දෙමාසයකින් මාසික වේතනය නොලැබූ බව කියමින් ගල්ගමුව ලංගම සේවකයෝ පිරිසක් අද වැඩ වැරූහ. රියැදුරෝ, කොන්දොස්තරවරු, කර්මික නිලධරයෝ සහ කාර්යාල සේවකයෝ පිරිසක් මිට එක් වූහ.
මේ හේතුවෙන් මාර්ග රැසක බස් ධාවනය ඇන හිටි බවත් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියති. පඩි ලබා දෙනතෙක් මෙම වර්ජනය කරන බව වර්ජකයෝ කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සු සාධාරණයි
කොහොමද අපේ ජීවන රිය පද වන්ෙන් දූ දරු පිරිස අද හාමත් වී ඉන්ෙන් වැටුපත් නැති නිසයි මේ දුක පව සන්නේ මගියේ ටිකත් අපිටයි බැණ බැණ යන්නේ (ස)
අයියෝ සල්ලි
අසරණ දරුවෝ කුසගින්නේ මොරදෙනවා මාස දෙකක් පඩි නැතී අපි වැලපෙනවා ලොක්කෝ ඉඳන් අපි සූරා කනවා කැලේ දෙවියෝ මේ නඩු විසඳා දෙනවා (ස)
බස් මගීන් ප්‍රාණ ඇපයට නොගෙන පඩි නැතුව හරි වැඩ කරන්න කියලා තවම මේකේ කවුරුවත් මෝඩ අදහසක් දාලා නැහැ. පුදුමයි ! සමහරු ඉන්නවානේ මොන අසාධාරණේ සිදු වුණත් 'වර්ජනය කරලා' කියනවා ඇහෙනකොට පිස්සුව හැදෙන. (නි)
එතකොට...............දැන් මෙයාලා හරි වෙලාවට රැකියාවට ඇවිත් හොර බොරු නැතුව සේවය කරන අයද ?? (ස)
අනේ මන්ද මේ වගේ කවි මේවට ගෑලපෙනවද කියල අර දුන්න දුනුගමුවෙ වගේ එකක් වත් දෑම්මනම් (ස)
"සංජීව එතකොට...............දැන් මෙයාලා හරි වෙලාවට රැකියාවට ඇවිත් හොර බොරු නැතුව සේවය කරන අයද ?? " ඕවා හොයලා පඩි නොදී ඉන්න ගියොත් ලංකාවේ කාටවත් පඩි හම්බවෙන්නේ නැහැ, විශේෂයෙන් ඔබතුමා ඔය රැකගන්න හදන අයට.. (ස)