත් ඔක්කොගෙම වාසනාවට බේරුනා.ලංගම රියදුරන් ගැන දන්නේ පාරේ වාහන එළවන අපි.එයාලා හොදයි අපේ සීයලාගේ කාලේ නම්. කොහොම වුණත් 99 පාරේ 99න් බේරිලා. ඔය පාරේ මේ මහා රෑ මීදුමේ තියා දවල්ටවත් යන්න බැහැ. (නි)
හොද වැඩක් කියන්නේ
ජීවිත 45ක් බේරුව එක හොදයි.. බස් එක බස් එකේ රියදුරා කරලා තියෙන්නෙ හොද දෙයක්..(නු)
රියදුරු දෑතට දෙවි පිහිටයි..! (නි)
වාසනාවන්ත මගීන්... (නි)
සම්මානයක් දෙන්න ඕනේ
පාරෙ ගහල තියෙන සුදු ඉරි වලින් වඩාත් ප්‍රයෝජනවත් වෙන්නෙ මීදුම තියෙන වෙලාවට.ඕනෑම කලුවරක මේ සුදු ඉරි පැහදිලිව පේනවා. මං හිතන්නෙ සුදු ඉරි ගහන්නෙත් ඒකම නිසා වෙන්න ඇති කියලා.නමුත් මීදුම තිබුණට ලිස්සන බවක් නම් අපි දන්නෙ නැහැ.ෆොටෝ එකේ හැටියට බස් එක පාරෙන් මේ පැත්තට ඇවිල්ලා තියෙන්නෙ නම් ලිස්සලා නෙමෙයි කියලා හිතනවා.සමහරවිට රියදුරාට නින්ද ගිය නිසා වෙන්න ඇති.කොහොම වුණත් අහිංසක ජීවිත ටික බේරුණු එක ගැන නම් ගොඩක් සංතෝෂයි. (නි)
එතුමාට මාගේ ප්‍රණාමය! (නි)
රියදුරැ දෑතට දෙවි පිහිටය් (දී)
මේක මේ නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්නේ. (නි)
එතකොට මේ බස් එක පාරේ දකුණු පැත්තේ තියෙන බෑවුමට දැම්මේ පෞද්ගලික බස් රියදුරෙක් ද? (ස)
මීදුම නම් අයිනකට කරලා නවත්වන්නේ නැතුව මොන එහෙකට ඉස්සරහට ගියාද? (නි)
අද උදේත් මම මේ බස් එක වෙනදාමෙන් අංගොඩ හංදියෙන් යනවා දැක්කා. මෙහි රියැදුරාට, නැත නැත රියදුරු මහතාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
බෙරගල ඉඳලා හපුතලේ පාරේ මීදුම තියෙන වෙලාවක පදවලා බලන්නම ඕනෑ, කොච්චර අමාරුද කියලා. ඕනෑම රියදුරෙක් මේ හරියේ ප්‍රවේශමෙන් තමයි යන්නේ. නිකම් මතුපිටින් බලලා දොස් කියන්න නම් අපේ අය බොහොම දක්ෂයි. (නි)
රියදුරු මහත්තයාට ගොඩක් පිං(නු)
අනතුරු වෙන එක සාමාන්‍ය දෙයක්.. නමුත් වෙන්න ගිය අනතුරක් බේර ගත්ත ඒ මනුස්සය නියම රියදුරු මහතෙක්. මෝඩ කතා කියන්න එපා.. අනික මේක සෙල්ලම් බඩුවක් නෙමෙයි. සෙන්ගත් එක්ක ගිය ආසන54 ලේලන්ඩ් බස් එකක්...(නු)
ඒ උතුම් මිනිාස කවුද යන වග ජනතාවට දැනුවත් කිරීම යුතුකමකි.. සුභපැතුම්..!(නු)
රියදුරු දෑතට දෙවි පිහිටයි..!(නු)
මොනවා උනත් රියදුරු මහතාට මොනවත් කියන්න එපා.. එයාගේ ධෛර්යය නිසානේ නවත්තගත්තේ.. නියම ක්‍රියාවක්.. මාගේ ආචාරය..!(නු)
තමන්ගෙ වගකීම හරියට හදුනගෙන කටයුතු කරල තියනව.රියදුරු මහතාට ප්‍රණාමය.!!!!!(නු)
කාගේත් වාසනාව නිසා බේරුණා. රියැදුරා අගය කිරීම කාගේත් යුතුකමක්. (නි)
