ඇමරිකාවේ ග්‍රෑන්ස්බරියේ ඇලීසියා රිචමින් (28) ඵක් දරු මවකි. ඇය පසුගියදා ලෝකයේ තවත් අරුම පුදුම ගිනස් වර්තාවකට උරුමකම් කීවාය. ඇලිචියා මාස නවයක් දී ඇගේ කූඩා බිළිදා වෙනුවෙන් ඇයට ඵරුණු මව්කිරි අතිරික්තියෙන් මව්කිරි ගැලොම් 86 හෙවත් ලිටර් 325ක් දොවා උතුරු ටෙක්සාන් හි මව් කිරි බැංකුවට දීමෙන් මෙම වාර්ථාව පිහිටැවූවාය. මගේ දරුවා වෙනුවෙන් මට ඵරෙන කිරි ප‍්‍රමාණය හිතාගන්නත් බැහැ. මම වැඩට ගිය අවස්ථාවෙ දි නිවාඩුවේ දි මොටර් රථයේ දි කිරි දෙව්වා මේක දේවහාස්කමක් කියලයි මට හිතෙන්නේ ඇලිචියා කීවාය. ඇගේ කිරි තවත් බිළිදුනට පරිත්‍යාග කිරීමට හැකි වීම ගැන ඇය සතුට පළ කරන්නීය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ කලක් මෙහෙම සිදුවුණාද? (නි)
ලොවේ උතුම් කාන්තාවක් (ස)
එයාට නම් වැඩපොලේ කරන්න දෙයක් නැහැ වගේ..!(නු)
තම සිරුරේ හැදෙන කිරි තම දරුවට නොදෙන මව්වරුන් මේ අම්මාව ආදර්ශයට ගනිත්වා..!(නු)
මෙච්චර හොද මිනිසුන් ඉන්නවාද ඇමරිකාවෙ.. උතුම් අම්මෙක්.. අපේ උත්තමාචාරය..!(නු)
වාසනාවන් වාසනාවන්.. ඔබට නිදුක් නිරෝගී සුව පතමි..!(නු)
ආරි කිරි නොබීපු කෙනෙක් වගේ..!(නු)
ඔබට නිරෝගී ජීවිතයක් සහ දීර්ගායුෂ ලැබේවා. (අ)
අපේ රටේ අම්මලාටත් මේ වගේ වාර්තාගත ලෙස කිරි එරේවා (අ)
අපේ රටේ සමහරු හිතන් ඉන්නේ ඇමෙරිකාවේ මිනිස්සු අමනුස්සයෝ කියල. ඒත් ඒ මතය වැරදියි, ඒක හරියට අපේ හමුදාව අමනුස්සයෝ කියලා දෙමළ ජනතාවට, කොටි ත්‍රස්තවාදීන් එකෙන් වැරදි මතයක් කා වැද්දුවා වගේම දෙයක්. මම එහෙම කියන්නේ ඇමෙරිකාවේ, එංගලන්තයේ මිනිස්සු එක්ක වැඩ කරලා තියෙන හින්දා. ජීවිතේටවත් සජීවිව මුන ගැහිලා නම් නැහැ. මම රැකියාවක් විදියට කරන්නේ පොඩි පොඩි මෘදුකාංග, වෙබ් ඇප්ලිකේෂන් වගේ දේවල් හදන එක. ලංකාවේ මේ වගේ දේවල් වලට ලොකු තරගයක් තියෙන නිසා අන්තර්ජාලය ඔස්සේ මගේ සේවාවන් ලබා දීමට යොමුවීමෙන් තමයි යුරෝපීයන් එක්ක වැඩ කරන්න ලැබුනේ. පොරොන්දුවෙන මුදල කේවල් කරන්නේ නැතිව ලබා දෙනවා වගේම මම කරපු පොඩිවැඩක් වුණත් ඉතා ඉහළ විදියට අගය කරලා තව කෙනෙකුට මාව අදුන්වලා දීම ඔවුන්ගේ හොද පුරුද්දක්. ඉතින් මම තේරුම් ගත්තා යුරෝපීයන් කියන තරම් නරක නැහැ කියන එක. මේ සිදුවීම වුණත් ඒකට හොද සාක්ෂියක්.
