IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ලිට්‍රෝ නඩුවෙන් ගාමිණී සෙනරත් නිදහස්

(ලහිරු හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර)
 
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරු නඩුවෙන් හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ නියෝග කළේය.
 

සම්පත් අබේරත්න (සභාපති) , සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ලෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත්වී ඇති බවයි.
 
ඒ අනුව හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී ‍සේදර සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (40)

ලිට්‍රෝ නඩුවෙන් ගාමිණී සෙනරත් නිදහස්

amith Thursday, 08 August 2019 06:45 AM

තොග වෙළෙඳ සහ සිල්ලර වෙළෙඳ වගේ. පොල් ගෙඩියක් හොරකම් කලොත් දඩුවම් ඇත.

:       0       141

Perera Thursday, 08 August 2019 06:48 AM

එතෙකොට මේ නඩු ඔක්කොම බොරු ඒවාද? මහා ජනතාව විහිලුවක්ද?

:       0       106

kolam bossThursday, 08 August 2019 08:39 AM

හැබැට එතකොට මිලියන 500 තියෙනවද ? එහෙනම් බොරු කියල හිරේ අරින්න හැදුවට සහ අපහස කලාට නඩුවක් දාන්නේ නැද්ද ?

:       0       55

MaheeThursday, 08 August 2019 08:40 AM

නීතිපති නඩු පැවරීමට පෙර පොලිසිය ලවා හෝ වෙනත් පරීක්ෂකයන් ලවා විධිමත් පරීක්ෂණයක් කරන්න. තිබෙන සාක්ෂි හොඳට හොයා බලලා වැරදි ඔප්පු කරන්න තරම් ශක්තිමත් නම් නඩු පවරනවා. හැබැයි, ඒ පොතේ පිළිවෙලයි. කාගේවත් බලපෑම්වලට යටවෙලා උඩින් මත්තෙන් තියෙන සාක්කි අනුව නඩු දැම්මොත් හෝ හරි විදිහට නඩුව මෙහෙයවන්න බැරිවුනොත් හෝ නඩුව විසිවෙනවා. නීතිපතිත් සවුත්තු වෙනවා. ඒකත් පොතේ තියෙන්නේ. හැබැයි, පොතේ නැති දේවල් ඕන තරම් සිද්ද වෙන්න පුළුවන්. පේනවනේ, අර එක හිටපු අග විනිසුරුවරයෙක් තමන් හමුවෙන්න ඇවිත් අනේ සර් ඔබතුමා කියන විදිහකට තීන්දු දෙන්නම් කියලා කිව්ව බවක් ජනාධිපතිම කිව්වේ. ඒවා පොතේ නැති දේවල්... නාගානන්ද දාපු නඩුවලින් විනිසුරුවරුන් එක එක්කෙනා ඉවත් වුණු හැටිත් මතකයිනේ...

:       0       62

ගල්කටස් Thursday, 08 August 2019 06:48 AM

කෙබර නඩු දාපුවාම ඔහොම වෙනවා. ජනප්‍රිය වෙන්න බොරුවට නඩු දාපුවට කීර්ති නාමයට හානි සිදු කළාට ඉදිරියේදී වන්දිත් ගෙවන්න වෙයි. අපේ සල්ලි තමා යන්නේ... ඔප්පු කරන්න පුලුවන් නඩු දාපල්ලා..

:       662       872

MaheshThursday, 08 August 2019 11:09 AM

දැන් ශාෆි නිදහස් කරපු එකත් වැරදිද ? එතකොට මෙයා නිදහස් කරපු එක හරිද ?

:       5       2

max Thursday, 08 August 2019 06:48 AM

මඩ ගසා බලයට පැමිණ, දැන් එම මඩ ගොඩේම කර වටක් එරී සිටින යහපාලන ආණ්ඩුවේ තවත් නාටකයක් එසේ නිමාවට පත් විය.

:       571       852

Amila Thursday, 08 August 2019 06:50 AM

රටේ කාලය මහජන මුදල් නාස්ති කරමින් රනිල් සිරි ඇතුලු යහපාලන නඩය අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මා. ඒවට ඔවුන්ගේ වන්දි අයකරගත යුතුයි. ජොන්ස්ටන්ටද කරේ විශාල අසාධාරණයක්...

:       528       635

Janaka Thursday, 08 August 2019 06:53 AM

පුදුම රටක්. නීතියේ ආධිපත්‍ය නැති රටක්. නාගානන්ද කොඩිතුවක්කු කියන්නේ ඇත්ත. රන්ජන් රාමනායක කියන්නේ ඇත්ත...

:       172       1192

samThursday, 08 August 2019 09:00 AM

ඔබ කියන්නේ ඇත්ත වුණත්, බොරු වුණත් ගාමිණී සෙනරත් හිරේ දාන්න ඕනෑ කියලද? නීතියේ ආධිපත්‍යය යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද? අපැහැදිලියි...