එම රියැදුරාට සම්මානයක් දෙමුද? (නි)
මේවා වීර ක්‍රීයා. මෙව්වරද ඵ් අහිංසකයන් ගැන හොයාගන්න හම්බ වුණේ? හොයාගෙන ගිහින් තෑගි දෙන්න වටිනවා. පෙඩ්ඩක් එහා මෙහා වුණා නම් මේ රියදුරා ගැන මොනවා ලියයිද? (නි)
රියදුරාගේ නොසැළකිල්ල. වම් පැත්තන් තමයි හරිනම් යන්න තියෙන්නේ. (නි)
රියදුරු මහතා හොදයි.. මීදුම නිසා පාර පෙනුනෙ නැත්නම් අයින් කරලා නතර කළා නම් ගොඩක් හොදයි..!(නු)
මේ පාරෙ මේ තත්වයන් යටතේම් මමත් ඇති තරම් වාහන පදවල තියනවා.මෙය අනතුරක් සිද්ධවෙන්න තරම් පටු පාරක්වත් පටු ස්ථානයක්වත් නොවෙයි.පාරේ වම් පස ධාවනය විය යුතු බසය විරුද්ධ පැත්තේ ප්‍රපාතය දෙසට මේ විදියට යන්න නම් දැඩි නොසැලකිල්ලෙන් බසය ධාවනය කළයුතුමයි. රියැදුරුගේ වරදින් වීමට ගිය අනතුර වැළකී තිබෙන්නේ බසයේ තිරින්ගවල මනා ක්‍රියාකාරීත්වය නිසාම පමණයි.අනතුරක් වීමට යනවිට තිරින්ග තද කිරීම හුදු සාමාන්ය ක්‍රියාවක් මිස විශේශ දක්ශතාවයක් නොවෙයි. එය දක්ශතාවක් වන්නේ වෙන කිසිවකුගේ වරදකින් සිදුවීමට ගිය අනතුරක් වළක්වාගැනීමකදී පමණයි.මගීන්ගේ ජීවිත පරදුවට තබා පාර නොපෙනෙන තරම් මීදුම තුලින් බසය පැදවීමත් රියැදුරුගේ වරදක් නොවේද?(නු)
බොහොම පිං ඒ උතුම් මිනිසාට...(නු)
නියමයි අයියේ..!(නු)
ඔබ දෙවිවරු අතර දෙවියෙකි.. කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා රියදුරු මහතාට මම පතනවා..!(නු)
ඉතා ඉහලින් අගය කරන අතර පද්මි ගේ අදහස සමග එකගවෙමි.. නියමයි පද්මිනී..(නු)
බේරුණු නිසා හොදයි කියනවා.. වැඩේ වැරදුනානම් නොසැලකිල්ල. බස් එක වේගෙන් ගිහින් අනිත් පැත්තට පැනලා හරි නවත්තලා.. ඔක්කොම බේරුණානේ.. රියදුරු මහත්තයෝ ගොඩක් පිං මෙතනින් නවත්තගත්තට. නමුත් පරිස්සමින් නොපෙනෙන තැනකින් යන්න අමාරුයි නේද?(නු)
ලංගමට ජය වේවා..!(නු)
මේ ලංගම බසයකි.. ලංගමට ජය..!(නු)
45කගේ ජීවිත බේරලා නෙමෙයි.. ජීවිත අනතුරකට දාලා..!(නු)
ඔය කයිවාරු ගහන ඉහත අදහස් දාන සමහර අයගේ කතා අහන්නේ නැතිව පද්මි වගේ ලස්සන අදහස් දාන එක්කෙනාගේ ලියවිල්ල පිළිගනිමු..ඔය රියදුරාට බනින එක්කෙනෙකුටවත් පුළුවං ද මහ රෑ මීදුමේ වහිනකොට ලොකු බස් එකක් හොදට අරගෙන යන්න.. කටින් නම් ඕනම දෙයක් කරයි... නමුත් ක්‍රියාවෙන්..(නු)
යුරෝපයේ ජිවත්වන අපි දැකලා තියෙනවා මිදුම, අපි වාහන පදවනවා ඒවාගේම ඔය පාරත් හොදටම දන්නවා මොකද? ගම නිසා. මිදුමට එලිය අඩුවෙන් රිය පදවන්න ඔනැ, පාරේ ඉරි තියෙනවා ඉර බලාගෙන රිය පදවනවා නම් කරදරවෙන්නෙනැනේ.(නු)