මේ වගේ අම්මලා බුදු වෙන්න ඕනි. මව් පදවියේ උතුම් බව ලොවටම පෙන්වූ ආදර්ශමත් මවක් (ස)
මෙවැනි අම්මාවරුන් ලංකාවේ අම්මාවරුන්ට ආදර්ශයක් (ස)
ඇත්තටම ඔබ අගය කළ යුතු කාන්තාවකි. (නි)
මෙවන් මවුවුරුන් බුදු විය යුතුයි. ලංකාවේ මවුවරුන්ට ආදර්ශයක්. (නි)
කලබල වෙන්න එපා. ඇගිලි පහම එක වගේ නෙමෙයිනේ. (නි)
නංගියේ, නුඹ ලෝකය දිනලා.... (නි)
මේ මැෂින් එකක් මෙහෙටත් ගෙන්න ගන්න පුළුවන් වේවිද ? (ස)
හරියට ෆාම් එකක කිරි දොවනවා වගේනේ. (නි)
අදහාගන්න බැරි දෙයක් ඇත්තටම පුදුමයි ඒත් ඇත්තයි.. ඇය උතුම් කාන්තාවක්..!(නු)
ඔබට ගොඩක් පිං සිදුවෙනවා..!(නු)
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට.... (නි)
දවසට කිරි ලීටර් කීයක් දොවලද ??(ස)
ඔබට සිදුක් නිරෝගී සුව ලැබේවා.!(නු)
ඔබට නිදුක් නිරෝගී තිර ජීවිකය උදා වේවා.!(නු)
ඔයානම් වීරම මවක් ජීවිතය ගැනවත් නොහිත තමන්ගේ ලේ නේද මේ කිරි වෙන්නේ කියල හිතන්නේ නැතුව කොහොමද අප්පා එහෙම වැඩක් කරේ??(නු)
හොදයි ඒ වැඩේ
මෙතන අදහස් දක්වලා තියෙන සමහර අය ගැන නම් පුදුම දුකක් හිතෙන්නෙ එයාලගෙ අම්මලා පොඩිකාලෙ එයාලට කිරිදීලා නෑ වගේ.අගය කලයුතු කෙනාව අගය කරන්න පුරුදු වෙන්න.අපේ රටට හරියන්නෙ නැත්තේ ඕක තමයි (ස)
සුරේෂ් , ඔබේ කතාව හරි,
කෝ ඉතිං අපේ රටේ නැහැනේ එහෙම කිරි බැංකු. (නි)
ආරිලා වගේ අය බීලා තියෙන්නේ මවුකිරි නෙමෙයි, පොල්කිරි. (නි)
හොඳ පුවතක් (නි)
හුගක් අය මව් කිරි දෙන්නේ නෑ...මෙය ලොකු ආදර්ශයක් (ස)
මිනිස් ආත්මයක් ලැබ මවු පදවියෙන් පිදුම් ලද දේවතාවියකි ඔබ. ඔබට නිරෝගී ජීවිතයක් සහ දීර්ගායුෂ ලැබේවා...(නු)
අහන්ත් සතුටුයි..!(නු)
ලංකාවෙ එහෙම උනාත් කිරි පිටි ගෙන්වන අය එයාට මොනවා කරයිද හිතාගන්නවත් බැහැ.. රජයෙන් අනිවාර්යයෙන්ම බද්දක් නම් ගහනවා..!(නු)
ඇය වටිනා මවක්- ඇයට වඩා ඇය ලොවට වටී..(නු)
අම්මෙක් නෙමෙයි දෙවි කෙනෙක්..!(නු)
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලදක් වේවා..!(නු)
ලංකාවටත් මව්කිරි බැංකුවක් තිබුනනම් කොච්චර හොඳද කොස් කනවා - කිරිදෙනවා (නු)
අපේ රටේ අනාගත පරපුරේ අනාගත මව්වරුන්ට හොද ආදර්ශයක්..!(නු)
මේ වගේ අම්මලා බිහිවෙන්නෙ කලාතුරකින්..!(නු)
පෝෂණවත්ම මව්කිරි ලත් බිළින්දෝ ගත සිත දෙකින් සවි ශක්තිය නිසි ලද්දෝ මේ මව දුන්න ආදර්ශය හොඳ නැද්දෝ කිරිපිටි සොයා කඩගානේ යනු කුමදෝ...(නු)
නමට අපි මිනිස්සු කියලා හරියන්නේ නැහැ.. මෙන්න මේ වගේ උතුම්, අනිත් මිනිසුන්ටත් ප්‍ර යෝජනවත් අර්ථවත් මිනිසුන්ටයි මිනිස්සු කියන්නෙ.. උතුම් වැඩක්..අනිත් අයටත් ආදර්ශයක්..!(නු)
මව්කිරි දොවා දරු පැටවුන් හට පෙව්වා ඉතිරි කිරිද තැන්පත් කරනට යැව්වා ගිනස් පොතෙත් නම ගිය මේ සුදු අම්මා ලොවටම අනගි මෙහෙවරකට අත දුන්නා (ස)
දරුවටත් කිරි මදිවෙලා නැහැ වගේ.. වාසනාවන්ත කොලු පැටියා..!(නු)
ඔබයි ජාතියේ කිරිමව ..වාසනාවන්... (ස)
තමන්ගේ ශරීරයේ හැඩය තියාගන්න කියා දරුවන්ට මව්කිරි නොදෙන මව්වරුන්ට ඇය ආදර්ශයකි..!(නු)
හරි ෂෝක් (ස)
ඔබ සියලු කතුන්ට පරමාදර්ශයක් (ස)
අම්මාවරුන් විතරක් බුදුවෙනවා කියන කතාව ඇත්ත තමා. (ස)
මව් තුමියණි ඔබට දීර්ඝායු පතමි (ස)
සැමදා අගය කරන්න ඕන..!(නු)
ලංකාවටත් මව්කිරි බැංකුවක් තිබුනනම් කොච්චර හොඳද කොස් කනවා - කිරිදෙනවා . එතකොට මව්කිර වලටත් බදු අය කාරාවි..!(නු)
ඔයා ගොඩක් හොද කෙනෙක්.. ඔයාට දීර්ඝායුෂ ලැබේවා..!(නු)
හොඳයි (ස)
වැඩපලේදී කිරි දෙව්වේ ඇයි වැඩ කලේ නැද්ද ? (ස)
ගොඩක් ස්තූතියි අම්මේ (ස)
දරු සෙනෙහසින් ලේ කිරි කර සුදු අම්මේ මතු බුදු වෙන්න මේ පින් ඇති කිරි අම්මේ (ස)
දෙන්න පුළුවන් උතුම්ම දානයක් ..ඔබ මුළු ලොවටම ආදර්ශයක් (ස)
ලංකාවේ අය මේක මීට වඩා හොඳට කරයි (ස)
ඇත්තෙන්ම උතුම් ක්‍රියාවක් (ස)