:       86       127

indikaThursday, 08 August 2019 09:20 AM

බොරු නඩු දැම්මම ඔහොම තමයි. මිනිස්සුන්ව රවට්ටන්න නඩු දැම්මට ඒවා ඔප්පු කරන්න එපැයි. දැන් ඒ කාලේ ඉවරයි.

:       41       80

AmilaThursday, 08 August 2019 09:44 AM

බොරු නඩු දැම්මාම ඔහොම වෙනවා. නාගා කියන්නේ තමන්ගේ නීති පට්ටමවත් බේරගන්න බැරි වෙච්ච කෙනෙක්. එහෙව් මනුස්සයා කොහෙද රට හදන්නේ?

:       0       0

Hafeel Thursday, 08 August 2019 06:55 AM

කෝ 2014, 2015 දී පම්බෝරි ගහපු රාජිත, චතුර පුතා, රන්ජන්ලා?

:       127       341

suddaThursday, 08 August 2019 09:02 AM

රන්ජන් නම් මම දන්නේ නැහැ. හැබැයි තාත්තයි, පුතායි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අතුරුදහන් කියලා එහි ලේකම් කියන වාහන 575ක් හොයන්න ගිහින් ඇති...

:       34       104

Indhika Thursday, 08 August 2019 07:07 AM

නිදහස් වුනාට කමක් නැහැ. මිලියන 500 ට වුන දේ හොයා ගත්තද ?

:       1       460

Anti-Bamuna Thursday, 08 August 2019 07:11 AM

කෝ මේ බමුණා?

:       64       46

Ruwan Thursday, 08 August 2019 07:18 AM

අන්තිමට සල්ලි නිකන්ම අතුරුදහන් වූ වගයි. සිරි ලංකාවේ මෙවැනි දේවල් අරුමයක් නොවේ.

:       1       193

mara Thursday, 08 August 2019 07:21 AM

නීතිපතිට විරුද්ධව අපහාස නඩුවක් දාපන්කෝ... දීපු දස වද වලට, සිත් වේදනාවට, අපහාසයට සිදුවූ අපහාසයට, කීර්ති නාමයේ කැලලට, තවත් ජාතිත් එකතුකරන්නකෝ. ඔයා කොහොමටත් බෝ කොලයක් වගේ චරිතයක්නේ. අපරාදේ සුදු රෙද්දේ මඩ ගෑවා.

:       21       129

Bamunuarachchi Thursday, 08 August 2019 07:33 AM

මෙම ආයතනවල විගණනය කිරීම් සිදුවෙනවා නේද? සාවද්‍ය පරිහරණයක් වුණානම් පැහැදිලිව පෙනෙන්න ඕනෑ නේද?

:       38       248

wiganadi pthiThursday, 08 August 2019 08:27 AM

බමුණුආරච්චි කියන කතාව ඇත්ත. මේවයේ පොත් විගණන කරන්න ඇතිනේ. ජනතාව අපිටනේ කොකා පෙන්නනේ මේ කට්ටිය. ජානක කියන කතාව හරි. නාගානන්ද මහතාගේ කතාවට එකග වෙමු.

:       9       25

BamunuarachchiFriday, 09 August 2019 02:15 AM

මහත්මයා විගණන කිරීමේදී සත 10 වෙනසක් වුණානම් එය හොයන්න. සුමානයක් වුණත් වෙහෙසෙන විගණක නිල්දාරීන්ට රුපියල් මිලියන 500 වෙනසක් කොතැනද වුනේ? කොහොමද වුනේ කියා සොයාගන්න බැරිද? නඩු දමා නඩුව පැරදුණාම විගණක නිලධාරීන් දෙන පිළිතුර මොකක්ද? අපබ්‍රංශ නේද?

:       0       0

gamini weerasiri Thursday, 08 August 2019 07:53 AM

කෝ මේ බමුණුසිංහ?

:       0       31

Prabha Thursday, 08 August 2019 08:05 AM

මට තියෙන ප්‍රශ්නය ඇත්තටම මිලියන 500 නැතිවෙලා හොරු කවුද කියල හොයා ගන්න බැරිද එහෙම නැත්නම් මිලියන 500 අතුරුදහන් වෙලා නැද්ද කියන එකයි

:       1       139

බුවා Thursday, 08 August 2019 08:52 AM

එ් සල්ලි මෙයා ගෙදර අරන් ගියේ නැහැ. රජයේ අනුබද්ධ වෙනත් ව්‍යාපෘතියකට යෙදවීම තමයි කලේ... එ්කට තමයි උඩ පැනගෙන හොරා කෑවා කිය කිය නට නටා හිටියේ...

:       44       135

Uditha - London Thursday, 08 August 2019 08:24 AM

තවත් නාට්ටියක් මෙසේ නිමා විය....

:       0       12

සෑම් Thursday, 08 August 2019 08:25 AM

මේවා දැක්කහම මුළු ඇඟම වෙව්ලනවා. පව් මහජනයාගේ පරමාධිකාරී බලය . වහාම නාගානන්ද කොඩිතුවක්කු දිනවමු.