ගොඩක් පින් මිනිසුන්ගේ ජීවිත බේරගත්තට කවද කියල තිබ්බ එයම තාමයි බස්රථය පදෙව්වේ එයමයි බේරාගත්තේ කියල පදවන්නේ නැතිව නවත්තගෙන ඉන්නද බස්රථ තියෙන්නේ අපේ අයට කට තිබ්බට මොලේ නැහැ කියන්නේ ඔන්න ඕක තමයි ..(නු)
ජීවිත බේරා දුන්න නෙමෙයි අනතුරේ දැම්මා.. රියදුු කෙනෙක් උනාම දැනගන්න ඕන පරිස්සමින් රිය පදවන්න.. වැස්ස වෙලාවට පාර ලිස්සන බව කියන්න ඕනද?(නු)
(ජයා) මෙ යුරෝපය නෙමෙයි යුරෝපේ වාහන වගේ මේවට මිදුමට ඕරොත්තු දෙන වාහන බල්බ මේ රජයේ බස්රතවලට සවිකරලා නැහැ සාමාන්‍ය දේශගුණික කලාපවලට සරිලන බල්බ විතරයි මෙවගේ සවිකරලා තියෙන්නේ . අනික යුරෝපයේ මෙවගේ බස්රථ නැහැ මේවා සාමානය ඉන්දියාවෙන් ආනයනය කරපු ලේලන්ඩ් බස්රථ. ඔයා යුරෝපය මෙතනට අදාල නැහැ අපි සාමාන්‍ය මිනිස්සු ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ඔන්න ඕකනේ කියන්නේ අපේ මිනිස්සුන්ට මොලේ නැහැ කියන්නේ . (නු)
මගේ ප්‍රණාමය
උතුම් වැඩක්
මේවා වීර ක්‍රීයා.මේ ලංගම බසයකි.. ලංගමට ජය! (නි)
වීරයෙක් ඔබ
සැබවින්ම් අගෙයි. එහෙත් මෑත කාලයේ සිට ලංගම රියදුරන් හා පුද්ගලික රියදුරන් අතර වෙනසක් නැතිවී යන වබක් පැහැදිලිව පෙනේ (ස)
ඔය වගේ හැමෝම මොළය පාවිච්චි කරලා වැඩ කරනවා නම් හුගක් හොදයි නේද (නි)
ඔය කියන දවසේ මේ බස් එක විතරක් නෙවෙයිනෙ ඔය පාරේ ගියේ.......... අනතුරක් කර ගන්නෙ නැතිව මගීන් ආරක්ෂාකාරීව අරන් ගිය රියදුරු මහත්වරුන්ට ප්‍රශංසා කරන්න ඕනි.......... කොහොම උනත් මේ දවස් වල බණ්ඩාරවෙල ඉඳලා බෙරගල පහු වෙනකන් රිය පැදවීම පරීක්ෂාකාරීව කරන්න ඕනි.........(ස)
ජයවේවා
මේ දෙදෙනාට යම් උපහාරයක් දක්වන්න පුලුවන් නම් එය අනෙක් රියදුරන්ටත් දිරියක් වේවි. (නි)
හොඳ දක්ෂ පුද්ගලයෙක් , අපි මෙයාව අගය කරන්න ඕනි (ස)
හපුතලේ - බෙරගල මාර්ගයේ ඉතා ප්‍රවේශමින් ගමන් කල යුතුයි (ස)
ජයා, පොළවේ පය ගහලා ජීවත් වෙන්න මල්ලී. (නි)
මගීන්ගේ වාසනාව! (නි)
හපුතලේ - බෙරගල මාර්ගයේ ඉතා ප්‍රවේශමින් ගමන් කල යුතුය. පාරට ම්දුම ගැලිම නිසා පාර සැම විටම අනතුරු සහිතයි. අනික අධික කන්දක් නගින නිසා බස් එක වේගෙන් යන්න බැ. බෙරගල ඉදන් හපුතලේ යන්න 20/30 kmph වේගයකින් රියදුරෙක් මේ හරියේ ප්‍රවේශමෙන් තමයි යන්නේ. රියදුරුට නින්ද ගියාම තමා පාරෙන් දකුණු පැත්තටම බසය යන්න ඇත්තේ. රෑ 12 ආපු බස්එක මෙතනට එන්නේ පාන්දර 4-4.30 විතර. කොළඹ බදුල්ල රෑ යන අය දන්නවා මේ අමාරුව. මොනවා උනත් රියදුරු මහතාට මොනවත් කියන්න එපා.කොන්දොස්තර තැන නිදාගන්නේ නැතුව රියදුරු සමග කථාකර ඒම මේ බස්වල රිතියක්.කොන්දොස්තර තැන නිදාගත්තොත් රියදුරුට නින්ද යාම අනිවාර්යයි . මමත් හැම සති අන්තෙම රෑ අංක 99 කොළඹ බදුල්ල රෑ බස්එකක යන මගියෙක්.එනිසා මේ පාරේ බස් එලවන එකේ අමාරුව හොදට දන්නවා. එයාගේ ධෛර්යය නිසානේ නවත්තගත්තේ.. නියම ක්‍රියාවක්.. මාගේ ආචාරය (ස)
ඒත් මේ මිනිස්සුන්ට තාම ගිය මාසේ පඩියවත් දීලා නෑ..(නු)
ඔබ දෙවියෙක්
මෙච්චර බස් වෑන් යන පාරේ මේ බස් එකට විතරක් මෙහෙම වුණේ කොහොමද ? නොසැලකිලිමත්කම නිසා නොවේද ?(ස)
ඔවු මෙතන බස් රියදුරාගේ අඩුපාඩුත් තියෙනවා. (නි)
මාර්ගයක රියක් පැදවිය හැකිද නොහැකිද යන්න තීරනය කල යුත්තේ අදාල රථයේ රියදුරැය මීදුම අධිකනම් අනාරකිෂිතව රිය පැදවූයේ කුමටද කෙසේ හෝ මෙම අනතුර රියදුරැම වලක්වාගෙන ඇත.එය එසේ වී ඇත්තේ මගීන්ගේ වාසනාවකටය.මෙතෙක් දුරට හෝ මේම අනතුර සිදුකර ඇත්තේ වෙනත් රියදුරකු නොවේ එබැව්න් මෙම රියදුරැට විශේෂයෙන් ස්තුතිකල යුතු නොවේ.බස් රථයේ කාර්මික දෝෂයකින් මෙසේ වූයේ නම් රියදුරැට ස්තුතිකල යුතුය අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යන චෝදනාව රියදුරැට හිමිය.(නු)
වැඩේ ඉතාම හොදයි..!(නු)
රියදුරු රැකදෙන්න සුරිදුනි කතරගම. (නි)
නොසැළකිලිමත්කමින් බසය පැදවුවාම බසය පාරෙන් ඉවතට පනින එකත් අහන්න දෙයක්ද? රියදුරා මිනිසුන්ගේ ජීවිත අවදානමේ දාලා... (නි)
නියම මනුස්සයෙක්. රුපියල් 10ට මිනීමරාගන්න බස් රියදුරන් ඉන්න මේ රටේ ඔබ කළ කාර්යය විශිෂ්ටයි. (නි)
ලොකුම ප්‍රශ්නය තමයි රියැදුරුගේ නම දාපු එක. (නි)
ජාතික වීරයෙක් ඔබ
ලංගම හොදයි තමයි. නිකම් හරි කාගේ හරි පෞද්ගලික වාහනෙක ලංගමයක් හැප්පුවොත් පෞද්ගලික වාහනේ මිනිහට......?? පෞද්ගලික බස් එකක් හැප්පුවම නම් වන්දි ගන්න හරි පුලුවන්. (නි)
මෙන්න නියම වැඩකාරයෝ (ස)
ඔබ විශිෂ්ටයි
මෙම රියදුරාගේ සහ මගීන්ගේ පිනටය බස් රථය නැවතී ඇත්තේ. බස් රථයේ රෝදය මඩේ එරීම නිසා පහලට වැටිලා නැත්තේ. මහාමාර්ග දෙපාර්තුමේන්තුවේ ආරක්ෂක කණුවක් පැහැදිලිව පේන්න තියනවා. දුර පෙනන මිදුම් ලාම්පුවක් බස් රථයේ සවිකර නොතිබීම රියදුරාගේ මෙම අනතුරට හේතුව වෙන්නත් පුළුවන්. (නදී)
බසය පදවන්න අමාරු නම් බසය පදවන්නේ නැතිව නතර කරන්න තිබුනා. මෙහෙම අවදානම් වැඩ කරන්න එපා. සම්මාන නෙවි දෙන්න තියෙන්න පොල්ලක් අරගෙන. ජීවිත කීයක් අරගෙනද මේ සෙල්ලම් කරන්නේ (නදී)
සෑම් ඔබ හරි (නදී)
චාමර ඔබද හරි. මම සතුටු වෙනවා ඔබ ගැන (නදී)
බොහොම ස්තුතියි ඔබට.. මෙහෙම අය හැමතැනම ඉන්නවා නම් කොච්චර නම් අනතුරු අඩු වෙයිද. (නදී)