:       255       857

isurandiSaturday, 10 August 2019 11:24 AM

""ඩිස්ලයික්"" දාලා තියෙන අයගේ තරමින්ම තේරෙනවා නේද ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ තරම

:       0       0

wedage Thursday, 08 August 2019 08:31 AM

ඒ දවස්වල අපි ගෑස් වලට වැඩිපුර ගෙව්වේ නිකම්මද මේවා රට්ටු හිනස්සන විහිළු නේද ?

:       3       105

indikaThursday, 08 August 2019 09:21 AM

ඔය කියන්නේ බොරු නඩු දාන එක වෙන්න ඇති...!

:       20       5

suddaThursday, 08 August 2019 09:25 AM

වෙදගේ..., බලන්න පල්ලෙහා තිබෙන කමෙන්ට් එක. අමිල සාදුට සල්ලි ගෙවන්න වෙන්න ඇති අපි වැඩියෙන් ගෙව්වේ..

:       0       23

sam Thursday, 08 August 2019 08:31 AM

මේ නඩුවේදී එලියට ආපු එක දෙයක් තමයි ගාමිණී සෙනරත් මේ තනතුර සඳහා පඩියක් හෝ වෙන දීමනා හෝ නොගත් බව.

:       40       76

කුරුThursday, 08 August 2019 08:56 AM

ඇයි දඹර හිමි ලිට්රෝ එකෙන් සල්ලි ගත්ත එක..ඒකත් මේ නඩුව හින්දා එළිවුණා...

:       0       76

BamunuarachchiFriday, 09 August 2019 02:28 AM

ඒ කියන්නේ ගාමිණී සෙනරත් වැටුප් දීමනා නොගත්ත නිසා ලිට්රෝ ගෑස් එකට ට්‍රෝජන් අස්සයෙක් ඕනෑ කියලද?

:       0       0

PA - RA Thursday, 08 August 2019 08:48 AM

කාලය නාස්ති කිරීම සහ අනවශ්‍ය වියදම්...

:       0       3

නොකවුට් Thursday, 08 August 2019 09:01 AM

ඇත්තටම ගාමිණී සේදර සෙනරත් මහතා. අපේ ගම් පළාතේ දන්නා තරමින් එහෙම වංචා කරපු කරන කෙනෙක් නෙවෙයි. පාරම්පරිකව ධනය, මිලමුදල්, ඉඩකඩම් තියෙන මිනිස්සු. හක්මන කීර්තිමත් ඉතිහාසයක් තියෙන මිනිස්සු. මේ වගේ බොරු නඩු දැම්මම ඔහොම වෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කලේ යහපාලනෙන් නේද?

:       260       310

BamunuarachchiFriday, 09 August 2019 02:24 AM

1. ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල පත් කලේ යහපාලනය නොවෙයි අග්‍රවිනිශ්චයකාරතුමා. 2. මිනිසුන්ගේ අවංකභාවය මුදලින් තක්සේරු කරන්න පුළුවන්. එමනිසා මිනිස්සු ගේදොර ඉඩකඩම් මිලමුදල් තිබුණු නිසාම අවංක නැත.

:       0       0

SUMITH Thursday, 08 August 2019 09:52 AM

සාක්කි නැතුව මිනීමරුවා නීතියෙන් නිදහස් වෙලා යනකොට නඩුකාර හාමුදුරුවෝ මෙහෙම කියනවා.. තමුන් අද නීතියෙන් නිදහස් වෙලා ගියත්, තමුන්ගේ හෘද සාක්කියෙන් නිදහස් වෙන්න බෑ කියලා...

:       0       1

ලුම්බිණි Friday, 09 August 2019 12:12 AM

අධිකරණය ස්වාධීන බව පැහැදිලියි.

:       0       0

Bamunuarachchi Friday, 09 August 2019 02:37 AM

දැන් විගණක නිලධාරීන්ටයි ප්‍රශ්නය... මිලියන 500ක් වංචාව වෙලා. නැතිනම් අඩුව කොතනද කියා පෙන්වන්න. පොලිසිය විසඳාගන්න බැරිවුණා. මංකොල්ල, හොරකම්, මිනීමැරුම් මැරුණු පාතාලයා පිටින් දමා ශේප් වෙන විදිහට මේකෙන් ශේප්වෙන්න බැහැ.

:       0       0

බද්රානි Friday, 09 August 2019 06:58 AM

හොරුන්ටම ගිය රටේ හොරාට ජයවේවා නොකියා වෙන මොනවා කියන්නද? ඇත්තෙන්ම හොරු යනු කොතරම් අවංක ජාතියක්ද? කරුමේ කියන්නේ හොරා තුළ තිබෙන සත් ගුණවත් බව අපේ රටේ මෝඩයින්ට නොතේරෙන එකනේ. එක අතකට, හොරුන්ගේ උතුම් කම ගැන තේරෙන (අ)ශිෂ්ඨයින් රැලක් සිරි ලංකාවේ සිටීම ගැන අපි ආඩම්බර විය යුතු නොවේද? හොරුන්ට සහ තක්කඩින්ට ජයවේවා!!!

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 2 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 28 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 363 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 100 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 201 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 699 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site