නියමයි ! (නදී)
වංගු සහිත පාරවල් වල හෙමින් යන්න ඕනෑ.අනුනවයෙන් මිනිස්සු ටික බේරුනේ (නි)
කියන්න කණගාටුයි මේ සිදුවීමට දා තිබෙන සමහර අදහස් කියෑවූ විට ඒ අය මෙතරම්ම පහත් විදියට හිතන්නේ මොකද කියලා හිතෙනවා. (නි)
සම්මානයක් දෙන්න තරම් වටිනා උතුම් වැඩක් කරලා වුණත් මේ රටේ අය සම්මාන දෙන්නේ ඔය වගේ වැඩ වලට නෙමෙයි කියලා මම ඔය හැම දෙනාටම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
"ජනාධිපති සම්මානයක් දෙන්න තරම් වටිනා උතුම් වැඩක් කරලා තියෙන්නේ" ඒක නම් ඇත්ත. එත් මේ රටේ ප්‍රධානීන් සම්මාන දෙන්නේ ඔය වගේ වැඩ වලට නෙමෙයි කියලා මම ඔය හැම දෙනාටම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔයාලට මතකද අර ඉබේ ගිය දුම්රිය එංජිම. කිසිම අනතුරක් නැතුව එ්කත් කොහොම හරි නවත්ත ගන්න දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවකයෝ සමත් උනානේ, කො දැන් ඒ වීර ක්‍රියාව කරලා කොච්චර කල්ද ? කාට හරි කියන්න පුළුවන්ද ඒ වෙනුවෙන් මේ රජය හෝ ප්‍රවාහන ඇමතිතුමා කලේ මොකක්ද කියලා, වැරැද්ද කරපු අය කොච්චර නම් තමන් ඒ වැරද්ද කලේ නැහැ කියලා වරද අනිත් අය පිට පැටෙව්වද ? අවසානයේ කැමරා වලින් ඒකට සම්බන්ධ අයව අහු උනා, එත් එයාලට මොකද කලේ කියලා කව්රුත් දන්නවද ? ඒ අයට විරුද්ධව කිසිම ක්‍රියා මර්ගයක් ගත්තද ? නැහැ, ඒ කිසිම දෙයක් උනේ නැහැ, අන්තිමට නිකන් අහිංසක අනියම් කම්කරුවෝ දෙන්නෙක්ව අයින් කරා, දුම්රිය බේරගත්තු අයට අඩුම තරමේ සේවය අගය කරලා ලියුම් කඩදාසියක්වත් දුන්නේ නැහැ. ඕන්න ඕකයි මේ රටේ අද තත්වේ. (නදී)
ලංගම රියදුරන්ගේ රිය පැදවීම කවදත් විශිෂ්ටයි,මේ වගේ අය සම්මාන ප්‍රතික්ෂේප කරනවා..!(නදී)
මිදුම ඇති පාරේ කොපමණ වේගයෙන් ආවද දන්නෙත් එයාමයි (දී).....
ඉස්සල්ලම අපේ බලධාරීන්ව දැනුවත් කරන්න ඕනෙ කැලැ එලි කරන්න කලින්, ජනාකීර්ණ මාර්ග වල ආරක්ෂාව ගැන හොයන්න කියල... නැතුව සංවර්ධනය කියල කැලෑවල් එලි කරලා ඒවාට රෝහල්, මාර්ග, ගුවන් තොටුපළවල් දාන එක නෙමෙයි... රටක් සංවර්දනය වෙන්නේ මේ වගේ මාර්ග අනතුරු වෙන ස්ථාන වලට අදාල වැඩ පිළිවෙලවල් යෙදුවොත් විතරයි... වැදගත්ම දේ මිනිසාගේ ආරක්ෂාව... (දී)
ඔබ වැනි අය අද සමාජයේ විරලය (දී)
ඔයාට අපෙන් විශිෂ්ට ප්‍රණාමය(දී)
කලේ වීර කමක් එත්.....? ඒකට හේතුව හොයලා බලල සම්මාන තාග්‍ය දුන්නටනම් ප්‍රශ්නයක් නෑ. නැත්නම් වෙන්නේ අනිත් රියදුරනුත් වාහනය ප්‍රපාතයකට තල්ලු කරලා ජීවිත බෙරලා සම්මාන තෑගි ගන්න හදයිද දන්නේ නෑ. (දී)
ජීවිත බේරුවෙ ඩ්‍රැයිවර්නම් කවුද මේක ප්‍රපාතෙට යන්න තරම් වේගෙන් පදවාගෙන ආපු කෙනා (දී)
මිනිස්සුන්ගේ පිනකට, ඩ්‍රයිවර් බස්එක අනිත් ලේන් එකත් පන්නලා පාරෙන් එලියට ඉස්සරහා රෝද දෙක යනකොට, බස් එකේ යටපැත්ත පාරෙ ගැට්ටේ හිරවෙලා නැවතිලා තියෙන්නේ. සම්මානෙ දෙන්න ඕනෙ හොඳ පොල්ලකින්. (නදී)
ඡිවිත බේරාගත් ඒ උතුම් මිනිසාට අපේ ප්‍රණාමය (නදී)
මේ රියදුරාට හොදක්ම වෙන්න ඕනා (නදී)
කියන්න තියෙන්නේ දෙවිපිහිටයි කියල තමයි. (අ)
ඔය පාරෙ ඔය මී දුම තියනකොට වාහන පදවලා තියෙන කිසිම කෙනෙක් රියදුරු මහත්තයට බනින එකක් නෑ. මීටර 2ක් වත් දුර පෙන්නෙ නෑ. මේ වගෙ වෙලාවට ධාවනය කරන්නෙ පාර අයිනෙ වල් ගොල්ල සීමාව බලාගෙන. වෙන මෙලොව දෙයක් පෙන්නෙ නෑ. හුගක් ලOගම බස් වල මිහිදුම් ලාම්පු සවිකර නෑ. (දී)
දක්ෂ රියදුරෙක් (නි)
රියදුරු මහතාට ස්තූතියි! (නි)
සිද්ධ වුණ දේ මොනවා වුණත් රියදුරු මහත්තයා තමන්ගෙ වගකීම පැහැරහැර නැහැනේ. වටිනවා ඔබගේ දක්ෂතාවය (නි)
ලංගම රියදුරන්ගේ රිය පැදවීම ගොඩක් හොඳයි (නි)
අනතුර කෙසේවෙතත් සමහර අයගේ අදහස් ටික කියවලා මට හිනාව නවත්වා ගන්න බැහැ (නි)
චතුරංග විතරයි හරි. මං හිතන්නෙ නැහැ අනිත් අය මේ පාරෙ ගිහින් තියෙනව කියලවත්. උදේ පාන්දර මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඉස්සරහින් වාහනයක් දකුණු පැත්තෙන් නොඑන නිසා හොඳයි. මොකද ඉස්සරහින් ලයිට් දාගෙන එන වාහනත් හොඳටම ලඟට එනකල් පේන්නේ නැහැ. රියදුරු මහත්තයගෙත් වැරැද්දක් ඇති සමහර විට නින්ද යන්නත් ඇති. එයත් කරන්නේ රස්සාවක් නේද? වෙලාවට නොගියොත් ඔය බස් එකේ ඉන්න සමහර අය පාරෙ තත්වෙ නොදැන කෑ ගහනවා ඒ මදිවට වෙලාවට නාවොත් ඩිපෝවෙනුයි හැම තැනින්ම බැනුම්. රියදුරු මහත්තයා හැම පැත්තක්ම බලන්න ඕනි. සමහර තැන් වලින් පැයට කිලෝමීටර් 10 ක වේගයෙන්වත් යන්න බැහැ. මෙහෙ පාරවල් වල යනව වගේ විටක් කකා කෙල ගගහ සින්දුවක් කියාගෙන එක අතකින් සුක්කානම අල්ලගෙන ආතල් එකේ යන්න බැහැ 100% අවදානමෙන් යන්න ඕනි. (නදී)
මෙතන බේරගත්තා කිව්වට එයාම නේද පේන්නෙ නැති පාරෙ බස් එක ධාවනය කරලා අනතුර සිද්ධ කරලා තියෙන්නෙ (නදී)
නියම මනුස්සයෙක්,.....ලෝකේ මිනිස්සුන්ට ඕනේ මේ වගේ මිනිස්සු (නදී)
මොනවා වුණත් හෙමින් ගමන නුවණට හුරුයි (නි)
ඒ උතුම් මිනිසාට අපේ ප්‍රණාමය ! (නි)
ලංගම රියදුරන් අපිට කවදත් විශ්වාසයි (නි)
ඒ උතුම් මිනිසාට අපේ ප්‍රණාමය! (නි)
රියැදුරා බේරාගත්තා කියන්නේ කොහොමද, එයාමනේ ඉතින් ඕක අනතුරට ලක්කරලා තියෙන්නෙත්.අනික පෞද්ගලික බස් වලට බනින්න එපා. එයාලා වුණත් හදන්නේ බස් එක බේරගන්න තමා. (නි)
ඔය කියන කට්ටිය දන්නේ නැහැ කොහොමද ඒ පැත්තේ වාහනයක් ගෙනියන්නේ කියලා. ඒ මනුස්සයා උතුම් මනුස්සයෙක්. පාරෙන් පහළට ගියා නම් ලංගමට බනින හැටිත් බලාගන්න තිබුනා. ඒ මිනිසුන්ට මල් තියන්න ඕනෑ. අපිට පොද්ගලික බසයක යනවාටත් වැඩිය විශ්වාසයකින් ලංගම බසයක යන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න විසදලා දෙන්න රජයට මේවගේ දේවල් හොඳ අවස්ථාවක්. ඔය කියවන කට්ටිය ඒ පැත්තේ වාහනයක් පදවනවා තියා ඒ පැත්තට ගිහින්වත් නැතුව ඇති... " රියදුරු මහතාට අපේ හද පිරි ප්‍රණාමය ." (නි)
අනේ අනේ ප්‍රථිචාර කියවන එකත් මරු වැඩේ. මම ඔය පාරේ දිනපතා ඩ්‍රයිවින් කරන කෙනෙක්. ඕන මීදුමක සුදු ඉරි බලාගෙන රෑට එලවන්න පුළුවන්. ආරක්‍ෂිත වැටක් ඉදි කරන එකනම් ප්‍රශංසනීය යෝජනාවක්. මට එළවලා සහ පාර ගැන තියෙන අවබෝධය අනුව හිතෙන්නේ මේ රියදුරාට සම්මාන නෙවෙයි පොල්ලකින් පතබාන්න ඕනා. හරකෙක් වගේ ඇවිත් තියෙන්නේ. අනික මහත්තුරුනේ ලිස්සුවට දකුණටම යන්නේ නෑ වාහනයක්. අනික ඔතන ගැප් එකේ ප්‍රමාණය අපි හොඳට දන්නවා. (නදී)
රියදුරු දෑතට දෙවි රැකවරනයි .සදා ඔබවත් දෙවි ආරක්ෂා කරදේවා (දී)
ඔබට ගොඩක් පින් රියදුරු මහතාණෙනි ඔබ උතුම් මිනිසෙක් ඔබට ජය (දී)
ගොඩක් පිං. (අ)
මිනිස්සු මොන දේ වුණත් බනින්නේ රියදුරාටනේ. මිනිස්සුම තමා හෙමින් යනවා කියලා බනින්නේත්. මේ රියදුරු මහතාට පින් මේ ජිවිත බේරුවාට (නි)
මේ සියලු දෙනාම දෙන පින් බලෙන් ඔබත් පවුලේ සියලු දෙනාටත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා අනික් රියදුරන් දිරිමත් කරන්න ජනාධිපති ඇගයීමක් කරන්න ඕන.(අ)
රියදුරු මහතාට ජය වේවා! (නි)
ගොඩක් සතුටුයි මෙහෙම දෙයක් අහන්න ලැබීමත්. (නි)
රියදුරු දෑතට දෙවි පිහිටයි! ඔබට අපගේ ප්‍රණාමය!! (නි)
ඉතින් පල්ලම පැත්තට කපන්නේ නැතිව අනිත් පැත්තට කපන්න එපැයි. (නදී)
ඔබට ස්තුතියි. ඌවේ උපන් නිසා හිතේ දිරිය. මේ පාරේ යන එන නිසා මම දන්නවා රියදුරුගේ සැලකිල්ල. (නදී)
රියදුරුට අපගේ ප්‍රණාමය! (නි)
මීදුමට පාවිච්චි කරන විදුලි පහන් දෙකක් සවිකර දිමට තරම් අපොහොසත්ද ලංගම (නදී)
කොච්චර හොඳද? (නි)
සියලු දෙවියන් ඔබ රැකදේවා! (නි)
ඔබට ජය වේවා! (නි)
රියදුරු දෑතට දෙවි පිහිටයි! යන එන මඟ සැමදා ජය වේවා! (නි)
බොහොම ස්තුතියි ඔබට. මෙහෙම අය හැමතැනම ඉන්නවා නම් කොච්චර නම් අනතුරු අඩු වෙයිද ? යන එන මඟ සැමදා ජය වේවා! (නදී)
හරි, ආචාරය පුද කලාම කියමුකෝ. දැන් ඔය බස් එක කන්දේ ගැට්ටටම යනකල් එලවාගෙන ගිහින් තියෙන්නේ වෙනින් එකෙක්ද ? (නදී)
ඔබට පින් (නදී)
ලංගම සැමදා දිනේවා (නදී)
මට මේ දාලා තියන ප්‍රතිචාර s දැක්කම හිනා යනවා. සම්මාන දෙන්න, අගයන්න ඕනේ මේ වගේ පාරවල් වල හොදින් දාවනය කරන රියදුරන්ට මිස මේ වගේ අනාරක්ෂිතව පදවන අයට නෙවෙයි. පේනවද වාහනය තියන තැන ? පාරේ දකුණු පැත්තටම ඇවිල්ලා. (නදී)
මමත් රියදුරෙක් විදියට දකින්නේ මේ සිදුවීම ඇත්තටම රියදුරාගේ දක්ෂකමෙන් වූ දෙයක්ම තමා. ඔබ නම් නියම රියදුරෙක්. ජයවේවා! (නි)
රිය පැදවීම ගැන නම් මම කියන්න දන්නෙ නෑ. නමුත් වාහනේ යද්දී අධික මීදුමකට අසු වීම කොයි වගේද කියලා දන්නවා. ඒ වගේ වෙලාවට ඉස්සරහා මීටර් දෙකක් නෙවෙයි අඩි දෙකක් වත් පේන්නෙ නෑ. රියැදුරාට බැන්නටවත් සම්මාන දුන්නට වත් ඇති වැඩක් නෑ.හැමෝගෙම වාසනාවට බේරුනා (අ)
පාරේ දකුණු පැත්තෙන් ආ බස් එක මොකටද වම්පැත්තේ තියෙන පල්ලමට හැරුනේ? (නි)
ඔබට ගොඩක් පින්.(හේ)
ඔහු මම හඳුනනවා (නි)
කවුරු මොනවා කිවුවත් වැඩක් නැහැ. අදහස් පළකරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. ඒත් ඒ වෙලාවේ වුණේ මොකක්ද කියන්න ඒ රියදුරුවත් දන්නෙ නැතුව ඇති. ඒ බස් එකට කතා කරන්න පුලුවන් නම් කියයි මොකද වුණේ කියලා. (නි)
රියදුරාට පින්! (ම)
මමත් ඔය පාරේ අධික මීදුම තියෙද්දී වාහනය අරන් ගිහින් තියෙනවා. ඒත්, ඒ වෙලාවට විදුලි පන්දම් දල්වාගෙන ඉතාම හෙමින් තමයි යන්නේ ඕනෑම කෙනෙක්. මට තියෙන පුදුමේ මේ බස් එක තියෙන විදිහ අනුව මේක මීදුම නිසා පාර නොපෙනිලා වෙච්ච දෙයක් නම් නෙවෙයි වගේ. අනික මේ තරම් දුරකට බස් එක තල්ලු උනාට පස්සේ රියෙදුරෙකුගේ හැකියාවන් වලින් කරන්න දෙයක් නැහැ කනාවට රැඳුනොත් මිසක්. මාධ්‍ය විසින් වාර්තා කරන ක්‍රමය අනුව වෙනස් වෙනවා මිනිස්සු දාන කමෙන්ට්ස්. පුද්ගලික බස් ලංගම බස් කියලා වෙනසක් නෑ. රියදුරෝ දැන් බස් එළවන්නේ කාලකන්නි විදිහට. විශේෂයෙන්ම ලංගම එවුන් මනුස්සයෙක් දැක්කම නවත්තන්නෙත් නැතුවනේ ඉගිලෙන්නේ, උන්ගේ පඩිය කොහොමත් එක නිසා. ප්‍රයිවට් බස් ගැන නම් කතාකරන්න වත් දෙයක් නැ. සිගරට් බිබී පවා එලවනවා මට්ටක්කුලියේ 145 පාරේ, කඩවත කොටුව 138 බස් කාරයෝ එහෙම. වැඩක් නෑ නීතියක් කියලා එකක් තිබිලා. (බ)
මේ වගේ වැඩ ලංගම සේවකයෝ වීදිහට අපි අගය කරනවා [ශ්‍රී ,ල,ග.ම ] (බ)
මෙතන බේරගත්තා කිව්වට එයාම නේද පේන්නෙ නැති පාරේ බස් එක ධාවනය කරලා අනතුර සිද්ධ කරලා තියෙන්නේ (ම)